Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 21 2026 @ 21:10

හෘද ලිලී - 5



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පස්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


පුලුවන් තරම් සද්දෙ අඩු කරලා තමන් දිහා බයක් නැතුව කෙලින් බලා ඉන්න තාදිට දත් මිටි කාන් මෙහෙම කිව්ව යෙධාර කෙලිම් වෙලා තමන්ගෙ පුටුවට හේත්තු උනෙ කේන්තියෙ තරමට උස්සලා අරන් චොප්ප කරලා දාන්න හිතෙන අදහස බොහොම අමාරුවෙන් මැඩගන්න ගමන්...

_________එතැන් සිට____________


කේන්තිය අස්සෙන් කියන්න ඕනි ටික සීරුවට කියලා යෙධාර නිශ්ශබ්ද උනහම තමන්ට කුනුහරපෙන් ඇමතුව එකට තද උනු තාදිනිත් බොහොම අමාරුවෙන් කේන්තිය පාලනෙ කරන් ඉස්සරහට හැරුනෙ

මේ ඔක්කොම තමන් මේ උස හු* ට හිනා උනු එක නිසා කියලා තේරුනු හින්දා...

විනාඩියක් දෙකක් ම්හු...

දැන් වෙලාව 1.40යි...

ආයෙ කිසිම වලියක් නැතුව වගේම තාදිනිගෙ කතා පෙට්ටියත් නැතුව පීරියඩ් හතරම ගෙවිලා ගිහින් හෙට ඉදන් පටන් ගන්න ඉගැන්නිල්ල ගැනත් කියවිලා දොලහ වසරෙ පළ්මු දවසේ අවසානෙට ඉක්මනට ඇවිල්ලා තිබ්බා...


කෙයිමි..තමන්ට ලැබුනු පන්තිය ගැන හිත හිතාම කෙයිමි උන්නෙ ගුරු විවේකාගාරෙට ඇවිද යන ගමන්..


යෙධා,මෙත්,කේශ්,යේශ්,ප්‍රබෝ මේ පස් දෙනා උන්නෙ බෑග් ටික පිටෙ එල්ලන් 
තමන් නැවතිලා උන්නු ළමා නිවාසෙන් හොයලා දුන්නා කියලා බොරු ගොතපු මෙත්ගෙ තාත්තා හොයලා දුන්නු හොස්ටල් එකට යන්න බස් එකක් එනකම් බස් හෝල්ට් එකට වෙලා...

යෙධාරගෙ,මෙත්ගෙ,කේශ්ගෙ,යේශ්ගෙ තාත්තලා ප්‍රබෝට තරම් සල්ලි තියෙන අය නෙමෙයි..

මේ සෙට් එකෙන්ම වැඩියෙන්ම සල්ලි අගහිගකම් තිබ්බෙ යෙධාරට...

මෙත් බාප්පගෙ පුතා උනත් මෙත්ගෙ තාත්තා කුඹුරු කොටපු නිසාත් මෙත්ලට රබර් වත්තක් තිබ්බ නිසාත් සාමාන්‍ය විදිහට මෙත්ටත් සල්ලි තිබ්බා..

එතකොට කේශ්,යේශ් දෙන්නගෙ තාත්තා යුද්ධෙට ගිහින් ජීවතුන් අතර නැති නිසා ජීවතුන් අතර ඉන්න අම්මා නංගි නිසාම ගුරුපත්වීම අත ඇරලා  
තාත්තගෙ ආමි වැටුපෙන් ජීවත් වීගෙන යනවා..

එතකොට මේ හැමෝගෙන්ම අඩු ආදයාම් ලාභී යෙධාරගෙ තාත්තා කසිප්පු පොට් එකක් හදන් ගමටම කසිප්පු බෙද බෙදා ඒ තුට්ටු දෙකෙනුත් බිබී පොලිසි ගානෙ රස්තියාදු වෙවි ඉන්නවා...

ඉතින් මේ වගෙ පවුල් පසුබිම් නිසාම ප්‍රබෝගෙ තාත්තා අරන් දුන්නු ලේබලේට පින් සිද්ද වෙන්න තමන්ගෙ ළමයින්ගෙ කිසිම දේකට ඉස්කොලේ නොගාටන්න මේ පස්දෙනාගෙ ගෙදර අයත් කැමති උනා..

මෙත්,යෙධා ඇරෙන්න අනික් තුන්දෙනා කොහොමත් සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා..ඒ නිසා ඒ තුන් දෙනාගෙ ගෙවල් වලින් කොල්ලො තුන් දෙනාව අත් ඇරලා තිබ්බෙ අව්ශ්‍ය වෙලාවට සල්ලි විතරක් දීලා පෝශනේ කරලා.. 

හැබැයි මෙත්වයි යෙධාවයි ගෙදර අය අත් ඇරලා තිබ්බෙ හදන්න බැරි බව දැනන් එයාලගෙ නම්බුව ආරක්ශා කරගන්න ඕනි නිස..

යෙධා කොහොමත් මුරණ්ඩුයි හිතුවක්කාරයි..තාත්තා එක්ක වලිකන නිසාම අම්මා උනත් යෙධාට ගෙදර එන්න තහනම් කරලා තිබ්බා යෙධාට අට නවය වසරවල ඉදන්ම..

මෙත් ඉතින් තමන්ගෙ සහෝදරයා පස්සෙන් නැට්ට ගානට ගෙදරින් ඈත් වෙලා යෙධා යන හැමතැනකට ම යන්න පුරුදු උනා...

අවසානෙදි එක වගෙ නැතත් යාලු පිට් එකට හම්බුනු අනෙක් තුන් දෙනා එක්ක දහය වසරෙ ඉදන් එකට ඉන්න පුරුදු උනා...

එකෙක් නැතුව කිසිම එකෙක් නැවතිලා ඉන්න හොස්ටල් එකට නොයන තරම් මෙයාලගෙ යාලුකම පිට් වෙලා තිබ්බෙත් ආන් ඒ විදිහට...

බස් හෝල්ට් එකට වෙලා එකාගෙන් එකාට උරහිස් වලට අත් දාන් බැදිලා උන්නු කොල්ලො පස් දෙනා මීට ටික වෙලාවකට කලින් ගත්තු අයිස් පැකට් එක උරෝ උරෝ ඉද්දි කපල් තුන් දෙනා නම් හිටියෙ ටිකක් ඈතින් ඉන්න තමන්ට වඩා බාල ප්‍රියම්භිකාවො දිහා බලාගෙන පෙම් බස් දොඩව දොඩව...

,,,,, 

කොල්ලො පස් දෙනා තමන්ගෙ ලෝකවල තමන්ට ඕනි විදිහට බස් එකක් එනකම් බලා ඉන්නකොට කොල්ලො සෙට් එකට පිටිපස්සට වෙන්න තාදිනි තනියෙන් උන්නෙ තමන්ට පිටුපාලා උසට උසේ ඉන්න යෙධාර දිහා බලාගෙන යෙධාරට හිතින් දන්න සේරම කුනුහරප කියලා බයින ගමන්...

තාදිනි..ඇත්තටම තාදිනිට තිබ්බෙ යෙධාරටත් වඩා ලේසියෙන් නිමෙන්නෙ නැති කේන්තියක්...

ඉතින් ඒ නිසාම තාදිනි ට්‍රයි කරන්නෙ කොහොම හරි යෙධාර එක්ක තියෙන කේන්තිය හිතින් බැනලා හරි නැති කරගන්න...

මොකද නැත්නම් තමන් තව සතියක්වත් යනකම් පරල වෙලා ඉන්නෙ කියන්න තාදින් දන්නවා..

ඒ තරම් තාදිනිම දන්නවා තාදිනිගෙ ඉවසීමෙ මාර්ක් එක...

තවත් ටික වෙලාවක් හිතිම් යෙධාට පලු අරින ගමන් තාදිනි බස් හෝල්‍ට් එකට වෙලා ගෙවනකොට ඈතින් රුවන්වැල්ල ,නිට්ටඹුව කියලා බෝඩ් එකක් ගහපු බස් එකක් ඇවිත් නැවැත්තුවෙ තාදිනි වගෙම කොල්ලො පස්දෙනත් රැදිලා හිටපු බස් හෝල්ට් එක ඉස්සරහ...
,,,

කොල්ලො පස්දෙනා වගෙම කෙල්ලත් හිටපු හෝල්ට් එක ගාවින් බස් එක ඇවිත් නතර කරනකොට හෝල්ට් එකෙ හිටපු අනික් ළමයි නඩේ පොරකාගෙන බස් එක දිහාවට ඇදුනෙ තාදිනිව අඩි කීපයක් ඉස්සරහට තල්ලු කරගෙන...

" අම්මෝ තව ඩිංගෙන් ආයෙ අහගන්න වෙනවා" තල්ලු උනු පාරට යෙධාගෙ ඇගෙ ගෑවි නොගෑවි ගිහින් නතර උනු තාදි පපුවටත් අතක් තියන් කියෙව්වෙ තමන්ට විතරක් ඇහෙන විදිහට තමන්ට පිටුපාලා ඉන්න යෙධාගෙ පිට දිහත් බලලා..

යෙධා නම් දන්නෙ නෑ තමන්ට අද පේන්න බැරි උනු චප්ප කරන්න හිතුනු කොණ්ඩ කරල දැන් ඉන්නෙ තමන්ගෙ පිටුපස්සෙ කියන්න..

මොකද
යෙධා කොහොමත් මෙත්ගෙ උරහිස්සට ඇග බර කරලා ටවුන් එකෙ තියෙන ගර්ල්ස් ස්කූල් එකෙ කෙල්ලො දිහා බල බලා තමා ගෙවුනු අවුරුදු තුනම ගෙවල දැම්මෙ..

දැන් උනත් ඉන්නෙ බස් එකට නගින්න දගලන ගර්ල්ස් ස්කූල් එකෙ කෙල්ලො ටික දිහාවට ඇස් 
තියාගෙන 

ඉතින් කොහොමෙයි තාදිනීව යෙධාගෙ ඇස් වලට අහු වෙන්නෙ..

ඊටත් තාදිනි හුරුබුහුටි උනත් ශරීරෙන් කෙට්ටු පුංචි කෙල්ලෙක්...

යෙධාගෙ චොයිස් එක අහල පහලින්වත් තාදිට ඉන්න බෑ ඉතින්...

එකා දෙන්නා ගානෙ පොරකාකෙන ගිහින් නැගලා බස් එක ෆුල් ලෝඩ් වෙද්දි ඊට පිටිපස්සෙන් ආපු කලු වීල් එකට තාදිනි නැග්ගෙ තාදිනිගෙ අම්මා ගාමට් යන නිසා තාදිනිව ගෙට උඩහා පියුමි නැන්දාගෙ වීල් හයර් එකට දාලා තිබ්බ නිස..

________________________


ඊලග කොටසින් හම්බෙමු...🤍🍃