_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිවෙනි කොටස (20)*
පෙර කොටසින්,,,,
විනාඩි ගානක හිතිල්ලෙන් පස්සෙ මහ නිළමෙට දෙයක් මතක් වෙනකොට මහ නිළ්මෙ ඉදන් උන්නු සයනෙන් නැගිට්ටෙ අඩියට දෙකට
_______එතැන් සිට_________________
ඉදන් උන්නු සයනෙන් අඩියට දෙකට නැගිට්ට මහ නිළමේ කාමරෙන් එළියට ඇවිදින් අඩියට දෙකට උඩු මහළෙ තිබුනු අහිලිගෙ කාමරේ දිහාවට ඇදුනෙ හිතට ආව දේ කරන්න කලියෙන් අවසාන වතාවට අහිලි එක්ක කතා කරන්න හිතන්
*සුමනපාල ලොකු කුමාරිහාමිගෙ දොරෙ යතුර ගෙනෙන්*
උඩු මහළටත් ඇවිත් ඇස් ඉස්සරහා පේන අහිලිගෙ කාමරේ දොර ඉස්සරහට වෙලා හිටගෙන මහ නිළමෙ කෑගැහුවෙ වලව්වෙ වැඩට ඉන්න සුමනපාලට
මහ නිළමෙ සුමනපාලට කෑගහන සද්දෙට මෙච්චර වෙලා මළ කදක් වගෙ දොරට ගහලා හති වැටිලා උන්නු අහිලි ක්ශනිකව ඉදන් උන්නු බිමෙන් නැගිට ගත්තා
"අප්පච්චි,අනේ අප්පච්චි මට කතා කරන්න ඕනි අප්පච්චි"
තමන්ගෙ කාමරේ වැහුනු දොර ඉස්සරහා මහ නිළමෙ ඉන්නවා කියලා තේරුනු අහිලි සැර බාල කරගෙන අඩ ගැහුවෙ මහ නිළමෙට
*ඇරපන් සුමනපාල මේ දොර.මට ඇරෙන්න කිසි එකෙක්ට උඩු මහළට එන්න තහනම්*
දුව දුවා යතුරු කැරැල්ල අරගෙන ආව සුමනපාලට ඔහොම කියන ගමන් මහ නිළමෙ උන්නෙ අහිලිගෙ කාමරේ දොර ඇරෙනකම්
කාමරේ දොර අරිනකම් වගෙම ඇරෙනකම් දොරෙන් එහා පැත්තෙත් මෙහා පැත්තෙත් අහිලිත් මහ නිළමෙත් උන්නෙ නොඉවසිල්ලෙන්
අහිලිට ඕනි මොනවම හරි කරලා ඉදුවරව බේරගන්න.දැන්ටම ඒ අහිංසකයට මොනව හරි කරලද දන්නෙ නෑ
අහිලිගෙ හිත කෑගහන්නෙ ඉදුවර ගැන දැනෙන බයට..දොර අරින්න යන වෙලාවත් කල්ප ගානක කාලයක් වගෙ දැනෙනකොර
කල්ප ගානක් වගෙ දැනෙන විනාඩි ගාන ගෙවිලා ගිහින් කාමරේ දොර ඇරුනෙ සුමනපාල අතින්..
සුමනපාල අතින් දොර ඇරෙනවත් එක්කම මහ නිළමෙගෙ ඇස් වලට අහුවුනෙ කවදාවත් දැකලා නැති පෙනුමකින් ඉන්න තමන්ගෙ ලොකු දුවව
*කොහොමද උබ මොකුත් උනෙ නෑ කියන්නෙ.උබෙ පෙනුමෙන්ම මට හැම ඇත්තක්ම කියනවා අහිලි*
තමන් දිහා පිස්සියක් වගෙ රතු උනු මූණෙන් කලකිරිලා වගෙම කලබලෙන් බලා ඉන්න
තමන්ගෙ වැඩිමහල් දුව දිහාම බලාගෙන මහ නිළමෙ ඇතුල් උනෙ අහිලිගෙ කාමරේට
මහ නිළමේ කිසි කතාවක් බහක් නැතුව කාමරේට ඇතුල් වෙලා දොරේ අගුල දානවත් එක්කම අහිලි මහ නිළමෙගෙ කකුල් දෙක ගාව ඇද වැටුනෙ අප්පච්චි කියල මහ සද්දෙට කියන ගමන්
කවදාවත් උබ මං ගාව පින්සෙන්ඩු වෙලා නෑ ලොකු හාමිනේ..
උබ මට තවත් බොරු ගොතනවද?
ටික වෙලාවක් මොකුත් නොකියා තමන්ගෙ කකුල් දෙක බදාගත්තු තමන්ගෙ ලොකු දුවට මහ නිළමෙ කිව්වෙ පපුව රිදුම් දෙන වේදනාවෙන්
*සත්තයි අප්පච්චී,එහෙම කිසි දෙයක් උනේ නෑ.ඇත්තමයි*
*මං එයා එක්ක බු|දි|යෑවෙ නෑ අප්පච්චි.මං එයාව පහත් කරලා බැන්නා එයා ගල් තලාව උඩ ඉන්දැද්දි*
*පස්සෙ කලුවර වැටුනු නිසා මාව මග ඇරෙයි කියලා බයට මං එයාගෙ අතින් අල්ලගත්තා විතරයි*
කෑගහලා කේන්තියෙන් ප්‍රශ්නෙ විසදන්න බෑ කියලා තේරුනු හින්දා තමන්ට සසිත සැර කරපු දේ නොකියා අහිලි කිව්වෙ තමන්ගෙ අප්පච්චිට
තමන්ගෙ දුවගෙ පාපොච්චාරණෙත් එක්ක ලොකු දුව කියාපු කතාව සද්දෙ නැතුව මහ නිළමෙ අහන් හිටියා
"මට ඒ තරම් අමාරුවක් නෑ දෙයියනෙ"
මහ නිළමෙගෙන් සද්ද බද්දයක් නැති පාර පොළොවට අත් වලින් ගගහා අහිලි කෑගහන්න ගත්තෙ තරහින්
*නවත්තගනින් අහිලි* තත්පර ගානකට පස්සෙ මහ නිළමෙ අහිලිට කතා කළේ අහිලිගෙ හිස වේගෙන් ඉහලට එසවෙනකොට
අහිලිට එහෙම කතා කරලා මහ නිළමේ ගිහින් වාඩි වුනෙ අහිලිගෙ සයනෙ මතින්
*ඉදගනින් ලොකු දූ* වැදගත් කාරණාවක් කියනකොට විතරක් පයින ලොකු දූ කෑල්ලත් එක්ක නිළමෙ බැලුවෙ තමන් දිහා බලන් ඉන්න අහිලි දිහා
*ඉදගනින් මෙතනින් ඇවිත්* හෙල්ලෙන්නෙවත් නැතුව තමන්ගෙ හිත කියවන්න වගේ තීක්ෂණ බැල්මක් දාන් ඉන්න අහිලිට ආයෙම කිව්වෙ මහ නිළමේ
කලින් කිව්වත් වගෙ අහිලි දන්නවා තමන්ගෙ තාත්තා ගැන..මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔහොම කතා කරනවා කියන්නෙ තමන්ගෙ ඔලුවට හෙන හතක් වදින්න කියන්නත් අහිලි දන්නෙ අත්දැකීම් සහිතව
වෙනදට නම් කෑගහලා වන්නම් නටලා අඩි හප්පන්න පුලුවන් උනත් තමන්ගෙ අහිංසකයාගෙ ජීවිතෙ තියෙන්නෙ තමන්ගෙ අතෙ නිසා අහිලි ගිහින් සද්ද නැතුව ඇද ඉස්සරහා තිබුනු පුටුවෙන් වාඩි උනෙ අවුල් වෙලා මූණට වැටුනු හිසකෙස් ටිකත් මූණ පුරා තිබුනු කදුලු ටිකත් පිහදාන ගමන්..
තමන්ගෙ ලොකු දුව ගිහින් හීන් සිරුවෙ පුටුවෙන් ඉදගන්නවා බලා හිටිය මහ නිළමෙ උගුර පෑදුවෙ තමන් කියන්න යන්නෙ කවිරුත් නොදන්න වැදගත් දෙයක් කියලා අහිලිට නොකියා කියලා
අහිලිගෙ නම් පපුව ගැහෙන්නෙ මේ කියන්න යන්නෙ ඉදුවරව මැ|රු|ව වත්ද කියලා හිතිලා
*ලොකු දූ* තත්පර ගානක්
නිහඩව ඉදලා මහ නිළමේ අහිලිගෙ මූණෙන් ඇස් අරන් ගිහින් නතර කලේ කොළ පාට ගෑවුනු බිත්තියක.
*උබ ඔය කියන්නෙ ඇත්තද නැත්තද කියලා දන්නෙ උබ ලොකු දූ*
*හැබැයි ඒක ඇත්ත උනත් උබට මං කවදාවත් අර ඉදුවරව නම් බදින්ඩ ඉඩ තියන්නෙ නෑ*
*උබට නෙමෙ සුදු හාමිනේටවත්*
මහ නිළමේ කියවන් ගියේ දැඩි හඩකින්
" ඒක මං දන්නවා අප්පච්චි..ඒ නිසාමයි මං කියන්නෙ එහෙම මොකුත් උනෙ නෑ කියලා"
අහිලිත් දැඩි හඩකින් කටහඩ අවදි කලේ තමන්ගෙ ඇගට ලොකු කුමාරිහාමිගෙ චරිතෙ ඇදලා අරන්
*දුප්පත් අප්පෙක් නැති එකෙක්.ගරාජ් කාරයෙක්.වලව්වෙ වැඩට ඉන්න කොල්ලෙක්*
*උබට තේරෙනවනෙ ලොකු දූ ඌව අපිට නොගැලපෙන තරම්*
මහ නිළමේ මේ කාරණාව කිව්වෙ බිත්තියෙන් ඇස් අරන් ඇවිත් අහිලි දිහා බලාගෙන
" මං දන්නවා මහ නිළමේ.මං සුදු හාමිනෙ නෙමෙයි නොගැලපෙන උන් එක්ක තක්ගැහෙන්න
අනිත් දේ මං කොහොමද මගේම..."
________________________
ඉතුරු ටික ඊගාව කොටසෙන්..