
_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *පළමු කතාංගය* 🤍🍃
හු*|පුතෝ දැන් නම් දනිස් දෙක නෑ වගෙ හු*
*තාක්ෂණික පීඨය* යන්න රන්වන් අකුරින් ලියා තිබෙන නාම පුවරුවට හරි කෙලින් පහළට වෙන්න බිම දන ගහන් ඉන්න කොලුවා හිරිවැටිලා තියෙන තමන්ගෙ දනිස් දෙක අතගාන ගමන් තමන්ගෙ එහා පැත්තෙ ඉන්න අතිජාත මිත්‍රයට මෙහෙම කියන්නෙ රතුවෙන්න ඉදිමුණු කම්බුලක් සහ පැලුනු තොලක් තියෙන තමන්ගෙ මූණත් තහඩුව කරන්න පුලුවන් උපරිම ප්‍රමාණෙට බෙරි කරන්..
..ඉවසපන් හු* |පුතෝ,ඇයි උබ මීට කලින් මෙහෙම ඉදලා නැද්ද..
මූණත් බෙරිකරන් කුනු කුනු ගාන තමන්ගෙ අතිජාත මිත්‍රයගෙ අදෝනාවට , කොන්ද තනි කෙලින් තියන් වගේ වගක් නැතුව ඉන්න අනෙක් කොලුවා උත්තර දුන්නෙ පැය දෙකක් තිස්සෙ ඉදන් ඉන්න සහ හිටපු ඉරියව්වට ආයෙම මාරුවෙන ගමන් ඇහැ කොනකින් තමන්ගෙ යාලුවගෙ දිහත් බලලා.
තෝ නම් කියයි කැ*යා,මගෙනෙ දනිස් දෙක රිදෙන්නෙ..අපෙ අම්මට ඉන්නෙත් මං විතරයි ප* හනේ මගෙ රත්තරන් මෑණියනි ඔයාගෙ සුදු පුතා ඔයාව දාලා ගියොත් සුදු පුතාට වයිර නම් කරන්න එපා
අත් දෙකම පපුවට තියන් මිනියක් බදන් අඩනවා වගේ මූණත් කොරහා කරන් කලින් කොලුවා ආයෙම බෙරිහන් දෙන්නෙ ඒ අත් දෙක උස්සලා අහසටත් දිග් කරලා..
*අම්බේ මෙත් උබේ රංගනේ*
මේ විගඩම දැකලා
කොලුවො දෙන්නට අමතරව එක පෝළිමට දන තියන් ඉන්න අනික් යාලුවො තුන්දෙනා දනිස්වලින් දැනෙන වේදනා අමතක කරලා හිනාවෙන්නෙ අහසට අත් දිග් කරලා බොරුවට අඩන මෙත් දිහා බල බලා..
අනේ ඉතින් තොපිට මගේ වේදනාවත් නාට්‍යයක් වගේනෙ,මෙහෙමත් මිත්‍රයෝ.යෙධා උබ විතරයි හොද
දන තියන් ඉන්න කොලු නඩයේ කටකාරම කොලුවා උනු මෙත්ට අනෙක් මිත්‍රයො තුන්දෙනා ඇති පදමට හිනාවෙනකොට තමන්ට හිනාවෙන යාලුවොන්ට කටත් ඇද කරලා
ගස්සලා පුප්පලා දැම්ම මෙත් ආයෙම පුරුදු ඉරියව්වට මාරු උනේ ඈතින් යන නංගි බබෙක්ටත් හිනාවක් දාලා අත වනලා...
#*යෙධා* *යෙධාර නිත්‍යාග් ජයසිංහ.* පස් දෙනෙක්ගෙන් යුත් කොලු නඩයේ ඉන්න මුරණ්ඩු හිතුවක්කාර වලි වලටම උපන්න පොර කුකුළා..
*මෙත්* *මෙත්ර අභිසෙස් ජයසිංහ*.නඩයේ කටකාරම කොල්ලා වගේම පොර කුකුළගෙ පියාගෙ මලයන්ඩිගෙ පුත්‍ර රත්නෙ
*ආයේශ්,ආකේශ්,ප්‍රබෝද්* කොලු නඩයේ ඉන්න ඉගෙන ගන්න දක්ශ ම සහ මේ වෙද්දිත් මල් සරාගේ හී වලට ගොදුරු උනු පෙම්වත්තු තුන්දෙනා..
යෙධා,මෙත්,යේශ්,කේශ්,ප්‍රබෝ කියන මේ පස්දෙනා හය වසරේ ඉදන් එකටම එන යාලුවො පස්දෙනෙක්.
දුකට සැපට වලි වලට,කු|පා|ඩි වැඩ වලට හා හා පුරා කියලා මේ පස්දෙනාම අඩුවන් නැතුව සම්බන්ද වෙන්නෙ දහය වසරෙන් පස්දෙනාම මාරුවෙලා ඇතුල් උනු පාසලට තමන් දෙමව්පියො නැති ළමා නිවාසෙක ඉදන් හැදුනු වැඩුනු කොල්ලො කියලා පෙන්නපු නිසා..
දැන් ඉතින් හිතයි එහෙම කොහොමද පාසලේ ඉහළ පුටුවල ඉන්න උදවියව රවට්ටන්නෙ,මේක නම් පට්ට පල් බොරුවක්නෙ කියලා..
හැබැයි ඉතින් වර්තමාන ආණ්ඩුවේ අගමැතිතුමා යටතේ වැඩ කරන ප්‍රබෝගෙ තාත්තා තමන්ගෙ ළමයගෙ කැරැට්ටුව ගැන ඕනිවටත් වඩා දන්න නිසා තමන්ගෙ නම්බුව බේරගන්න කියල හිතලා තමන්ගෙ පුතාත් ඇතුලු අනික් හතර දෙනාට ම හදලා දුන්නු අනාත ලේබල් කාඩ් එක නිසා පාසලේ ඉන්න ගරු උත්තමයො ටිකව ලේසියෙන් අන්දවන්න පුලුවන් උනා..
ඒ ලේබලෙ පිහිටට සාර්ථක වෙන්න
එකම පාසලේ දොළහා වසරට,දෙමව්පියො ගෙන්නන්නෙ නැතිව අද දවසේ උනත් මේ පස්දෙනාට ඇතුල් වෙන්න පුලුවන් උනේත් ආන් ඒ දේ නිසා...
හාහා පුරා කියලා ගොඩ උනු දොළහා වසරේ පළමු දවසම මීට පැය දෙකකට කලින් උඩදි මේ පස්දෙනා එකතු වෙලා
හාගත්තත් යෙධා නිසාම වලි වලට පැනලා පුරුදු අනික් හතර දෙනාට දවස කැවුනු එකත් ගානක් නැති වෙද්දි පස් දෙනාම එක පෝළිමට *Technology Faculty* ගොඩනැගිල්ල ඉස්සරහා දන තියන් උන්නෙ තමන්ට විරුද්ධ පැත්තට වෙන්න දන තියන් ඉන්න සතුරු හමුදාව දිහා බල බලා ආඩම්බර හිනාවලින් සංග්‍රහ කරලා
,,𝓐.𝓔.𝓒
විනාඩියක් දෙකක්.ම්හු පැයක්...
විනාඩියක් එක්ක විනාඩි හැටක් එකතු වෙලා හැදෙන පැයකට පස්සෙ දොළහා වසරේ පළවෙනි දවසම හාපු
දොළහා වසරෙත්,දහතුන වසරෙත් කොලු නඩය හොයාගෙන ප්‍රින්සිපල් ඇතුලු tech ගොඩනැගිල්ලෙ ගුරුභවතුන් ටික කොලු නඩය ගාවට ඇවිදන් යන්නෙ පැය තුනකට කලින් උනු සිදුවීම මතක් කර කරා....
*වජිර සර්,මොකද මුන්ට කරන්නෙ* ලග ලගම පේන දෙපාර්ශවයෙ කොලු නඩය දිහා බලලා ප්‍රින්සිපල් අහන්නෙ tech ගොඩනැගිල්ලෙ ප්‍රධානියා උනු SFT විශය ධාරාවේ වජිර සර්ගෙන්..
*මට නම් හිතෙන්නෙ සර්,අවවාදයක් දීලා අදට සමාව දෙමු කියලා.කොල්ලො පස්දෙනා කොහොමත් ළමා නිවාසෙ හැදුනු අය නිසා හිතන්න ඇති එකම පාසලේ ඉදලත් අම්මා අප්පා නැති නිසා අරුන් උන්ව රැග් කරන්න ආවා කියලා*
*මොන පාසලක උනත් ඉස්කෝලෙම ඉදලා ආපු උන්ව රැග් කරන්නෙ නැනෙ සර්*
*දහතුනෙ කොල්ලො ටිකට පන්ති තහනමක් දෙමු,සතියක වගේ.කට කැඩෙනකම් රැග් තහනම් කියලත් රැග් කරන්න ගිහින් ගුටි කාපු එකෙ බෙහෙත් දාගන්නත් එපැයි*
හිසේ පටන් දෙපතුල දක්වාම නීතිකාරයෙක් උනත් උදේ ඇති උනු ගුටි පූජාවේ හැමෝම දකින පැත්තට වඩා නොදකින පැත්තක් දැකපු වජිර සර් ප්‍රින්සිපල්ට උත්තර දුන්නෙ තමන් ළග උන්නු Et විශය ධාරාවේ ගුරුවරයා රංජිත් සර් දිහාත්,BST විශය ධාරාවේ ගුරුවරයා උනු ලතික සර් දිහත් අද අලුතින් පත් වීම ගත්ත #*ICT විශය ධාරවේ ගුරුවරිය උනු කෙයිමි අවෝර්යා* ගුරුතුමිය දිහත් බලන ගමන්..
*ඒක නම් හොදයි වගෙ සර්* රංජිත් සරුත් ලතික සරුත් එකටම වගේ ප්‍රින්සිපල්ට උත්තර දුන්නෙ
මීට පැය තුනකට කලින් කොලු නඩ දෙකටම බිම දනගහන්න උනෙ දහතුන වසරේ නහරයක් වැඩි උනු කොල්ලන්ගෙ හිතුවක්කාරකමට ඉස්කෝලෙ තහනම් උනු රැග් කිරිල්ල අලුතෙන් tech subject එකට ඇතුල් උනු කොල්ලොන්ටයි කෙල්ලන්ටයි කරන්න ගිය නිසා කියලා දැන්ටමත් දන්න නිසා.
*සර්ලා තුන්දෙනාම කියන නිසා එහෙම කරමු.හැබැයි ආයෙ ආයෙ මුන් නයි මුගටි වගෙ ගහගන්නයන්න පුලුවන්*
*ඒ නිසා කට්ටිය ගැනම සෙවිල්ලෙන් නම් ඉන්න වෙයි* නහය උඩ රැදුනු උපැස් යුවලත් ඇගිලි දෙකකින් හදන ගමන් ප්‍රින්සිපල් කැමැත්ත පළ කරේ ගුරුවරුන් තුන්දෙනාගෙම අදහස තමන්ටත් හොදයි කියලා තේරුනු නිසා...
*හරි සර්,මුන්ට වඩා උන්ව මෙල්ල කරලා කැම්පස් යවපු එකෙ බැරිකමක් නෑ මුන්වත් හදන්න*
පාසලට tech ඇතුලත් කරපු දවසේ පටන් වෙනමම නීතියකින් තාක්ෂණවේදය පාලනේ කරන වජිර සර් හිනාවකුත් එක්ක මෙහෙම කියල ඉවර වෙද්දි ප්‍රින්සිපල් ඇතුලු ගුරුවරු හැමෝම තම තමන්ගෙ අඩි පියවරවල් නතර කරගත්තෙ මූණට මූණ බලා ඉන්න දොළහෙත් දහතුනෙත් කොල්ලො පහළොස්දෙනා ඉස්සරහා.
තම තමන්ගෙ අඩි පියවරවල් නතර කරන් මූණට මූණ බලන් ඉන්න කොල්ලො නඩ දෙක ළග නතර උනු ගුරුවරු තම තමන්ගෙ බැල්මවල් වලින් විනාඩි හිහිපයක් බලන් උන්නෙ තොල් පැලුනු කම්බුල් ඉදිමුනු ශර්ට් ඉරාගත්තු කොල්ලො පහළොස් දෙනා දිහා
දොළහෙ කොල්ලො පහයි,දහතුනෙ කොල්ලො දහයයි..
කොලු නඩ ගාවින් නතර උනු ගුරුවරු තම තමන්ට ඇහෙන විදිහට මුමුණගත්තෙ
සුදු කලු තලෙලු ,හීන්දෑරි,හැඩිදැඩි,මහත අය හිටිය දෙපාර්ශවේම කොලු නඩ දිහා තම තමන්ගෙ ඇස් වලින් බලලා
කොල්ලො පහ නම් එසෙ මෙසේ වෙන්න බෑ..
දහතුනෙ පිරිස වැඩි වෙලත් වැඩි තුවාල තියෙන්නෙත් දහතුනෙ කොලු නඩේට නිසා ගුරුවරු හැමෝම මූණට මූණ බලාගත්තෙ හිතින් ඔය විදිහට හිතලා ඇස් වලින් ඒ ඒ කියමන පිට කරන ගමන්..
තව තත්පර කීපයක් ඒ විදිහට ඉදලා උගුරත් පාදලා ප්‍රින්සිපල් එයාගෙ දේශනාව පටන් ගන්න හදද්දි කොලු නඩ දෙපාර්ශවයම හ්ම් සද්දයක් නැතුව තමන්ගෙ ඇස් බිමට හරවගත්තෙ කොච්චර ගහගත්තත් ටවුන් එකෙ ඉහළ නමක් දරන පාසලක ඉගෙන ගන්න නිසා පොඩි කාලෙ ඉදන් ඩිසිප්ලීන් එක ලාවට හරි හැදිලා තිබ්බ නිසා..
*තමුන්ලාව ඉස්කෝලෙන් අස් කරනවට කැමති නිසාද රැග් කළේ,ගහගත්තෙ*
උගුර පාදලා අත් පිටිපස්සට බැදගත් ප්‍රින්සිපල් ඇස් කණ්නාඩි වලට පේන කොලු නඩ දිහා බලලා තමන්ගෙ දේශනාව පටන් ගත්තා...
මීට පැය තුනකට කලින් දන්සලේ සවලෙන් කෑම බෙදාගත්තා වගෙ ගුටි කෙලගත් කොල්ලො රෑන නම් දැන් ඉන්නෙ හතර පෝයට සිල් ගත්තු උපාසකමහත්තුරු වෙලා..
බ්ලා බ්ලා බ්ල..ප්‍රින්සිපල් එකදිගට එකපෙළට දේශනාව දීගෙන යනව..
කොල්ලො ටික එහෙමයි ස්වාමිනී සීන් එකෙන් අහන් ඉන්නවා...
කොලු නඩයෙ පහළොස්දෙනාගෙම බිමට හැර උනු මූණවල් දිහා බල බලා
තවත් මිනිත්තු කීපයක් දේශනාව ඇදන් ගිය ප්‍රින්සිපල්
*අවසාන වතාවට,තමුන්ලගෙ මේ ගුරුවරු නිසාම තමුන්ලට සමාව දෙනවා මම.දොළහේ පස් දෙනාට පුලුවන් 11 ඉදන් පටන් ගන පීරියඩ් හතරට දැන් ඉදන් ගිහින් එකතු වෙන්න.දහතුනෙ මහත්තුරු ටිකට පුලුවන් බෑගුත් අරන් ඔෆිස් එකට එන්න* කියලා
මහා දේශනාව අවසාන කරපු ප්‍රින්සිපල් නහයට බර උනු ඇස් කණ්නාඩියත් ඇගිලි දෙකකින් ආයෙම ඇස් ගාවට උස්සලා හදන ගමන් ඔෆිස් එක දිහාවට ඇවිදන් යන්න හැරුනෙ තමන් ගාව උන්න වජිර සර්ටත් එයාගෙ පස්සෙන්ම එන්න කියලා..
වජිර සර්වත් එක්කන් ප්‍රින්සිපල් ඔෆිස් එක දිහාවට ඇවිදන් යන්න පටන් ගනිද්දි මෙතුවක් වේලා උපාසක මහත්තුරු උනු කොලු නඩ දෙකම බර හුස්මක් පිට කළේ හැමකෙනාගෙම කන් දෙක ඇතුලෙ කීන් කීන් ගාඅ දෙසපු දේශනාව තාමත් ඇහෙනවා වගෙ දැනෙන අස්සෙම...
රංජිත්,ලතික සර් සහ කෙයිමි මිසුත් ඒ විදිහටම මූණ හදන් ඉන්නෙ ප්‍රින්සිපල්ගෙ දේශනාව ගුරුවරු උනු එයාලටත් ටිකක් එපා උනු සුලු හින්දා...
කොහොම නමුත් අවසානෙදි දහතුනෙ නඩේ බෑග් අරන් ඔෆිස් එකට යන්න දඩුවමින් නිදහස් වෙනකොට කෙයිමි ගුරුතුමියගෙ පන්තියට භාර උනු දොළහෙ කොලු නඩේ දඩුවමින් මිදිලා ඇදුනෙ කෙයිමි ගුරුතුමිය පස්සෙන් කන්නත් නැතුව දැන් ඉදන් ඉගෙන ගනින්කො කියලා හිතලා මූණවලුත් ඇද කරන්..
_______________________
පටන් ගැන්ම අවුල්ද දන්නෑ🥲
අදහස් කියන් යන්..අදහස් අනුව ලියනවද නැද්ද කියලා තීරණය කරන්නම්..
මං එෂානි චතුමිකා..𝓐.𝓔.𝓒