*__හෘද ලිලී_______
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්*
•• *පනස් අටවන/අවසාන කොටස *
පෙර කොටසින්,,,
..මං මේකිට බලාපොරොත්තු දුන්නෙ නෑ තාදි..කියලා
_____අද එතැන් සිට______
.. අහන්න සුදු අම්මා,මං මේකිට බලාපොරොත්තු දුන්නෙ නෑ
මං මේකි ගාවට ගියේ අර වැඩෙට විතරයි..ඒක මේකිත් දන්නවා ඔහොම ඇඩුවට
ප්ලීස් දෙයියො,මං ආදරේ දුන්නා නම් දුන්නෙ ඔයාට විතරයි.
බලාපොරොත්තු දුන්නා නම් ඒවත් දුන්නෙ ඔයාටම විතරයි
ඒ නිසා මේකිගෙ කතා අහලා මගෙන් ඈත් වෙන්න හදන්න එපා..
තාදිගෙ බද හරහා අතක් යවලා තාදිව තමන්ගෙ මූණ ගාවටම ඔසවන් යෙධා මෙහෙම කිව්වෙ තාදිගෙ ඇස් දිහාම කෙළින් බලලා
යෙධා කිව්ව කිසිම දේක වැරැද්දක් නෑ,බොරුවක් නෑ...ඉතින් යෙධාට තාදිගෙ ඇස් දිහා කෙළින් බලන්න බැරි කමක් නෑ...
යෙධාගෙ බැල්මත් වචනත් ඉස්සරහා තාදිට සතුටු වෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැරි උනත් යෙධාව ඕනිමයි කියලා හිතෙනකොට
යෙධාගෙ වචන වලින් හොදටෝම හිත රිද්දගත්තෙ මේ දිහා කැකෑරෙන වේදනාවෙන් බලා ඉන්න කෙයිමිගෙ හදවත..
යෙධාගෙන් පිටවුනු වචනයක් වචනයක් ගානෙ කෙයිමිට දැනුනෙ තමන්ගෙ ඇස් ඉස්සරහා දෙවැනි පාරටත් මුලු ලෝකෙම කඩන් වැටුනා වගෙ
මල්කාන්තිත් කෙයිමිව පපුවට හිර කරගත්තෙ අම්මෙක් විදිහට තමන්ගෙ දරුවා දැන් මූණ දෙන වේදනාව දරාගන්න අමාරුවේ...
ගෙවුනු අවුරුද්දෙත් දැනුත් කෙයිමි විදින වේදනාව මේ දැන් තාදි වෙනුවට වෙන ගෑනියෙක් ඉදලා ලබා දුන්නා නම් මල්කාන්ති දුම්මල වරම අතට ගන්නෙ විනාඩියක්වත් යන්න කලින්..
ඒත් තමන්ගෙ ළමයගෙ මිනිහා ආදරේ කරන ගෑනි අහිංසක පුංචි ගෑනු ළමයෙක් නිසත්,තමන්ගෙ දුවට තරම්වත් සමාජෙ ගැන තේරුමක් පය ගහලා ඉන්න පුලුවන් කමක් නැති නිසාත් මල්කාන්තිට හිත හදාගන්න බෑ තාදිගෙන් යෙධාව කෙයිමිට උදුරලා දෙන්න
යෙධාගෙ ඇස් දකින ඕනම කෙනෙක්ට තේරෙනවා යෙධා ආදරේ කාටද කියන්න
ඉතින් ඒ නිසාම මල්කාන්ති කෙයිමිව පපුවට තුරුල් කරන් කෙයිමිට කිව්වෙ
*අපි යමු දූ,කවුරු නැතත් උබට මායි තාත්තයි ඉන්නවනෙ* කියලා
කෙයිමිවත් තුරුලු කරගෙන මල්කාන්ති එහෙම කිව්වට පස්සෙ කෙයිමි තමන්ගෙ අම්මා දිහා බැලුවෙ වේදනාවෙන්..
හරියට ඒ ඇස්වල තියෙන්නෙ මං කොහොමද අම්මෙ යෙධාව කාටවත් දෙන්නෙ වගෙ හැගීමක්..
තාදිට කලින් යෙධාගෙ පහස අයියි උනෙ කෙයිමිට..ඉතින් යෙධා එපා කිව්වත් යෙධාගෙ වටේ තමන්ගෙ ලෝකෙ තනපු කෙයිමිට හිත හදාගන්නවා කියන එක වෙන අය කියනවා වගේ ලේසි දෙයක් නම් නෙමෙයි..
*මූ උබට කැමති නෑ කෙයිමි..ඒ නිසා අපි යං.*
තමන්ගෙ දුවගෙ ඇස් වල තියෙන වේදනාව හරියටම කියවගත්තු මල්කාන්ති කෙයිමිව ඇගට වාරු කරන් නැගිට ගත්තෙ කෙයිමිගෙ ඇස් වලින් ගලන කදුලු පිහදාලා
යෙධාට නම් තාදිගෙ ඇස් වලින් එහා කිසිම දෙයක් නොපෙනෙනකොට
මල්කාන්ති කෙයිමිගෙ අකමැත්තෙන් කෙයිමිව එතනින් ඇදගෙන ඉස්සරහට ආවේ තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලුත් පිහදාන්...
,,
මේ සිද්ධිය උනු වෙලේ ඉදන් පුදුමෙන් වගේම නොතෙරෙන බයකින් හිටපු කොල්ලො ටිකගෙ හිත් නිදහස් උනෙ මල්කාන්ති කෙයිමිව යෙධාගෙයි තාදිගෙයි දෙන්නගෙම ජීවිත වලින් ඉවත් කරන්න ගත්තු තීරණය ගාව
යෙධා හරි හෝ වැරදි උනත් යෙධායි තාදියි ඈත් වෙනවා දකින්න කොල්ලො ටිකට උවමනා උනෙ නෑ...
යෙධා තාදිගෙත්,තාදි යෙධාගෙත් ඇස් වලින් මිදුනෙ නැතිඋනත් මල්කාන්තිගෙ වචන කන් වලට ඇහුනු නිසා සැනසුම් සුසුම් හෙලුවේ දෙන්නට දෙන්නා බදාගන්න ගමන්...
___ Eshani....(A.E.C)
යෙධා,තාදි,කොල්ලො හතර දෙනා මල්කාන්තිගෙ බල කිරීමෙන් නොපේනි ගිය කෙයිමිගෙ රුව ගාව එකිනෙකාට එකිනෙකා වැළදගත්තෙ හිතෙ තිබුනු අන්තිම බරත් නිදහස් කරගෙන
අහන්න ප්‍රශ්න හුගක් තියෙනවා..යාලුකමත් ආදරෙත් කියන හැගීම් දෙක නිසා කොල්ලො හතරත් තාදිත් මේ වෙලාවෙ කට පියන් වෙන්න ගිය මහා විනාසෙ නතර උනු එකට පින් දුන්නෙ මල්කාන්තිට
අද මල්කාන්ති තමන්ගෙ දරුවා ගැන විතරක් හිතුවා නම් තාදිට වෙන්නෙ යෙධාව අහිමි වෙන එක..
සමහරවිට ඔහොම නොවී ඊටත් වඩා මහා විනාසයක් වෙන්නත් තිබුනා යෙධාට ඕනි තාදිව මිසක් කෙයිමිව නොවෙන හින්දා
මොන දේ කොහොම උනත් හැමදේම වෙන්නෙ
දයිවෙට ඕනි විදිහට හින්දා
නොපෙනී ගිය කෙයිමි මල්කාන්තිවත් අතෑරලා ඇවිත් ආපු ආවේගෙට දුවන් එද්දි දැකපු යකඩ කෑල්ලත් අරගෙනම කට්ටිය වැලදගෙන හිටපු තැනට ඇවිත් තාදිගෙ බෙල්ල හරහා යන්න යකඩ කෑල්ල යැව්වේ අතෑරුනු කෙයිමි පස්සෙන් ආපු මල්කාන්තිට කෑගෙහනකොට...
,,,,,
කෙයිමි කරපු වැඩේ දැකලා මල්කාන්තිට හයියෙන්ම කෑගහෙනකොට කෑගැහිල්ලත් එක්ක අත කලබල උනු කෙයිමිගෙ අතින් තාදිගෙ ගෙල පසාරු කරපු යකඩ කෑල්ල ගිහින් යෙධාගෙ පපුවත් හිල් කළේ කොල්ලො ටිකට කෑගැස්සෙනකොට
එකිනෙකාට එකා වැලදගෙන උන්නු නිසා කෙයිමි ඇවිත් තාදිගෙ ගෙල පසාරු කරනකම් කවුරුත් කෙයිමිව දැක්කෙ නෑ..
ගෙල පසාරු කරනවත් එක්කම මල්කාන්තිගෙ කෑගැහිමටත් තාදිගෙ හුස්ම හ්හ්හ් ගාලා ඇදුනු සද්දෙටයි හැමෝටම කෙයිමි කරපු වැඩේ මීටර් උනෙ...
කෙයිමි තාදිට කරපු වැඩේ මීටර් වෙලා තාදිගෙ ඉස්සරහට වෙව්ලමින් ළං උනු යෙධාටත් කෙයිමිගෙ අත් වැරදීමෙන් තමන්ගෙ හුස්ම පොද අහිමි වෙනකොට මේ දිහා බලා උන්නු කොල්ලො හතර දෙනත් මල්කාන්ත්ත් යටි ගිරියෙන් බෙරිහන් දුන්නෙ
කෙයිමිගෙ අතින් යකඩ කෑල්ල ඇතෑරෙනකොට වගේම යෙධා තාදි දෙන්නා වැළදගෙනම තමන්ගෙ මේ ජීවිතෙට සමුදෙනකොටත්...
,,,,,,,
ආපු ආවේගෙට තාදිගෙ ගෙල පසාරු කළත් තාදිත් එක්කම යෙධාගෙත් හුස්ම යනවා ඇස් දෙකට දැකලා පියවි සිහියට ආපු කෙයිමිත් යටි ගිරියෙන් කෑගැහුවේ පාරෙ හිටපු මිනිස්සු එක පොදියට මේ දිහාවට දුවන් එනකොට
යෙධාගෙයි තාදිගෙයි සිරුරු දෙකම වැහිලා ගිහින් තිබුනෙ ලේ වලින්...
කොල්ලො හතර දෙනා ඒ ළගම බිම බිමට කඩා වැටිලා හිටියෙ පාරෙ අයිනක බිම වැටිලා ඉන්න මල්කාන්ති වගේම තෝන්තුවෙන්...
යෙධාවයි තාදිවයි වගේම තමන්ගෙ අතේ ගෑවුනු ලේත් එක්ක කෙයිමිටත් උන් හිටි තැන් අමතක වෙනකොට ඒ ලගම තිබ්බ උල් උනු ගල් කැබැල්ලක් තමන්ගෙ ගෙලට තියලා කෙයිමි ගෙල කපාගත්තෙ ඒක දැකල වට වුනු පිරිස් මරහඩ දෙද්දි....
____,,,,,
සම්මතයක් අසම්මතයක් එක්ක ගොඩ නැගුනු ජිවිත තුනම එකම තැන විනාඩි කිහිපයක පරතරයකින් අවසන් වෙලා ගියේ පෙර කරපු පව් වලටත් දයිවෙටත් ඕනි විදිහට...
යෙධා තාදි වගේම කෙයිමිත් මේ ජීවිතෙන් එවෙලෙම සමු අරගත්තෙ වටපිටෙ උන්නු හැමෝවම කම්පා කරලා
එදා ඒ සිද්ධිය උනු තැන හිටපු මල්කාන්තිත් තමන්ගෙ දුවත් එක්කම හුස්ම පොද පිට කළේ පපුව පැලිලා ආපු වේදනාවට හැදුනු හාර්ට් ඇටෑක් එකකින්..
තමන්ගෙ ඇස් ඉස්සරහම තමන්ගෙ යාලුවො දෙන්නත් පන්තිභාර ගුරුතුමියත් මිය යනවා දැකපු කොල්ලො හතර දෙනාට ඇතිවුනු කම්පනයත් එක්ක කොල්ලො හතර දෙනාව මානසික රෝහලට ඇතුළත් කරලා ප්‍රතිකාර කරනකොට
සම්මත අසම්මත කතාව ඉවර වෙලා ගියේ කාටවත්ම හිමි නොවී ශෝකජනකව....
_______________________
නිමි...