Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

May 20 2026 @ 16:01

හෘද ලිලී - 3



_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *තෙවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,

ඒ සැනින් තමන්ගෙ මිස් ගාව තිබ්බ යෙධාරගෙ ලැජ්ජ ඇස් නපුරු වෙලා වැටුනෙ තමන් ඉස්සරහම පුටුවකට වෙලා හිනාව අමාරුවෙන් කාගෙන රතු වෙලා ඉන්න වයස අවුරුදු 14ක් වගෙ පේන කොණ්ඩ කරල දිහාවට...

______එතැන් සිට_________________


වයසට වඩා ලාබාල පෙනුමක් තියෙන කොණ්ඩ කරල දිහාවට වැටුනු යෙධාගෙ නපුරු ඇස් එක එල්ලෙ බලන් උන්නෙ දැන් දැන් පුපුරන සයිස් එකෙ ඉන්න කොණ්ඩ කරලගෙ මූණ දිහා...


මූණ වගේම පුංචි තෝඩු දෙකක් තියෙන චූටි කන් දෙකත් පාට වෙලා තිබ්බෙ තදම තද රතු පාටින්..

ඒ ඇස් බාගෙට බිමට නැවිලා දිගමත් නැති කොටමත් නැති ඇහි පිල්ලම් වලින් තදට වහන් කොණ්ඩ කරල ඉන්නෙ 

ලා රතක් එක්ක කලුවක් තියෙන උඩු තොල එක්ක ලිප්ටික් ගාලා වගෙ තද රතුවට තියෙන යටි තොල ඒ දත් වලින් කාගෙන කම්බුල් දෙකෙ තියෙන ඩිම්පල් දෙකත් ලාවට පෙන්නගෙන...


දැන් පිපිරෙයිද මන්දා..හිනා උනු කේන්තියට නපුරු වෙලා ඒ මූණෙ ඇස් රැදුනත් ඉන්න විදිහටයි පුපුරන්න වගෙ තදට ගැහුනු රතයි හින්දා යෙධාරගෙ ඇස් වල තියෙන කේන්තිය ලාවට නිමුනෙ ලාවට යෙධාරගෙ මූණෙත් හිනාවක සේයාවක් ඇදෙනකොට...

අද උදේ රණ්ඩු උනු හැටියට යෙධාර එක්ක නෙමෙ පන්තිය එක්ක බැලුවත් පොඩියට පොඩියෙ ඉන්න කෙට්ටු කොණ්ඩ කරලට සිද්ද වෙන්නෙ ගුවන් ගත වෙන්න කියලා කෙයිමි මිස්ගෙ මොළ ගෙඩියට ඒ ක්ශනිකවම වැටහෙනකොට ඉක්මනට කෙයිමි මිස් තමන්ගෙ හඩ වචන කළෙ ' කොල්ලො පස් දෙනාට ගිහින් හිස් උනු කෙල්ලන්ට පස්සෙන් තිබ්බ දෙවෙනි පොලිමේ ආසන වලින් ඉදගන්න' කියලා..

' හරි හරි දැන් පස්දෙනාම ඉදගන්නකො' කිව්ව වචන ටිකත් එක්ක යෙධාර තමන්ගෙ ඉස්සරහා ඉදන් පුපුරන්න ඔන්න මෙන්න ඉන්න කොණ්ඩ කරලගෙන් ඇස් අරන් ඇවිත් නතර කරගත්තෙ හිස් උනු දෙවෙනි පෝළිම දිහා...

යෙධාරගෙ විතරක් නෙමෙ අනික් හතරදෙනාගෙ ඇසුත් ඇබුල් උනු මූණක් එක්ක රැදිලා තියෙන්නෙ හිස් වෙලා තියෙන දෙවෙනි පෝළිමෙ පුටුයු මේසයි දිහාවට..


*අනේ මිස්,අපි පස් දෙනා උදේ බෑග් තිබ්බෙ අවසාන පෝළිමෙනෙ* 

හිස් උනු පෝළිම දිහා බලපු යේශ් ගත් කටටම කෙයිමිට කිව්වෙ දෙවෙනි පෝළිමෙ නම් ඉන්න බෑ කියලා නොකියා කියලා

' ප්‍රින්සිපල් තමයි ඇවිත් කිව්වෙ පුතේ ඔයාලව ඉස්සරහට ගන්න කියලා 

දැන් හොද පුතාලා වගෙ ගිහින් ඉදගන්නකො.කොහොමත් සති දෙකෙන් දෙකට පෝලිම් මාරු කරනවා

එතකොට ඔයාලට පුලුවන් අවසාන පෝළිමෙත් ඉන්න ' 

ඇඹුල් උනු මූණක් එක්ක තමන් දිහා බලා ඉන්න හීන්දැරි කොලු පැංචට කෙයිමි උත්තර දුන්නෙ ලා හිනාවක් ඒ දෙතොල් අතරට රන්දෝගෙන..


*අසාධාරණයි හැබැයි,අපි ගැහුවෙත් අපිට වද දුන්නු නිසානෙ.බැයිද මිස් ප්‍රින්සිපල්ට නොකියා අපිව අපි හිටපු තැනටම දාන්න*

යේශ්ගෙ නිවුන් සහෝදරයා උනු කේශ් කෙයිමිගෙ වදන් අවසන් වෙනවත් එක්ක නළල රැලි කරන් ඇහුවෙ කොලු නඩයෙ ඉක්මන් කේන්තිකාරයා උනු කේශ්ව පාලනය කරන්න වගෙ යේශ් කේශ්ගෙ බොත්තම් ගැලවුනු ශර්ට් එකෙන් අල්ලන් ඉන්නකොට.. 


' අනේ පුතේ හොද දරුවො ටික වගෙ ගිහින් වාඩි වෙන්නකො.කොතන ඉදගත්තත් මෙ ඔයාලගෙ පන්තියමනෙ ම්ම්.

ඔයාලා එනකම් හිටපු නිසා කාලසටහනයි ටෙක් එක ඇතුලෙ යන නීති ටිකයි කිව්වෙත් නෑ.

හොද දරුවො වගෙ වාඩිවෙන්නකො '

කේන්තියෙන් නලල රැලි කරන් ඉන්න කේශ් දිහා සෙනෙහසකින් බලන ගමන් සිංහල පියාගෙනුත් දෙමළ මෑනියන්ගෙනුත් උරුම කරන් ආපු අහිංසකකමින්ම පිලිතුරු දුන්නු කෙයිමි පුටුවත් ඇදලා හිමින් සැරේ වාඩි උනෙ තමන්ගෙ අතට පන්තියෙ කාලසටහන තිබුනු ෆයිල් කවරෙත් ගන්න ගමන්... 


කෙයිමි මිස් කාලසටහන තිබ්බ ෆයිල් කවරෙ අතට ගන්නකොට අකමැත්තෙන් උනත් තමන්ගෙ බෑග් රැදුනු හිස් පොළිමට කොල්ලො පස්දෙනා ඇදුනෙ එක අතකින් බොත්තම් නැති පොඩි උනු ඉරුනු ශර්ට් එකත් කලිසමත් හදන ගමන්...

ප්‍රබෝ නම් හිස් පෝළිම දිහාවට ඇදුනු ගමන් තමන්ගෙ ශරීර කූඩූව ඇන තියාගත්තෙ පෝලිම පටන් ගන්න තැනින්...

පහක් තිබුනු පෝලිමෙ තුන්වෙනි ඩෙස් එකෙන් කේශ් ඉදගත්තෙ එයාට වමෙන් යේශුත් ඉන්දෝන ගමන්...

.. මාව දාපන් බිත්තිය මුල්ලට.. කවදාවත් බිත්තිය මුල්ලෙ ඉන්න ආසා නැති යෙධා කිව්වෙ බිත්තිය මුල්ල ආසනේ ගාවට යන්න හදපු මෙත්ව ඒ උරහිස්සකින් අල්ලලා නතර කරන ගමන්...


*මොකද්ද මා පුතෙ කිව්වෙ.ඇහුන්නෑ* යෙධාගෙ වචනත් එක්ක අන්දුන් කුන්දුන් උනු මෙත් අනික් තුන් දෙනා දිහත් බලන ගමන් මෙහෙම ඇහුවෙ යෙධාරගෙන්...


.. බිත්තිය අයින මට,උබ කේශ් ගාවට වරෙන්...

මෙත්ගෙ වචනත් එක්ක එකම දේ ආයෙ ආයෙ කියන්න අකමැති යෙධා නොරිස්සුමෙන් වගෙ
උත්තර දුන්නෙ තමන්ගෙ පටි එල්ලෙන කලු බෑග් එක අතට අරන් බිත්තිය මුල්ලෙ අසුනට විසි කරන ගමන්...


*ඈ හු * උබ මොකද කවදාවත් නැතුව බිත්තිය මුල්ලට යන්නෙ.බිත්ති මුල්ල මගෙනෙ* 

මෙත් ඇස් දෙකත් හීනි කරලා යෙධාගෙන් අහන්නෙ අනික් තුන් දෙනාත් මෙත්ගෙ බැල්මෙන්ම යෙධා දිහා බලා ඉද්දි..

.. පලයන් එහාට,අයින මගෙ එකම දේ අහන්න එපා..

මෙත්වත් තල්ලු කරලා වගේ වගක් නැතුව යෙධා ඉදගත්තෙ කලින් හිනාව තද කරන් පුපුරන්න ඔන්න මෙන්න උන්නු කොණ්ඩ කරලගෙ පිටිපස්සෙ තිබුනු බිත්ති මුල්ලෙන්..

,,,,,,

මෙත්වත් තල්ලු කරලා මීට මිනිත්තු දෙක තුනකට කලින් තමන්ට හිනා උනු කොණ්ඩ කරලගෙ පිටිපස්සෙන් ඉදගත්තු යෙධාර මෙච්චර වෙලා හිනාව තද කරන් උන්නු කෙල්ල එයාගෙ යාලුවා එක්ක හිනාවෙන විදිහ බලා හිටියෙ ලාවට නපුරු උනු ඇස් එක්ක...


අනික් කොල්ලො හතර දෙනාට නම් කොල්ලා ඇයි බිත්ති මුල්ලට ගියෙ කියලා යෙධාරගෙ බැල්ම එක්කම තේරිලා ගිහින් තියෙන්නෙ දැන්..

මෙත් ඒ අස්සෙන් *කවුරු නමුත් චූට්ටං කෙලි පොඩිත්තක්,පව් හප්පේ* කියලා අනික් දෙන්නා දිහා බලලා රංගනේ දාලා කියොනවත් එක්ක..

මොකද යෙධාර දෙයක් වෙනස් කරනවා නම් ඒ වෙනස් කරන්න හේතු උනු දේ හෝ තැනැත්තා කම්මුතුයි කියන්න යාලුවො හතර දෙනාම හම්බුනු මුල් කාලෙ ඉදන්ම දැනගෙන හිටියා...


කොල්ලො හතර දෙනාට අමතරව කෙයිමිගෙ ඇසුත් ඉස්සරහා පෝළිමට වෙලා හිනාවෙන #*තාදිනි ආයුල්‍යා මඩුවෙගෙදර* දිහාවටත් ඒ ළමයා දිහා දෙන්නම් උබට වගෙ බැල්මකින් බලා ඉන්න යෙධා දිහාවටත් වැටිලා තියෙද්දි යෙධාරගෙ බැල්ම තමා දිහාවට ගන්නත් තාදිගෙ හිනාව නවත්තන්නත් හිතන්


කෙයිමි ' ළමායි කවුරුහරි ඇවිත් ඔයාලගෙ කාල සටහන බෝඩ් එකෙ දන්න.අනික් අය ලියාගන්න ' කියලා කිව්වා...

,,,

හිමින් නමුත් පන්තිය පුරාවටම ඇහුනු කෙයිමිගෙ කටහඩ එක්ක යෙධාගෙ ඇස් කෙයිමිගෙ ඇස් වල ගැටුනෙ ඇස් ඉස්සරහා ඉන්න හිනා කොණ්ඩ කරලගෙන් මිදිලා...

ඉස්සරහා පෝළිමෙ උන්නු උසෙ හැටියට මහත තියෙන තලෙලු හැඩ කෙල්ලෙක් ඒ එක්කම ඉදන් උන්නු අසුනෙන් නැගිටලා ඇදුනෙ කෙයිමි අතෙ තිබ්බ කාලසටහන අරන් බෝඩ් එකෙ දාන්න කියලා හිතන්...

*ශා ඒ කෙල්ල නම් හැඩයි නෙ බන්*නැගිටපු කෙල්ල දැක්ක සැනින් මෙත් යෙධාට කියන්නෙ ඇහැක් ගහලා නැගිටපු කෙල්ල දිහාම බලලා 

.. එහෙනම් සෙට් කරගනින්...

යෙධාත් අනික් පැත්තට කිව්වෙ තමන්ගෙ පැත්තට එන කෙයිමිගෙ ඇස් දිහත් බලලා 

*අපෝ සෙට් වෙන එකක් නැ බන්.ඔය කෙල්ලයි අර මං ඉස්සරහා ඉන්න කෙල්ලයි ඇරෙන්න මේ පන්තියෙ සෙට් වෙන හැඩ කෑලි නැනෙ.ඉතින් මුන් ඔක්කොම ට්‍රයි කරන්නෙ මුන්ට*

*බලපන්කො අනික පිටිපස්සෙ එහෙම ඉන්න හැන්ඩි ප * දිහා, අපි උබලා කැලෙ.සැක් අක්කෙක්වත් බලන්න ඕනි ගිහින්*

යෙධාරගෙ උරහිස්සට ඔලුව බර කරලා වම් අත ප්‍රබෝගෙ උරහිස්ස්ට තියලා මෙත් ආයෙම කියවන්නෙ දුකෙන්...

කලින් කිව්වත් වගෙ නඩෙ සිංගල් ජීවියො දෙන්නා යෙධාත් මෙතුත් නිසා අනික් තුන් දෙනා මේ ඩබලට පල් හිනාව දැම්මෙ බෝඩ් එකෙ මුතු අකුරින් දාන කාලසටහන ලියාගන්න ගෙනාපු පොත් පහෙන් එක පොතක් අරන් පිටිපස්සෙම පිටුව පෙරලලා බෑග් එකෙ සාක්කුවෙ තිබ්බ නිල් පෑන් කලුපෑනුත් අතට අරන්.....

________________________

කියවන එක්කෙනෙක් හරි අදහසක් කියන් යන්න.