Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 22 2026 @ 14:41

හෘද ලිලී - 37

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *තිස් හත්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


ඉදන් හිටපු පුටුවෙන් ඉදගෙනම ඉස්සරහට එන ගමන් යේශ්ගෙන් ඇහුවෙ ඒ ළමයට කොහොමද කියලා

_____එතැන් සිට___________________


*කෙල්ලට නම් ඒ මිනිහා මොකුත් කරලා නෑ මිස්.කෙල්ලගෙ යාලුවා කිව්ව විදිහට ඒ කෙල්ලගෙ අම්මා යාලු වෙලා හිටපු මිනිහලු*

*මොනාහරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා තමා කිව්වෙ.කෙල්ල යද්දිත් එ මිනිහා හිටියෙ කෙල්ලගෙ අම්මා මැරුණා කියන එකත් නොතෙරෙන විදිහට කලබල වෙලාලු*

*නොහිතා ම|ර|න්න ඇති කියලා කිව්වෙ මිස්.ඒක දැක්ක ගමන් කෙල්ලට සිහි නැති වෙලා තියෙනවා.ගමේ උන් ඒ මිනිහා ලේ පෙරුනු කැත්තක් උස්සන් දුවනවා දැකලලු ඇවිත් බලලා තියෙන්නෙ*

*කරදරයක් කරනවා නම් කෙල්ලටත් කොටලා යන්න එපැයි.හැබැයි ඌ එහෙම කරලා ගිහිල්ලා නැ.ඌමයි 1990ට කතා කරලා තියෙන්නෙත්*

එක හුස්මට තාදිට උනු සිදුවීම කෝකටත් කියලා තාදිගෙ නම නොකියා කියලා අවසානෙට 

*තාම කෙල්ලට හරි සිහිය නෑලු මිස්.එනවා යනවලු.ඒකිගෙ අම්මට කොටපු නිසා කොටපු එකාව හොයාගන්නකම් අවසන් කටයුතු කරන්නෑ කිව්වාලු* කියලා කතාව ඉවර කරපු යේශ් බර හුස්මවල් කීපයක් ගත්තෙ

කොල්ලො හතර දෙනාගෙ වගේම කෙයිමිගෙත් යේශ්ගෙ කතාවට ඇගේම හිරිකඩු පිපෙනකොට

,,

හිරිකඩු පිපිලා ගිහින් ,ගල් වෙලා ගිහින්,තුශ්නිම්භූත වෙලා ගිහින් විනාඩි ගානක් ගෙවුනට පස්සෙ හිත් වලට දැනුනු දුක වේදනාව බය කැලඹිල්ල නැති කරගත්තු කෙයිමි ඇදට වෙලා නිදන් ඉන්න යෙධාර දිහාත් බලලා යෙධාරට සිහිය ආවාම කියන්න කියලා සිට් රූම් එකෙන් එළියට ගියේ කතාව අහලා හිතට දැනෙන හැගීම 
පෙන්නලා කොල්ලො ටිකව නොසන්සුන් කරන්න ඕනෙ නැතු නිසා

කෙයිමි ගියාට පස්සෙ කොල්ලො හතර දෙනා නම් අංශකයක්වත් හැරෙන්නැතුව බලා හිටියෙ ඇස් පියන් තද නින්දක ඉන්න යෙධාර දිහා

දුකයි..තාදිනි ගැන මහ හුගක්.සමාගෙන් විස්තරේ අහලා මෙහෙම නම්

ඇස් දෙකටම දැකපු චුට්ටං බට්ටිච්චිට කොහොම හිතෙන්නැද්ද කියලා හිතෙනකොටත්

කොල්ලො හතර දෙනාගෙ පපුව අස්සෙන් වේදනාවක් ගලන් එන්නෙ හරි ඉක්මනින්

*ශිට්,මං ඒකිට අද බැන්නත් එක්ක*

ඒ අස්සෙන් ප්‍රබෝ කල්පනා කරන්නෙ කෙල්ල පොල්ල තිබ්බා කියලා හිතලා කෙල්ලට පලු ඇරපු එක මතකෙට නගන් දැනෙන හැබෑම වේදනාවෙන්

*අඩෝ මේ.මූ කොහොමත් දැන් නැගිටපු ගමන් චුට්ටං බට්ටිච්චිව බලන්න යන්න හදනවා*

*කෙයිමි මිස් ලව්වා මොනාහරි කියෝලා පයින්න බැරි වෙයිද?*


දුක් වෙන එක පැත්තකින් මෙච්චර වෙලා නොහිතුනු දේ හිතුනු මෙත් කොල්ලොන්ගෙන් ඇහුවෙ යෙධා ගාවට ගිහින් යෙධාගෙ අතක් තමන්ගෙ ඇග්ලි වලින් අතගාන ගමන් 

*ඔව්නෙ බන්.තාම 12යි.මූආයෙ පිස්සු නටන්න කලින් මූව එක්කන් යන එක තමයු හොද*

*හැබැයි කෙල්ල ඉස්පිරිතාලෙ ම ඇද්ද?පොලිසියට එහෙම එක්කන් ගියාද දන්නෙ නැ*

මෙත්ගෙ කතාවත් එක්ක එකග උනු කේශ් කොල්ලො තුන් දෙනාට මතක් කළෙ මර්ඩර් එකක් නිසා කෙල්ලගෙන් කට උත්තර ගන්න එක අනිවාර්‍ය හින්දා

*ආ ඒකත් ඇත්ත.මේ බැරි වෙයිද ආයෙම අරකිට කෝලක් දාන්න.අහපු ගමන් confused උනා ඇරෙන්න ඉතුරුවා අහන්න සිහියක් තිබ්බෙ නැනෙ*

ප්‍රබොත් උත්තර දුන්නෙ කලින් පාර ගත්තු විදූෂගෙ පෝන් එක තාමත් තමන් ගාව තියෙනවා කියලත් පෙන්නන ගමන්

*ඔව් ඔව් ගනින්කො.මං බලන්නම් මොකා හරි එනවද කියලා*

ප්‍රබෝගෙ වචන ත් එලියට ගත්තු පෝන් එකත් එක්ක ඉදන් උන්නු තැනින් නැගිටපු යේශ් අඩියට දෙකට සිට් රූම් එකෙ දොර ගාවට ගියෙ මොකා හරි එනවද කියලා බලන්න

,,

අඩියට දෙකට නැගිටලා යේශ් ගියාට පස්සෙ කොල්ලො තුන් දෙනා විදූෂ ගෙ පෝන් එක අරන් ආයෙමත් කෝල් කළෙ සමාට

දෙපාරයි තුන්පාරයි රින්ස් ගියෙ.කලින් වගෙ වාත නොවී සමා එහා පැත්තෙන් කෝල් එක ඉස්සුවෙ
හෙලො කියන ගමන් 

*හෙලො සමා මං ප්‍රබා.තාම උබ ඉන්නෙ ඉස්පිරිතාලෙ ද?*

සමා හෙලො කිව්ව ගමන්ප්‍රබෝ උත්තර බැන්දෙ සමාට

*නෑ බන්.දැන් තාදිගෙ ගෙදර ඉන්නෙ.කට උත්තර ගන්න ඕනි හින්දා සිහිය ආපු ගමන් එක්කන් ආවා*

*මේකි හරි පව් බන්.මැරිච්ච එකෙක් ගානට හෙල්ලෙන්නෙවත් නැතුව ඔහෙ ඉන්නවා*

*කට උත්තරෙට උනත් අහන අහන දේට පොලිසියෙ නෝනගෙ මූණ දිහා බැලුවා ඇරෙන්න කට ඇරියෙ නැ බන්.*

*දැන් ටිකකට කලින් ආරංචි උනා නැන්දව මරපු මිනිහාත් වහ බීලා කියලා*

*යෙධාරට එහෙම උබලා කිව්වෙ නෑ නේද?*

ගෙවුනු පැය ටිකට උනු සිදුවීම් කෙටියෙන් කියලා යෙධාරට උනු මෙලෝ දෙයක් නොදන්න හින්දා සමා ඇහුවෙ මෙහෙම

*අ..ම්ම්..මේකයි බන්,කලින් උබට කෝල් ගද්දි ඌත් ළග හිටියා බන්.උට ඇහුනා.පස්සෙ මෙතන හෙන පිස්සුවක් නැටුවා*

*දැන් නම් මේ නිදි සිට් රූම් එකට වෙලා.ඇහැරුනු ගමන් අනිවා ඕකා එනවා*

*සොරිබන්.ඒ වෙලාවෙ ස්පිකර් දාලා තිබ්බ නිසා කරගන්න දෙයක් හිතාගන්න බැරි උනා*

සමාගෙ වචන එක්ක පසුතැවිමක් දැනෙනකොට ප්‍රබෝ විස්තරෙ කෙටියෙන් කිව්වෙ සමාගෙන් සමාවත් ඉල්ලන ගමන්

*අහ් ඌ දන්නවද?අයියෝ.යෙධාර හොදින්ද?*

*මේක ඇහුවහම එයා පිස්සු නටන නිසයි කියන්න එපා කිව්වෙ.ම්හ්.*

*කමක් නැ දැන් මොනා කරන්නද?කොහොමත් පස්සෙ හරි එයා දැනගන්න එකනෙ.පුලුවන් නම් යෙධාරව බලාගන්න*

*කොල්ලත් ඇත්තෙ තාදි වගෙම දුකින්.පුලුවන් නම් බන් ඉස්කොලේ උන්ට මේ ගැන දැනගන්න තියන්න එපා*

*තාදිට ලැජ්ජ හිතෙයි*

ප්‍රබෝගෙ කතාව අහලා කලබල උනත් පස්සෙ හරි ඇත්ත කතාව දැනගන්න නිසා සමා කිව්වෙ කලබල උනු හිත සන්සුන් කරන්

*හරි බන් උබ බය වෙන්න එපා.මුට සිහිය ආව ගමන් අපි ඔක්කොම එනවා*

*එතකන් අපේ චුට්ටං බට්ටිච්චිව බලාගනින්කො.කොහොමත් අවසන් කටයුතු හෙට දිහාට තියයි නේද?මරපු එකත් මැ|රු|නු නුසා කල් යවන්න දෙයක් නැනෙ දැන්*

සමාගෙ කටහඩ අහන් හිටපු මෙත් කාටත් කලින් උත්තර බැන්දෙ සමාට මෙහෙම කියන ගමන්

*ඔව් මෙත්.යෙධාරට අවුලක් නැත්නම් විතරක් එක්කන් එන්නකො*

*අපේ අම්මයි අප්පච්චියි කිව්වා බලෙන් හරි තාදිව අපෙ දිහාවට එක්කන් යන්න හදනවා කියලා*

*පොලිසිය හරියටම කිව්වට පස්සෙ මිනිය ගේන්න ගෙදර ලෑස්ති කරයි කට්ටිය*

කියන්න ඕනි ටික කෙටියෙන් කියලා සමා එහාපැත්තෙන් ඇමතුම විසන්දි කලෙ එද්දි ආයෙම කෝල් කරන්න කියලත් කියලා

_______________________

අකුරු මිස්ටේක් තිබ්බොත් සමාවෙන්ඩෝ..

සුදු ඇදුමක් එහෙම හොයාගන්න මළ ගෙදෙට්ට සහභාගි වෙන්න 🥲💔

මං Eshani Chathumika ..