Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:55

අහංකාර වලව් හාමිනේ - 18

_____•• *අහංකාර වලව් * ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *දහඅටවෙනි කොටස (18)*

පෙර කොටසින්,,,

මුලු ඔලුවම යකාගෙ කම්මල වගෙ වෙනකොට කට්ටියම රැගත් වාහනේ ගිහින් නතර උනේ වලව්වෙ මිදුල මැද

_____එතැන් සිට___________________

මීට හෝරා කිහිපයකට කලියෙන් සුදු හාමිනේ වලව්ව ඇතුළට වෙලා තමන්ගෙ ච්‍රිත්‍ර කාමරේ ඉදුවරගෙ සිතුවමක් සිතුවම් කරමින් උන්නේ ඉදුවර ගැන තම පපුකැනැත්තෙ බේරෙන ආදරේ නාමෙන්..

තත්පරයයි දෙකයි..පපුකැනැත්තෙ බේරුනු ආදරේ දෙපලු වෙලා යන්න සිරිසෝමගෙත් තමන්ගෙ අප්පච්චිගෙත් ගෝරනාඪුව ඒ කන් දෙකට ඇහුනෙ සිත්තම් කර කර උන්නු සිතුවමත් අනික් පැත්ත ගහලා.

ලොකු කුමාරිහාමිගෙත් තමන් පණ වගේ ආදරේ කරන ඉදුවරගෙත් කට කතාව ඇහුනු වෙලෙ ඉදන් මේ වෙනකම් සුදු හාමිනේ උන්නෙ කකුල් දෙක ගෙවෙන්න තරම් එහාට මෙහාට ඇවිදලා

ඒ පපුව ගිනි ගන්නවා.සම්බන්ධෙ ගැන විශ්වාසෙට නෙමෙයි තමන්ගෙ අක්කගෙ ප්ලෑන් එකකට අහිංසක ඉදු අයියව පටලගත්තු නිසා..

මාන්නෙ ඔලුව උඩ තියන් ඉන්න අක්කට ඕන කරන්නෙ තමන්ට ඉදු අයියව හම්බෙන එක නතර කරන්න 

තමන්ගෙ අක්කා ගමේ උන්ව දකින්නෙ අඩු කුලේ උන් ගානට නිසා අනිවාරෙන් අක්කා මේ කටකතාව ගොතන්න ඇත්තෙ ඇතිවෙන්න තියෙන සම්බන්ධෙ නැති කරන්න

කවුරු කවුරු ගැනත් හරි හැටි දන්න නිසා සුදු හාමිනේ ගෙවිලා යන හැම තත්පරේම ඇවිලුනේ අප්පච්චිගෙ නියොගෙ නිසා වලව්වෙන් එළියටවත් බහින්න බැරුව

වෙලා තියෙන දේත් එක්ක තමන්ගෙ අක්කා ගැන
 තරහවකුත් අහිංසක ඉදු අයියා ගැන වේදනාවකුත් සුදු හාමිනෙගෙ සිරුර පුරාම දිවෙනකොට අප්පච්චිගෙ නියෝගය නිසාම එළියට බැහැගන්න බැරුව උන්නු සුදු හාමිනේට වලව් මිදුලෙ නතර උනු තමන්ගෙ අප්පච්චිගෙ කාර් රථයෙ හඩ ඇහෙන්නෙ මේ අතර 

,,

තමන්ගෙ කන් වලට ඇහුනු වාහනේ සද්දෙට විසල් සාලෙ උන්නු සුදු හාමිනේ අඩියට දෙකට ගේ ඉස්සරහට යන්නෙ මිදුලෙන් ඇහුනු අප්පච්චිගෙ සැර කට හඩත් අහගෙන

*බැහැලා වරෙන් උබට පෙන්නන්නම් මේ අප්පච්චි කවුද කියලා* 

සුදු හාමිනෙ වලව්ව ඉස්සරහට යනකොටත් වාහනෙන් බැහැලා උන්නු අප්පච්චි ලොකු කුමාරිහාමිගෙ කොණ්ඩ පිටිපස්සෙන් තදින් අල්ලන් ලොකු කුමාරිහාමිව බිම දිගෙ ඇදන් එන ගමනුයි හිටියෙ 

*අප්.අප්පච්චී* 

බිම දිගෙ ඇදෙන අක්කා දිහත් අක්කව ඇදන් එන අප්පච්චි දිහත් මොකුත් කරගන්න බැරුව අඩන අම්මා දිහත් තත්පරයක් දෙකක් බලන් ඉදලා සුදු හාමිනේ අප්පච්චිට කතා කළේ අහිලි ගැන දැනුනු දුකට නම් නෙමෙයි

*අයින් වෙයන් සුදු හාමිනේ.මේකි වෙනුවෙන් එක වචනයක් තො|පි කියවන් එන්න එපා*

ඒ සැනින් දොන් පියස් මහ නිළමේ කෑගැහුවෙ මුලු වලව්වම දෙදරලා යන්න

"අප්පච්චි මාව අතාරින්න" මහ නිළමෙගෙ වචන ඉවර වෙනවත් එක්කම තමන්ගෙ කොණ්ඩ මුල අප්පච්චිගෙන් ගලවගන්න උත්සාහ කරන ගමන් බිම දිගේ ඇදීගෙන ආව අහිලි කෑගැහුවෙ කේන්තියෙන් 

තමන්ට පුලුවන් තත්පර ගානින් නිල අල්ලලා තමන්ගෙ අප්පච්චිගෙ අත තමන්ගෙ බෙල්ල මුලින් අයින් කරන්න 

ඒත් වෙනදා වගෙ නැතුව අද අප්පච්චි අතේ වැරැද්දක් නැති නිසා අහිලි කටේ සද්දෙ විතරක් දාන්නෙ තමන්ගෙ නංගි ඉස්සරහා වලව්වෙ වැඩ කරන උන් ඉස්සරහා පාච්චල් වෙන එකට තරහින්

*කට වහපන් බැ|*
*අර අඩු කු|ලේ එකා එක්ක නි|දි|වැ|ද|පු එකේ පවර් එකද ඔය* 

තමන්ගෙ අතට අහුවුනු කොණ්ඩ මුල පිටිපස්සට ඇදලා අහිලිගෙ මූණ පාදගෙන මහ නිළමේ කම්බුල් පාරක් ගැහුවෙ පළාතම දෙදරලා යන්න

*අප්..අප්ප..අප්පච්චී..අනේ ඉදූ අයියා එහෙම දෙයක් කරන්නැ*

තමන්ගෙ ඇස් ඉස්සරහා ගුටි කන තමන්ගෙ අක්කා ගැන නැතුව තමන් ආදරේ කරන කොල්ලගෙ නිර්දෝශිකම පෙන්නන ගමන් සුදු හාමිනෙ කට හඩ අවදි කලෙ මහ නිළමෙගෙ දෙපා මුල වැටෙන ගමන්

*උබ මොනාද සුදු හාමිනේ ද්න්නෙ.අපි යද්දි මේ බැ| හිටියෙ ඇදුමක්වත් නැතුව හිටපු අර බ| ගෙ අතෙ වෙලිලා* 

ඒ සැනින් එකපිට පාරවල් දෙකක්ම අහිලිට ගහන ගමන් මහ නිළමේ දෙදරුවෙ වේදනාවෙන්

වෙනදට නම් අහිලි ගුටි කනවා තියා වැරැද්දක් නොකෙරුවා නම් තමන්ට බයින්නවත් ඉඩ තියන්නෙ නෑ

ඒත් අද.තමන් බැනලා බිම දිගෙ ඇදන් ඇවිත් ගැහුවත් යක්සාවෙන් නොදගලලා ඉන්නකොට ලාවට හරි හිතෙ තිබුනු විශ්වාසෙ කැඩිලා ගියේ මහ නිළමෙගෙ..

*කරොලිනා ගිහින් මේකිව කාමරේට දාලා ලොක් කරපන්*

*මං කියනකම් තොපි එකෙක්වත් මේකි එක්ක කතා කරන්න බෑ*

*අද ඉදන් අහිලි උබට ගෙදරින් තියා කාමරෙන් එළියට එන්න බෑ*

*උබට එහෙම ඉන්ඩ බැයි නම් ලොකු කුමාරිහාමි,බෙල්ල වැලක් දාගෙන හරි මැ|රි|ලා යන්න පුලුවන්.බල්ලො එක්ක ලැග්ග තෝ වගෙ එකියක් මැ|රි|ලා යන එකමයි හොද* 

කාටවත්ම වචනයක් කියන්න ඉඩ නොතියා මහ නිළමේ අහිලිව ඇදලා අරගෙන විසික් කරලා දැම්මෙ අහිලිගෙ නළල ගිහින් වලව් පඩිපෙලෙ ගැට්ටක වදින්න

,,,,

වලව් මිදුල ගිනි රස්නෙන් පිච්චෙනකොට ඇ|ට කලුවරේ බැද්ද මැද සිහි නැතිව වැටිලා ඉන්න තමන්ගෙ පුතා ගාවට ගිනි ගත්ත හදවතින් ගිය කුසුමා ගමේ එකෙක්ගෙත් උදව් ඇතිව ඉදුවරව ඉක්මනට අරන් ගියෙ බෙරලිගල්ල ගමේම තිබුනු වෙද ගෙදරට

ගුටි කාපු ගුටි කෑමෙ හැටියට ඉදුවරගෙ නිරුවත් උඩුකය පුරාම තැලුම් පාරවල් යස අගේට දම් ගැහිලම පිරිලා තිබුනා 

*හත්දෙයියනේ,මොකද්ද උබ මේ කරගත්තු විනාසේ* 

කිරිදතාගෙ පණිවිඩෙත් එක්ක උනු දේ ටක්කෙටම දැනන් උන්නු කුසුමා ඇඩුවෙ වෙද ගෙදර පිළ උඩ ඉදගෙන

*නාඩා ඉදින් කුසුමා,කොල්ලට මොකුත් වෙන්නෙ නෑ.උබ කුස්සියට ගිහින් බෙලිමල් කෝප්පයක් බීලා නිදාගනින්*

*මූ හෙට ඇහැරෙයි* 

ඉදුවරව පරික්සා කොරලා ඉදුවරට ප්‍රශ්නයක් නෑ කියලා දැනගත්තු වෙදගෙදර වෙදතුමා පිළ උඩට වෙලා කදුලු බොන කුසුමට කිව්වෙ කුසුමගෙ හිත අස්වසන්න

*මෙතනින් සනීප උනාට වෙද අයියේ,මහ නිළමෙ මූව හෙට වෙද්දි බෙරලිගල්ල ඇළේ ඔබ්බලා තියෙවි*

*අනේ මගෙ අහිංසක කොල්ලා.මට නම් විශ්වාස නෑ වෙද අයියෙ මගෙ එකා ලොකු කුමාරිහාමි එක්ක පැටලෙයි කියලා* 

වෙදතුමා කිව්ව කතාව අහන් ඉදලා මෙහෙම කියන ගමන් කුසුමා අඩන්න ගත්තෙ දොන් පියස් මහ නිළමේ කියන්නෙ කවුද කියන්න හොද හැටිම දන්න නිසා

වලව්වෙ බලේටත් වඩා තේරෙන කාලෙ ඉදන්ම නහරකාරයෙක් උනු දොන් පියස් නිළමේ මිනියක් උනත් ම|රන්න දෙපාරක් නොහිතන කෙනෙක්.

කුසුමගෙ අතීතෙ දවසක ඉදුවරට අප්පෙක් නැති වෙන්න හේතුව උනෙත් තමන්ට නෙලා ගන්න බැරි උනු මල ඉදුවරගෙ අප්පොච්චා උනු රංබණ්ඩා නෙලා ගත්තා කියලා තරහට මහ නිළමේ තමන්ගෙ මිනිහව ඇළේ ගිල්ලලා ම|ර|පු හින්දා

*දෙයියනේ ජීවත් වෙන්න කියලත් මට හිටියෙ මගෙ අහිංසකයා විතරයි.මූව එදා මං බේරගත්තෙත් මහ නිළමෙගෙ ඇදට නැගලා* 

තමන්ගෙ හිතත් එක්ක අඩ අඩා කුසුමා වැළපෙන්නෙ තමන්ගෙ අහිංසක සුදු පුතාව මහ නිළමෙගෙන් බේරගන්නෙ කොහොමද කියලා කල්පනා කර කරා

තත්පර ගානක් කුසුමාගෙ වැළපිල්ල බලා උන්නු වෙදතුමා වෙදතුමාගෙ හාමිනේට කුසුමව කුස්සියට අරන් යන්න කියලා ඉගි කරලා කුසුමා ගාවින් ඈත් වෙලා ගියේ 
කුසුමට වඩා අවුරුද්දක් වැඩිල්ව කුසුමලත් එක්කම එකට අකුරු කරපු වෙදතුමාත් මහ නිළමෙගෙ කෙරුවාව ගැන හොදට දන්න නිසා අහිංසකව නිදා ඉන්න ඉදුවර ගැන තමන්ගෙ හිතට දැනෙන බියෙන්..

_______________________

ඉදුවරව ඇළේ ගිල්ලයිද? 

අහිලිට මොනා වෙයිද?

සුදු හාමිනේ මොනා කරයිද?