Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 28 2026 @ 10:52

හෘද ලිලී - 12

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *දොළොස්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

දෙන්නා දෙපැත්තට වෙලා සැකයක් නොහිතෙන විදිහට මේ ඉරිදත් ගෙවලා දමද්දි හද මාමාත් උබලට හොද නම් මට මොකද ගානට තරු එක්ක අහසෙ හිනා වෙවි හිටියා...

________එතැන් සිට________________


හද මාමා ඒ විදිහට හිතලා බැහැලා ගිහින් ඉර මාමා ඇවිත් එයාත් ඒ විදිහටම බැහැලා ගිහින්

අවුරුද්දෙ දෙවෙනි මාසෙත් පටන් අරන් සතියක් ගෙවිලා ගියේ තාදිත් යෙධාත් වගෙම අනික් ළමයිනුත් ටෙක් එකටම කොටු වෙලා නොසෑහෙන්න පොත් අස්සට හිර වෙලා..

ෆෑන් තිබ්බට හොද පුටු තිබ්බට,කොයිවෙලෙත් හිස් පීරියඩ් නැතුව හැම ළමයෙක්ටම ඉගෙන ගන්න වෙලා තිබ්බෙ ඉගෙන ගන්න ආසා නැති අයට නම් ඉස්කොලේන් පැනලා දුවන්න ඕනි වගෙ හැගීමක් ඇවිත් තියෙද්දි.

තමන්ගෙ විශය නොවන අනික් විශයන්වල ළමයි පොඩි හරි නිදහසක් ලබන කොට 

ටෙක් වාසීන්ට වජිර සර්ගෙ අත්සන් පොතත් එක්ක ගෙදර නිදහසත් අහිමි වෙලා තිබ්බා.

නිදහස කොහොම උනත් හරි සාර්ථක විදිහට පෙබරවාරි මාසෙ පළමු සතියත් කා දමලා දෙවෙනි සතියෙ සදුදා දවස උදා වෙලා තියෙන කොට 

දොලහ වසරේ මුල් දවසයින් පස්සෙ ඇතිවෙන තෙවෙනි ලෝක යුද්ධය මේ වෙනකොට ඇති වෙන්න ඔන්න මෙන්න වගෙ තිබ්බෙ 

12 F එකේ යෙධා ඇතුලු කොල්ලො පස්දෙනාගෙත් දහතුන වසරේ වැඩිමල් ශිශ්‍යකොල්ලො ටිකත් අතර

*පරිස්සමින් ඉදපන් කොල්ලො.අපි ආපහු ආවානෙ,තොපේ ඔය වැඩි නහර ටික අපි හිමීට බස්සලා ගන්නම්*


පවුල් පසුබිමෙ ඉදන්ම මැර ගති ගේන යෙධා තරම්ම උස යෙධාට වඩා ඇග පතින් ලොකු *චතුර* නම් දහතුන වසරෙ නඩේ පොර කුකුළා යෙධාරලා දිහා බලලා මේ කියන්නෙ කින්ඩි හිනාවක් දාලා ..

..හහ් පුලුවන් නම් බස්සලා පෙන්නපන් හු * තෝ එදත් කෑවනෙ අපෙන්

චැහ් දහයක් ඉදලත් කෙලින්න බැරි උනා ,අඩුම තොපිට කෙල්ලෙක්ට හු| * හරි පුලුවන් ද?..

යෙධාර අහන්නෙ කේන්තියටම මූණ රකුසු කරන් අත් වල නහර වැල් උලුප්පන් ඇස් ඉස්සරහා ඉන්න ප*න්ගෙ බෙලි කඩලා ගන්න තරම් ආසාවකින්..


*මොකද්ද පො| තෝ කියන්නෙ,උබෙ ගෑනිව හරි ගෙදර එකෙක් හරි එවපන්,කරලා පෙන්නුවහම උන්ගෙන්ම අහගනින්*


යෙධාරගෙ වදන් වලට යකා වැහුනු චතුර කියන්නෙ යෙධාගෙ ඇගට කඩාගෙන පයින්න මාන බලමින්..

*මචං යමන් යමන්.වලි ඕනෙ නැ, යමං මචං*

ඒ අස්සෙන් මෙත්,යෙශ්,කේශ්,ප්‍රබො වගෙම චතුරගෙ යාලුවොත් කියන්නෙ තම තමන්ගෙ යාලුවන්ට..

.. අත ගනින්.තෝ වගෙ සෙවල පො* බයේ හැංගෙන්න තෝ හිතුවද මාත් පො* කියලා

උබෙ ගෑනිව හරි ගෙදරින් හරි එවපන්,නැගිටගන්න බැරි වෙන්න හු* මං එවන්නම්..

ආයෙම වලියට පොර කුකුළා වගෙ ඇතුල් වෙන ගමන් යෙධා කියන්නෙ තමන්ව අල්ලන් ඉන්න යාලුවො හතර දෙනාගෙ අතුත් ගසා දාලා 

*තෝ කැ* ප* ම|ර|න|වා දැනගනින් උබව*

චතුරත් තමන්ගෙ යාලුවන්ගෙ අත් ගසා දාලා යෙධා ගාවටම මූණ අරන් ආවේ කේන්තියෙන්...

යෙධා චතුරටත් චතුර යෙධාටත් එකාට එකා නොදෙවෙනි බැල්මවල්

දිගෙන ඉද්දි 
වාසනාවකට වගේ කෙයිමි මිස් උඩට ආවේ යෙධාරගෙ පන්තියට ඉන්ටවල් එකට කලින් පීරියඩ් හතරම උගන්නන්න තියෙන නිසා

*මොකද ළමයි මේ,අයින් වෙන්න අයින් වෙන්න*

*හහ් දෙයියනෙ,චතුර එතකොට යෙ..ධා..ර..අනේහ් ළමයි වජිර සර්ට කියන්න කලින් රන්ඩු කරන්න හදන එක නවත්තන්න*

පොර කුකුල්ලු වගෙ එල්ලෙන්න ඔන්න මෙන්න ඉන්න චතුරවත් යෙධාරවත් දැකපු කෙයිමි සද්දෙට කියන ගමන් ළං උනෙ පොර කුකුල්ලු වගෙ ඉන්න ළමයි දෙන්නා ගාවට..

*චතුර හොද දරුවා වගෙ යන්න පන්තියට.යෙධාර ඔයත් යන්න පන්තියට* 

තමන් ආවත් බැල්මවල් වල කිසිම වෙනසක් නොකර ඉන්න විදිහටම ඉන්න ළමයි දෙන්නව ඇදලා පැත්තකට කරන්න දත කන ගමන් කෙයිමි කිව්වෙ කලින්ටත් වඩා ටිකක් සැරෙන්

.. මූ,මූව මං කොයිවෙලේ හරි කම්බස් කරනවා

මිනියක් මරලා උනත් හිරෙ ලගින්න තරම් මට ගටක් තියෙනවා..

තමන්ගෙ අතෙ කෙයිමිගෙ සිනිදු අත් දැවටුනු පාර යෙධා චතුර දිහ බලාගෙනම දත් මිටි කාන් කිව්වෙ චතුර දිහාවට දබරැගිල්ලත් දිග් කරන ගමන්

*මං තෝව මරලා හිරෙ නොයා ඉන්නවා යකෝ,මට ඒ තරම් ගටක් තියෙනවා* 

යෙධාරට නොදෙවෙනි විදිහට චතුරත් කෑගැහුවෙ තමන්ගෙ අතෙ දැවටුනු කෙයිමිගෙ අත දිහත් බලලා..

කෙයිමිගෙ අතින් ඇදිල්ලත් යාලුවො ටිකගෙ වදන් වලටත් අවසානෙදි වෙන්න ගිය තෙවෙනි ලෝක සංග්‍රාමය නැත්නම් මහා රයිස් කොත්තු දන්සල
ලප් තැනම ලොප් වෙලා යනකොට රැස් වෙලා හිටපු හැමෝම වජිර,ලතික සර් වගෙම රංජිත් සරුත් උඩට එනවා පේද්දි ශේප් එකෙ ඇග බේරගෙන තම තමන්ගෙ පන්ති වලට ගියා 

,,,

කෙයිමිගෙ වදන් වලත් අත් වලත් බලෙන් මහා රණ්ඩුව නතර වෙලා යද්දි යෙධා කේන්තියෙන්ම ගිහින් තමන්ගෙ පුටුවෙන් ඉදගත්තෙ තාදිගෙ පුටුවෙන් ඒ පුටුවට ගහගෙනම කකුල තියාගන්න ගමන්

යෙධාගෙ කේන්තිය ඕනිවට වඩා දැක්ක තාදි නම් දැන් ඉන්නෙ හ්ම්වත් සද්දයක් නොකර කන් දෙක අකුලගත්ත පූස් පැට්ටෙක් වගෙ යෙධාට බයෙන්..

ඇයි ඉතින් අරූ එක්ක බේරගන්න බැරි උනු කේන්තිය තමන් එක්ක ඇල්ලුවොත්
එහෙම

බුදාම්බෝ හිතෙනකොටත් තාදිගෙ ඇගම බයේ ගැහෙන්නෙ ඒ අතකින් එක පාරක් වැදුනත්

අඩි හයක් යට තනි රකින්න තමා වෙන්නෙ කියන එක මතක් වෙලා..

කෙයිමිත් බයට නැගුනු දා බිදු පිහදාගෙන කේන්තියෙන් ඉන්න යෙධා දිහා බලා ගෙනම පන්තියට ඇතුල් උනහම මෙත් තමන් ගාව ඉන්න යෙධාගෙ ඔලුව අත ගෑවෙ යෙධාව සන්සුන් කරන්න හිතන්...

_____

*හරි දරුවනෙ හැමදේම අමතක කරලා අපි ඔයාලගෙ තුන්වෙනි පාඩම උනු Number system පාඩමට යං*

*කෝ පොත් ගන්නකො*

ටික වෙලාවක් ගෙවිලා ගිහින් බයේ ගැහෙන හදවතෙ හාට් බීට් එක සාමාන්‍ය උනහම කෙයිමි පන්තියෙ උන්නු ළමයින්ට කිව්වෙ පුරුදු විදිහටම සෙනෙහසන්..


*මේක ඔයාලා හිතන තරම් අමාරු නෑ ලේසි..mcq තුනක් වගේ තමා එන්නෙ මේ පාඩමිනුත්*

*අපි දහයේ ඒවා දෙකේ පාදයට හරවන එකෙන් පටන් ගමු*

කෙයිමි ආයෙම කියන්නෙ තාමත් කේන්තියෙන් ඉන්න යෙධාර දිහත් එක පාරක් බලලා හුනූ කූර අරන් බෝඩ් එක දිහාවට ඇවිදන් යන ගමන්.

*යෙධා මචං දැන් ඕක අමතක කරලා ඉගෙන ගමුකො* 
.මෙහෙම කියන්නෙ මෙත් හිමින් සීරුවෙ යෙධා ගාවට ළං වෙලා

.. අහක් වෙලා ඉදපන්.උබත් කන්න හදන්න එපා..

මෙත්ගෙ වදන් වලට යකා වැහූනු යෙධාර මෙත්ට දත් මිටි කාන් උත්තර බැන්දේ

හිමින් සීරුවෙ යෙධාරට නොදැනෙන්න යෙධාරගෙ දිහාවට හැරිලා බෑග් එකෙන් පොත ගන්න ගමන් හිටපු තාදිවත් ගැස්සිලා යන්න..


අහෝ දුකකි ඉරක තිතකි 

යෙධාගෙ හඩට ගැස්සුනු පාර තාදි වට්ටගත්තෙ යෙධාට නොදැනෙන්න අතට ගත්තු ict ලියන පොත..

අද තෝ ඉවරයි,ලග උන්නු සමා කෙල්ලගෙ හිත කියන විදිහටම තාදිට කිව්වෙ යෙධාගෙ ඇස් මේ වෙද්දිත් තාදිගෙ දිහාට වැටිලා තියෙනවා දැකලා..

" මං...මං මේ..පොත මේ.." තාදි කෙකර ගානවා පොතයි කේන්තියට රතු උනු මූණක් තියෙන යෙධා දිහා බලලා වගේම
බය උනාම දත් 32ම දාලා පෙන්නන විරිත්තිල්ලකුත් දාලා... 

දත් 32 දැම්මත් තාදිගෙ මූණට වැටුනු යෙධාගෙ සැර බැල්මේ කිසිම වෙනසක් අංශු මාත්‍රෙකින්වත් වෙනස් නොවෙන කොට 

ලාවට ගැහෙන්න ගත්තු ඇග කූල් කරගන්න හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් තාදි බිමට වැටුනු පොත අහුලන් ඉස්සරහට හැරුනෙ ලග ඉන්න සමා දිහත් එකපාරක් බලලා.....

" අහ්..හ්හ්.."

________________________