
_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *දහතුන්වන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
"අහ්..හ්හ්.."
____එතැන් සිට________________
____
සමා දිහාවටත් එක බැල්මක් යොදලා වේගෙන් ගැහෙන හිතත් ලාවට වෙව්ලන අතැගිලිත් සන්සුන් කරගන්න ට්‍රයි කර කරා
තාදි බෝඩ් එකෙ ලියපු මාර්තෘකාව සටහන් පොතෙ ලියන්න හැදුවෙ කෙයිමිගෙ ඇස් තමන්ට වැටිලා තියෙනවත් දැකලා
" හයියෝ , මූව දැක්ක දවසෙ ඉදන් පෙරලෙන්නෙම බාල්දිනෙ"
ගැහෙන අතැගිලි පෑන බදලා අල්ලන් සටහන් පොතේ අකුරු කරනකොට කෙයිමි තමන්ටම මුමුණගත්තෙ කලබලෙන්...
"හ්හ්..අහ්." ලාවට සන්සුන් වේගෙන ආපු හිතත් ගැහෙන එක නතර වීගෙන ආව අතැගිලිත්
තත්පරේට එකසිය ගානට වගෙ ගැහෙන්න ගත්තෙ කර ගාවින් ඇග ඉස්සරහට වැටිලා තිබ්බ කොණ්ඩ කරලක් එකපාරටම පිටිපස්සෙන් ආපු අතැගිලි පහකට පිටිපස්සට ඇදිලා ගියපු හින්දා
" හ්හ් ඉවරයි මං"
වම් පැත්තෙ කොණ්ඩ කරලා පිටිපස්සෙන් ආපු අතැගිලි ටිකකට ඇදිලා යනවත් එක්ක ම තාදිගෙ මුවින් පිට වුනෙ ඔහොම..
කොණ්ඩ කරලා ඇදිලා ගියපු පාර තව ටිකකින් තමුනුත් උඩින් යයි කියලා තමා තාදිට දැන් හිතෙන්නෙ..
තත්පර ගානක් ගල් ගිලලා වගෙ හෙල්ලෙන්නෙවත් නැතුව ඇස් කොනට සමා දිහාත්,බෝඩ් එකෙ ගානක් හදන කෙයිමි මිස් දිහාත් බලා ඉදපු
තාදි යෙධා ඇදලා ගත්තු කොණ්ඩෙන් කිසි වේදනාවක් නොආපු තැන බෙල්ල හරවලා පිටිපස්සෙ අසුන දිහා බැලුවෙ යෙධා නේද තමන්ගෙ කොණ්ඩ කරල ඇදලා ගත්තෙ කියලා හරියටම දැනගන්න..
.. උගන්නනන එක අහන් ඉන්නවා..
මෙත් ගාව තිබ්බ තමන්ගෙ අවධානෙ පොතක් බිමට වට්ටලා ගත්තු කෙල්ල දිහා යෙධා මීට තත්පර කීපෙකට කලින් බලා හිටියෙ පහ නොවුනු කේන්තියෙන්..
ආන් එහෙම කෙල්ල දිහා බලා ඉද්දි තමයි මොකද්දො අමුතු සිතුවිල්ලක් ඇවිල්ලා යෙධාට තමන් එක්ක රණ්ඩු වෙන පොඩි කෙල්ලගෙ කොණ්ඩ කරලක් ඇදලා ගන්න හිතුනෙ..
හිතුවත් වගෙ තමන් තත්පර කීපෙකින් ඒ දේ කරලා කරපු ගමන් කෙල්ලත් ගල් ගිලලා වගෙ හෙල්ලෙන්නෙවත් නැතුව ඉදලා
දැන් හිමින් සැරෙ ඒ බය උනු මූණ තමා දිහාවට හැරෙනවා පේද්දි
උඩ සටහන් කළා වගෙ කෙයිමි මිස් දෙන නෝට් එක ලියන්න සටහන් පොත පෙරලන ගමන් යෙධා කිව්වෙ තාදිට වම් අතින් තාදිගෙ කොණ්ඩ කරලත් ඇගිලි පහට හිර කරන්..
" කො..කොණ්ඩෙ"
යෙධාගෙ ඒ වදන් කිහිපයත් එක්ක තාදි තත්පර කීපෙකට ඇස් ලොකු කරගෙන බලා ඉදලා තමන්ගෙ කොණ්ඩෙ අල්ලන් ඉන්න යෙධාගෙ අත දිහා බලලා කියන්නෙ හීන් හඩින්..
.. තමුසෙට ඕනෙ මිස්ගෙ අවධානෙ තමුසෙගෙයි මගෙයි දිහාවට ගන්නද?..
සීතල නපුරු බැල්මක් දාලා කියන දේ නොහා තවත් ලතැවෙන තාදිට යෙධා කියන්නෙ ඇස් වලින් බෝඩ් එකෙ අකුරු ලියන කෙයිමිවත් පෙන්නලා
" ඔයානෙ ඉතින් මගුල් නටලා අවදානෙ ගන්නෙ "
තාදි කියන්නෙ යෙධාගෙ වචනත් එක්ක පොඩ්ඩකට යෙධා එක්ක දැනුනු බය පසෙකලා සුපුරුදු කේන්තියෙන්..
කේන්තියෙන් කිව්වත් මොකද ඒ වදන් එක්ක තමන්ගෙ මූණ
ට වැටුනු සැරම සැර බැල්මට තාදි ආපහු පූස් බැල්මට් එකට මාරු වෙලා ඉබේම ඉස්සරහට හැරෙද්දි යෙධා ආයෙම කිව්වෙ කොණ්ඩෙ අමතක කරලා නෝට් එක ලියාගන්නවා කියලා...
,,,
විනාඩියක් එක්ක තව විනාඩි 120ක්..
තාදිගෙ කොණ්ඩේ
කෙයිමි බලන බලන ගානේ අතෑරලා කෙයිමි බෝඩ් එක දිහා බලද්දි ආයෙ අල්ලන් ඉන්න ගමන් යෙධා ගෙවලා දැම්මේ හිතේ තිබ්බ කේන්තිය සම්පූර්ණයෙන් ම නිවලා දාලා මුලු හිතම ජීවිතෙ එකම එක පාරක් දැනුනා වගෙ හැගීමකින් වෙලාගෙන
මෙත්,යේශ්,කේශ්,ප්‍රබෝ වගෙම සමාත් නාටිකාංගනාවො තුන් දෙනාත් ,පන්තියෙ යෙධාව පේන මානෙ ඉන්න කොල්ලො ටිකත් මේ වෙනකොට
යෙධාගෙ මේ නාඩගම දිහා බලා ඉන්නෙ පට්ට කුතුහලෙන්..
*මොකෑ හු|පුතෝ උබ ඔය කරන්නෙ*
ගෙවුනු විනාඩි 120න් විනාඩි පහෙන් පහට ඇහුවත් වගේ ඉන්ටවල් එක නිසා පන්තියෙන් යන්න ගිය කෙයිමි මිස්
ගියාමද කියලා බලලා මෙත් අහන්නෙ සැරට යෙධාගෙ කොන්දට පාරක් ගහලා
.. ඇයි මොකද..කිසි ගානක් නැතුව කලින් අල්ලන් හිටපු තනි කොණ්ඩ කරල වෙනුවට තාදිගෙ අනික් කොණ්ඩ කරලත් තමන්ගෙ අනිත් අතට ඇදලා ගන්න ගමන් යෙධා අහන්නෙ මෙත් ගෙන් එක ඇහි බැමක් ඔසෝලා..
*ප| උබ හොද සිහියෙන්ද ඉන්නෙ,උබ දැන් ඉන්නෙ ඉස්කොලේ උබගෙ පන්තියෙ*
*එතකොට උබ ඔය දැන් මැණිකක් වගෙ දෝත බදන් එල්ලිලා ඉන්නෙ උබ එක්ක පොඩ්ඩ ඇත්නම් එල්ලෙන්න දගලන උබෙ පොඩි හු| කොණ්ඩ කරලේ*
වගේ වගක් නැතුව උත්තර බැදපු යෙධාගෙ වදනට යකා නැගපු පාර මෙත් යෙධාරගෙ ඔලුවටත් ගහන ගමන් එක සීරුවට කියවන් ගියෙ
තාදිත් තමන්ගෙ කොණ්ඩෙ බේරගන්න බැරුව මෙත්ගෙ කතාවට හිස උඩ පල්ලෙහා කරද්දි
.. දැන් උබම කිව්වෙ මේකි මගෙ පොඩි හු* කියලා,ඉතින් මේකි මගෙ නම් මේකිගෙ මේ නකුටු කොණ්ඩෙත් මගේ..
අත් දෙකෙ ඇගිලි පුරුක් වලට අහුවෙලා තියෙන තාදිගෙ කොණ්ඩේ අත් දෙකෙන්ම හොලෝන ගමන් යෙධාත් මෙත්ට ඇහැක් ගහලා ඔහේ කියවන් ගියා
" හෑ මං තමුසෙගෙ නෙමෙ..මං නම් ඔහේට කැමති නෑ"
මෙච්චර වෙලා කට වහන් උන්නු තාදි මේ පාර කට ඇරියෙ තමන්ගෙ අත් වලින් යෙධාරට ගහන්නත් වගෙ අත් උස්සලා
.. මෝඩ කොට පොඩි හු* තමුසෙව අල්ලලා වීසි කරන්න කලින් කට වහන් කෑම එක කෑවොත් හොදා
ඉන්ටවෙල් එක ඉවර උනාම තමුසෙගෙ මේ බලු නකුට මං දෙන්නම්..
තමන්ට අත් දෙකෙම උස්සලා ගහන්න වගෙ හදන තාදි දිහා බලලා යෙධා සෙල්ලක්කාර විදිහට කියලා දැම්මේ තාදි දිහවට මල් මල් හිනාවකුත් දාලා
තමන් මෙතන අත් ඇරපන් කොණ්ඩෙ දීපන් ගෑවත්,හූ කිව්වත් වෙන්නෙ කොහෙන් ගියත් තමන්ටම පාඩු විතරයි කියලා
තාදිට යෙධාර එක්ක මේ ගත කරපු සතිටිකට
ඕනිවටත් වඩා තේරිලා තිබ්බෙ.
ඉතින් එ හින්දම
යෙධාටත් රවන්න පුලුවන් උපරිම රවලා තාදි සමාට කිව්වෙ අත හෝදන් ඇවිත් කවපන්කො කියලා..
*හරි හරි ඉදපන් මැණිකෙ විනාඩියක්*
,,,,,
යෙධා කරන විගඩමේ පිහිටට සමාගෙ අතින් තමන්ගෙ බඩ පුරෝගන්න ගමන් තාදි ඉන්ටවල් එක ගෙවලා දැම්මෙ ලොකු අයියෙක් හරිඅක්කෙක් හරි
උස පොල්නට්ටගෙ විගඩම දැකලා සර් කෙනෙක්ට කියයිදො කියන බයෙන්...
ඒකට යෙධා උන්දැ..
කොල්ලො හතර දෙනා අතින් සැරින් සැරේ බඩට කෑම දාගන්න ගමන් මුලු ඉන්ටවල් එකම ගෙවලා දැම්මෙ
තාදිගෙ කොණ්ඩ කරල් දෙක දෑතින්ම හොලෝලා එක වේලාවකදි කොණ්ඩ කරල් දෙකට හාදුත් තියලා..
" හෑ යකොව් මගෙ මේ බෙල්ලෙන් පොඩ්ඩක් පල්ලෙහාට තියෙන බලු නැට්ටට මොකත මූ මේ කවදාවත් නැතුව මෙච්චර ආසා වෙලා "
තමන්ගෙ කොණ්ඩ කරල් වලට යෙධා හාදු දෙන ගානෙ තාදි හිතුවේ යෙධා දිහා බලලා
,,
.. පොඩි හු* ආ මේන් තියාගන්නවා.කෙල්ලෙක් නේද පොඩ්ඩක් කොණ්ඩෙට සාත්තුකරලා වවාගන්නවකො..
පස්වෙනි කාලච්ඡේදය කියලා දැනුවත් කරන්න ගහපු බෙල් එක ඇහිලා යෙධා මෙච්චර වෙලා අල්ලන් උන්නු තාදිගෙ කොණ්ඩ කරල
තාදිට භාර දුන්නෙ තාදිගෙ කට දෙපැත්ත නොරිදෙන විදිහට එක අතකින් මිරිකලා..
"මොනවච කර..ම්නෙහ් "
කලින් කොණ්ඩෙ අහු වුනා වගෙ යෙධාගෙ අතකට දැන් අහු වුනු කටින් තාදි යෙධාගෙන් අහන්නෙ සර් කෙනෙක්වත් එයිදෝ කියලා බයට දොර දිහාත් බලන ගමන්..
.. හ්ම් හ්ම්.අද ඉදන් තමුසෙගෙ කොණ්ඩ කරල් දෙක මගේ හරිද?
කොහොමත් තමුසේ ඉනට තියෙන කොණ්ඩේ බෙල්ල ගාවට එනකම් නවන්නෙ එන්නෙ
ඇස් වහ වලින් පරිස්සම් කරන්නද?
එහෙනම්
අද ඉදන් කොණ්ඩෙටත් සාත්තුත් කරනවා..
තමන්ගෙ අතට අහුවෙලා තද රතු වුනු කටත් ඒ මූණත් තමන්ගෙ ඇස් වලින් රස විදලා ඉවර වෙලා යෙධා තාදිට කිව්වෙ රතු වුනු කට දෙපැත්තත් නිදහස් කරලා
" මොකද දන්නෑ මේ කවදාවත් නැතුව මං ගැන හිතන්නෙ
තමන්ගෙ පාඩුවේ වැඩක් කරගත්තොත් හොදයි
මං ගැන ඔබතුමා හොයන්න් ඕනෙ නෑ "
තමන්ගෙ මුව නිදහස් කරගත්තු සැනින් ආයෙම අල්ලයි කියන බයට ඩෙස් එක යටින් රිංගලා දොර ගාවට ඇදිලා ඉවර වෙලා තාදි කිව්වෙ රව රවා
.. පුහ් කොට එකියක් ගිය උඩ බලපල්ලකො
සති අග එනවකො මං තමුසෙව අල්ලගන්නම්..
යෙධාත්
කියන්නෙ කිසි කේන්තියක් නැතුව තාදිගෙ මූණෙම ඇස් තියන්...
මුන්ගෙ මේ කෝළම් පන්තියෙම උන්ගෙයි පලවෙනි පෝළිමෙයි දෙවෙනිපෝළිමෙ උන්ගෙයි මොළවල් අනික් පැත්ත ගහලා තියෙද්දි
ඈතින් ඇහුනු ET සර්ගෙ කටහඩට තාදිආයෙම ඩෙස්
එක යටින් ඇවිත් ඉදගත්තෙ තමන්ගෙ අසුනින්..
________________________
යෙධා තාදිට ආදරෙයි කරයි වගේ නේද?
දෙන්නව ජෝඩු කරන්නද?
හැබැයි අර ගෑනු පරානෙත් ඉන්නවා.එයත් පව් යෙධාට පණ ඇරලා 🫨