Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 24 2026 @ 09:31

අහංකාර වලව් හාමිනේ - 17

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *දහහත්වන කොටස (17)*

පෙර කොටසින්,,,,

තවත් තත්පර ගානක් ගෙවිලා යන තැනදි මහ මැණිකෙ ඇදන් ආව අහිලිවත් කාර් රථයට දාන් මහ නිළමේ බොරලු පාර දිගෙ නොපෙනී ගියෙ ඩ්‍රයිවර් කොල්ලගෙත් මහ නිලමෙගෙ කැඩුනු බස්තමටත් පින් සිද්ද වෙන්න අහිලිගෙ කැගැහිමටවත් නතර නොවුනු ගුටි බැට සංග්‍රහයෙන් ඉදුවර බැද්ද ඇතුලෙම බිම සිපගන්නකොට

____එතැන් සිට_____________________

ඉදුවර මේ විදිහට බිම සිපගෙන සිහි නැති වෙනකොට බලෙන්ම වාහනේට ඔබාගත් අහිලි වාහනේ දෙදරලා යන්න තරම් කේන්තියෙන් කෑගහන්නෙ තමන්ගෙ අප්පච්චිට

" මං මොනවත් කළේ නෑ අප්පච්චී" 

දහවෙනි වතාවත් පරද්දලා ඩ්‍රයිවර් කොලුවට එහා පැත්තට වෙන්න ඉදන් ඉන්න අප්පච්චිට අහිලි කියන්නෙ කේන්තියෙන්

කවුරු කොහොම කිව්වත් අහිලි දන්නවා උනෙ මොකද්ද කියන්න.

ඊටත් වඩා කැළේ අස්සවල්වල රිංගලා නරකෙට හැසිරෙන්න තරම් තමන්ට අමාරුවක් නැති බවත් අහිලි දන්නවා

ඒ අස්සෙන් අර අහිංසකයටත් නොසෑහෙන්න ගුටි දුන්නා.

ඉතින් කොහොමද තමන් කට වහන් ඉන්නෙ.නොකරපු වැරැද්දක් නම් මළත් භාරගන්නෙ නෑ 

ඒ හින්දම අහිලි වාහනේ දෙදරලා යන්න තරම් සද්දෙකින් පුන පුනා කිව්වෙ 

"මං එහෙම මොකුත් කළේ නෑ ඕයි" කියලා 

*මහ මැණිකෙ මේකිට කට වහන් ඉන්න කියපන්.බැද්ද අස්සවල් වල බු|දි|ය|න්|ඩ රිංගලා එනවා මෙතන කට කියොගෙන* 

මහ නිළමේ උනු දොන් පියස් සිද්ධවුනු සිද්ධි දාමෙත් එක්ක කැළඹුනු හිත සන්සුන් කරගන්න උත්සාහ කරන ගමන් මහ මැණිකෙ දිහා බලලා දබරැගිල්ල දිග් කරලා ඔහොම කිව්වෙ එන්න එන්න වැඩිවෙන අහිලිගෙ කටේ සද්දෙට මෙතනම කසයෙන් තලන්න තරම් කේන්තියක් තමන්ගෙ හිත ඇතුළට එනකොට 

#*අහිලි අමායානා* තමන්ගෙ ලොකු දුව වගේම තමන්ටත් වඩා ඉහළ මාන්නෙකින් බැබලුනු තමන්ගෙ වංශේ ඊළග පුරුක විදිහට දොන් පියස් මහ නිළමේ අහිලි ගැන ආඩම්බරෙන් උන්නෙ පොඩි කාලෙ ඉදන්ම නාහෙට නාහන අහිලිගෙ ගති ගුණ දැකලා

කොච්චර නම් තමන් එක්ක කාකොටා ගන්න ආවාත් තමනුත් කොච්චර ගුටි බැට දඩුවම් දුන්නත් අප්පච්චි උනු තමන් ඉස්සරහවත් කදුලු නොහලන්න තරම් දරදඩු උනු අහිලි ගැන මහ නිළමෙගෙ පපු කැනැත්තෙ මහා ආදරයක් තිබුනෙ අම්මාගෙ ගති ගුණ රැගෙන ආපු සුදු හාමිනේ ගැන තියෙන ආදරේ සෙනෙහසටත් වඩා වැඩියෙන්..

ඉතින් පියෙක් විදිහට මේ සා දෙයක් තමන්ගෙ ඇස් ගෙඩි වලින්ම දැක්කහම දරාගන්නෙ කොහොමද? 

ඒ නිසාමයි දත් මිටි කාගෙන අහිලි දිහා බලලා *කට පියාගනින් ලොකු කුමාරිහාමි* කියලා මහ නිළමෙ කෑගැහුවෙ..

අහිලිටත් කෑගහලා ඉස්සරහා හැරුනු නිළමේ තමන්ගෙ හිතින් 
*කොහොමද ලොකු කුමාරිහාමි මෙහෙම දෙයක් කරගත්තේ* කියලා හිතුවෙ කෑගහලා කෑගහලා එපා උනු තැන නිහඩව තමන්ගෙ බිරිද ගාවට වෙලා දත් මිටි කන තමන්ගෙ ලොකු දුව දිහා බලාගෙන

 හීනියට පපුවත් රිදුම් දෙනවා.ආදරේ කරලත් නැතුව බැදපු ගෑනියෙකුයි මිනිහෙකුයි අතර වෙන්න ඕනි දෙයක් තමන්ගෙ දුව කරගත්තහම.

අනේ කමක් නෑ කියලා නාවලා ගෙට ගන්න තිබ්බා තමන්ගෙ ලොකු දුව දුවෙක් නොවී පුතෙක් උනා නම්.

මං කරපු පව්ද මගෙ දුව පිටින් ගිහින් මේ පටිසං දෙන්නෙ 

 තමන්ගෙම ඇස් වලින් දැක්කා උනත් තාමත් විශ්වාස නැති නිසත් 

අනික් අතට එහෙම දෙයක් උනා නම් අහිලි මූණටම ඔව් කළා තමයි කියලා කියන්නත් 
බය නැති ළමයෙක් කියන්න මහ නිළමෙ තරම් දන්නැති කිසි කෙනෙක් නැති නිසත් මහ නිළමෙ මුල්ම වතාවට තමන් කරපු පව්කම් ගැන කල්පනා කළේ රිදෙන පපුවත් අත ගාමින්..

ඇත්ත උනත් බොරු උනත්.කිරිදතාත් සිරිසෝමත් මෙලහකටත් 
ගමටම ගිනි තියලා ඇති

වලව්වෙ නිළමේ උනත් ගමේ එකාලගෙ කටවල් වහනවා කියලා හැම එකාවම ම|රා දාන්න පුලුවන් ද? 

තත්පර ගානකට පස්සෙ ඔහොම හිතපු නිළමෙට 
වෙනදට වේගෙන් යන වාහනේ ගමන මේ දැන් උනු සිද්ධිත් එක්ක හෙමින් යනවා වගෙ දැනුනෙ මුලු ලෝකෙම දෙපා මුල වගෙ දැනෙන පාර

 *ඉක්මනට යමන් ය|කෝ* මේ මූසලබව ඉවසන්න බැරිම පාර නිළමේ කෑගැහුවෙ ඩ්‍රයිවර් කොලුවට

*මොන මගුලක්ද මන්දා,දෝනියන්දැ මගුල් නැටුවා නම් ඒකිට හනස්සෙන් නොතලා මට කෑගහන්නෙ* 

මහ නිළමෙගෙ බැනුම් එක්ක ඩ්‍රයිවර් කොලුවට ඔහොම හිතෙනකොට කටින් කිව්වොත් මැ|රු|ම් කන්න වෙන නිසා ඉස්සරහා බලාගෙන වාහනේ වේගෙ වැඩි කලේ කට්ටියට පේන්නැති වෙන්න නොරිස්සුමෙන් .

,,

මහ නිළමේ ඔය විදිහට හැසිරෙනකොට මීට ඩිංගකට කලින් තමන්ගෙ ඇස් දෙකට දැකපු දේ හීනයක්දෝ කියන ගමන් තරහින් පුපුරන තමන්ගෙ ලොකු දුව දිහා මහ මැණිකෙ බලා ඉන්නෙ පුදුමෙන්
 
දැනුම් තේරුම් කාලෙ ඉදන් තමන්ගෙ ස්වාමියාගෙ ගති ගුණ මහ ඉහළින් ඇග පුරාම දවටගෙන උන්නු තමන්ගෙ ලොකු දුව ඉදුවර කොලුවා එක්ක හිටපු හැටි මේ මහ මැණිකෙට විශ්වාස කරන්න බැරි තරම්

ඊටත් හපන් මේ වෙනකොට සුදු හාමිනේට ආරංචිය කණ වැකිලා නම් වලව්වට පය තිබ්බ ගමන් ඇවිලෙන්න යන්නෙ තවත් ගින්නක්

තමන්ගෙ පොඩි දුව ලොකු දුව වගෙ නැතුව තමන්ට කිට්ටු 
 නිසා පොඩි දුවගෙ හැම හැසිරීමක්ම මහ මැණිකෙ දැනන් උන්නෙ ඉස්සර ඉදන් 

*දෙයියනේ..මං මොකද්ද කරන්නේ.මොන විපතක්ද මේ අපෙ ඉහ ගෙඩියට පාත් උනේ* 

ඔසරි පොටෙන් බෙල්ල පුරා ගලා යන දාඩිය බිදු පිහදාන ගමන් මහ මැණිකෙ කල්පනාවකට වැටිලා ඉන්න තමන්ගෙ ස්වාමියා දිහත් තමන්ට එහා පැත්තෙන් ඉන්න තමන්ගෙ ලොකු දුව දිහත් බැලුවෙ හිත අස්සට බිංදුවෙන් බිංදුව උනන බයෙන්..

*ඉදුවර කොල්ලට මොනා උනාද දන්නෙ නෑ.නිකමට හරි එහෙම දෙයක් වෙලා නම් හත්දෙයියනෙ මොනා කරන්නද?*

මුලු ඔලුවම යකාගෙ කම්මල වගෙ වෙනකොට කට්ටියම රැගත් වාහනේ ගිහින් නතර උනේ වලව්වෙ මිදුල මැද

________________________
ඊළග කොටසින් හමුවෙමු.❤️‍🩹