Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:49

හෘද ලිලී - 57

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පනස් හයවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

ඇවිදලා ඇවිදලා මහන්සි නිසා මොනාහරි බොමුද කියලා කියලා තාදි ඇහුව පාර කොල්ලො ටිකත් හා කිව්ව නිසා ඇනෙක්ස් එකට යන එක පැත්තක තියලා 
කොල්ලොයි කෙල්ලයි පාරෙ එහා පැත්තෙ තිබුනු රෙස්ටුරන්ට් එකට යන්න පාර පයින්න හැදුවෙ බ්‍රේක් නැතිව කියොන කටවල් ටිකට බ්‍රේකුත් නොදා...

චටාස්..

______එතැන් සිට__________________

පාරෙන් එහා පැත්තට වෙන්න තියෙන රෙස්ටුරන්ට් එකට පාර පැනලා යන්න හිතන් යෙධා තාදිව අතින් අල්ලගෙනත්

කොල්ලො හතර දෙනා එකිනෙකාගෙ අත් අල්ලගෙනත් නොඉවසිල්ලෙන් අනම් මනම් කියොන ගමන් හිටියෙ කාලෙකට පස්සෙ දැනුනු සැහැල්ලුවෙන්...

තත්පරයක්ද දෙකක්ද?

නොහිතපු වෙලාවක පාරෙ සුදු ඉර ළගට වෙලා කියො කියො ඉදපු කොල්ලො ටිකක් අස්සෙන් පුරුදු මූණවල් දෙකක් දැකපු

ටවුන් එකට බඩු ගන්න ආපු කෙයිමි අඩියට දෙකට ගිහින් යෙධාගෙ කනට ගැහුවෙ එතනිනුත් නතර නොකර හිතන්නත් කලින් අනිත් අතට තාදිටත් ගහලා
දැනුනු කේන්තිය පිට කරද්දි

" ටී..ච..හ්.."

.. ත..මු...සෙ..

*කෙ..යි..මි..මි..ස්*

නොහිතපු වෙලාවක නොහිතපු විදිහට වැදුනු කනේ පාරවල් එක්ක තත්පර ගානක් උනෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව අන්දුන් කුන්දුන් උනු යෙධාත් තාදිත් කොල්ලො ටිකත් ඇස් උස්සලා ක්ශනික බැලුවෙ කවුද ගැහුවෙ කියලා බලන්න..

කෙයිමි...ඕ යෑස්..

තමන්ගෙ අම්මත් එක්ක බඩු ටිකක් ගන්න ටවුන් එකට ආපු කෙයිමි මිස් යකින්නක් වගෙ ඇස් දෙකත් රතු කරගෙන කම්බුල අල්ලන් ඉන්න යෙධත් තාදි දිහත් බලාගෙන හිටියෙ ගිනි පිටවෙන ඇස් වලින්

*මොකද්ද ළමයො උනෙ, ඇයි මේ ළමයින්ට ගැහුවෙ*

මෙච්චර වෙලා හොදට තමන් එක්ක හිටපු කෙලී අඩියට දෙකට ඉස්සරහට ගිහින් කවුදො මන්දා පොඩි කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ගැහුවෙ ඇයිද කියලා හිතාගන්න බැරුව කෙයිමිගෙ අම්මා උනු මල්කාන්ති මෙහෙම ඇහුවෙ තමන්ගෙ දුව උනු කෙයිමිගෙන්

*මිස් මිස්*

පියවි සිහියට ආව කොල්ලො ටික යෙධාවත් තාදිවත් කවර් කරගෙන කෙයිමිට කතා කරන්නෙ කෙයිමිට මෙච්චර කේන්තියක් පන්තිභාර ගුරුවරිය උනු හින්දා යන එක සාධාරණ නිසා

*සන්සුන් වෙන්නකො මිස්.මුන් වැරැද්දක් තමා කළෙ ඒත් මිස් මුන් අසරණ උනා.එදත් අපි මිස්ට කිව්වනෙ*

කොල්ලො තුන් දෙනාට යෙධාවත් තාදිවත් කවර් කරන්න කියලා ඉගි කරලා කාලි අම්මා වැහුනා වගෙ කේන්තියෙන් ඉන්න ,එදාත් මේ සිද්ධිය දැනගත්තු දා මේ විදිහටම කෙයිමි හැසිරුනු එක මතකෙටත් නගාගෙන ප්‍රබො කිව්වෙ කෙයිමිව සන්සුන් කරන්න හිතන්

*හහ්.අසරණ උනා.එතකොට මේ මිනිහට මං කොච්චර අසරණ වෙයිද කියලා හිතුනෙ නැද්ද?*

මල යකින්නක් වගෙ තමන්ට වඩා ඇගෙන් උස මහත ප්‍රබෝවත් තල්ලු කරගෙන යෙධාට ළං වෙන්න හදන ගමන් කෙයිමි කෑගැහුවෙ පාරෙ යන මිනිස්සුන්ගෙ අවදානෙත් මේ සීන් එකට අරන්

*ළමයො මොන පිස්සුවක්ද මේ නටන්නෙ.උබට ලැජ්ජ නැද්ද මේ පාර*

*අනික මේ ළමයි.උබෙ ඉස්කොලේ පන්තියෙ ළමයි උනු පලියට උබට පුලුවන් ද කෙල්ලෙ ඔහොම ගහන්න බයින්න*

වෙන්නෙ මොකද්ද කියලා නොතෙරුනත් කොල්ලො ටික කතා කරපු විදියෙන් මේ තමන්ගෙ කෙලිගෙ ගෝලයො කියලා තේරුනු මල්කාන්ති කෙයිමිට කිව්වෙ කෙයිමිව ඒ අතකින් ඇදලා ළගට ගන්න ගමන් 

*අ..ම්..මා අම්මා එදා ඇහුවා නේද මාව මේ තත්වෙට දැම්මෙ මොකාද කියලා*

*මම බිම පෙරලි පෙරලි වැටිලා අඩන්න තරම් මං මටත් වඩා මේ පපුව පිරෙන්න ආදරේ කරපු මිනිහා කවුද කියලා*

*මේ තමයි අම්මෙ මේ මිනිහා..යෙධාර නිත්‍යාග් ජයසිංහ.තමුසෙ කොහොමද නිට් මාව දාලා කොහෙවත් යන ගෑනියෙක් එක්ක පවුල් කන්න යන්න තරම් හිත හදාගත්තෙ*

ඇස් වල කදුලු පුරවන් ඉන්න තාදිව ළයට තුරුලු කරන් කෙයිමිගෙ අතින් වැදුනු කම්බුල් පාර හිමි කම්බුල අල්ලන් බයෙන් වගෙම තද කේන්තියකින් නහර උලුප්පන් කෙයිමි දිහාම බලා ඉන්න යෙධාව පෙන්නන ගමන් කෙයිමි කෑගැහුවෙ 

කෙයිමිගෙ කතාව අහලා කොල්ලො ටිකත් මෙච්චර දවසක් කෙයිමි විදපු දුක් විදිල්ල ඇස් දෙකට දැකපු මල්කාන්තිත් මේ මොකුත් නොදන්න තාදිත් සම්පුර්ණයෙන් ගල් වෙලා තුෂ්නිම්භූත වෙලා යද්දි

*යාග් තමුසෙ මගෙ.ත..මුසෙ දන්නවා යා..ග් මං තමුසෙට ආදරෙ කරපු තරම්*

*පපුව විතරක් නෙමෙයි මගෙ ඇගත් මං තමුසෙට දුන්නෙ ඒ ආදරේ හින්දා*

*කොහොමද ර..ත්..ත..රන්..කොහොමද ඔයා මට මෙහෙම කළේ*

මෙච්චර වෙලා තිබ්බ කේන්තිය දුකකට පෙරලන ගමන් මෙහෙම කිව්ව කෙයිමි ගල් වෙලා කන්ෆියුස් ඉන්න කොල්ලො ටිකව තල්ලු කරන් තාදිව වැරෙන් අල්ලන් ඉන්න යෙධාගෙ කකුල් දෙක ගාව දනින් වැටුනෙ අඩ අඩා...

#*කෙයිමි* 

මෙච්චර දවසක් කවුරුත් නොදැන හිටපු යෙධා විතරක්ම දැනන් උන්නු ගැහැනු රූපෙ..

එදා මල්කාන්තිගෙ කටින් කියවුනු පුවතින් පස්සෙ මාස කිහිපයක් යනකම් පිස්සියක් වගෙ අඩ අඩා පාරවල් පුරා ඇවිදින ගමන් කෙයිමි ගත කළෙ හරි දුකින්..

යෙධා එයාට අනුව යාග්..යාග් නැතුව කෙයිමිට ජීවිතයක් තිබ්බෙ නැ

යාග්ට දුන්නු දේවල් එක්ක කෙයිමිට අලුතින් ජීවිතයක් ගැන හිතන්නත් බෑ..

යෙධා තාදිගෙ අත අල්ලගත්තට යෙධාව හම්බුනු දා ඉදන් කෙයිමි යෙධා වෙනුවෙන් කරපු තරම් කැපකිරීම් කවුරුත් කරලත් නෑ..

කෙයිමිට හොයාගන්න තිබ්බා ඔනිතරම් කොල්ලො.රූපෙන් උගත් කමින් කිසි අඩුවක් තිබ්බෙ නැ කෙයිමිට

බාල කොල්ලෙකුට තමන්ගෙ මුලු ජීවිතෙම සින්න කරන්න තරම් අඩුපාඩුවක් තිබ්බෙත් නැ

යෙධා වෙනුවෙන් මුලු ජීවිතෙ ම හිලව් කරන්න තිබ්බ එකම දේ හිත පිරෙන්න පපුව පැලෙන්න කෙයිමි කරපු ආදරේ විතරයි..

පුස්කලපොත්වත් ප්‍රස්ථා පිරුලුවත් උපමා උපමේයවල්වත් කෙයිමිගෙ දුක ඔයාලට කියන්න මට උපුටලා ගන්න ඕනි නැ

කෙයිමිගෙ පැත්ත අරන් පොඩ්ඩකට හිතුවොත් ඔයාලටම කෙයිමිගෙ දුක තේරුම් ගන්න පුලුවන් වෙයි..

හැබැයි තව එක දෙයක්..කොච්චර දුකක් උනත් යෙධා කොයිම තැනකදිවත් කෙයිමිට බොරු බලාපොරොත්තු දුන්නෙත් නෑ

ඉතින් සහෝදර සහෝදරියනි,, ඔයාලම තීරණය කරන්න යෙධා අයිති වෙන්න ඕනි සම්මතේට අසම්මතේටද කියලා 

මේ 

*__හෘද ලිලී________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

ඊගාව කොටසින් හම්බවෙමු...

මං A.Eshani Chathumika Karunathilaka... 

________________________