Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 20 2026 @ 07:45

අහංකාර වලව් හාමිනේ - 14

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *දහහතරවන කොටස (14)*

පෙර කොටසින්,,,,

.. මෙච්චර කල් උබට මාවනෙ අප්පිරිය උනෙ දැන් ඉදන් උබට උබවත් අප්පිරිය කරවන්නම්.. කියල ඉදුවර අහිලිට තර්ජනය කළේ කේන්තිය ඉස්සරහා කරන්නෙ මොනවද කියලවත් ඉදුවරට නොතෙරෙනකොට

_____එතැන් සිට___________________


අහිලිව ඇග ඇතුළට ගන්න හදනවා වගේ ඇගටම තද කරගත්තු ඉදුවර අහිලිට කරපු තර්ජනෙන් පස්සෙ අහිලිගෙ කට දෙපැත්ත තද කරන් උන්නු අත ගිහින් නතර කළේ අහිලිගෙ පෝනිටේල් එකකින් එකතු වෙලා තිබුනු කොණ්ඩෙ දිහාවට 

කේන්තියම ඉදුවරගෙ බුද්ධියත් පාලනේ කරනකොට ඉදුවරගෙ අතට අහිලිගෙ කොණ්ඩ ගස් ටික අහුවුනෙ අහිලිට තමන්ගෙ ඔලුව ගැලවිලා යනවා වගෙ වේදනාවක් දැනෙද්දි

"ස..සිත..අ..යි..යෙ..සසි..ත.. රිදෙනවා " තමන්ගෙ අප්පච්චිගෙ කස පහරවල් ඉස්සරහවත් නොහඩපු අහිලි වේදනාවෙන් ඇකිලුනේ අමාරුවෙන් උනත් ඉදුවරට කතා කර කරා

.. කවුද යකෝ සසිත ,ඌ අප්පෙක් ඉන්න හොද කුලේක එකෙක්ද?..

කේන්තිය නිසාම අහිලි කත කරන්නෙ තමන්ට කියලා නොතෙරුනු ඉදුවර කේන්තියටම තමන්ව පාලනය කරන්න දුන්නෙ අහිලිගෙ කොණ්ඩෙ පුලුවන් තරම් තද කරලා පිටිපස්සට අදින ගමන් 

අහිලි ලොකු කුමාරිහාමි වේදනාව ඉස්සරහා ඇබරෙන්නවත් බැරුව කදුලු හලන්නෙ බයෙ ගැහෙන ගැහි ගැහි

ගොදුරක් අල්ලන් බඩට දාගන්න හිතන් ඉන්න කොටියෙක් වගෙ ඉදුවර ඉන්නෙ කේන්තියෙන් පුපුරු ගැහි ගැහි 

තත්පරයක් දෙකක් එක්ක අහිලිගෙ බාල නොවන කදුලු ඉස්සරහාවත් ඉදුවරගෙ කේන්තිය නොනිමෙනකොට වියරුවෙන්ම ඉදුවර අල්ලගත්තෙ රිදෙන තරම් තදින් අහිලිගෙ ලා රතක් ගැහුනු තොල් පෙති දෙක 

__,,,

තත්පරයක් දෙකක්..ම්හු විනාඩි විස්සක්..

කේන්තියෙන් අල්ලගත්තු අහිලිගෙ තොල් පෙති දෙක එක්කලා විනාඩි විස්සකම රළු දෙතොල් හාදුවක් තනියෙන්ම අරන් ගිය ඉදුවර ඒ විනාඩි විස්ස ඇතුළත කලින් හිටපු අහිංසකම ඉදුවර උනේ බුර බුරා නැගුනු කේන්තියක් තමන්ගෙ ඇග පුරා තිබ්බද කියලවත් නොපෙන්නෙන්න 

විනාඩි විස්සක කේන්තිය නිවාගැනිල්ලයින් පස්සෙ මොකුත් නොදන්න තොත්ත බබා වගෙ තොල් පෙති නිදහස් කරපු ඉදුවර බුරුල් කළේ අහිලි අල්ලන් උනු දෑත්වල ග්‍රහණය 

"හ්හ්..ම්ම්හ්." ඉදුවරගෙ ග්‍රහණය අඩුවෙනවත් එක්කම දැනෙන වේදනාව පිට කරගන්න බැරිව උන්නු අහිලි ඉදුවරගෙ නිරුවත් පපුවෙම ඔලුව ගහගත්තෙ ඇස් ඇරන්වත් ඉන්න පණක් නැතුව ඉදුවරගෙ කේන්තියෙන් හොදටෝම හෙම්බත් වෙලා

වලව් හාමිනේ කෙනෙක්..ඉපදුනුදා පටන්ම අතට පයට හැම සැපතක්ම හම්බෙලා රැජිනක් වගෙ හැදෙන වැඩෙන කෙනෙක්..

ඉතින් කට නපුරු උනත් අහිලිත් සියුම් ඇගකට උරුමකම් කියපු සුදු හාමිනේටත් වඩා මෘදු ඇගක් දරන් උන්නු කෙනෙක්..

තේරුම් බේරුම් කාලෙ ඉදන් ගමෙන් පිට මං කළ හින්දා කොළඹදි අහිලි හැදුනෙ සුදු හාමිනෙටත් වඩා සැපකින්..

බස් එකක යනවා තියා පයින් ගියෙත් අහිලි ඒ ගේ ඇතුලෙයි වත්තෙයි විතරයි.

ඉතින් වාහන එක්කලා හැප්පිලා ජීවත් උනු හැඩිදැඩි ඉදුවරගෙ ස්පර්ශයන් ඉස්සරහා අහිලිට දැනුනෙ කියාගන්න බැරි තරම් වේදනාවක්..

කකුලක් කෙලින් තියාගන්නවත් අහිලිට හයියක් නැත්තෙ ඉදුවරගෙ ඇගෙ හයියට අද ඉදුවරගේ කේන්තියත් මුහුවෙලා අහිලිට රිද්දපු හින්දා 

ඉස්සර නම් ගුටි කාලා හැදුන..හැබැයි 
අවුරුදු ගානකින් නියපිටින්වත් සීරිමකට අහු නොවුනු අහිලිට අද දැනෙන වේදනාව දරාගන්න බැරි තරම්.. 

ඇගෙන් දැනෙන වේදනාව ඉස්සරහා ඇස් වලින් ගලන කදුලු නතර නොකරම අහිලිගෙ ඇස් පියවෙලා ගිහින් හිස කඩා වැටුනෙ කේන්ති ඉදුවරගෙන් මිදුනු අහිංසක ඉදුවරට අහිලිගෙ සිහි නැති වීම ඉස්සරහා බය හිතෙනකොට...

___,,

කේන්තිය නිසාම උනෙ මොනාද කළේ මොනාද කියලා මතකෙට නොආපු ඉදුවර තමන්ගෙ පපුව දිගෙ සිහි නැතුව මළ කදක් වගෙ තද රතු උනු ඇගකින් රූටපු අහිලිව අත් දෙකට වඩාගත්තෙ බයෙ ගැහෙන ගමන්..

.. ලොකු කුමාරිහාමි..ලො..කු කුමාරිහාමි..

ටක්ගාලා ටුක්ගාලා ගල උඩින් බැහැලා ගල් තලාව ළග තිබුනු පුංචි ළිද ගාවට අහිලිව පරිස්සමෙන් දෝත දරාගෙන අරන් ගිය ඉදුවර අහිලිව පරිස්සමට ඇගට තද කරන් ළිද ගාව බිමින් වාඩි උනෙ අහිලිට කතා කරන ගමන් 

..කතා කරන්නකො ලොකු කුමාරිහාමි..

සීරුවට ගත්ත පුංචි ළිදේ වතුර පුපුරන්න වගේ තද රතු උනු මූණ පුරා ඉහින ගමන් ඉදුවර අහිලිට සිහිය ගන්න උත්සාහ කරන්නෙ වටේට වැටෙන අදුර දිහත් කලබලෙන් ඇස් යවලා

.. දෙයියනෙ මගෙ මැණිකෙ නැගිටින්නකො
මාව ඔයා බය කරනවා යානා..

අහිලිගෙ මුලු ඇගෙන්ම රත්විල්ලක් වගෙම අහිලිගෙ ඇස් නොඇරෙන තැන ඉදුවර ඇස් වල කදුලු පුරවගත්තෙ මීට ටිකකට කලින් හිටපු ඉදුවරයි දැන් ඉදුවරයි කවුරු හරි දැක්කොත් මේ නම් එකම මිනිහා නෙමෙයි කියලා හිතෙන තරමට

"හ්.හ්හ්.හ්.." 

තවත් විනාඩි පහකට පස්සෙ වගේ ඉදුවරගෙ මෘදු පිරිමැදීමත් එක්ක අහිලි ඇහි පිය ගහන්නෙ ඉදුවරගෙ හිතට සැනසීමක් අරන්

.. මයෙ අම්මා ඇස් අරින්න මයෙ අම්මා..

ලාවට ඇස් පියන් හොලෝන 
අහිලිව අහිලිට නොරිදෙන්න පපුවට වාවගන්න ගමන් ඉදුවර කියන්නෙ ඇස් වලින් බේරෙන කදුලු නතර නොකරගන්න ගමන්..

තවත් තත්පර ගානක් යනකොට ඉදුවරගෙ මෘදු පිරිමැදිමටත් ලිදෙ වතුරත් නිසා අහිලිට පියවි සිහිය එන්නෙ ඉදුවරගෙ හිතට සම්පූර්ණයෙන් ම සැහැල්ලුවක් අරන් එනකොට හරි සිහිය ආව අහිලි ආයෙම බයෙ ගැහෙන්න ගත්තෙ දැන් ඉන්නෙ තමන් දැකපු දවසටත් කලින් ඉදන් දැනන් උන්නු අහිංසක ඉදුවර කියලා නොදැන 

මේ ඉන්නෙ අහිංසක ඉදුවර කියලා නොදැන ඉදුවරගෙ පපුවෙන් ඈත් වෙලා ගෙදරට දුවාගන්න බැරුව අහිලි වෙව්ලනකොට අහිලිට මේ විනාසෙ කලේ තමන් කියලා මතකෙට නොනැගුනු ඉදුවර මීට ටික වෙලාවකට කලින් කේන්තියෙන් උදුරපු අහිලිගෙ කෙස් ගස් ටික පුරාවට අතැගිලි අරන් ගියෙ ආදරෙන් 

.. අඩුද ලොකු කුමාරිහාමි.. ආදරේ බිදක්වත් අඩු නොකර හිස පිරිමැදපු අතින්ම ඒ රතු කම්බුලකුත් පිරිමදින ගමන් ඉදුවර අහන්නෙ සිහිය ආවාත් ඇස් පියන් තද කරන් ඉන්න අහිලිගෙන් 

.. සමාවෙන්න ලොකු කුමාරිහාමි,මං වගෙ එකෙක් ලොකු කුමාරිහාමිගෙ හුස්මක්වත් වදින්න සුදුසු නෑ කියන්න මං දන්නවා

ඒත් ලොකු කුමාරිහාමි මගෙ ඇගට කඩා වැටුනහම මට මෙහෙම කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ..

අහිලි මේ ඇස් වහන් ඉන්නෙ තමන්ට බයෙ නෙමෙ අප්පිරිය හින්දා කියලා හිතාගෙන ඉදුවර කියන්නෙ අහිලිට දුකින්..

අනේ අතාරින්නකො..ඉදුවරගෙ වචනයක් ගානෙ කන ඇතුලට දාගන්න ගමන් අහිලි දත කන්නෙ කොහොමහරි කරලා ඉදුවරගෙන් ඈත් වෙලා ගෙදර දුවන්න

කොච්චර චන්ඩිකම් දාලා උන්නත් ඉදුවරගෙ කේන්තිය හින්දා අහිලි නොන්ඩි උනු කෙනෙක් වගෙ බයෙ ඇකිලි ඇකිලි ඉදුවරගෙන් මිදෙන්න බැරුව ඉන්නෙ බයෙ ගැහිලා 

තමන් කොච්චර දේවල් කිව්වත් වචනයක් කියනවා තියා ඇහැක්වත් ඇර නොබලලා අහිලි ඉන්නවා දැකලා ඉදුවරට හුගක් දුක හිතෙනකොට 

මොකුත් නොකියා අහිලිව තමන්ගෙ ඇගට නොරිදෙන්න වාරු කරගන්න ගමන් ඉදුවර නැගිට ගත්තෙ ඉදන් උන්නු බිමෙන්..

______________________