Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 16 2026 @ 08:24

හෘද ලිලී - 29

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *විසිනවවෙනි කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


ෆ්ලෑෂරෙත් ඕෆ් කරලා දිග ඇදුනෙ හෙට නම් ඉස්කොලේ යන්නෙ නැ කියලා හිතාගෙන 

ගුඩ් නයිට් කියලා පූස් තඩියටත් කියලා...


_____එතැන් සිට________________


පූස් තඩියටත් ගුඩ් නයිට් කියලා ඇස් පියාගෙන විනාඩි පහක් වගෙ යනකොට ඇගේ තිබ්බ අමාරුකම් එක්ක

තාදි වැටුනෙ අපේ භාෂාවෙන් කියනවා නම් මර නින්දකට.

හැබැයි අමාවක කලුවරේ තාදිගෙ ගෙදෙට්ට සෑහෙන්න දුරින් තියෙන එක හොස්ටල් කාමරේක හිටපු කොලුවෙක් නම්

තමන් නිදාගන්න ඇදට වෙලා කලුවරේම ඇහැරන් හිටියෙ 

මර නින්දක් තියා කෙටි නින්දක්වත් ඇස් ගෙඩි දෙකට ළං කරගන්න බැරුව තමන්ගෙ හිත අස්සට එබිලා 
ගිහින් ඒකෙ අස්සෙන් එන්න බැරුව

..මෝඩ ගෑනි,මොකද්ද මේ උබ ගැන මට හිතෙන අමුතුම දේ

උබව දැක්ක පළවෙනි දවසෙත් මට දැනුනෙ මෙහෙමයි...


ඇස් වලට අහුනොවෙන ඒත් මතකෙන් හිතන්න පුලුවන් සිවිලිම දිහා බලන්

නින්ද නොයන කොලුවා අහස පොළොව ගැට ගහන්නෙ තමන්ගෙ හිතට ඔය විදිහට කත කර කර

ඒ කොලුවට හිතාගන්න බෑ තමන් හිතන කෙල්ල ගැන ඒ හිතෙ තියෙන්නෙ මොන වගෙ හැගීමක්ද කියන එක

ළං වෙන්නත් බෑ කොලුවගෙයි ඒ කෙල්ලගෙයි පළවෙනි මුණ ගැහීමෙන්ම තීරණය උනු කතාව ඒක

ඒත් අත් අරින්නත් බෑ..දැක්ක පළවෙනි දවසෙ වගෙම දැන් දැන් හිතට දැනෙන දේ ඒ කොලුවට තේරුම් කරන්නෙ ඔහොම

... මං මොකද කරන්නෙ,මටවත් පාලනේ කරගන්න බැරි විදිහට මාව උබ දිහාවටම ඇදෙනවානෙ.

දැන් උනත් මේ කලුවරේම උබව හොයන් එන්න හිතෙනවා

ඇයි බන් ඒ.ඇයි..උබ කවුද මගෙ හිතට

බටු ගෙඩියක් වගෙ මොන ල|බ්|බටද? රිංගුවෙ තාදිනි..

ඇයි උබ මාව අසරණ කරන්නෙ,රට වටේ ගෑනු දැකලත්

ඇයි උබ වගෙ කොලු පරාණයක් ගාව මට ඉන්න ආසා හිතෙන්නෙ 

ඇයි තාදි ඇයි..තාදි කියන නමටත් වඩා ඇයි උබට මට යුල්‍යා කියලා කතා කරන්න හිතෙන්නෙ

උබ මේ යෙධාරට මොකද්ද කළේ පොඩි හු* ඇයි උබ මගෙ පපුව ඉල්ලන්නෙ


මං බු* ගෑනි ගැනවත් නොදැනෙන 
දෙයක් ඇයි කෝටු කිතයි උබ ගැන දැනෙන්නෙ 

හා..හ්..මට තෙරෙන්නැ පොඩි හු* උබ දැන් නිදි ඇතු හොදට

බලපන් මං තාම ඇහැරලා මුන් සෙරොම නිදි..ඒත් මේ යෙධාර ඌ ඇහැරලා

ඇස් පියාගත්තත් පේන්නෙ උබව

දන්නවද? අද ඔය මුණ බලන්න බැරි උනු නිසා ප්‍රැක්ට්‍රිස් කළෙත් නැ හරියර

ආ..හ්..මට තෙරෙන්නැ හු* ප*.මට උබව ඕනි මේ පපුවට තියන් තුරුල් කරන්න...


හිත අස්සෙ තියෙන හැමදේම පීර පීර හොයලා අවසන් උනත්

තාමත් යෙධාර කොලුවට හරි උත්තරයක් ගොතාගන්න බැරි වෙනකොට

නින්දට බම්බු ගහගන්න කියලා යෙධාර ආයෙ කයියට වැටුනෙ තමන්ගෙ හිතත් එක්ක..

________ Eshani Chathumika ..

හද මාමාට ටටා කියලා ඉර මාමා තමන්ගෙ ඩේලි රූටින් එක ආරම්භ කළේ පාන්දර ජාමෙ නින්දට වැටුනු යෙධාරට ප්‍රබෝගෙන් පයින් පාරක් වැදෙනකොට

හා..හ්..ඇස් වහගත්තා විතරනෙ මතක.එලි උනාද?

ප්‍රබෝගෙ පයින් පාරට පින් සිද්ද වෙන්න ඇරුනු එක ඇහෙන් වටේ පිටේ එළිය බලන ගමන් යෙධාර හිතන්නෙ ඇත්තටම උදේ උනාද කියන එක..

පොරට ශුවර් නෑ මේ උදේ කියලා..කොල්ලට මතක ඇස් වහගත්තු එක විතරයි..

ඒ සැනින් ප්‍රබෝ කතා කළා වගෙ තමා මතක..

..ආ මුන් බොරු කියනවද මට?හු* තමා ඉතින්...

ඇරුනු එක ඇහැත් ආයෙ වහගන්න ගමන් යෙධාර යනවා ආයෙ නින්දට කොල්ලො ටික තමන්ව කලින් ඇහැරුවා කියලා හිතාගෙන..

*නැගිටපන් ප| තෝ ඉස්කොලේ යන්නැද්ද*

මේක දැකපු යේශ් සැනින් එසැනින් පොලිෂ් කර කර උන්නු සපත්තුව යෙධාරට ගුවන් ගත කළේ යෙධාරගෙ මේ නින්ද දන්න කාලෙ ඉදන් පොරට පේන්නම බැරිව තිබ්බ නිසා

ඉස්සර ඉදන්ම ඇහැරවන්න අමාරුම යෙධාව..වතුර හැලුවත් නිදාගන්න හිතුනොත් පොර නිදාගන්නවා

ඒ තරම් මිනිහා.ඉතින් තව පාරක් යේශ් යෙධාගෙ පිට මැද්දට දුන්නෙ පොලිෂ් නොකරපු අනෙක් සපත්තුවෙන් සද්දෙටම කුනුහරප වැලක් කියන ගමන්...

..ඇයි ප* කලින් යන්නෙ...ඔන්න යේශ්ගෙ සද්දෙට ආයෙ එක ඇහැක් ඇරගත්තු යෙධා කියොනවා නිදි විකාරෙන්


*මොන කලින්ද හු| පුතො දැන්ටම පරක්කුයි ප| වරෙන් යන්න,අද වොලිබෝල්,එල්ලෙ මැච් වලට කට්ටිය තෝරනවා*


යෙධාරගෙ මේ නින්දට යකා නැග්ග මෙතුත් පයින් පාරකුත් දිගෙන යෙධාරට කියවන් යනවා යේශ්ගෙ පැත්ත අරන්

අහෝ දුකකි ඉරක තිතකි..යෙධාර ඉන්නෙ ඕනි උනත් නැගිටගන්න බැරි තරම් නිදිමතකින්...

ඇස් වැහිලා ඇරෙන්නෙම නෑ වගෙ යෙධාට දැනෙනවා

*අනේ ඉන්ඩ* නිදන් ඉන්න ඇද එහෙම කියනවා,කියලත් යෙධාට හිතෙනවා

තවත් තත්පර කීපයක් එක්ක කොල්ලො ටිකට බම්බු ගහගන්න කියලා

යෙධාරගෙ ඇස් වලට නිදිමත බැරල් පිටින් ගලද්දි ඒ ඇස් පියවිලා ගියෙ පට්ටම පට්ට නිදිමතකින්...

,,, 

පට්ටම පට්ටම නිදිමතකින් යෙධාරගෙ ඇස් පියවෙලා යනකොට කොල්ලො හතර දෙනා එකිනෙකාගෙ මූණ බලන ගමන් කල්පනා කරන්න ගත්තෙ දැන් මොකද කරන්නෙ කියලා


මූ නම් නිදි,අපි එපැයි උත්තර බදින්න.හැමෝගෙම හිතෙ දැන් කැරකෙන්නෙ ඕන් ඔහොම.

හිතලා හිතලා අවසානෙදි 
*මේ හු| නිදාගත්තනෙ බන් ,දැන් මොකද කරන්න්ව්*

කියලා 
හිතින් කල්පනා කරපු දේ මුලින්ම කටින් පිට කළේ කේශ්..

හිතින් හිතපු දේ මුලින් කේශ් පිට කරනවත් එක්ක අනික් තුනත් අඩු වැඩියාව පුරවන්න ගත්තෙ හරි ඉක්මනින්.

*අර් මූ නම්.අපි ටික ගිහින් බොරුවක්වත් කියලා නම දෙමු*

කොල්ලො හතර දෙනාව හෙන ප්‍රශ්නෙකට දාලා සැපට සැපෙ නිදියන යෙධාරට කොට්ට පාරක් එල්ල කරලා මෙහෙම කිව්වෙ ප්‍රබෝ...

*ඔව් නේ බන් එහෙමවත් කරමු.හැබැයි පුතෝ කලර් කිට් එකෙන් මුට ඉස්කොලේ ඇතුළට දවල් වෙලා එන්නත් පුලුවන්*

*ඉස්සරත් ඔය අපි යන්නෙ*

ටිකක් වෙලා ප්‍රබෝගෙ යෝජනාව ගැන හිතපු මෙත් මෙහෙම කියලා ඉවර උනෙ අනික් තුන් දෙනාගෙ ඔලුවලටත්

*ආ ඔව්නෙ* කියලා එන්න

*එහෙනම් එහෙම කරමු.ගනින්කො කොළ කෑල්ලක් මේ ප| ට පේන තැනක ලියලා ගහලා යන්න*

*කොහොමත් අර තාදිනිව බලන්න මූ ඇහැරිල එයි*

*හම්මට ඔව්මනෙ යේශ්.එයි තමා මූ එහෙනම්.අපි දෙපැත්තටම සෙට් වෙන බොරුවක් ගොතමු*

*ඔව් ඔව් එහෙම කරමු.*

අවසානෙදි දාහක් ජාති කියොලා කියන්න බොරුවකුත් ගොතාගත්තු කොල්ලො ටික කොළයක් කඩලා

*හු| පුතෝ ඇහැරිලා කලර් කිට් එකෙන් වරෙන් මචං* 

කියලා ලියලා කණ්නාඩි මේසෙ වීදුරුවෙ කොළෙත් අලෝලා

හොස්ටල් කාමරෙන් එළියට පැන්නෙ තව පාරක් හතරම එකතු වෙලා නිදන් ඉන්න යෙධාට අහුවුනු එකෙනුත් ගහලා දාලා...


________________________