
_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *දෙවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්🤍🍃,,
කොහොම නමුත් අවසානෙදි දහතුනෙ නඩේ බෑග් අරන් ඔෆිස් එකට යන්න දඩුවමින් නිදහස් වෙනකොට කෙයිමි ගුරුතුමියගෙ පන්තියට භාර උනු දොළහෙ කොලු නඩේ දඩුවමින් මිදිලා ඇදුනෙ කෙයිමි ගුරුතුමිය පස්සෙන් කන්නත් නැතුව දැන් ඉදන් ඉගෙන ගනින්කො කියලා හිතලා මූණවලුත් ඇද කරන්..
________එතැන් සිට_______________
මහල් තුනකින් හැදිලා තිබ්බ තාක්ෂණවේදය ගොඩනැගිල්ලෙ මේ වෙද්දි පෙරහැරක් වගෙ ගුරුතුමියක් පස්සෙ කොල්ලො පස් දෙනෙක් ඇදෙන්නෙ තම තමන්ගෙ කල්පනාවලට බර දීගෙන...
*අඩෝ බඩගිනි නේද බන්.*
*ඔව් බන් දනිස් දෙකත් නෑ වගෙ*
*කන්න දෙන එකක් නැද්ද බන්*
*ඔන්න ඔහෙ ගෙදර ගිහින්ම කමු බන්*
පෙරහැරක් වගෙ එක පෙළට පඩි නගිමින් ගුරුතුමිය පස්සෙ ඇදෙන කොලු නඩයෙ යෙධා ඇරෙන්න අනිත් හතර දෙනා ම මේ විදිහට මුණු මුණු ගාන්නෙ කොච්චර වලිකාගන්න දක්ස උනත් ඊට පස්සෙ විදින්න වෙන වේදනා දරන්න තරම් මේ කොල්ලො හතර දෙනා දක්ස නොවුනු නිසා..
ඒත්..
යෙධා..වයස අවුරුදු 17ක් උනු තලෙලු පාට සමක් තිබුනු, උසේ හැටියට මහතත් තියෙන පෙනුමත් ගතිගුණේ හැටියටම නපුරු පාටට පේන
ලාවට ක්‍රේල් උනු කොණ්ඩයක් හිමි නඩයෙම පොර කුකුළා
හාවක් හූවක් නැතුව කෙයිමි මිස්ගෙ පිටිපස්සෙන්ම තමන්ට හිමි ආඩම්බර ගමනින් පඩිපෙල් නගින්නෙ හිත අස්සෙන් තමන්ගෙ ඉස්සරහින් හෙමි හෙමින් ඇදෙන කෙයිමි මිස්ගෙ ඉබි ගමනට තරහා වෙලා..
..ශික් නැලවෙනවනෙ,එක්කො මට යන්න දෙන්න ඕනි,නැත්නම් හයියෙන් යන්න ඕනි...
කෑමයි ,වේදනාවයි හිතෙ තියෙන යාලුවො හතර දෙනාට හාත්පසින්ම විරුද්ධ සිතුවිල්ලක් දරන ගමන් යෙධාර ඇවිදන් යන්නෙ එක අතකින් තමන්ගෙ ලාවට කැරලි ගැහුනු කලු කෙස් ටිකත් හද හදා..
ජෙට් එකක් පස්චාත් බාගෙ හයි කරන් ඇවිදින යෙධාට තමන්ගෙ පන්තිභාර මිස්ගෙ මේ නැලවිලි ඉබි ගමන එපා වෙලා තිබ්බෙ පලවෙනි තට්ටුව නගිද්දිම
ගුරුතුමී කියලා නොබලා ඇස් ඉස්සරහා ඉන්න කලු රෙද්දෙ කහ පාට මල් වැටුනු සාරියකින් සැරසුනු තමන්ට වඩා අඩි දෙකක් කොට
ටීචව තල්ලු කරලා
තමන්ගෙ 12 F පන්තියට ඇවිදන් යන්න තිබ්බා නම් කියලා යෙධාරට මේ හිතෙන්නෙ කීවෙනි පාරද කියලවත් යෙධාරට මතක නැති වෙන තරම් යෙධාරට මේ ඉබි ගමන තිත්තම තිත්ත කරවිල වගෙ වෙලා තිබ්බේ දන්න කාලෙ ඉදන් දුවලා පැනලා ක්‍රීඩා කරපු තමන් ආසාවකටත් මෙහෙම හිමින් නොයා තිබ්බ නිස...
කොච්චර හිතුවත් ඉතින් කරන්න බෑ,මේ ඉන්නෙ තමන්ට වඩා වැඩිමල් තමන්ගෙ පන්තිභාර ටීච නෙ..ඉතින්
ඒ නිසාම
පැනලා ගිහින් පුටුවක ඉදන් සාගින්න නිවෙන්න මොනාම හරි ගිලින්න හිතන යේශ්,කේශ්,මෙත්,ප්‍රබෝ එක්කලා
යෙධාරත් කෙයිමි මිස්ගෙ ඉබි ගමනෙ වේගෙන්ම දෙවෙනි තට්ටුවෙ පඩිපෙලත් ඉවර කළේ තමන්ගෙ ඇස් වලින් 12 F කියලා ගහලා තිබ්බ බෝඩ් එක දිහත් බල බලා....
තත්පරයක් දෙකක්..
තත්පරයක් එක්ක තවත් තත්පර දෙකකට පස්සෙ
පේළියට සුවච කීකරු ගෝල බාලයෝ ටික වගෙ කට්ටියම ගිහින් ඇතුල් උනෙ ඒලෙවල් කියන පරිච්ඡේදය පටන් ගන්න තමන්ගෙ ඒලෙවල් පන්තිකාමරේ උනු 12 F පන්තිකාමරයට...
එකා පිටිපස්සෙ එකා විදිහට
පන්තියට ඇතුල් උනු යෙධාරගෙත් අනෙක් හතර දෙනාගෙත් ඇස් ඉස්ස්සෙල්ලාම ගිහින් නැවතුනෙ පන්තිකාමරයේ දෙපැත්තට උඩින් වෙන්න එල්ලිලා තිබ්බ ටියුබ්ලයිට් දෙකක් එක්ක
තිබ්බ කැරකෙන ෆෑන් දෙක දිහාවට...
හම්බේ ටෙක්වාසීන්ට පමණක් ලැබෙන VIP සැලකිල්ල..
ෆෑන් දෙක දැක්ක ගමන් පස් දෙනාගෙම හිත් පහ මේ විදිහට කියන්න ගත්තෙ bio/maths ඇරෙන්න අනික් සබ්ජෙක්ට් කරන්න රිසාල්ට් තිබ්බත් අනෙක් අය වගෙ ජොබ් ගැන ඩ්‍රීම් ගැන නොහිතා technology subject එක කරන්න එකම හේතුව මේ සැලකිලි විදලා ආතල් එකෙ ඉන්න ඕනිකම විතරක් මුන් පස්දෙනාගෙ ඔලුවට ගහලා තිබ්බ එක..
අනෙක් ළමයි ජොබ් නිසා,ඩ්‍රීම් නිසා හරි යාලුවා,ගර්ල්ෆ්‍රෙන්ඩ් හො බෝයිෆ්‍රෙන්ඩ් නිසා subject වලට එද්දි
සිරාවටම මුන් පස්දෙනා ආවේ අව්වට කරකුට්ටන් නොවී ටෙක්වාසීන්ට ලැබෙන සැප ටික විදලා පුලුවන් උනොත් කැම්පස් යනවා නැත්නම් ඔන්න ඔහෙ ජොබක් කරනවා කියන මතේ හිතේ තියාගෙන
.. Eshani....
හිමින් සැරේ ඉබි ගමනින් පළමු පත්වීමට ම තමන්ට ලැබුනු පන්තියට ඇතුල් උනු
අවුරුදු 26ක් උනු දැක්ක ගමන් හිතක් හොල්ලන්න පුලුවන් හුරුබුහුටි කෙයිමි අවෝර්‍යා මිස් පන්තියෙ ෆෑන් දිහා කෙළ හල හලා බලා ඉන්න තමන්ට වඩා හුගක් උස මීට පැය තුනකට කලින් පන්තිය යුධ පිටියක් කරපු සිසුන් පස්දෙනා දිහා බලා ඉන්නෙ තමන්ගෙ ගුරු මේසෙ ලග හිටන් අත් දෙකත් පපුව යටින් බැදගෙන..
*මොකටද ඔහොම ෆෑන් දිහා බලන්නෙ* කෙයිමි මිස් තමන්ගෙ හිතින් මෙහෙම අහගන්නෙ ෆෑන් එක ගිලින්න වගෙ පස් දෙනාම බලන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැරි නිසා...
කෙයිමි මිස්ට වගේම පන්තියෙ ඉන්න ඉතුරු කොල්ලො 25ත් ෆෑන් එක දිහා බලන් කෙල ගිලින කොල්ලො පස් දෙනා ඉස්සරහා ඉන්න කෙල්ලො පස්දෙනාටත් ඔය ප්‍රශ්නෙ ඔය විදිහටම ඇවිත් තියෙද්දි ටික වෙලාවකට පස්සෙ කෙයිමි මිස් උගුර පෑදුවෙ කොල්ලො පස්දෙනාවම ෆෑන් ලෝකෙන් මේ ලෝකෙට ගේන්න හිතාගෙන...
කොල්ලො පස්දෙනාවම ෆෑන් ලෝකෙන් මේ ලෝකෙට ගේන්න හිතාගෙන උගුර පාදපු පාරට හිතුවත් වගෙ කොල්ලො පස්දෙනාගෙ ඇස් තමන්ගෙ ගුරුතුමී ගාවට ආවේ ක්ශනික පටස්...
ප්‍රබෝද් නම් කලුයි..ප්‍රබෝ ඇරෙන්න සුදු පාට හමක් තිබ්බ යේශ්ගෙත් තලෙලු මෙත් කේශ් යෙධාරගෙත් මූණු දැන් තියෙන්නෙ මේ ලෝකෙට ආපු ගමන් ෆෑන් එකට කෙළ ගිලපු ලැජ්ජාවට රතු වෙලා ගිහින්...
කොල්ලො පස්දෙනා ඇරෙන්න පන්තියෙ 31 දෙනාම කට තද කරන් ඉන්නෙ කොල්ලො පස් දෙනාගෙ බෙරි උනු මූණ දැකලා යන්න ආපු හිනාව පිටට නොදා ඉන්න ට්‍රයි කරන ගමන්...
කෙයිමි..ගුරුතුමියක් තමයි,හැබැයි ඒත් තාම තරුණියක්නෙ..
ඉතින් ඒ සුදු මූනත් හිනාව තද කරන් ඉන්න නිසාම රතු වෙලා තිබ්බෙ ජම්බු ගෙඩියක් වගේ...
ජම්බු ගෙඩියක් වගෙ රතු උනු තමන්ගෙ මිස්ගෙ මූණත් පන්තියෙ ළමයින්ගෙ සද්ද නොනැගෙන හිනා මූණුත්
කොල්ලො පස් දෙනාගෙම
ඇස් කොන් වලට එක සීරුවට දිස්වෙනකොට
යෙධාර කොල්ලා ගාවම ඉස්සරහින් ඉස්සරහා පෝළිමෙ උන්නු බෙල්ල ගාවට කොණ්ඩ කරල් දෙකක් ගොතපු කෙයිමි මිස්ටත් වඩා රතු උනු මූණක් තිබ්බ කොණ්ඩ කරලක් හීනියට තමන්ගෙ හිනාව පිට පන්න ගත්තෙ
ඒ සැනින් තමන්ගෙ මිස් ගාව තිබ්බ යෙධාරගෙ ලැජ්ජ ඇස් නපුරු වෙලා වැටුනෙ තමන් ඉස්සරහම පුටුවකට වෙලා හිනාව අමාරුවෙන් කාගෙන රතු වෙලා ඉන්න වයස අවුරුදු 14ක් වගෙ පේන කොණ්ඩ කරල දිහාවට...
_______________________
A. Eshani Chathumika ...