Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 21 2026 @ 07:15

අහංකාර වලව් හාමිනේ - 15

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *පහළොස්වන කොටස (15)*

පෙර කොටසින්,,,

මොකුත් නොකියා අහිලිව තමන්ගෙ ඇගට නොරිදෙන්න වාරු කරගන්න ගමන් ඉදුවර නැගිට ගත්තෙ ඉදන් උන්නු බිමෙන්..

______එතැන් සිට________________

අහිලිට නොරිදෙන්න අහිලිව ඇගට වාරු කරන් නැගිටගත්ත ඉදුවර බැද්ද පුරාම කලු කරපු කලුවරත් එක්ක ඇස් ගෙඩි දෙක එහෙ මෙහෙ යැව්වෙ ඇදන් ආපු හැබැයි දැන් ඇගේ නැති තමන්ගෙ කමිසෙ හොයගන්න

..කොහෙද අප්පා මේක.. ඇස් පියන් ඉන්න අහිලි දිහත් බල බලා ඉදුවර බෙල්ල හරෝ හරෝ හොයන්නෙ කකුලත් එහෙ මෙහෙ කර කර 

කලුවර නිසා හාත්පසම දැන් අදුරුයි..ඒ නිසා ළගම තියෙන දෙයක් ඇරෙන්න අඩි දෙක තුනක් දුරකින් තියෙන දෙයක්වත් පේන්නෙ නෑ 

තවත් පරක්කු උනොත් මේ පේන ටිකත් පේන්නෙ නෑ..ඉදුවර අහිලිව අත් නොහැරම කේන්ති ගියාම හැසිරුනු විදිහත් මතකෙට නගාගන්න ගමන් හොයන්න ගත්තෙ අහිලි පයින් ගහලා විසික් කරපු තමන්ගෙ කමිසය 

ඉදුවර මේ විදිහට තමන්ගෙ කමිසෙ හොයනකොට අහිලි නම් අගලක් තියා අංශුවක්වත් හෙල්ලෙන්නෙ නැතුව තනි හිතට මෙයා මාව ම|ර|ලා වළදාන්නවත් තැනක් හොයනවද කියලා හිත හිතා ඇස් දෙක තදටම පියන් උන්නෙ ඉදුවරට බයේ

අහිලි දන්නෙ නෑ දැන් ඉන්නෙ කේන්ති ඉදුවර නෙමෙ අහිංසක ඉදුවර කියන්න

කොහොම දැනගන්නද ආලවක යකා වගෙ හැසිරිලා ආපහු දමනය වෙන්න මෙතෙන්ට දෙවි කෙනෙක් වැඩියවෑ..

"ආයෙ මට ගහයිද? ඉවසන්න බෑ මුලු ඇගේම ඇටකටු ටික ගල් රෝලකට අහුවෙලා චප්ප වෙලා වගේ

අහිංසක තමයි අංගුලිමාල වෙන්නෙ කියලා කියන කතාව නම් ඇත්තම තමයි"

ලාවට පෙනෙන නොපෙනෙන ගානට එක ඇහැක් ඇරලා අහිලි හිතන්නෙ ඉදුවරගෙ නිරුවත් පපුවෙන් දැනෙන උණුහුමට ඉව අල්ලලා.

හෙව්වා හෙව්වා හෙව්වා.අහිලි ඔහොම හිතනකොට ඉදුවර ඇ|ට කලුවර නිසාම නොපෙනෙන ගලක් අස්සට වැටිලා තියෙන තමන්ගෙ කමිසෙ හොයන්නෙ පන දාගෙන 

.. දැන් කොහොමද මෙහෙම ලොකු කුමාරිහාමි එක්ක යන්නෙ.

මහ නිළමෙගෙන් මැරුම් කන්න තමයි වෙන්නෙ ..

තමන් ළං කරගත්තු විදිහටම හෙල්ලිල්ලක්වත් නැතුව ඉන්න අහිලි දිහා බලන ගමන් ඉදුවර හිතන්නෙ 
මතකෙට නැගුනු තමන්ගෙ ස්වරූපෙ ඉස්සරහා අහිලි කොහොමත් දැන් අංශුවක්වත් හෙල්ලෙන්නෙ නෑ කියලා තෙරුනු හින්දා 

.. මටත් මාර යකෙක් තමා ආවේස උනේ.බිත්තරයක්වත් බැදලා කෑවෙ නෑ

ම්ම්.එක අතකට කමක් නෑ මට්ටු වෙන්නත් එක්කම මං එහෙම හැසිරුනු එක හොදයි..

තමන්ට බයේ අගලක්වත් හෙල්ලෙන්නෙ නැතුව තමන්ගෙ පපුවට ගුලි වෙලා ඉන්න ලොකු කුමාරිහාමිව දැකලා දුක හිතුනත් දැන් මෙහෙම පූස් පැටියා වගෙ ඉන්නෙ තමන් සැර කරපුවට බය උනු හින්දා නිසා ඉදුවර තනි හිතටම කියාගත්තෙ හෙමින් සැරේ ලොකු කුමාරිහාමිව බිමින් තියමින්..

..ලොකු කුමාරිහාමි.. අහිලිව පරිස්සමට බිමට කරලා ඒ බද අත් නොහැරම ඉදුවර කතා කළේ ලොකු කුමාරිහාමිට 

හ්ම් සද්දයක් නෑ අහිලිගෙන් නම් ඇස් දෙක තවත් තද කරගෙන අහිලි ඉන්නෙ ඉදුවරගෙ කටහඩ ඇහුනෙ නැති විදිහට 

.. හොද කුමාරිහාමිනෙ.මට මගෙ කමිසෙ හොයාගන්න උදව් කරන්න ලොකු කුමාරිහාමි 

මට ඔයාවත් අරන් පාරට මෙහෙම යන්නත් බෑ ඔයාව තනියෙන් යවන්නත් බෑ

බැද්දෙ ඉදන් කමිසෙකුත් නැතුව ලොකු කුමාරිහාමි එක්ක මං එනවා දැක්කොත් මටයි ලොකු කුමාරිහාමිටයි වෙන්නෙ මහ නිළමෙගෙන් කස පහර කන්න..

අහිලිගෙ හිස සෙනෙහසින් පිරිමදින ගමන් තමන්ට බයෙ හාම් හූම් සද්දයක්වත් නැතුව ඉන්න අහිලිට ඉදුවර කිව්වා..

"ම්ම්" කටින් නොකිව්වත් මෙච්චර වෙලා පියන් උන්නු ගිනි ගහන ඇස් ගෙඩි දෙක හිමින් සැරේ අරින ගමන් අහිලි ඉදුවර දිහා ප්‍රශ්නාර්තෙකින් බැලුවෙ තාමත් පහව නොගිය බයෙන්

අහිලිගෙ බැල්මත් එක්ක ඒ බැල්ම ඇස් වලට අහුවුනු ඉදුවරට තේරුනා චන්ඩි රැජින වගෙ උන්නු අහිලි තාමත් ඉන්නෙ තමන්ට බයේ කියලා 

හනේ හනේ..කොටිදෙන වගෙ ඉදලා පූස් පැටියෙක් වෙලානෙ 

ඉදුවෝ මොනා නැතත් උබ යකෙක් වගෙ හැසිරිලා උබෙ ලොකු කුමාරිහාමිව හොදටෝම බය කරලා 

අහිලිගෙ වෙනදට ගිනි ගහන ඇස් අද බයේ ගැහෙනවා අහුවෙනකොට තමන්ගෙ හිතටම මෙහෙම කියාගත්තු ඉදුවර කලුවරට නොපෙනුනත් කලින් තමන්ගෙ අත් වලට අහුවෙලා රතු උනු ඒ කම්බුල් දෙපැත්ත හිමින් සැරේ පිරිමදින්න ගත්තෙ කට සැර කටු පදුර වගෙ ඉන්න අහිලිට වඩා දැන් ඉන්න ශාන්ත දාන්ත තීන්ත කුප්පිය ගැන දැනෙන ලෝබකමින්

..මට සමාව දෙනවා නේද මගෙ කුමාරිහාමි

මටත් හිතාගන්න බැරි උනා මට ගිය යකාගෙ කේන්තිය

හොද කුමාරිහාමි වගෙ මට කමිසෙ හොයාගන්න උදව් කරන්නකො ..

තමන්ගෙ පොඩි ස්පර්ශෙටත් නිදිකුම්බා ඇකිලෙනවා වගෙ ඇකිලෙන අහිලි දිහා ආදර බැල්මකින් බලන ගමන් ඉදුවර කිව්වා

කේන්තියෙන් හැසිරුනා තියා තමන්ට මලත් කේන්ති යන්නෙ නැති ගානට තමන්ගෙ කම්බුල් අත ගාන
සසිත ඉදුවර දිහා අහිලි නම් බලා උන්නෙ නොරිස්සුමෙන් 

"හහ් රිද්දන්න පුලුවන් උපරිමේට රිද්දලා දැන් බොරුවට අහිංසක පාට් දානවා" 

කටින් පිට නොකර අවට කලුවර හොදටොම වැඩි වෙලා නිසා අහිලි හිතන්නෙ තනියම

"ඉන්නවකො වලව්වට යනකම්.කරනවා හොද වැඩක්

පෙනුම වගේම තමයි,අහිංසකකමක් ගෑවිලාවත් නැ බොරු අහිංසකකමක් ඔය දාන් ඉන්නෙ "

තමන්ගෙ කම්බුල් පුරා දිවෙන රළු ඇගිලි වල පහසට ඇස් පියාගෙනම අහිලි දොස් කියන්නෙ ඉදුවරට

තමන්ගෙ ඇගිලි ඒ කම්බුල් වල දිවෙනකොට 
ආඩම්බර ඇහි පිහාටු වහන් පුලුං බෝලයක් වගෙ ඉන්න අහිලි දැක්කහම ඉදුවරට ආදරබර හිනාවක් ගියේ කොච්චර සද්දෙ දැම්මත් ගෑනු ගති ඕනිම කෙනෙක්ට පොදුයි කියලා තේරුනු නිසා

ඉදුවරගෙ ඇස් වලට මේ අස්සෙ අහුවෙනවා තමන් මීට ටික වෙලාවකට කලින් කේන්තියෙන් පාත් උනු පාත් වෙලා රහ බලලා කේන්තිය නිමාගත්තු 
අහිලිගෙ රත් දෙතොල් දෙක

ඉදුවරගෙ හිත කියන්නෙ අයෙ කවදා අල්ලගන්න වෙයිද දන්නෙ නැති නිසා දැනුත් ඔහෙ ඒ දෙතොල් දෙක තමන්ගෙ දෙතොලෙන් අල්ලගනින් කියලා 

අවුරුදු 25ටම කුලුදුලෙම නොවුනත් දෙවෙනියට අතිශය මෘදුව තමන්ගෙ මුවට අහුවුනු දෙතොල් දෙක උනෙ අහිලිගෙ දෙතොල් දෙක

ඉදුවරගෙ අත් වලටත් දැනෙනවා අහිලිගෙ හමේ මෘදු බව

.. රාජ කුමාරියක් වගෙනෙ ඉන්නෙ,ඉතින් කොහොමද මේ ඇග ගොරොසු වෙන්නෙ..

කලුවර නිසා එබිකම් කරන පිරිමි හැගීම් අමාරුවෙන් යටට දාන ගමන් නරක් නොවුනු හැගීම් වලින් ඉදුවර හිතන්නෙ තමන්ගෙ හමට දැනෙන අහිලිගෙ මෘදු හම ගැන

..ලොකු කුමාරිහාමි මෙහෙම හිටියොත් ලොකු කුමාරිහාමිව කැන්දන් යන්න වෙන්නෙ අපේ ගෙදෙට්ට තමා ඕං..

තත්පර ගානක් කලබලෙන් හතර වටේ අදුරට ඇස් යවන අහිලි දිහා බලා ඉදලා ඉදුවර කිව්වෙ ඔහොම

"ඇ..ඇයිහ්" ඔන්න මෙච්චර වෙලා පණ නැතුව තිබ්බ අහිලිගෙ කටට පණ ආවෙ දැන් 

.. කලුවර වැටිලා බැද්ද ඇතුලට වෙන්න ගෑනු ළමයි ඉන්නවද 
කමිසෙකුත් නැති පිරිමි ළමයි ගාව..

ඉදුවර කියන්නෙ ටිකක් වැඩි උනු කලුවරට අහිලිව නෝපෙනුනත් අහිලිගෙ මූණ කොහොම ඇද්ද කියලා මවාගෙන

"ඔයා පිරිමි ළමයෙක් නෙමෙයිනෙ.අහිංසක වෙස් මුණක් දාන් ඉන්න තඩි යකෙක්" 

ඒ ක්ශනිකව අහිලි නොරිස්සුමෙන් ඉදුවරට ඔහොම කිව්වෙ ඒක අහලා ඉදුවරට සද්දෙට හිනා යනකොට

"ඉන්නවකො වලව්වට යනකම්" වැඩි සද්දෙකින් නැතුව අහිලි කොදුරන්නෙ කලුවරට නොපෙනෙන ගල් තලාවට අඩිය තියලා පයට ඉදුවරගෙ කමිසෙ පෑගෙනවද කියලා බල බලා

.. ලොකු කුමාරිහාමි මාව දඩුකදේ ගහයි නේද කුමාරිහාමිව ඇල්ලුවා අල්ලලා රිද්දුවා කියලා..

අහිලිගෙ කතා බහ අහන් ඉදලා ඉදුවර කියන්නෙත් අහිලි වගෙම තමන්ගෙ කමිසෙ හොය හොයා

ඉදුවරගෙ ඔය වචන වලට දඩු කදෙ නෙමෙයි උගුල්ලනවා නියපොත්තෙ ඉදන් සේරොම කියලා කියන්න කටට ආවාත් ඉදුවරට ආයෙ තරහා ගියොත් කියලා හිතලා අහිලි සද්ද නැතුවම හොයන්න ගත්තෙ තමන් විසික් කරපු ඉදුවරගෙ කමිසෙ..

*ලොකු කුමාරිහාමි*

________________________

කවුරු හරි ආවා වගේ..කවුරු වෙන්නැද්ද?