_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *දහසයවෙනි කොටස (16)*
පෙර කොටසින්,,,
ඉදුවරගෙ ඔය වචන වලට දඩු කදෙ නෙමෙයි උගුල්ලනවා නියපොත්තෙ ඉදන් සේරොම කියලා කියන්න කටට ආවාත් ඉදුවරට ආයෙ තරහා ගියොත් කියලා හිතලා අහිලි සද්ද නැතුවම හොයන්න ගත්තෙ තමන් විසික් කරපු ඉදුවරගෙ කමිසෙ..
*ලොකු කුමාරිහාමි*
_____එතැන් සිට___________________
ඉදුවරත් ලොකු කුමාරිහාමිත් කලුවර නිසාම ළග ඉන්න තම තමන්වවත් පේන්නෙ නැතුව ගිය හින්දා අත් දෙක එකිනෙකට අල්ල ගත්තෙ දෙන්නට දෙන්නා මග නොඇරෙන්න.
දෙන්නා දැන් දනි පනි ගාලා මඩ තලනවා වගෙ කකුලෙන් ගල් අස්සටයි ගල් උඩටයි අඩිය තිය තියා පණ දාගෙන හොයන්නෙ ඉදුවරගෙ කමිසේ..
කෝ මේ මගුල..පොඩ්ඩ ඇත්නම් මල පයින අහිලි හෙවත් අපෙ ලොකු කුමාරිහාමි ගල උඩ පුරා තමන්ගෙ කකුල් අඩි අරන් යන ගමන් මුමුණන්නෙ කේන්තියෙන්
ඒ අස්සෙ ඉදුවරත් ගල පුරා අඩි යවන්නෙ වටේ පිටේම වහන් ඉන්න කලුවර දිහාත් බැද්ද ඇතුළින් ඇහෙන සත්තුන්ගෙ භයානක හඩවල් වලටත් කන් දීගෙන
මේ විදිහට
දෙන්නත් එක්කලා තරගෙට කමිසෙ හොය හොයා ඉන්නකොට දෙන්නගෙ ඇස් නිලංකාර වෙලා යන්න විදුලි පංදමක එලියකුත් දෙන්නගෙම කන් බෙර පුපුරලා යන්න තරම් සද්දෙකින් බෙරලිගල්ල වලව්වේ දොන් පියස් මහ නිළමෙගෙ ගාම්භීර කටහඩත් ඉදුවරටත් අහිලිටත් ඇහුනේ දෙන්නගෙම ඇගවල් ලප් තැනම ලොප් කරලා
*ලොකු කුමාරිහාමි*
බැද්දට දඩ මස් හොයන්න පැන්න මිනිහෙක්ගෙ ඕපදූපෙකට ලොකු කුමාරිහාමිව හොයාගෙන ආව දොන් පියස් නිළමෙගෙ ඇගෙ මස් නලියන්න ගත්තෙ තමන්ගෙ ඇස් වලට පේන එකට බැදුනු තමන්ගෙ වැඩිමහල් දුවගෙයි මජං කොල්ලෙක් උනු ඉදුවරගෙයි අත් වැල් ගාව
*අහිලි අත ඇරපන් ඕකගෙ අත*
තමන් දිහා ගල් ගැහිලා බලන් ඉන්න ඉදුවර දිහත් අහිලි දිහත් බලලා මහ නිළමේ මුලු බැද්දෙම උන්නු වවුල් රෑන කැළබෙන්න මහ හයියෙන් කෑගැහුවෙ දකුණු අත රැදි බස්තම බිම හප්පගෙන
"අ..ප්ප්..පච්චී"
කවදාවත් මහ නිළමෙ ගාව වචනයක්වත් නොපැටලුනු අහිලිගෙ වචන අද පටලැවෙන්නෙ හීනෙකින්වත් නොහිතපු වෙලාවක තමන්ගෙ අප්පච්චිගෙ පැමිණීම හෙනහුරෙක් විදිහට මහා බයක් තමන්ට ඇති කරන්න සමත් උනු හින්දා
..ම..හ නිළමේ... නොහිතපු වෙලාවක කඩා වැදුනු මහ නිළමෙගෙ රුවත් එක්ක ඉදුවරත් වෙව්ලන්නේ මොකුත් හිතාගන්න බැරුව
දොන් පියස් මහ නිළමෙට,බැද්දට දඩ මස් හොයන්න ගිය කිරිදතා කියන වලව්වෙ පොල් කඩන මිනිහා ලොකු කුමාරිහාමි බැද්දෙ ගල් තලාව උඩ හිටියා කියලා ගිහින් කියන්නෙ ඉදුවර ගල් තලාවට එන්ඩ කලියෙන්
එතකොටත් අර ඇවිත් හිටපු ළමයා ගියායින් පස්සෙ නොදැක්ක තමන්ගෙ ලොකු දුව ගැන පයිණ්ඩයක් දැනගන්න මහ නිළමේ වලව්වෙ වැඩට ඉන්න කීප දෙනෙක්ව යවලත් තිබ්බෙ.
ඉතින් කොහෙදො ඉදන් ආව කිරිදතාගෙ පයිණ්ඩෙත් එක්ක ලොකු කුමාරිහාමිව හොයන්න යැව්ව මිනිස්සුන්ගෙන් වලව්වෙ දර පලන සිරිසෝමව බැද්දට යවන්නෙ අහිලිව එක්කන් වරෙන් වලව්වට කියලා සිරිසෝමට අණ කරලා..
අවාසනාව..
මහ නිළමෙගෙ පයින්ඩෙට බැද්දට ගිය සිරිසොමගෙ ඇස් වලට අහුවෙන්නෙ ඉදුවර අහිලිගෙ දෙතොල් වල පැටලිලා ඉන්න හැටි
ඉදුවරත් අහිලිත් ගෙයින් එළියට බැස්සෙ රාහු කාලෙ නිසාමද මන්දා දෙතොල් හාදුවෙ පටන් ගැන්මෙ ඉදන් අවසානෙ වෙනකම් විතරක් උඩුකය නිරුවත්ව උන්නු ඉදුවර දිහත් පිටට පේනකොට ආසාවෙන් වගෙ ඉදුවරට තුර්‍ය්ල් වෙලා වගෙ පෙවුනු අහිලො දිහත් බලාගෙන හිටපු සිරිසෝම අඩියට දෙකට වලව්වට ගිහින්
මේ පුවත කනේ තියන්නෙ කතාව වැඩියෙනුත් දාලා මුලු වලව්වම ගිනි තියලා..
*තෝ මොනාද ප|ර|යො කියන්නෙ*
සිරිසෝමගෙ කතාව ඇහුව ගමන් මහ නිළමේ සිරිසෝමට කනේ පාරකුත් දෙන්නෙ කොච්චර මුරණ්ඩු උනත් තමන් ආසම ගති වැඩිපුරම තියෙන අහිලි කවදාවත් ඔහොම දෙයක් නොකරයි කියලා තමන් තදින්ම විශ්වාස කරන් උන්නු නිසා
*එහෙම වෙන්ඩ බෑ යකෝ,ඒකි මගෙ ලේ මගෙම අනුරූපෙ*
*ඒකි කොහොමද පහත් එකෙක් එක්ක නි|දි|ව|දි|න්|නේ*
*සුදුහාමිනේ කලත් මගෙ ලොකු කුමාරිහාමි කරන්නැ*
කෝපයෙන් ගුගුරන ගමන් මහ මැණිකෙටත් එන්න කියන ගමන් තමන්ගෙ සුදු පාට කාර් රථයට නැගලා මහ නිළමේ බැද්දට ආවේ කිව්වෙ බොරු නම් උබව ම|ර|න|වා කියලාත් සිරිසෝමට කියලා
,,,
සිරිසෝමට සද්දයක් දාලා බැද්දට යන තැනින් නතර කරපු කාර් එකෙන් බැහැලා බස්තමත් ඩ්‍රයිවර් කොල්ලට කලුවර නිසා විදුලි පන්දමත් අල්ලන්න කියලා මහ නිළමේ අර මිනිහා කිව්ව ගල් තලාවට ඇදුනෙ අඩියට දෙකට
ඒත් කලුවර පලාගෙන ගිය පන්දමේ එළියත් එක්ක මහ නිළමෙට දැනුනෙ තමන්ගෙ හිසට අකුණු හත අටක්ම එකපාර වැදුනා වගෙ මරණීය හැගීමක්..
*ලොකු..කුමා..රිහාමි..*
මහ නිළමේ පරල උනෙ ඇයිද කියලවත් දන්නෙ නැතුව මහ නිළමෙ එක්ක ආව මහ මැණිකෙගෙත් ඇස් ගෙඩි දෙක එළියට බහින්න තරම් විසාල වෙන්නෙ
.තමන්ගෙ ලොකු දුව කමිසයක්වත් නැති ඉදුවර කොලුවත් එක්ක අත්වැල් බැදන් උන්නු හැටි දැකලා
කාටවත් ඇහෙන්න තරම් සද්දෙකින් නොවුනත් තමන්ගෙ ලොකු දුවගෙන් මේ වගෙ දෙයක් බලාපොරොත්තු නොවුනු තැනදි මහ මැණිකෙගෙත් උගුර කට වේලිලා යන්නෙ ඉබේම පපුවට අතක් යැවිලා
*ඈ බොල ප|ර|ට්|ටි තොට නිදිවදින්න වෙන එකෙක් හිටියෙම නැද්ද?*
*උබට ඔච්චර අමාරුව තිබ්බා නම් උබට ගැලපෙන එකෙක් හොයලා දුන්නු වෙලෙ මොකටද ය|කෝ බැහැයි ගෑවේ*
වේදනාවත් එක්ක නැගීගෙන එන කෝපයත් එක්කලා මහ නිළමේ ගිගිරුවෙ බස්තම දෙකඩ කැඩිලා යන්න පොලොවෙ ගහලා
*මැණිකෙ ගිහින් මේ ප|ර|ට්|ටිව ඇදගෙන වරෙන්*
*එතකොට තෝ පා|හ|ර බ|ල්ලා වලව්වෙන් කාලා තෝ අපිටම ඇ|රි|යා එහෙනම්*
*මේකිට හරි දේ නොතෙරුනත් සුදු හාමිනේව මග ඇරලා උන්නා වගෙ උබට කුමාරිහාමිවත් මග ඇරලා ඉන්න බැරි උනාද?*
අහිලිව ඇදගෙන එන්න කියලා මහ මැණිකෙට කියන ගමන් මහ නිළමෙ කෑගැහුවෙ මූණත් පාත් කරන් උඩු ඇදුමක් නැතුව ඉන්න ඉදුවරට
ගමේ මොකාට අකමැති උනත් උන්නු ඉදුවරට මහ නිළම්‍ර කැමති උනෙ තමන්ගෙ තත්වෙ දැනන් ඉදුවර හැසිරුනු හින්දා
තමන්ගෙ පොඩි දුව මේ කොලුවට ආලවන්තකම් පාන බවක් මහ නිළමෙට තේරුනෙ සුදු හාමිනෙගෙ හිත ඉදුවරට ගිය මුල් කාලෙ ඉදන්
ඒත් අද මේ දැන් ඉදන්..මග නිළමෙගෙ හිතෙ ඉදුවර ගැන තිබ්බ පැහැදීම කැඩිලා බිදිලා ම|රා දාන්න තරම් කේන්තියක් ඉදුවර ගැන දැනුනේ ආලවන්තපෑමකටත් එහා ගිහින් තමන්ගෙ ලොකු දුව එක්ක නිදි|වැදුවා කියලා හිතන්
තත්පර ගානම් ඇතුලත හිතුවෙවත් නැති සිද්ධි ගොඩක් අහිලිගෙ ජීවිතෙට අද වෙනකොට
තවත් තත්පර ගානක් ගෙවිලා යන තැනදි මහ මැණිකෙ ඇදන් ආව අහිලිවත් කාර් රථයට දාන් මහ නිළමේ බොරලු පාර දිගෙ නොපෙනී ගියෙ ඩ්‍රයිවර් කොල්ලගෙත් මහ නිලමෙගෙ කැඩුනු බස්තමටත් පින් සිද්ද වෙන්න අහිලිගෙ කැගැහිමටවත් නතර නොවුනු ගුටි බැට සංග්‍රහයෙන් ඉදුවර බැද්ද ඇතුලෙම බිම සිපගන්නකොට
_________________________
බ්ලා බ්ලා බ්ලා..දැන් ඊලගට මොකද අපි කරන්නෙ
ඉදුවරව කැලේ සතෙක්ට දීලා අහිලිට ගුටි සංග්‍රහයක් දෙමුද?
*අඩුපාඩු තිබ්බොත් වචන මිස්ටේක් තිබ්බොත් සමාවෙන්න*