_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *විසිහයවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
තාදිව බලෙන් දුවන්න දාපු ආර්ට් අක්කණ්ඩි
දුවන්න කවුන්ට් එක ගනන් කරන්න ගත්තෙ
කොල්ලො පස් දෙනාම මයුර නිවාසෙ දුවන්න ඉන්න තාදි දිහාවටම ඇස් තියන් ඉද්දි...
______එතැන් සිට__________________
තත්පරයක් දෙකක් එක්ක තත්පර කිහිපයක් ගත වෙද්දි
කවුන්ට් කිරිල්ල අවසානෙ කෙල්ලො රෑන තම තමන්ගෙ කකුල්
දෙකට වැදලා දුවන්න ගත්තෙ තමන්ගෙ ඇගෙ තියෙන උපරිම හයිය දාලා
කෙල්ලො රෑන තම තමන්ගෙ උපරිම ශක්තිය දාලා දුවනකොට
කොල්ලො පස් දෙනාගෙ ඇස් ගෙඩි ටිකත් අංශුවක්වත් තාදිගෙන් පිට නොයා තිබ්බෙ
හිතුවෙවත් නැති විදිහට
ඇස්ලේටරේ අල්ලනවා වගෙ එන්න එන්නම වේගෙ වැඩි කර කර තාදි දුවන්න ගත්ත හින්දා..
යෙධාරගෙ ඇස්..අලුතෙන් පොලිශ් කරපු පිත්තල භාන්ඩෙක දිස්නෙ වගෙ දිලිසෙනවා තාදිගෙ දිහාම බල බලා..
මෙත් යෙධාට තට්ටු දදා *අඩෝ ඒකි නරකම නෑ නෙ බන්* ගානවා..
ප්‍රබෝ,කේශ්,යේශ් ත්‍රිබල මූණෙ ඇදුනු හිනාවක් එක්ක තම තමන්ගෙ නිවාස වලට වෙලා බටු ඇටේ වගෙ දුවන තාදි දිහායි
තාදි දිහා දිලිසෙන ඇස් වලිනුයි ආඩම්බර හිනාවකිනුයි බලන් ඉන්න යෙධාර දිහායි සැරින් සැරේ බලනවා..
තවත් තත්පර ගානකට පස්සෙ
ඇස්ලේටරේ බැයි නම් ජෙට් එකක් හරි බැදන්
පළවෙනියා නොවුනත් තුන්වෙනියගෙ තැන අන්තිමයා වෙයි කියලා හිතා උන්නු
තාදි දිනා ගන්නකොට
දිලිසෙන ඇස් වලින් තාදි දිහාම ඇස් තියන් හිටපු යෙධාරගෙ මුවින් ලස්සන හිනාවක් පිට වුනෙ
හිත ඇතුළින් මහා අමුතුම අමුතු ආඩම්බරයක් යෙධාරට දැනෙනකොට...
,,,
ලස්සන හිනාවක් එක්ක අමුතුම ආඩම්බරේකින් යෙධාර තමන්ගෙ නිවාසෙට වෙලා තාදි දිහා බලා ඉද්දි
හිතුවෙවත් නැති විදිහට තුන්වෙනියගෙ තැන ගත්තු තාදි උන්නෙ
සිරාවටම තමන් තුන උනාද කියලා හිතාගන්න බැරුව අන්දුන් කුන්දුන් වෙලා
" මේ අක්කෙ,සිරාවටම මං තුනද?"
තමන්ව බලෙන්ම දුවන්න දාපු ආර්ට් අක්කණ්ඩිගෙන් ඉනටත් අත් තියන් තාදි අහන්නෙ ඇත්තටම තාදිට තමන් තුන උනාද කියලා හිතාගන්න බැරි නිසා..
*ඔව් බන් නංගි දැක්කනෙ,ඒ නිසා තමා උබලව අපි බලෙන් දාන්නෙ.උබ දැන් දිව්වෙ නැත්නම් උබ දන්නෙත් නැනෙ උබට දුවන්න පුලුවන් කියලා*
තාදිගෙ පිටටත් තට්ටුවක් දාලා ආර්ට් අක්කණ්ඩිත් හෙන හැපි එකේ කිව්වා
හැම දුවන තරගෙකටම තාදිව දැන් දාගන්න පුලුවන් හින්දා..
ආර්ට් අක්කණ්ඩිගෙත් ඒ ළග හිටපු අනෙක් අයගෙනුත් *සුපිරි ඈ* *හැම එකටම දුවමු නංගි ඈ*
වගෙ කියමන් ඇහෙනකොට ඒ හැමෝටම
හුම් හුම් ගාලා උත්තර දීලා තාදි එන්න ආවේ
තමන්ට පොඩ්ඩක් එහා පැත්තට වෙලා හිටන් උන්නු ප්‍රබො ගාවට
තමන්ගෙ නමත් ආපහු පාරක් ආර්ට් අක්කණ්ඩිට කියලා ඉවර වෙලා..
,,,
දුවන්න තියෙන හැම එකටම ඔන්න ඔහෙ එහෙනම් දාන්නකො කියල
තමන්ගෙ නමත් දීලා
තාදි ඇවිත් නතර උනෙ තමන් දිහාවට වතුර බෝතලේකුත් දිග් කරන් හිනාවෙලා ඉන්න ප්‍රබො ගාවින්..
*අඩෝ දුවන්න බෑ කිව්වට ඔය දිව්වෙ යකො බටු ඇටයා වගෙ*
ඉනටත් අතක් තියන් තමන් ගාවට ආව තාදිට ප්‍රබෝ කිව්වෙ අතේ තිබ්බ වතුර බෝතලෙත් දිග් කරන ගමන්..
"හේ හේ අනෙ මන්දා,මට තාම ශුවර් නෑනෙ මං තුන කියලා.අනික හිටපු අය ඉස්සර ඉදන් දුවන තරග වලට දිව්ව අයනෙ අප්පා"
ප්‍රබෝ දුන්නු වතුර බෝතලෙත් අරන් වතුර උගුරක් හලන් තාදි කියන්නෙ ප්‍රබෝට
තොලත් නොපිටට පෙරලන්...
තමන් ඉස්සරහට වෙලා පොඩි එකෙක් වගෙ තොලත් නොපිටට පෙරලන් රතු උනු මූණත් එක්ක
ඉන්න තාදිව දැක්කහම ප්‍රබෝගෙ හිතට
මේකිව නම් සෙට් වෙන්නෙ යෙධාරටම තමයි කියලා හිතෙද්දි
එහෙනම් ඉදන් ඉදපන් ඊලගට තියෙන්නෙ දුරයි උසයි,මං ඒවට යනවා බන් කියලා
ප්‍රබෝ තාදිගෙන් ඈත් වෙලා වැඩිමහල් සහෝදර සහෝදරියො ගාවට එන්න ආවේ
තාදි කටේ වතුර පුරවන්ම ප්‍රබෝට ඔලුව හොල්ලලා හා කියද්දි..
,,,
Eshu....
ආසාවකටත් හොලවන්නෙ නැති ඇග තාදිට අද හොලවන්න උනු පාර තාදිට හරිම මහන්සි..
අවුරුදු උත්සවේට ඇරෙන්න තාදි දුවන්නෙම නෑ හදිස්සියකටවත්...
ඒ තරම් තාදි ඔය දුවලා පැනලා කරන වැඩ වලට ආසම නෑ
ඒත් ඉතින් අවසානයා වෙන්න වෙයි කියන ලැජ්ජාවට දුවලා තුන්වෙනියා උනු නිසා තාදිට දැන් කොහොමත්
බෑ නොකිය දුවන්නම වෙනවනෙ..
*අනේව් දැන් ඉතින් දුවපන්කො ඉලව්ව* තාදිගෙ හිත තාදිටම කින්ඩිය දාන්නෙ ඔහොම..
ප්‍රබෝ දුන්නු වතුර බෝතලෙන් භාගයක්ම ඉවර කරලා
යාලුවෙකුත් නිවාසෙ හිටපු නැති නිසා
දුර පයින්න එහෙම දැම්මොත් ඒකත් වාතයක් කියලා හිතපු තාදි හිමින් සීරුවෙ ලෙස්සලා ආවේ
උතුරු පැත්තට වෙන්න තිබ්බ කජු ගහ ගාවට..
හිමින් සැරේ සමාත් ඉන්නවදෝ කියලා බල බල .
ඇවිත් කජු ගහ ගාව හදලා තිබ්බ ලී කොටෙන් තාදි ඉදගත්තා...
"හප්පෙ මගෙ ඔලු ගෙඩිය"
අව්වෙ ඉදපු පාර ලාවට රිදුම් දෙනවා තාදිගෙ ඔලු ගෙඩිය...
කජු ගහේ හෙවන යට එක කෙලින් හදලා තිබ්බ ලී කොටෙ ඉදන් අතේ තිබ්බ වතුර බොතලෙත් බිමින් තියපු තාදි
ඔලුවත් බිමට හරවන් ඔලුව පුලුවන් විදිහට අවුල් නොයන්න
අත ගා ගන්න ගත්තෙ තමන්ගෙ දෑගිලි වලින්...
,,,, "හයියො මගෙ ඔලුව " කියලත් මුමුණගන්න ගමන්...
දෙපැත්තට බෙදලා ගොතපු කොන්ඩෙ අවුල් නොයන විදිහට
තාදි රිදෙන ඔලුව පිරිමැද මැද ඉන්නකොට
තාදිගෙ ඇක්ශන් අංශුවක්වත් මිස් නොකරපු යෙධා
මෙත්ටත් ඉක්මනට එන්නම් කියලා කෙයිමිගෙ ඇස් වලිනුත් බේරිලා
අඩි තිබ්බෙ ලී කොටෙ උඩ ඉදන් ඉන්න තාදි ගාවට එන්න..
තාදි නම් මේ මොකූත් දන්නැ.පාඩුවෙ ඔලුව අත ගාගන්නවා
සැරින් සැරේ කකුල් දෙකත් අත ගාන ගමන්...
මෙත් නම් තාදි දිහාවට ඇදෙන යෙධාර දිහා බලලා උස පයින තැන ඉන්න
කේශ් යේශ්ට යෙධාරව පෙන්නලා හිනා වෙනවා..
ප්‍රබෝට නම් පෙන්නන්න විදිහක් නෑ පොර දැන්ටම උස පයිනවා..
කොහොමින් කොහොම හරි
අඩියක් දෙකක් එක්ක සද්ද නොකර තාදි ගාවට ආපු යෙධා
තාදි ගාවින්ම වාඩි වෙන්න ඕනි උනත්
ඉස්කොලේ ඉන්න නිසා හොද නැති හින්දා
ටිකක් ඈතට වෙන්න වාඩි වෙලා
තමන් ආව කියන්නවත් නොදැන
ඔලුව අතගන තාදිගෙන් ඇහුවෙ
..අමාරුද තමුසෙට කියලා...
"හ්හ් ඇහ්"
තමන්ගෙ පාඩුවේ වටපිටාව ගැන හාංකවසියක්වත් නොදැන හිටපු තාදි
තමන් ගාවින් ඇහුනු යෙධාරගෙ කටහඩට ගැස්සිලා ගිහින් ඔලුව ඉස්සුවෙ
ඇස් දෙක ලොකු කරලා..
ඇස් දෙක ලොකු කරගත්තා විතරක් නෙමෙයි යෙධාර ඇත්තටම ඉන්නවද කියලා චෙක් කරන්න වගෙ
ඇස් දෙක හීන් කරලා ආයෙ ලොකු කරලා
කොට ශෝට් එක ඇදන් ටී එකකින් සැරසිලා ඉන්න
යෙධාරගෙ මුලු ඇග පුරාම ඇස් යවනවා
..මේ පිස්සි නම්..
තාදිගෙ බැලිල්ලත් එක්ක යෙධාරට හිනා යන්නෙ
ඔහොම හිතිලා..
තාදිගෙ මේ මෝඩ පහේ පොඩි කෝලම් සෙට් එක
තවත් තත්පර කිපයක් ඒ විදිහටම තියෙනකොට
අත දිග් කරලා ඒ පිටට එකක් ගහන ගමන්
ආයෙම තාදිගෙන් ඇහුවේ
..අමාරුද ඔලුව රිදෙනවද? ..කියලා
" අහ් තමුසෙ ඇත්තටම ඉන්නවා නේද?"
තමන්ගෙ පිටට යෙධාර නොරිදෙන්න ඒ අතෙන් ගැහුව පාර තමයි
තාදිට තේරුනෙ ආ මූ මේ ඇත්තටම මෙතන ඉන්නවා නේද කියන්න...
ඒ නිසාම හිතට හිතුනු දේ තාදි වචන කරලා දැම්ම් යෙධා දිහා කටත් ඇද කරලා බලලා..
.. ඇයි උබ හිතුවද මං හොල්මනක් කියලා..
තාදිගේ මේ මරිමොංගල් වැඩ එක්ක මූණට එන හිනාව හංග නොගෙනම
යෙධාත් අහනවා තාදි විදිහටම කට ඇද කරලා..
"ඔව්නෙ,ලැජ්ජ නැති මිනිහෙක් වගෙ යට ඇදුමක් ඇදන් එයි කියලා හිතුන්නැ"
ආයෙම සෙකන්ඩ් නොවෙන වොයිස් එකෙන්
තාදිත් යෙධා තමන් ගාවට වෙලා ඉන්න විදිහ දැකලා දැනෙන අමුතුම කලබලේ අස්සෙ
වචන වලින් දමලා ගහනවා..
තමන් දිහාත් කෙලින් නොබලා මූණත් ටික ටික තද රතට හරෝගන්න ගමන් ඉන්න
තාදිගෙ දැන් මේ කිව්ව දේ නම් යෙධාට නොතෙරෙනකොට
..මොකක්..
කියලා තාදිගෙන් යෙධා ඇහුවෙ එක ඇහි බැමක් ඔසෝලා තාදි දිහාම බලන ගමන්..
"තෙරෙන්නැ නැ තොත්ත බබානෙ.."
යෙධාගෙ වචන අවසන් වෙනවත් එක්ක තාදි කියන්නෙ පිට්ටනිය පුරා ඇස් යවලා
..වටේ නොයා කියනවා තාදි..
පිට්ටනිය දිහා බලා ඉන්න තාදිගෙ මූණ දිහා බලන් යෙධ අහන්නෙ තමන්ගෙ කටහඩ ටිකක් සැර කරලා
"ලැජ්ජ නැති මිනිහා"
..තාදි,කියන මගුලක් කෙලින් කියනවකො මං මොකද්ද තමුසෙට කලේ...
තමන්ගෙ මූණත් නොබල රක්ත ගැහිලා ඉන්න තාදිගෙ මේ හැසිරීමත් එක්ක
ටිකින් ටික කේන්තිය සීමාවෙන් පයින්න එනවා වගෙ දැනෙනකොට
තව ටිකක් සැරෙන් යෙධාර ඇහුවෙ තාදිගෙ පිටට රිදෙන්න පාරක් දීලා...
"ආව් ඕයි..
______________________
විනාඩියක් හොදට හිටියොත් පැයක් මරාගන්නවා මුන් දෙන්නා😪
ඔන්න ඔහේ අපි මේ ඩබලව සෙට් නොකර ඉමු...
එහෙම හොදයි නේද? අදහස් කියන් යන්න
Comment like කරන හැමෝටම ආදරෙයි❤️🩹