Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 21 2026 @ 09:12

හෘද ලිලී - 4



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හතරවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

කලින් කිව්වත් වගෙ නඩෙ සිංගල් ජීවියො දෙන්නා යෙධාත් මෙතුත් නිසා අනික් තුන් දෙනා මේ ඩබලට පල් හිනාව දැම්මෙ බෝඩ් එකෙ මුතු අකුරින් දාන කාලසටහන ලියාගන්න ගෙනාපු පොත් පහෙන් එක පොතක් අරන් පිටිපස්සෙම පිටුව පෙරලලා බෑග් එකෙ සාක්කුවක තිබ්බ නිල් කලු පෑනුත් අරන්.

_____එතැන් සිට__________________
_

පන්තියෙ ඉන්න හැම ළමයම වගෙ කෙයිමි මිස්ගෙ ගුරු බසට අවනත වෙලා පොතක පිටිපස්සක බෝඩ් එකෙ දාන කාල සටහන ලියාගද්දි

තමන් උන්නු දිහාවට හැරිලා පුටුව පිටිපස්සෙ එල්ලලා තියෙන බෑග් එකට අත දාලා පොතකුයි පැන්සල් පර්ස් එකයි ගන්න හිනා කොණ්ඩ කරලා දිහා යෙධා බලන් උන්නෙ පුටුවට හේත්තුවක් දාන් අන්ඩක් වගෙ දිග කකුලක් කොණ්ඩ කරලගෙ පුටුවට තියාගෙන..

.. මටත් ලියලා දෙනවා.. තමන්ගෙ පාඩුවෙ බෑග් එකට එබිලා ඉන්න තාදිගෙ කලු ඇස් ලොකු වෙලා යෙධාගෙ මූණට වැටෙන විදිහට යෙධා තාදිට කිව්වෙ තමන්ගෙ මේසෙ තිබ්බ තමන්ගෙ පොතක් දකුණු අතින් තාදි දිහාවට හරවලා...


තාදිගෙ ලොකු වෙලා බය උනු ඇස් දැන් නම් හීනි වෙලා නපුරු වෙලා ගිහින්...

ඒ ඇහිබැමි එකට ලං වෙලා ඒ මැද්දෙ රැලි හදලා යෙධා දිහාම බලා ඉන්නෙ නොරිස්සුමෙන්....

*තාදිනි* හැමෝම එක්ක සුහදව කතා කළත් ආශ්‍රය කළත් හොස්ස ලගින් මැස්ස යන්න බැරි වෙන්න කේන්ති ගන්න කෙල්ලෙක්...

තාදිනිව මවද්දි ඉවසීමෙ ලකුන මාර්ක් කරලා තියෙන්නෙ හරිම ළග දුරකින්...

කම්බුල් දෙකෙ තියෙන ලා ඩිම්පල් දෙක දාලා හිනාවෙනකොට්
හරි අහිංසකයි රටක් වටී කියලා හිතෙනවා නේද?

ආන් ඒ ගති ගුනෙ එන්නෙ තාදිනිට සතා සිව්පාවො ගාවදි විතරයි...

කෙටියෙන් කිව්වොත් යෙධා තරම්ම තාදිනිත් සැරයි..නම්බුව ගැනයි සාමකාමීව ඉන්න ආසා නිසායි තාදිනි හැමෝම එක්ක පරිස්සමෙන් අතේ දුරින් ගනුදෙනු කරලා හිනා වෙලා හිටියා උනත් කේන්ති ගියහම ලේසියකින් රත් උනු ඇගේ ලේ ටික නිවාගන්න බෑ...

මොන දේ කොහොම උනත් එකිනෙකාට නොදෙවෙනි බැල්මෙන් තාදිත් යෙධාත් බලා ඉන්නැද්දි මේක දැකපු කෙයිමි ' ඔයාලා ලියගන්නැද්ද?' කියලා ඇහුවෙ දෙන්නගෙම පෙනුමෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් බව දැක්ක හින්දා...

ඔයාලා ලියාගන්නැද්ද කියන කෙයිමි මිස්ගෙ වදන් එක්ක තාදිනි හෙවත් හිනා කොණ්ඩ කරල ගැස්සිලා ගිහින් ඉක්මනට බෑග් එකත් වහලා පොත පෙරල ගත්තෙ කාල සටහන ලියන්න...

යෙධාරගෙ ඇස් නම් කේන්තියෙන් දැන් තියෙන්නෙ ෆයිල් එකකට ඇස් තියන් ඉන්න කෙයිමි මිස් ගාව..

ටික වෙලාවක් බලා ඉදලත් කෙයිමි මිස් යෙධා දිහා නොබලද්දි මේසෙ උඩ තිබ්බ පොත අරන් ලොකු සද්දයක් නොනැගෙන්න හැබැයි රිදෙන්න තාදිගෙ ඔලුවට පොතෙන් ගැහුවෙ කෙයොමිගාව තිබ්බ ඇස් පිටුපාලා ඉන්න තාදි දිහාවට සම්පූර්ණයෙන් ම අරගෙන...


" ආව්" යෙධාර දුන්නු පොත් පාරත් එක්කලා තාදිනිට ආව් ගෑවුනෙ ක්ශනික ඒ ඇස් වලට කදුලු පිරෙනකොට...

" මොකද ඕයි" හැරෙන තැපැලේන් දත් මිටි කාන්
තාදි හැරුනෙ යෙධාර දිහාවට කාල සටහන ලිය ලියා හිටපු පොතත් අතට අරන් යෙධාරට හොද පාරක් දෙන්ඩ හිතාගෙන 

.. තමුසෙ දැන් ඔය මට ගහන්නද පොත ගත්තෙ...

යෙධාර අහන්නෙ ඒ නපුරු ඇස් තවත් නපුරු කරගෙන කේන්තියට රතු වෙලා තියෙන මූණත් එක්ක තමන් දිහාවට හැරුනු කොණ්ඩ කරල දිහා බලාගෙන

" ඔව් ඇයි අවුල්ද?" ඒ සැනින් යෙධාරට කිව්ව තාදි තමන්ගෙ පුටුවට කකුලක් තියන් උන්නු යෙධාරගෙ දිගු අන්ඩ දකුනු අතින් කොනිති ගැහුවා...

.. ආහ්..හු* .. යෙධාර නොහිතපු විදිහට තාදි කරපුදේ එක්ක කුනුහරපෙකුත් කියාගෙන යෙධාර කකුල ඇදලා ගත්තෙ වේගෙන්..


තාදි එක්ක හිටපු අනෙක් කෙල්ලො තුන්දෙනාටයි මෙත් ඇතුලු කොල්ලො හතර දෙනාටයි යෙධාරගෙ තැලිච්ච පුහුලක් වගෙ උනු මූණ දැකලා හිනා යන්න ඇවිත් තිබ්බෙ බඩ කොරවෙන සයිස්...

යෙධාරයි තාදියි,කෙයිමියි පිටිපස්ස පෝළිම් වල ඉන්න ළමයිනුයි ඇරෙන්න කෙල්ලො තුනයි කොල්ලො හතරයි දැන් හිනාවෙන්නෙ මහ හයියෙන් බක බක ගාලා...


තාදිටත් මුන්ගෙ හිනාව දැකලා හිනා යන්න වගෙ.හැබැයි යෙධාරට නම් හිනා නෙමෙයි තාදිව උස්සලා අරන් චොප්ප කරලා දාන්න හිතිලා තියෙන්නෙ..

හිනාවෙන අය ඇරෙන්න අනික් අයගෙ ඇස් මෙයාලා ඔක්කොම දිහාවට එල්ලවෙලා තියෙනකොට

කෙයිමි ටිකක් සද්දෙන් නවත්තගන්න කියලා කිව්වෙ තමන්ගෙ ගුරු මේසෙට ෆයිල් එකෙන් තට්ටුවක් දාන ගමන්...

*අමෝ හු * මට බෑ..මුගෙ මූණ*

*හම්බේ යකෝ හුම්ම ගන්න බෑ*

*අනේ සමා මගෙ ඉනත් කොරයි වගෙ* 

බඩ අල්ලන් මහ සද්දෙට හිනා උනු සෙට් එක කෙයිමිගෙ සද්දෙට හිනාව නතර කරන් හිමින් සැරෙ මුමුනන්නෙ තාමත් හිනාවෙන ගමන්...

අබ ඇට දැම්මාත් පුපුරන සයිස් මූනුවල් ගැන අහලා තියෙ නේද?

යෙධාරගෙ මූණ නම් ආන් ඒ වගෙ..තාදි දිහයි හිනාවෙන අය දිහයි බලන් ඉන්නෙ උයලා කනවද? බැදලා කනවද? අමුවෙන් කනවද? සීන් එකෙන්..

තාදිටත් දැන් නම් හිනා..ආයෙම ඉස්සරහා හැරිලා හිනාව කාගෙන කාලසටහන ලියනවා..

විනාඩි කීපයක් එක්ක යෙධාගෙ කේන්තිය ඇරෙන්න හිනා උනු අයගෙ හිනාව නතර වෙලා යද්දි යෙධාර ඇරෙන්න අනික් හැමෝම කාල සටහන ලියන්න ගත්තෙ කොල්ලො හතර දෙනත් *යෙධා ලියපන් ඕක අමතක කරලා* කියලා කියද්දි...

___ විනාඩියක් දෙකක්..ම්හු විනාඩි දහයක්..


මෙත්,කේශ්,යේශ්,ප්‍රබෝ කොච්චර කිව්වත් යෙධාර නෙමෙ කාල සටහන ලිව්වෙ...

තාමත් පරල උනු මූණෙන් තමන්ගෙ ඉස්සරහා ඉන්න තාදිගෙ ඔලු ගෙඩිය දිහා බලාගෙන යෙධාර භාවනා කරනවා..

*අනෙ හු|පුතෝ ලියපන් ප|ම්|කෝ* 

*මේ චුට්ටං බට්ටිච්චිත් එක්ක මරාගන්න යන්නෙ මොකටද?*

*උබට මේකිව එක කටට ගිලතහැකි*

ඇහි බෝලෙ පොඩ්ඩක්වත් වෙනස් නොකර තාදිගෙ ඔලු ගෙඩිය දිහාම බලා ඉන්න යෙධාරට මෙත් කොලුවා ඔහොම කියන්නෙ යෙධාරගෙ පොතෙත් කාල සටහන ලියන ගමන්..

ම්හු.යෙධාර නෙමෙ සත පහකට ගනන් ගන්නෙ..

තාමත් ඉන්නවා කන්න වගෙ බලන්...

ඊටත් තත්පර ගානකට පස්සෙ යෙධාර ආයෙමත් කොනිති ගැහුව දිග් අන්ඩ අරන් ගහගෙන ගහගෙන ගියෙ තාදි ඉදන් උන්නු පුටුවට


" මොන මගුලක්ද? ඇයි???"

විසිවෙලා යන්න තරම් වැදුනු පා පහරවල් වලට ඇදේට ගිය පුටුවත් එක්ක තාදි යෙධාර දිහා හැරෙන ගමන් අහන්නෙ කේන්තියෙන් වගෙම කළ කිරිමෙන්..

.. කාගෙන් අහලද උබ මාව ඇල්ලුවෙ..

තාදිගෙ ඇස් ගැස්සිලා යන්න යෙධාර අහන්නෙ හිටපු ඉරියව්ව වෙනස් කරලා පුලුවන් තරම් තාදි දිහාවට නැමිලා දත් මිටි කාන්..

" ආ..ම්..මේ..සොරි සොරි.මට සමාවෙන්න,රිදුනු පාර මටත් කේන්ති ගියා" 

ටික වෙලාවක් යෙධාරගෙ වදන් වලට කලබල උනු තාදි ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනි නැති නිසාත් එයාව අල්ලපු එක හොද වැඩක් නොවුනු නිසාත් යෙධාරගෙන් සමාව ඉල්ලුවෙ දකුනුඅත වම් පපුවට අරන් ඔලුවත් නමලා...

සොරි කිව්ව වචනෙටත් වඩා සොරි කිව්ව විදිහට යෙධාරගෙ කේන්තිය අස්සෙන්

මොන හු* සමාව ඉල්ලීමක්ද මේ වගෙ ප්‍රශ්නයක් උඩට එද්දි කොල්ලගෙ යාලුවො හ්තර දෙනා ඒ දැන් ඇති මචන් ගෑවෙ පන්තියෙම ඇස් යෙධාර දිහාවටත් තාදි දිහාවටත් තියෙනවා දැකලා 


... තමුසෙ,කාගෙන් අහලද මාව ඇල්ලුවෙ 

කඩනවා මං තමුසෙගෙ අත,ගලෝනවා ආයෙ හිනවෙන්න බැරි වෙන්න දත් සෙට් එක 

ආයෙ මගෙ ලගින් හරි ගියොත් ටෙක් එකෙන් පල්ලෙහාට උස්සලා වීසි කරනවා හරිද පොඩි හු* ..

පුලුවන් තරම් සද්දෙ අඩු කරලා තමන් දිහා බයක් නැතුව කෙලින් බලා ඉන්න තාදිට දත් මිටි කාන් මෙහෙම කිව්ව යෙධාර කෙලිම් වෙලා තමන්ගෙ පුටුවට හේත්තු උනෙ කේන්තියෙ තරමට උස්සලා අරන් චොප්ප කරලා දාන්න හිතෙන අදහස බොහොම අමාරුවෙන් මැඩගන්න ගමන්...

_____________________||\