_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *විසිහත්වෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
"ආව් ඕයි..
_______එතැන් සිට_______________
දැනෙන කේන්තිය හරියාකාරව නැතත් භාගෙට භාගයක් සෙට් වෙන විදිහට තාදිගෙ පිටේ ගිහින් වැදුනෙ තාදිට ඒ එක්කම පිට හරහා ගිය වේදනාවට කෑගැහෙද්දි..
යෙධාරට නම් තාදිගෙ ඇඹුල් උනු මූණත්,තාදිගෙ වේදනාබර කෙදිරිල්ලත් මෙලෝ මල දානෙකට වැඩක් උනෙ නෑ...
යෙධාගෙ ඔලුවෙ වැඩ කරන්නෙ කේන්තියයි,තාදි වහෙන් ඔරෝ පරංගියා ගිය මාර්ගෙ ගිහින් කියපු කතාව දැනගන්න එක විතරමයි...
කොහොමත් හිත ඇතුළෙ කේන්තියයි,ප්‍රශ්නෙකුයි තියෙද්දි තමන් ළග ඉන්න අයගෙ වේදනාවල් දැනෙන්නෙ
කීයෙන් කී දෙනාටද?
ඉතින් ඒ නිසාම තාදිගෙ වේදනාව මේ කනෙන් අහලා අනිත් කනෙන් යවලා යෙධා කිව්වෙ
..මගෙන් තව පාරක් නොකා කියපන් පොඩි හු* කියලා.
"බෑ කියන්නැ,යනවකො ඕයි,තමුසෙ කවුද මට ගහන්න"
තමන්ගෙ පිටට ගහලා තමන් මෙච්චර වේදනාවෙන් ඇඹරෙනවා දැකලත්
නොදැක්කා වගෙ ප්‍රශ්න කරන යෙධාව දැකලා
තාදිගෙත් ඉවසීමෙ කට්ට තද රෝස වෙද්දි තාදිත් මෙහෙම කියලා දැම්මා
.. දැන් උබ කියන්නැද්ද?..
ටිකින් ටික කේන්තියට ඉලිප්පෙන නහරවැල් එක්ක රතු වෙන ඇස් එක්ක යෙධා අහනවා තාදිගෙ මේ හිතුවක්කාර මුරණ්ඩුකම් වලට කරට කර ගේම ඉල්ලලා
"ඔව් කියන්නැ,තෝ ඇයි මොනා කරන්නද?
මං උබෙ ගෑනි නෙමෙනෙ යෙධාර,අනික තමුසෙට ලැජ්ජ නැද්ද?
කෙල්ලො ගාවට ඔහොම යන්න.හහ් කොහෙ ලැජ්ජ හිතෙන්නද ආසා ඇතිනෙ ප්‍රදර්ශනය කර කර යන්න"
තාදිත් යෙධාට කේන්තියටම වෙව්ලන කටහඩින් සෙකන්ඩ් නොවීම කියාගෙන කියාගෙන යනවා
කොහොමත් මුට මල පැන්නත් ඉස්කොලේ නිසා මේකාට තමන්ට ගහන්න බෑ කියන්න දන්න නිසා තාදිට බය වෙන්න ඕනි උනෙම නෑ ඉතින් ඒ නිසාම
එන්න එන්නම තාදිගෙ මේ මුරණ්ඩු වීමත් එක්ක තාදි ඉස්සරහා
දැන් දැන් ඉවසීම තමන් ළගින් ටිකින් ටික ලෙෆ්ට් වෙනවා වගෙ දැනෙනකොට යෙධා කිව්වෙ අන්තිම ඉවසීමෙන්
..තාදිනි ආයුල්‍යා මඩුවෙගෙදර,උබ කියනවද මං ඔය කටින් ගන්නද?.. කියලා
ඉදන් උන්නු තැනින් නැගිටලා තාදිගෙ ඉස්සරහට ගිහින් පිට්ටනුයෙ අයට තාදිව පේන්නෙ නැති විදිහටත් කවර් කරගන්න ගමන් ම...
"අනෙ යෙධාර ප්ලීස්,අනෙ එපා මං කියන්නම්"
"අනෙ මට බයයි යෙධාර"
යෙධාරගෙ මේ බැල්මවල් ඉස්සරහා අනික් අය ඔහොම හැසිරුනත්
ඔහොම දෙයක් කටින් තියා යෙධාගෙ සද්දෙ එක්ක තාදිගෙ තුන් හිතකටවත් ඔහොම සිතුවිලි නම් ආවෙ නෑ..
කලින් මං කිව්වා හෝ නැතා , තාදි කියන්නෙ යෙධාරගෙම කේන්තිය,හිතුවක්කාරකම,අලි ඔලුව යෙධාර හා සමානවම අරන් ආපු කෙනෙක්...
බෙල්ල ගහලා ගියත් යෙධා වගේම තාදි ගාවත් නෑ ඔලුව නැමිල්ලක්...
හැබැයි තාදි කැමති ප්‍රශ්න නැතුව පාඩුවෙ ඉන්න..ආන් එතන යෙධායි තාදියි වෙනස් වෙනවා..
මොකද යෙධාට ඕනි කොයිවෙලෙත් මොකා එක්ක හරි පැටලිලා එකෙක් දෙන්නෙක්ගෙ හොම්බ කට බොම්බයි මොටයි කරන්න
මොන සමාන අසමානකම් තිබ්බත්
කොහොමින් කොහොම වෙලා හරි මේ වෙලාවෙදි
කවර් බැයි නම් කවරයක් කරලා විකුනුවත් කමක් නෑ කියන හැගීමත් එක්ක
දෙන්නගෙම ගති ටික සමානව තරාදිය දෙපැත්තෙ බෙදිලා ඇල නොවී තියෙද්දි
තාදිනි නම් තමන් ඉස්සරහට වෙලා බොර කකුල් මිනිහෙක් වගෙ උසට උසේ ඉන්න යෙධා දිහා කේන්තියෙන් බැලුවේ
ඒ ඇස් වල " නැගිටලා සද්දෙ දැම්මා කියලා උබ කොරයි මට " වගෙ බැල්මක් තියන්..
පුලුවන් නම් කොරයි වගෙ බැල්මක් රැදුනු තාදිගෙ ඇස් වල තිබ්බ අකුරු ටික එක්ක රැදුනු සමච්චල් බැල්ම ,පොතෙ අකුරු කියොගන්න බැරි උනත් යස අගේට යෙධාර කියොගත්තා ඒ කේන්තිය පිරුනු ඇස් වලින් තමන් දිහාවට එල්ල උනු සැනින්ම......
කියොගත්තා විතරක් නෙමෙයි කියොගත්තු ගමන්ම යෙධාරගෙ අත ඉස්සරහට දිග් වෙන්න ආවේ තමන් ඉන්නෙ පාසලත් කියලා අමතක වෙලා
තාදිගෙ කට දෙපැත්ත මිරිකන්න හිතාන.
කලින් කියලා තිබ්බා වගේ යෙධාර ආසම නෑ මුරණ්ඩු ගති තියෙන අහිංසක නැති කෙල්ලන්ට
ඉතින් ඇස්වල කදුලු පුරවන් අඩන්න තියා අඩුම ගානෙ බිම බලාගන්නෙවත් නැතුව ඉන්න තාදිව දකිද්දි
එක දවසක් දුන්නා වගේ වීසිවෙලා යන්න තාදිට තමන්ගෙ හැඩිදැඩි අතකින් එ කම්බුලකට පාරක් දෙන්නමයි හිතෙන්නෙ..
ඒත් ඉතින් තාදි හිතුවත් වගෙ තාදිගෙ වාසනාවටදෝ අවාසනාවටදෝ මන්දා යෙධාහෙ අත ඉස්සරහට එනවත් එක්කම ඩබලම වලි කන්න බලාගෙන හිටපු හැටි කල් තියාම දැකලා දෙන්නා හිටපු තැනට හති දාන් දුවන් ආවෙ මෙත්...
*එහ් යෙධා මොකද උබ කරන්නෙ පිට්ටනියට පු| පෙන්නන්*
*වරෙන් යකෝ උස පයින්න ඕනි,කෙයිමි මිසුයි ඉන්දික සරුයි මෙහෙට උබව එක්කන් යන්න එන්නත් හැදුවා,මායි ශේපක් දැම්මෙ*
*වරෙන් මචං වරෙන්,මේක මේ වලි කාගන්න වෙලාවක් නෙමෙයි..යෙධා ප්ලීස් මචං වරෙන්*
සැරින් සැර්‍රෙ මේ දෙන්නා දිහාවටම ඇස් තියන් ඉදපු වගේම දෙන්නගෙ මූඩ් වෙනස් උනු හැටි දැකලා ඒ වෙලාවෙම හති දුවන් ආපු මෙත්
හුස්මක් කටක් නොගෙනම යෙධාරව ඇදලා අරන් අඩියක් පිටිපස්සට ගන්න ගමන් යෙධාට කිව්වෙ ඔහොම..
හොදට හිටපු උන්ට මොකද උනේ කියන්න නම් දන්නෙ නෑ මෙත් හැබැයි
දෙන්නගෙ හැටි දැක්කහම මේ ලෑස්තිය වලිකාගන්න කියලා ඈත ඉදන් බලා ඉද්දිම මෙත්ට තේරුනා..
ඊටත් වඩා දැන් ටිකකට කලින් මේ පැත්තට එන්න ආපු කෙයිමි මිස්වත් නතර කළේ
නිකන් හරි තාදිනි ගාව යෙධාර ඉන්නවා දැක්කොත් ඇතිවෙන්නෙ තව මගුල් ප්‍රශ්නයක් නිසා..
කොච්චර ගහ මරාගත්තත්,යෙධා කෙල්ලෙක් එක්ක මෙහෙම කවදාවත් ඉන්නවා ඉස්කෝලෙට ප්‍රදර්ශනය වෙනවා දකින්න
මෙත්ට ඕනිකමක් නෑ..
දැන් මේ කේන්තිය නිසා මෙහෙම හිටුයා උනාට හරි සිහිය ආවාම
යෙධා උනත් පසුත්වෙනවා කියන්නත් මෙත් දැනන් උන්නා..
ඉතින් කොහොමද? පාඩුවෙ ඉන්නෙ මෙත්.
තත්පරයක් දෙකක්
එකිනෙකාට නොදෙවෙනි බැල්මෙන් ඩබලම ඇස් ගෙඩි දශමෙකින්වත් අනිකගෙ ඇස් වලින් අයින් නොකර බලා ඉදලා තත්පර කීපයක්ම ගෙවිලා යනකොට
මෙත්ගෙ ඇස් වලට පෙවුනු
මේ පැත්තට ඇදෙන
කෙයිමිගෙ රූපෙ එක්ක
වරෙන් යකො කියලා කෑගහනගමන්
අමාරුවෙන් උනත් මෙත් යෙධාරව ඇදන් එන්න ආවෙ ,තාදි ගාවින් ඈතට පිට්ටනියෙ ලිහිණි නිවාසෙ ළමයි උස පයින්න ලෑස්ති කරපු තැනට
𝓐.𝓔.𝓒
බලෙන් උනත් මෙත් ඇදන් යන නිසාම මෙත් එක්ක යෙධා ගිහින් නතර උනෙ උස පයින තැන...
දෙන්නට දෙන්නා ඈත් උනාට තාමත් දෙන්නගෙ ඇස් බැල්මවල් තියෙන්නෙ කලින් වගෙම එකිනෙකාගෙ ඇස් මත්තෙ අංශුවක්වත් වෙනස් නොකර..
*තොට පිස්සුද යකො* මෙත් ඒ අස්සෙන් බයින්නෙ
බලෙන් ඇදන් ආවාත් තාමත් කන්න වගෙ තමන් ගාව ඉන්න යෙධා ඈත ඉන්න කෙල්ල දිහා බලා ඉන්නවා ඒ ඇස් වලට පේනකොට ..
*ළගදිම හොද දන්සලක් දාගන්න හදන්නෙ,ඒකත් වැලන්ටයින් දන්සල් කියලා*
ආයෙ මෙත් කියන්නෙ බලෙන් මූණ හැරෙව්වත් ආපස්සට ඈත කෙළවරේ කජු ගහ ගාවට ඇස් අරන් යන යෙධාගෙ මුරණ්ඩුකම ඉස්සරහදි
ඉවෙන් වගෙ දැනෙන සහ නිවාසෙ ගුරුභවතුන්ගෙ ඇසුත් යෙධාරගෙ හැසිරීමටත් ඇස් බැල්මටත් යොමු වෙලා තියෙනවා පේද්දි
කෙයිමිගෙත්,නිවාසෙ අනික් ගුරුවරුන්ගෙ අවධානෙත් cctv වගෙ යෙධාර දිහාවට වැටිලා තිබ්බත්.
යෙධාරට නම් ඒ ගැන වගේ වගක් නැ
මෙත් මෙච්චර අදිනවා බයිනවා අයිනවා..යෙධාරගෙ ඇස් වැටෙන්නෙම ඈත ඉන්න තාදි දිහාවට
යෙධාගෙ අවධානෙ කොහොම උනත්
තමන් දිහාවට ඈත ඉදන් වැටෙන ලිහිණි නිවාසෙ ගුරුවරුන්ගෙ බැල්මවල් ඉස්සරහා
ප්‍රශ්න දාගන්න අකමැති තාදිට නම්
මෙතනින් චුත වෙන එක තමයි හොද කියලා තෙරෙනකොට මෙත්ගෙ හිතටත් සැනසීමක් අරන් ඇවිත් ඉදන් උන්නු තැනින් නැගිටලා ළග තිබ්බ පඩිපෙල දිගෙ නැගලා පන්තියට යන්න තාදි හිතුවෙ
හය වසරේ ඉදන් මේ ඉස්කොලේ ඉදලා මෙච්චර කාලෙකට කතාවක් නොහා ඉදපු විදිහටම ඉතුරු අවුරුදු දෙකත් තමන්ට ඉන්න ඕනි හින්දා..
ඒ විදිහට හිතලා තාදි ඇවිදන් යනකොට තදිගෙ පියවර දිගෙම ඇදිලා ගියෙ යෙධාරගෙ නපුරු ඇස් .
අඩියක් එක්ක පියවරවල් බර ගානකට පස්සෙ තාදිගෙ රුව නොපෙනෙනකම්ම
තාදිගෙ පස්සෙන් පන්නපු යෙධා අවසානෙදි
තාදිව තමන්ගෙ පථෙන් පේන්නෙ නැතුව ගියාට පස්සෙ ලොකු හුස්මක් අරන් පිට කරලා දාලා මෙච්චර වෙලා නොතිබ්බ අවධානෙ ගත්තා.
හිත යට තවම ආසාව තියෙයි දැන්ම ගිහින් ඒ කම්බුලක් අත ගාන්න
ඒත් වෙලාවත් ඉන්න තැනත් එක්ක පොළිය එක්කම හවසට දෙන්නම් කියලා යෙධා තීරණය කළා
තවත් තත්පර ගානක් එක්ක හැමදේම අමතක කරලා සුපුරුදු චරිතෙට අවතීර්ණ උනු යෙධා
හැම අංගයක්ම නිවාස භාර ගුරුවරුන් දිහාට ගෙනාවෙ මෙතන ඉදන් ගෙවෙන තත්පර ගාන තමන්ගෙ නිවාසෙ දිනවන්න යොදන්න හිතන් තාදිගෙ පොළි ණය පැය කිහිපෙකට පස්සට දාලා .
____________________
ඊලග කොටසින් හම්බෙමු..කලින් එපිවල පොඩි පොඩි මිස්ටේක් ඇති
එකට සමාවෙන්න..ඉතුරුවා ඒම වෙන්න ඉඩ තියන්නෙ නෑ...
අදහස් කියන් යන්න