_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *දහතුන්වන කොටස (13)*
ගල් කුළේ උඩම ගලට නැගලා ගල උඩින් වාඩි උනු ඉදුවර කේන්තියටත් ඇවිදන් ආපු වේගෙටත් උනපු දාඩිය නිසා ඇදන් උන්නු කමිසෙ ගලොලා විසික් කළේ ඉදන් උන්නු ගල් කුළින් පල්ලෙහා ගලකට වැටෙන්න
*අහ් හ්*
_____එතැන් සිට__________________
ඊයෙ දවස වෙනකම් වලව්වෙ ඇතුළෙ තමන්ගෙ තනියට ඇවිදින් උන්නු තමන්ගෙ පාසල් කාලෙ ඉදන්ම යෙහෙළිය උනු ශාකි ගියාට පස්සෙ දැනුනු කම්මැළිකම යන්නත් එක්කලා ලොකු කුමාරිහාමි උනු *අහිලි* ඉස්සර ඉදන්ම තනියෙන් ගැවසෙන්න ඕනි උනහම එන ගල් කුළ උඩට ඇවිත් පහල තිබුනු ගලක් උඩ වැතිරිලා හිටියේ මූණ උඩට හරවන් ඇස් පියාගෙන කන්වල හෙඩ් සෙට් එක දාගෙන සිංදුවක් අහ අහා
හැමදාමත් වගේ ගල් කුළ මත වැතිරිලා හමාගෙන හන හුළං පොදට පින් සිද්ද වෙන්න අහිලි විනාඩි පහක් දහයක් ගෙවිලා යන තැනදි වගේ වගක් නැතුව සැප නින්දකට පා තියන්නෙ තමන් ඉන්නෙ බැද්ද ඇතුළේ ගලක් උඩ කියන එකත් අමතක කරලා
අහිලි ඔය විදිහට සැප නින්දට සැප මෙට්ටෙ කියලා නිදාගෙන හිටියෙ ඉදුවර කඩාගෙන බිදගෙන ඇවිත් ඉදගත්තු උස් ගලට සමාන්තරව පහලින් තිබ්බ ගල මත
කනේ තිබුනු හෙඩ් සෙට් එක නිසා තද නින්දක උන්නු අහිලිට ඉදුවර කුලු මීමා වගේ ආවා ඇහුනෙවත් නෑ
හැබැයි තත්පරයක්වත් යන්න කලින් සැප නින්දට රකුසු පාර වගෙ ඉදුවර විසික් කරපු ඉදුවරගෙ කමිසෙ අහිලිගෙ මූණට වැටුනු පාර ගැස්සුනු අහිලි කෑගහගෙන ගල උඩින් නැගිට්ටෙ කේන්තියෙන් සමාන්තර උස් ගල උඩ ඉදගත්තු ඉදුවරගෙ ගොරකා මද වගෙ ඇස් ගෙඩි දෙක පහලට යොමු වෙනකොට
\"ආයිශ් මොන හු* ද? කාගෙද මේ කමිසේ\"
තමන්ගෙ මූණට වැටුනේ සතෙක් නෙමෙ කාගෙදො තෙත් උනු කමිසයක් කියලා තේරුනු ගමන් එක අතකට කමිසෙත් අරන් අනිත් අත පපුවටත් තියාගෙන අහිලි කියවන් යන්නෙ උඩ නොබලා අනික් හැම තැනම බලලා
අහිලි තවත් අනම් මනම් කිය කිය වටේටම ඇස් යැව්වේ බය උනා කියන එකත් අමතක කරලා දැන් නම් කේන්තියකින්..
අහිලි මෙහෙම ඉන්නකොට ඉදුවර කොල්ලා ගල උඩ ඉදන් බලා ඉන්නෙ සුමානෙකට පස්සෙ ඇස් වලට අහුවුනු සකබඹරෙ වගෙ ගලක් උඩ ඉදන් කැරකෙන අහිලි දිහා
*ශිට් මොන මිනිස්සුද මන්දා.නිදහසෙ ඉන්ඩවත් නෑනෙ*
*කපල් එකක් හනිමූන් යන්නවත් ආවාද?*
තමන් දිහා බලා ඉන්න පිරිමි පරාණෙ ගැන දන්නෙ නැතුව ඉදුවරගෙ කියලා නොදන්න ඒත් ඉදුවරගෙ කමිසෙට පා පහරක් දීලා විසි කරන ගමම් අහිලි කියවන් යන්නෙ තමාටම
තනියෙන් කුටු කුටු ගගාම වටේට පොඩි එකෙක් වගෙ කැරකෙන අහිලි දිහා ඉදුවර බලා හිටියෙ ලාවට නිමෙන කේන්තියත් එක්ක
ඒත් තත්පරයක් නෙමෙයි මිලි තත්පර ගානක්..
දනිස්සට පොඩ්ඩක් උඩින් තියෙන ඩෙනිමකට කලු පාට කොට අත් තිබුනු බ්ලවුස් එකක් ඇදලා කොණ්ඩෙ පෝනිටේල් එකක් දාලා උන්නු අහිලි ඉදුවරගෙ කමිසෙට පාපහරක් ගහලා විසි කරනවත් එක්කම නිමුනු කේන්තිය දෙගුණ තෙගුණ වෙලා වැඩි උනේ එදා අහිලිගෙ කටින් පිටවුනු වචන ආයෙම ඉදුවරගෙ කන් බෙර අස්සෙ දෝංකාර දීලා *මගෙ ඇදුමක් පවා අප්පිරියයි නේද උබට* කියලා ඉදුවරට දත් අතරින් කියවෙද්දි...
ඉදුවරගේ නිමුනු කේන්තිය තිබ්බට වඩා දෙගුණ තෙගුණ
වෙලා වැඩිවෙනකොට මේ මොකුත් නොදන්න අහිලි ඉදුවරට පිටුපාලා රිංගලා ඉන්න පුලුවන් කියලා හිතෙන ගල් අස්සෙ එබිකම් කළේ මේ ගමේ තමන්ට අත තියන්න කවුරුත් නැති උනත් පිට ගමක මිනිහෙක් එහෙම ආවොත් උන් තමන්ව අදුරන්නෙ නැති නිසා කරදරයක් වෙන්න තියෙන ඉඩකඩක් තියෙන හින්දා
මේ අස්සෙ ඉදුවර නම් කේන්තියෙන් පුපුරන ගමන් අහිලි උන්නු ගලට එන්න හිතාගෙන ගල උඩ ඉදන් පහල තියෙන ගල් උඩට අඩිය තියන ගමන් එන්නෙ කකුලක් ලෙස්සුවොත් මැ|රෙ|යි කියන දේත් අමතක කරලා
*අහ් කවුරුත් නෑනේ..කොහොමද අර මගුලෙ රෙද්ද මගෙ මූණට වැටුනෙ*
ඉදුවර ගිහින් අහිලිගෙ පිටිපස්සෙන් හිටගන්නකොට හෙඩ් සෙට් එක නිසා ඉදුවර ආවා කියලා නොදැනුනු අහිලි තමන් පයින් ගාලා විසික් කරපු කමිසෙ දිහා බැලුවෙ ප්‍රශ්නාර්තෙකින්
තමන්ගෙ ඇස් ඉස්සරහට වෙලා තමන්ගෙ කේන්තියට මුල් උනු ලොකු කුමාරිහාමි ඉන්නකොට ඉදුවර සැනින් එසැනින් අහිලිව ගැස්සිලා යන්නම අහිලිගෙ කනෙ තිබුනු හෙඩ් සෙට් එක ඇදලා විසික් කරන්නෙ ගලක වැදිලා හෙඩ් සෙට් එක කෑලි වෙලා යන්න
\"අහ්\" ඉදුවරගෙ වැඩෙත් එක්ක බය වෙල ඉදුවරගෙ දිහාවට හැරුනු අහිලි පපුවට අතක් තියාගෙන ගිනි ගහන ඇස් මේ වෙලාවෙ ලොකු කරගෙන බලන් ඉන්නෙ තමන්ගෙ ඉස්සරහා හාෆ් නේකඩ්ව ඇස් දෙක ගොරකා මද වගෙ රතු කරන් නළලෙත් අත් වලත් නහර වැල් උලුප්පන් දත් මිටි කාන් ඉන්න ඉදුවර දිහා...
.. උබට මාව අප්පිරිය මං අප්පෙක් නැති මජං ගාගෙන වැඩ කරන කොල්ලෙක් හින්දද?..
අහිලිට හිතන්න වෙලාවක් නොතියා ඉදුවරගෙ අත් දෙක තද වෙන්නෙ අහිලිගෙ සියුමැලි උරහිස් වල
\" ස..සි...ත\" ඉදුවරගෙ ග්‍රහණයේ සැරට පුලුං රොදක් වගෙ වේගෙන් ඉදුවරගෙ ශරීරය ගාවට ඇදිලා ආපු අහිලි ඉදුවරගෙ අත් දෙකෙ සැරට පින් සිද්ද වෙන්න වේදනාවෙන් වගෙම කවදාවත් පිරිමියෙක්ගෙන් නොදැකපු දැන් මෙච්චර කල් තමන් ඉස්සරහා අහිංසකයෙක් වගෙ උන්නු ඉදුවරගෙ කේන්තිය ඉස්සරහා මිමිනුවෙ වේදනාවෙන්
..සසි මොකා..මං ඉදුවර යකෝ උබ මීට සුමානෙකට කලින් අර ගෑනියෙකුයි පියදාස මාමයි ඉස්සරහා පාච්චල් කළේ ආන් ඒ ඉදුවර මං..
කේන්තිය නිසාම ලොකු කුමාරිහාමි මිමිනුවෙ තමන්ගෙ මුල් නම කියලා නොතෙරුනු ඉදුවර එක අතක් උරහිස්සෙන් අයින් කරලා අහිලිගෙ කට දෙපැත්තට ගෙනත් තද කරන ගමන් කෑගැහුවෙ දන්න කාලෙ ඉදන් තමන්ගෙ තාත්තගෙ කටේ සද්දෙකටවත් බය නොවුනු අහිලිට මරණ බය දැනෙද්දි
..හිගන්නෙක් හොරෙක් ආතක් පාතක් නැති එකෙක්
මං උබට වචනෙකින් හරි වැරැද්දක් කරලා තියෙද? අනික් උරහිස්ස මිරිකන් උන්නු අත ඒ හැඩ ඉනවටා යවලා තමන්ගෙ පපුවට අහිලිට දරාගන්න බැරි තරම් තදින් ළං කරන ගමන් ඉදුවර කියන්නෙ දත් මිටි කාන්
අහිලි..අපෙ ලොකු කුමාරිහාමි..දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගෙ ගැහෙන්නෙ ඉදුවරගෙ කේන්තිය දැකලා
ඊටත් වඩා මුලු ඇගෙන්ම දැනෙන්නෙ මොකෙකට හරි අහුවෙලා ඇටකඩු කැඩිලා යන තරමෙ වේදනාවක්
.. උබ දන්නවද? එදා මං උබට පොඩ්ඩක් සද්දෙන් කතා කලෙ උබ උබෙ නංගිගෙන් උනත් වචනයක් අහනවට මං අකමැති උනු හින්දා
මොකද්දො මගුලක් හින්දා සුදු නෙළුමක් වගෙ ඉන්න සුදු හාමිනේ ගැනවත් නොදැනුනු හැගීමක් කටු පදුර වගෙ ඉන්න උබව දැක්ක මුල් දවසෙම මගෙ හිතට ආවා
හහ්..
උබ එදා බත් මුල් ගෙනත් දෙද්දි අනෙ උබ දැන් හැදිලනෙ කියලා කොච්චර සතුටු උනාද කියලා උබ දන්නවද අහිලි
එදා අවුරුදු 16දි උබව දැක්ක දවසෙ ඉදන් ගෑනියෙක්ට කියලා මගෙ හීනෙකට හරි ආවෙ උබ කියන්න දන්නවද?
උබ කොච්චර ලස්සන වෙලා ඇද්ද ඉස්සර හිටියා වගෙමද කියලා මේ හිත රැයක් දවාලක් නැතුව හිතුව කියලා දන්නවද උබ..
අහිලිගෙ ඉන කැබරිලා යන්න තරම් තදකින් අල්ලගෙන
ඉදුවර කියවන් ගියේ පිට පැන්න කේන්තියෙන්..
.. අහ්.අප්පිරියයිනෙ උබට..කාර් බාර් තියෙන නැත්නම් මටත් අප්පෙක් උන්නා නම් උබ මට ඔහොම සලකන්නෙ නෑ නේද?..
කේන්තිය අස්සෙන් වේදනාව ඉස්මතු කරගෙන ඉදුවර කියනකොට ඉදුවරගෙ හැඩිදැඩි ඇගත් එක්ක හෙලවෙන්නවත් බැරි අහිලි වේදනාවට බයට තේරෙන කාල්‍ර ඉදන් තනියෙන් හලපු කදුලු කැට අද ඉදුවර ඉස්සරහා ගලන්න දුන්නෙ ඉදුවරගෙ හයියට අහිලිගෙ දරාගැනිමේ බැමි කැඩෙනකොට
කේන්තියට වේදනාවට තව තව ඉදුවරගෙ ඇග දරදඩු වෙනකොට
.. මෙච්චර කල් උබට මාවනෙ අප්පිරිය උනෙ දැන් ඉදන් උබට උබවත් අප්පිරිය කරවන්නම්.. කියල ඉදුවර අහිලිට තර්ජනය කළේ කේන්තිය ඉස්සරහා කරන්නෙ මොනවද කියලවත් ඉදුවරට නොතෙරෙනකොට
________________________
අහිලිව බේරගමුද?
අහිලිට ඉදුවරගෙ අතකින් හොද සංග්‍රහයක් දෙමුද?
කියෝලා හොරෙන් යන්නැතුව අදහසක් කියන් යන්නකො ඊගාව ❤️🩹🥹
ලියන්න කම්මැලි නැත්නම්