_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *විසිඅටවෙනි කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
හැම අංගයක්ම නිවාස භාර ගුරුවරුන් දිහාට ගෙනාවෙ මෙතන ඉදන් ගෙවෙන තත්පර ගාන තමන්ගෙ නිවාසෙ දිනවන්න යොදන්න හිතන් තාදිගෙ පොළි ණය පැය කිහිපෙකට පස්සට දාලා .
______එතැන් සිට______________
එතනින් පස්සෙ ඇරඹුනු තත්පර විනාඩි ගණනාවම හීයක තරම් වේගෙකින් ඇදිලා ගිහින් නතර උනේ ක්‍රීඩා ඉසව් එක්ක තාදිගෙ ණය පොළී හෙට දිනෙට කල් ගිහිල්ලා...
යෙධා දක්ශයි කලින් කිව්ව්ත් වගෙ ඉගෙන ගන්න දේට වඩා ක්‍රීඩා වලට.
ඉතින් ඒ නිසාම නිවාසෙ හැමෝගෙම කැමැත්ත අරන් යෙධාව කට්ටිය පත් කළා දොළහා වසර භාර ලිඩර් විදිහට..
ඒ දේත් එක්ක තමයි තාදිට දෙන්න ඕනි ණය පොලිය අර විදිහට දවසක් පස්සට පැන්නෙ.
දොළහා වසරේ හෝ මොකෙ හෝ වේවා ලීඩර් පට්ටමක් කියන්නෙ ඉතින් ලේසි නැති දෙයක්.
කොහොමත් පොතට වඩා ක්‍රීඩා වලට ආසා යෙධාට මේ හම්බුනු පට්ටම ඉස්තරම්..
තමන්ට හිතුනු ඕනම වෙලාවක ගිහින් තාදිව අල්ලගන්න පුලුවන් කමක් තියෙද්දි
කොහොමත් යෙධාට ඕනි නෑ අතට ලැබුනු චාන්ස් එක කටට නොගෙන ඉන්න...
ඉතින් ඒ දේත් එක්ක තාදි ඇතුලු අනෙක් ළමයි ටික 1.30ට ඉස්කොලේ න් පිටත් වෙද්දි
යෙධා එක්ක පිට්ටනියෙ උන්නු කොලු කෙලි රෑන හවස පහ වෙනකම් පිට්ටනියෙ ඉන්න කතා උනෙ ඉස්සරහට එන වැඩ ටික කතා බහා කරලා ප්ලෑන් කරගන්න.
,,,,
යෙධා අර විදිහට පිට්ටනියට සින්න වෙනකොට 1.30 පොඩ්ඩක් පහුවෙලා ගේට් එකෙන් එළියට පැන්න තාදි
කකුල් ඉක්මන් කරලා බස් හෝල්ට් එකට දුවන් ගියෙ
යෙධා අද හවස ඉස්කොලේ ඉන්නවා කියලා නොදැන...
ගට අරගෙන කෑගැහුවත් යෙධා බලන් ඉද්දි නැගිටලා ආවාත් ආපු වෙලෙ ඉදන්
කීපාරක් නම් යෙධා ඇවිත් කෑගහයි ද කියන බයේ තමන් හිටියෙ කොහොමද කියන්න දන්නෙ ඇත්තටම තාදිනි විතරමයි.
ගේට් එකෙන් පැන්න ගමන් කඩාගෙන බිදගෙන වෙනදට වඩා වේගෙනුත් ආවේ තාදිනි නිකන් හරි ඇවිත් යෙධාර තමන්ව අල්ලගනී කියලා තියෙන බය හින්දයි..
ගෙදර දන්නවා උනත් එදා අහඹුවෙන් ගෙදෙට්ට ආවාට යෙධාර තමන්ගෙ ගෙදෙට්ට එන්නෙ නැ කියන්න තාදි ඕනෑවටත් වඩා දන්නවා..
ඉතින් තමන්ව අල්ලගන්න යෙධාට පුලුවන් බස් හෝල්ට් එකෙදි නම්
පොර එන්න කලින් වාෂ්ප වෙලා යන එක තමා ඇගට ගුණ කියලා තාදිගෙ මොළේ කිව්වෙ...
වෙගෙන් ඇවිත් නතර වෙලා ඇස් කරකෝලා බැලුවත් වාසනාවකට වගේ යෙධාගෙ රුව තාදිනිට නොපෙනෙනකොට
ඈතින් තාදිට පෙවුනෙ තමන් ගෙදර යන වීල් එක හෝල්ට් එක දිහාවට ඇදෙන විදිහ...
,,,,,,
කලු පාට වීල් එක පුරුදු වේගෙන් තාදි දිහාවට ඒ විදිහට ඇදෙනකොට
පිට්ටනියට වෙලා හිටපු යෙධා ළමයි රංචුව පොර කාලා ගියායින් පස්සෙ ගේට් එකෙන් එළියට පැන්නෙ අනික් කොල්ලො හතර දෙනත් එක්ක තාදිව බලන්න යන්න...
යෙධා ගේට් එකෙන් එළියට ආවේ තාදිගෙ ණය පියවන්න නම් නෙමෙයි ඔන්න.
ඒ මූණ පොඩ්ඩක් බලලා පරිස්සමෙන් ගෙදරට යන්න විල් එකට නගිනවද කියලා බලන්න
ඒත් යෙධාගෙ අද වෙලාව නම් හිතුව තරම් හොද නැ මං හිතන්නෙ
යෙධා අරෙහෙන් තාදි දිහාවට එනකොට යෙධාට පෙවුනෙ තාදිව එක්කන් යන වීල් එක ඈතට ඇදෙන හැටි විතරයි.
අපරාදෙ තව ටිකක් කලින් එන්න තිබ්බා
ශිට් කියලා කටින් සද්දෙ දාලා අත ගුලි කරලා දකුණු කලවෙට ගහන් ඇස් දෙකට පෙනි නොපෙනී යන වීල් එක ඇස් වලට ගැටුනු සැනින් මූණත් නොරොක් වෙලා යෙධාට
මෙහෙම ඉබේටම කිය වුනේ ඒ සුදු මූණ බලන්න බැරි උනු දුකට...
උදේ කොච්චර මල පැන්නත් 1.30 වෙද්දි යෙධාවත් දන්නෙ නැහැ කොහොමද තාදි ගැන තිබුනු කේන්තිය නිවුනෙ කියන්න
අඩුම ඇයි මේ දැන් තමන් තාදිගෙ පරිස්සම ගැන හිතන්නෙ කියලාත් යෙධාට තේරුනෙ නැ.
මොන දේ නොතෙරුනත් මොකද්දො දෙයක් තාදිට විතරක් ස්පෙශල් වෙලා තමන්ගෙ පපුව ඇතුළෙ දගලනවා තෙරෙනකොට
ඉනටත් එක අතක් තියන් වීල් එක ඇදෙන පැත්ත දිහා බලන් ඉදපු යෙධා තවත් තත්පර දෙකක් වගෙ ගෙවිලා යද්දි නොපෙනුනු වීල් එක දිහා බලලා බරට හුස්මක් අත ඇරියෙ
යෙධාගෙ නොරොක් උනු මූණ අද්දර කොල්ලො හතර දෙනා
*යමන් බන්,හෙට අල්ලගමු*
*ඔව් බන් දැන් මෙතන ඉදන් වැඩක් තියෙවෑ* කියලා
කියනකොට.
.. තව පොඩ්ඩක් හු* කලින් එන්න තිබ්බෙ.මං අල්ලගනි කියලා බයට ගාල කඩන් එල වැස්සි වගෙ දුවලා අන්ඩක් කඩාගත්තද දන්නෙ නෑ...
කොල්ලො ටික මොනවා කිව්වත් තාදිව දැකගන්න බැරිව හීනියට ඇදුම් කන පපුව ගැන හිත හිතා යෙධා කියන්නෙ හරි හිමීට පොඩි දුකකින්..
*අන්ඩක් කැඩුනත් මොකද හු|පුතො උබෙ නෙමෙ නෙ කැඩෙන්නෙ එකිගෙනෙ.අනික අද තෝ ඒකිට හොද පාරක් දෙන්න නෙමෙද නැගිට්ටෙ*
යෙධාගෙ කටින් පැන්න වචන ටික එක්ක උගුරට හොරා ගිල්ල බෙහෙත් ටික ගන්න හිතන් කාටත් කලියෙන් කට ඉස්සර කරපු මෙත් කියවන්නෙ කොල්ලො සෙට් එක දිහාම බලලා
යෙධාගෙ මේ පිස්සුව මොකද්ද කිය්ලා දැන්ටමත් මෙත්ට තේරිලා තිබ්බ හින්දා
...ඒක වෙනයි මේක වෙනයිනෙ.ඒකිට ගහන්න පුලුවන් මට විතරයි,කඩන්න පුලුවනුත් මට විතරයි..
මෙත්ගෙ වචන ඉස්සරහා අහේතුවකට තද උනු යෙධා මෙත්ට කිව්වෙ රවලා බලලා
ලග උන්නු යේශ්ට හේත්තුවක් දාලා...
*ආ ආ මොනාද කඩන්නෙ මොනාද ගහන්නෙ ආ.ඒක නම් මට දිරෙව්වෙ නැ*
ඒ පාර නම්
යෙධාගෙ කතාව අහන් උන්නු කේශ් මෙත්ට කලින් හිනා වෙලා කිව්වෙ යෙධා කිව්ව කතාව නහුතෙට අරන්.
.. අනෙ ප* ඒකි පොඩි එකියක්.තොගෙ ගෑනිට වගෙ කුලප්පුව නැ එකිට,ඒ නිසා
කට වහන් ඉදපන්..
ඒ සැනින් යෙධා උත්තර දුන්නෙ
කට හැකර උනත් කුනුහරප කිව්වත් තාදි ඔය වගෙ කෙනෙක් නොවුනු හින්දා වගෙම තමන් එහෙම දෙයක් හීනෙකින්වත් අදහස් කරලා නොතිබ්බ නිසා...
කොහොමත් අනෙ මන්දා පොර කැමති නැ තාදිව කිසිම කොල්ලෙක් ඒ විද්හට වචනේකින්වත් මයිනවට
හරියට කෙල්ල ගැන නොදන්නවා උනත් ඒකි පොඩි එකියක් වගෙ ඉන්න කෙල්ලෙක් කියන්න යෙධා දන්නවා
ඉතින් එහෙව් එකිට ඔහොම කියද්දි අහන්න ඉන්න පුලුවන් ද?
බැනෙ බැනෙ.
ඒ අස්සෙන් මෙච්චර අවුරුදු ගානක් ගිහින් වද නොවුනු ඒකිව ඇයි ස්පෙශල් කියලත් යෙධාගෙ හිත යෙධාගෙන් අහනකොට
තත්පර ගානක් ඇතුලත හදවත කකියන දේවල් තේරුම් බේරුම් කරගන්න බැරි වෙලා
ආයෙ ඉස්කොලේ ට යන්න ඕනි කියලා යෙධාට මතක් උනු පාර
..එනවා නම් වරෙන් හු* මෙතන ඉදන් හු*...
කියලා
කොල්ලො ටිකත් හලලා යෙධා ඉස්කොලේ පැත්තට අඩි තියන්න ගත්තෙ
තාදිව හෙට අල්ලගන්නවා කියලා තමන්ගෙ හිතටම කියලා
_____ 𝓐.𝓔.𝓒
තත්පරයක් දෙකක් එක්ක පැය ගානක් ගෙවිලා ගිහින් රෑ 9.30 වෙලා තිබ්බෙ හද මාමා කෙල්ලව බලන්න හුගාක් දුර ගිහින් තියෙද්දි
වටපිටාව කට්ට කලුවරයි...එහෙන් මෙහෙන් රැහැයියො ගෙම්බො වගෙම තාදිගෙ ගේ ඇතුලෙ ඉන්න
පූස් කොට්ටත් කෑගහන්නෙ ලයිට් නිමලත් ඒ බළස් ඇස් වලට පේන එළියෙන් බිත්තියෙ එල්ලිලා උන්නු හූනො දැකලා උන්ව අල්ලගන්න ට්‍රයි කරලා
"කෑගහන්න එපා බන්,නිදාගනින්කො"
හැමදාම රෑට දාන ටේප් එක දාලා තාදි කියන්නෙ සැප නින්දට සැප මෙට්ටෙ කියලා මෙට්ටෙ වට කරලා කටු ගහලා හිල් වහපු නෙට් එක ඇතුලට පැනලා කලුවරට ඉන්න තැනක්වත් නොපෙනෙන පූස් තඩියාගෙ සද්දෙ ඇහෙන දිහා බලලා
*ඣෑව් ඣෑව්*
පූස් තඩියාට නම් ගානක් නෑ සට පට ගාලා මොනාදො කිය කියා ආයෙම පුරුදු රාජකාරිය කරන්න හදනවා කෑගහහා
"හරිම කරදරකාරී බන් උබත් එක වෙලාවකට"
සිකුරාදා දවසට ඇරෙන්න අනික් දවස් වලට කට්ට තනියම ගෙවන ජිවිතෙ හිස්තැනට වඩා
නෙට් එකෙ හිල අස්සෙන් මදුරුවො ආවොත් වස කරදරේ නිසා හරියට නෙට් එක හදන ගමන් ආයෙම කිව්වා
පූස් තඩියට
එහෙ මෙහෙ කරලා මදුරුවො ඉන්නවත් බලලා පුරුදු විදිහටම පෝන් එකෙ ෆ්ලෑෂරේ ගහලා ඇද යටත් ,දොරත් ජනේලුත් තව එක පාරක් බලපු තාදි
අවසානෙදි
ෆ්ලෑෂරෙත් ඕෆ් කරලා දිග ඇදුනෙ හෙට නම් ඉස්කොලේ යන්නෙ නැ කියලා හිතාගෙන
ගුඩ් නයිට් කියලා පූස් තඩියටත් කියලා...
_____________________
කාව හරි ගෙන්නමුද👀?