Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:56

අහංකාර වලව් හාමිනේ - 21

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *විසිඑක්වැනි කොටස (21)*

අප්පච්චි නිදිවැදපු ගෑනියෙක්ගෙ පුතෙක්ව කරකාර බැදගන්නෙ "

කට කොණට සමච්චල් හිනාවක් අරගෙන අහිලි කියවන් ගියෙ මහ නිළමෙගෙ ඇස් දිහා තනි කෙලින් බලන් 

තමන්ගෙ ඇස් දිහා තනි කෙලින් බලන් තමන්ට උත්තර දුන්නු අහිලිගෙ කතාවත් එක්ක මහ නිළමෙගෙ ඇස් ලොකු උනෙ පමණටත් වඩා 

අහිලි කොහොමද ඒක දන්නෙ..හදවත මහා හයියෙන් ගැහෙන්න ගන්නකොට මහ නිළමෙ කටින් අහිලිගෙ නම කියවුනෙ වෙව්ල වෙව්ල

"මොකද අප්පච්චිගෙ රැස් බැස්සද?ඉදුවර කියන්නෙ රංබණ්ඩගෙ ලේත් එක්ක තමන්ගෙ ලේත් කලවම් උනු තමන් මේ ලෝකෙ ආදරේ කියලා ඇත්තටම ආදරේ කරපු ගෑනිගෙ පුතා කියලා මං දැනගත්තු හින්දා" 

තමන්ගෙ පපුවට මේ ඇත්ත දැනගත්ත දා දැනුනු වේදනාව අදත් වෙනසක් නැතුව තමන්ගෙ පපුවට දැනෙනකොට ඒ ගැන හාංකවසියක්වත් පෙන්නන්නෙ නැතුව අහිලි හිනා උනෙ බයවෙලා ඉන්න තමන්ගෙ අප්පච්චිට

" සසිත අයියගෙ ඇගෙ ඇත්තටම අප්පච්චිගෙ ලේ දුවනවද කියන්න නම් මං දන්නෑ 

ඒත් මට ඕනි නෑ මගෙම සහෝදරයා එක්ක දීග කන්න අප්පච්චි" 

උගුර හිරවෙන වේදනාව දරාගෙනම අහිලි උත්තර දුන්නෙ අහක බලන් 

මහ නිළමෙගෙ ඔලුව නම් අහිලිගෙ වදන් එක්ක කරකැවෙනවා වගේ

තමන් මෙච්චර කාලයක් හගවන් උන්නු රහස කොහොමද තමන්ගෙ දුව දැනගත්තෙ

තමන්ගෙ ඇස් ඉස්සරහට ඉදුවර එන ගානෙ තමන්ගෙ හිතට දැනෙන කුකුස හරියටම කොහොමද අහිලි දැනගත්තේ 

අහිලිගෙ වචනත් අහිලිගෙ මූණෙ තියෙන උපහාසෙත් එක්ක තමන් නිරුවත් උනා වගෙ හැගීමක් මහ නිළමෙට දැනෙනකොට මහ නිළමේ බෙල්ල පුරා වේගෙන් පහළට ගලන දාඩිය බිදු පිහදාගත්තෙ බර හුස්මවල් පිට කරන ගමන් 

"මට මේක කියන්න ඕනි උනෙ නෑ අප්පච්චි..ඒත් ඔයාමයි මගෙ සීමාව පැන්නුවෙ 

දැන් ඉතින් ඔයාට ඇත්ත තේරෙනවනෙ ඒ හින්දා ගමේ උන්ගෙ කටවල් ඔයා වෙනදා වහන විදිහටම වහන්න 

අනික් දේ අප්පච්චි..සුදු හාමිනේටත් තේරෙන සිංහලෙන් කියලා දෙන්න ඉදු අයියා කියන්නෙ එයාට ගැලපෙන කෙනෙක් නෙමෙයි කියලා "  

අහිලි කියන්නෙ ඇස් වලට උනන කදුලු මහ නිළමෙට නොපෙනෙන්න මූණ හංග ගන්න ගමන්...

__ Eshu....

අහිලිගෙ කාමරේ මූසල නිහඩියාවක් රජ කරනකොට 
වෙදගෙදර ඉදන් ඇග දන වේදනාවත් අමතක කරගෙන ඉදුවර අඩාගෙන තමන්ව නතර කරන්න දගලන කුසුමාවත් ගනන් නොගෙන බොරලු පාර ඉස්සරහට ඇදෙන්න වලව්වට යන්න හිතාගෙන

සිහිය ආපු හැටියෙ හිතුවා මහ නිළමෙ ඇවිත් තමන්ව බෙරලිගල්ල ඇළේ ගිල්ලවයි කියලා

ඒත් කාලෙ ගෙවිලා යන්න යන්න එහෙම දෙයක් නොවී ඉදුවරගෙ කන වැකුනෙ මහ නිළමේ ලොකු කුමාරිහාමිව කාමරේ හිර කරගෙන අහිලිට වද දෙනවයි කියන ආරංචිය 

තමන්ගෙ හිත ගත්ත සුරංගනාවී..ඊටත් වඩා වරදක් නොකර තමන් කොහොමද තමන්ගෙ සුරංගනාවිට දුක් විදින්න දෙන්නෙ.

ඉතින් ඒ නිසාම තමන්ව ම|රා දැම්මත් කමක් නෑ කියලා ඉදුවර මේ ඇදෙන්නෙ බෙරලිගල්ල වලව්වට..

*දෙයියනෙ සුදු පුතෙ උබට මැ|රු|ම් කන්නද ඕනෙ?*

තැලුම් පාරවල් ඇග පුරා තියාගෙන අහිලිව බේරගන්න හිතාගෙන වලව්වට ඇදෙන තමන්ගෙ පුතාගෙ අතෙ එල්ලිලා කුසුමා අඩන්නෙ බයෙන්

බයයි කුසුමා.මහ නිළමෙගෙ කේන්තියට

ඊටත් වඩා බයයි තමන්ව මහ ඉහළින් තියන් ඉන්න තමන්ගෙ පුතාට තමනුත් මහ නිළමෙත් හංගන් ඉන්න රහස එළි වෙයි කියලා දැනෙනකොට 

නවතින්න මයෙ රත්තරනේ

කුසුමා අඩනවා වේගෙන් වලව් මායිමට ඇවිදන් යන ඉදුවරගෙ ඇගෙ එල්ලිලා

.. අපෙ අම්මා මගෙ අතින් එහෙම මොකුත් උනෙ නැ

මං කොහොමද කට වහන් ඉන්නෙ.මට බෑ කට වහන් කොන්දක් නැති එකෙක් ගානට පාඩුවේ ඉන්න..

කුසුමගෙ වැලපිල්ල අඩු නොවෙන තැන මදකට නැවතුනු ඉදුවර කුසුමා දිහා බලලා තදින් කිව්වෙ ඔහොම

*උබ උඩ දාන් ගියා කියලා උබට අහිතක් මිසක ලොකු කුමාරිහාමිට මොකුත් වෙන්නැ බොල*

*මහ නිළමේ පණටත් වැඩියෙන් ආදරේ කරන්නෙ ඔය ලොකු කුමාරිහාමිට*

*සුදු හාමිනේ උබ එක්ක හිටියා කියලා පිලිගත්තත් ලොකු කුමාරිහාමි එහෙම ඉන්නැ කියන්න ඕනිම එකෙක් දන්නවා*

*එ හින්දා කුලප්පු නොවි ගෙදර යමන් සුදු පුතෙ* 

මුල් ටික කේන්තියෙනුත් අග ටික අඩන ගමනුත් කුසුමා කියවන් ගියේ ඇත්ත කතාව

කුසුමගෙ වචනත් එක්ක අහිලි ගැන තිබ්බ බය වෙනුවට ඉදුවරගෙ හිතට වැදුනෙ තමන්ගෙ පහත්කම

අපෙ අම්මත් නොකියා කියන්නෙ මං වගෙ පහත් එකෙක්ට ලොකු කුමාරිහාමි වගෙ කෙල්ලෙක්ව ගැලපෙන්නැ කියලා නේද? 

ටික වෙලාවක් සද්ද නැතුව හිටපු ඉදුවර තමන්ගෙ අම්මගෙ මූණ තමන් දිහවට හරවගන්න ගමන් කුසුමහෙන් ඇහුවෙ දුකින්

*මො..මොනවද රත්තරනෙ කියවන්නෙ?*

ඉදිවරගෙ ඒ නොසිතපු ප්‍රශ්නෙ ගාව අන්දුන් කුන්දුන් වෙලා ගියෙ කුසුමව 

*ඇයි ඇයි මට ලොකු කුමාරිහාමිට ආදරේ කරන්න බැරි*

*හිත් වල තියෙන ආදරේ ගැන නොබලා මොන මගුලටද කුල මල බලන්නෙ ගෑනියෙකුටයි මිනිහෙකුටයි බදින්න* 

බොරලු පාරෙ තිබුනු බොරලු වලට පයින් ගහලා ඉදුවර වේදනාවෙන් කෑගැහුවෙ කුසුමගෙ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි කරලා වගේම මෙච්චර වෙලා ගලපු කදුලුත් හින්දෝලා 

,,,Eshu

ඉදුවර බොරලු පාරේ තමන්ගෙ අම්මගෙන් වේදනාත්මක ප්‍රශ්නෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනකොට අහිලිගෙ කාමරෙන් හිමින් සැරේ එළියට ආපු මහ නිළමේ මැරුණු මළ කදක් ගානට තරප්පු පෙළ බහින්න ගත්තෙ පියෙක් විදිහට තමන්ගෙ දුවෙක් ගාව පරාද උනු මිනිහෙක් ගානට 

මොන කුපාඩි වැඩේ කළත් දොන් පියස් මහ නිළමෙ කියන්නෙ තමන්ගෙ දරුවන් දෙන්නටම ඇත්තටම ආදරේ කරපු හොද පියෙක්.

අහිලි ඉස්සර ඉදන්ම මුරණ්ඩු හින්දා අහිලිට සැර වැර කෙරුන නිසා අහිලිට ආදරබර වදන් අහන්න බැරි උනාට අහිංසක සුදු නෙළුමක් උනු සුදු හාමිනේ මහ නිළමෙගෙ ආදරේ උපරිමයෙන් වින්දේ මහ නිළමෙ කියන්නෙ හොද පියෙක් කියලා සනාත කරන්න පුලුවන් විදිහට 

*මයෙ නිළමෙ ලොකු හාමිනේ* 

ගියාට වඩා හාත්පසින් ම වෙනස් විදිහට පහත මාලයට ආපු තමන්ගෙ ස්වාමියා දැකපු තැන කරොලිනා හාමිගෙ ඉහ රත් වෙන්න ගත්තෙ නිලමෙගෙ පෙනුම නිකන් දුවෙක් අහිමිකරගත්තා වගෙ පෙනුමකින් පිරිලා තිබ්බ නිසා

*ලොකු..ලොකු හාමිනෙ හොදින් නේද? ඇයි මේ*

*දෙයියනෙ මගෙ ලොකු කෙල්ලට මොනාහරි වෙලාද?*
යටිපතුලෙ ඉදන් මුලු ඇගේම වේදනාත්මක බියක් සැරිසරන්න ගන්නකොට මැණිකෙ අඩන්න ගත්තෙ තමන් ගාව උන්නු සුදු හාමිනෙගෙ අතකින් අල්ලන් 

දැන් නම් සුදු හාමිනෙගෙ ඇගත් සීතල වෙලා එන්නෙ තමන්ගෙ අම්මගෙ මූණත් තමන්ගෙ පියාගෙ මූණත් දැකලා

*අක්..කාහ්..දෙයි..යනෙ අක්කාහ්* 

සුදු හාමිනේටත් ඉකි ගැහෙන්නෙ මුලු ඇගම වෙව්ලලා ගිහින්..

සුදු හාමිනේ බයේ හිටියත් මහ මැණිකෙ බයේ හිටියත් මහ නිළමෙට ඒ ගැන වගක් නොවෙනකොට තමන්ගෙ කාමරේ ඉදන් සුපුරුදු අහංකාරකමින් අහිලි පහත මාලෙට බැස්සෙ 

" මං තාම මැ|රු|නේ නෑ සොරි ඩොට්කොම් කියලා කියන ගමන්'" 


පහත මාලෙන් ඇහුනු අහිලිගෙ ගාම්භීර කටහඩට අදෝනා දෙන ගමන් උන්නු අම්මයි දුවයි දෙන්නම ගල් ගැහිලා ගියේ මෙච්චර වෙලා තමන් ඇඩුවෙ ලොකු කුමාරිහාමිට මොනාහරි උනාද කියලා හිතපු නිසා කියන දේත් අමතක කරලා

මොකද මෙච්චර වින්නැහියක් වෙලා ඊයෙ රෑ පුරාම කාමරේ හිර වෙලා ඉදලා තමන්ගෙ ඇස් ඉස්සරහට ආපු අහිලිගෙන් සුදු හාමිනේටත් කරොලිනා මහ මැණිකෙටත් දැන් පේන්න තිබුනෙ අඩලා දොඩලා වැලපුනු කෙල්ලෙක් වෙනුවට සුපුරුදු ආඩම්බරෙන් ඉන්න අහිලිගෙ තේජස 

" මොකද දෙන්නා ගල් ගැහුනෙ.මං මේ බෙරලිගල්ල වලව්වෙ ලොකු කුමාරිහාමි

එහෙම ලේසියෙන් මං පරාජය භාරගන්නෙ නෑ බොල "

තමන්ගෙ අම්මගෙත් නංගිගෙත් පුදුම උනු ඇස් ගෙඩි ගාව අහිලි උදම් ඇනුවෙ ආඩම්බරෙන් 

දෙන්නගෙ මූණ ඔය විදිහට බලලා ඊයෙ නැති උනු නම්බුව ආයෙම ගන්නම තමයි අහිලිත් මහ නිළමෙ ගිය ගමන් ම පහත මාලෙට ආවේ 

කතාවක් තියෙනේ හැට පැන්නත් වදුරා යන්නෙ උඩින් මිසක බිමින් නෙමෙ කියලා 

ඉතින් අහිලිටත් ගුටි කෑවටත් වඩා හිතට දුකක් ආවේ ඊයෙ හැමෝම ඉස්සරහා නැති උනු තමන්ගෙ නම්බුව පිලිබදව 

කොහොමින් කොහොම හරි අහිලි උජාරුවට අත් දෙකත් පිටිපස්සට බැදන් අහංකාර මුහුණින් පහත මාලේ උන්නු හැමෝවම පහු කරන් වලව්වෙ ඉස්සරහට ඇදෙනකොට 

අහිලිගෙ පුරුදු තේජසත් ආඩම්බරෙත් ඉස්සරහා මහ මැණිකෙගෙත් සුදු හාමිනෙගෙත්
ඇස් ක්ශනිකව හැරුනෙ පුටුවකට වැටිලා ඔහේ කල්පනාවකට වැටුනු මහ නිළමෙ දිහාවට

*මොකද උනේ* 

දෙන්නටම දැන් හිතාගන්න බෑ දුකින් ඉන්න ඕන කෙනා තේජසිනුත් තේජසින් ඉන්න ඕනි කෙනා දුකිනුත් ඉන්නෙ ඇයි කියලා

ඒ ගමන සුදු හාමිනෙත් මහ මැණිකෙත් තම තමන්ගෙ මූණවල් දිහා බලාගන්නෙත් හෙලවෙන්නෙවත් නැතුව ඉන්න මහ නිළමෙගෙ හැසිරීම ගැනත් ඊයෙ රෑ ඉදන් කෑකො ගගහා වැලපුනු ලොකු කුමාරිහාමිගෙ අහංකාරකමත් තේරුම් ගන්න බැරුව

මේගොල්ලන්ට විතරක් නෙමෙයි මේ සේරම හොරෙන් බලා උන්නු වලව්වෙ වැඩට ඉන්න මිනිස්සුත් බලාපොරොත්තු නොවුනු විදිහට දැකපු ලොකු කුමාරිහාමි දිහත් මහ නිළමෙ දිහත් හොරෙන් එබිලා බලන්නෙ විසාල කුතුහලෙන් උනෙ මොකද්ද කියලා හිතාගන්ඩ බැරුව 

සමහරක් වැඩට ඉන්න උන් නම් *අනිවාරෙන් ඉදුවර කොල්ලයි ලොකු කුමාරිහාමියි පැටලිලා ඇති*

*ඒකනෙ නිළමෙ ඔහොම ඉන්නෙ.උන්වහන්සේට පරම්පරාව අරන් යන්න උන්නු එකම කෙනත් ඔහොම කළාම නිළමෙට උනත් ජීවිතෙ කළකිරෙනවා තමයි* කියලා කියනකොට බොරලු පාරෙ දිගෙ කුසුමා එපා කියද්දි වලව්ව දිහාවට ඇවිදන් ආව ඉදුවර මුරට උන්නු පියදාසවත් පාස් කරගෙන වලව් මිදුලට ඇතුල් උනෙ 
වේගෙන්.
_______________________
🤯 වලව්ව ගිනි ගන්නයි යන්නේ..වතුර බවුසරේකට කතා කරලා ඉමුද කෝකටත් 👀