*__හෘද ලිලී______
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්*
•• *පනස් හත්වන කොටස *
හිතුවෙවත් නැති විදිහට කෙයිමිගෙන් පිට පැන්න වචනත් එක්ක යෙධාගෙ අතෑගිලි වල රැදුනු තාදිගෙ අත බුරුල් වෙලා ගිහින් අතෑරුනෙ දෙපා මුල ඉන්න කෙයිමි ගාව තිබුනු ඇස් බැල්ම තාදි දිහාවට එවෙනකොට
තාදිගෙ ඇස් වල කදුළු..කෙයිමි මිස් කියන්නෙ බොරුවක් නෙමෙයි කියලා තාදිට කෙයිමිව දකින විදිහටම විශ්වාසයි...
තාදි යෙධා එක්ක පවුල් කන්න හිතහදාගත්තෙ යෙධා ගැන දැනගෙනම තමයි..ඒත් තමන්ගෙ ඇස් ඉස්සරහම තමන් ආදරේ කරන මනුස්සයගෙ වෙන ගෑනියෙක් ඇවිත් අඩා වැළපෙනකොට,අයිතිවාසිකම් කියනකොට කොච්චර තමන්ගෙ මිනිහගෙ හැටි දැනගෙන පවුල් කාපු ඕනම ගෑනියෙක්ටත් පපුව පැලෙන්න වේදනාවක් දැනෙන්නෙ හැම මනුස්සයම රහත් නොවුන්නු නිසා...
තමන්ගෙ දුවගෙ ඇඩියාවට මල්කාන්තිගෙ ඇස් වලිනුත් කදුලු මල් දෝරෙ ගලනකොට මේ හැමදේම තාමත් විශ්වාස කරන්න බැරි ගානට කොල්ලො හතර දෙනා යෙධා දිහත් කෙයිමි මිස් දිහත් බිම බලන් ඉන්න තාදි දිහාත් බලා හිටියෙ පුදුමෙන්....
තමන්ගෙ අතේ වෙලුනු තාදිගෙ අත තමන්ගෙ අතින් මිදුන පාර තාදි දිහා බලපු යෙධා පැත්තක ඉදන් ඇදුම් කන පපුවත් එක්ක බිම බලන් ඉන්න තාදි දිහා බැලුවෙ වේදනාවෙන්..
කළේ වැරැද්දක් කියන්න දන්නවා..හැබැයි ඒ වැරැද්ද කෙයිමි කියනවා වගෙ එයාව අතරමං කරපු එක නෙමෙයි..
කොයිම වෙලාවකවත් කෙයිමිට තමන් ආදරේ කළෙත් නෑ බොරු බලාපොරොත්තු දුන්නෙත් නෑ
ආදරේ ,බලාපොරොත්තු කියන හැමදේම තමන් දුන්නා නම් දුන්නෙ තාදිටම විතරයි..
බිම බලන් හඩන තාදි දිහා බලාගෙන වේදනාවට කටින් නොකියවෙන වචන යෙධා හිතින් කියනකොට
යෙධාගෙ දෙපා මුල වැටිලා හඩන කෙයිමි දිහත් වටේ උන්නු තාදි,කොල්ලො හතර දෙනා වගෙම මල්කාන්ති දිහත් යන එන හැමෝම බලන් ඉන්නවා දැකලා මෙතන ඉන්න තලතුනා කෙනා වුනු මල්කාන්ති හැමෝටම කිව්වෙ කවුරුත් නැති තැනකට ගිහින් මේ ප්‍රශ්නෙ කතා කරලා විසදගමු කියලා
,,,,
හිටපු පිරිසෙ වැඩිමල් කෙනා උනු මල්කාන්තිගෙ වචනත් එක්ක කොල්ලො හතර දෙනා අඩන තාදිවත් වාරු කරගෙන මල්කාන්ති කෙයිමිවත් වාරුකරගෙන පාරෙන් එහාට වෙන්න පිහිටලා තිබුනු පැරණි ගොඩනැගිල්ලක් ගාවට ආවේ තෝන්තුවෙන් වගෙ යෙධාත් මේ අයගෙ පස්සෙන් එනකොට
කොල්ලො හතර දෙනා නම් තාමත් කන්ෆියුස්.විශේශයෙන්ම මෙත් යෙධා මේ වගෙ ගෑනු ආශ්‍රය කරනවා කියලා හිතුවත් තමන්ගෙ පන්තිභාර ගුරුතුමී එක්ක එකට ඉදී කියල හීනෙකින්වත් හිතලා තිබ්බෙ නෑ..
කෙයිමිට නම් මල්කාන්ති හරි ඉන්නවා වාරුවෙලා අඩන්න..ඒත් කාත් කවුරුත් නැති තාදිට මේ සිදුවීමත් එක්ක ළග උන්නු එකම කෙනත් තමන්ට නැති උනා කියලයි දැනෙන්නෙ දැන්..
තෝන්තුවෙන් වගෙ ආපු යෙධාගෙ ඇස් වලට සද්ද නැතුව අහිංසක විදිහට ඉකි ගහන තාදිව පේනකොට දෙපාරක් නොහිතා එදා වගේම දැනුත් යෙධා හිටගත්තෙ තාදිගෙ පැත්තෙන්...
එදාත් අදත් වෙනසක් නැතුව තාදිගෙ පැත්තෙන් හිටගත්තු යෙධා අඩන තාදිව වාරු කරගත්තෙ තමන්ගෙ පපුවට
පාරෙ ඉදන් මෙතෙන්ට එන ටිකට යෙධාව කෙයිමි මිස්ට දෙනවා කියලා හිතුවත් යෙධාගෙ උණුහුම දැනෙනවත් එක්කම ගොඩ ගහගත්තු ධයිර්‍ය ගිනි ගොඩට දියවෙලා යන අයිස් කන්දක් වගෙ දියවෙලා යන්නෙ හරි ඉක්මනින්...
පපුවට තුරුලු කරගත්ත තාදිගෙන් යෙධාට කදුලු වල තෙත භාවයක් දැනෙනකොට තාදිගෙ මූණ පපුවෙන් අත් දෙකට ගත්තු යෙධා කෙයිමිගෙ ඇස් යෙධා දිහාවට එනකොටම තාදිගෙ අඩන ඇස් වලට හාදු තිබ්බෙ
*අඩන්න එපා පැටියො* කියල කියන ගමන්...
මල්කාන්තිගෙ පපුවට වාරුවෙලා අඩපු කෙයිමි යෙධා දිහාවට ඇස් අරන් ආවේ යෙධාට වැදලා හරි යෙධාව තමන්ගෙ කරගන්නවා කියලා හිතාගෙන
ඒත් ඇස් වලට අහුවුනු යෙධාගෙ හැසිරීමත් එක්ක කෙයිමිගෙ හදවතට දැනුනෙ පණ පිටින් ඉද්දි ලෝදිය හැලියක් හැලුවා වගෙ හැගීමක්..
මල්කාන්තිගෙත් පපුව හෝස් ගාලා යනවා තමන්ගෙ දුවගෙ වේදනාව දැක්කහම..ඒත් තමන්ගෙ දුවටත් වඩා පොඩියට ඉන්න තාදිව දැක්කහම මල්කාන්තිගෙ වචන හිර වෙන්නෙ ඒ අහිංසකිත් තමන්ගෙ දුව වගේම අසරණ උනු කෙල්ලෙක් කියල දැනිලා..
වචනයක්වත් පිට කරගන්න බැරුව කොල්ලො ටික ඉන්නකොට යෙධාගෙ හාදු ලැබුනු තාදි යෙධාගෙ පපුවෙන් ඈත් වෙන්න හැදුවෙ යෙධාව තල්ලු කරන්න උත්සාහ කර කරා
,,,
තාදි යෙධාගෙන් ඈත් වෙන්න උත්සාහ කරනකොට යෙධා තාදිව තව තවත් තුරුල් කරගත්තෙ තමන්ගෙ පපුවට
යෙධාගෙ හිත දැවෙන්නෙ තාදිගෙ වේදනාව දැකලා විතරයි..කෙයිමිගෙ වේදනාව,කෙයිමිගෙ කදුලු මේ කිසි දෙයක් යෙධාට වැඩක් නෑ
යෙධාට ඕනි එකම දේ තාදිගෙ කදුලු නතර කරලා තාදිගෙ හිනාව ආයෙම ඒ මූණට ගේන්න විතරයි..
යෙධා තුරුල් කරගන්න කරගන්න තාදිත් යෙධාගෙන් ඈත් වෙන්න දගලනකොට යෙධා කිව්වෙ තාදිට
..මං මේකිට බලාපොරොත්තු දුන්නෙ නෑ තාදි..කියලා
_______________________