පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/343
_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *විසිඅටවන කොටස (28)*
පෙර කොටසින්,,,,
විනාඩි දහයක් විතරම තමන් කිව්ව කාරණාවත් එක්ක තමන්ගෙ පුතාගෙන් සද්දයක් නැති වෙනකොට ඊගාව හෙණ ගෙඩිය කුසුමා දුන්නෙ ආයෙමත් ඉදුවරට.
____එතැන් සිට____________________
*ලොකු කුමාරිහාමි හෙට පාන්දරම ආයෙ නොඑන්න රට යනවනෙ පුතේ*
ඉදුවරගෙ පපුවට හෙණ හතට දාහතරක්ම දීලා කුසුමා නිදහසේ කියලා දැම්මෙ දුරකථන ඇමතුමෙ එහා පස ඉදන්.
කුසුමට තමන් කියන දේ කොහොම ඉදුවරට බලපායිද කියලා තේරුමක් තිබ්බෙ නෑ
තේරුමක් තිබ්බත් අහිලිව ඒ හිතින් අමතක කරලා දාන දේ ඇරෙන්න වෙන දෙයක් කුසුමට තිබ්බෙ නෑ
ඒ දේ විතරක් කියලා නතර නොවුනු කුසුමා බොරුවට *එහෙ ගොහින් සුදු මහත්තයෙක්ව බදිනවා* කියලා කිව්වෙ ඉදුවරගෙ හිතින් අහිලිව අයින් කරන්න මේ ටික ඇති කියලා හිතුනු නිසා..
..මො..ක..ක්..අ..පෙ.අම්මා..
කුසුමා දීපු එකපිට එක හෙණ ගෙඩි ටික සැර වැඩිකමට ඉදුවරට වචනත් පැටලවෙන්න ගත්තෙ හදවත දැන් නම් ඇත්තටම නතර උනා වගෙ හැගීමක් දැනිලා...
තත්පරයක්ද දෙකක්ද එහෙමත් නැත්නම් ලක්ෂයක් කෝටි ගානක් ද මන්දා ඉදුවර නිහඩවම අමුතුම ලෝකෙකට පා තබලා ගෙවිලා ගියෙ හුගක් වෙලා
ඉදුවරට හිතාගන්න බෑ තමන්ගෙ කනට ඇහුනු දේ ගැන..
හැබැයි ඒ කන් අස්සෙ දෝංකාර දෙනවා *ආයෙ නොඑන්නම රට යනවයි* කිව්ව එක..
අහිලි.අපෙ ලොකු කුමාරිහාමි තීරණය කළා ගමෙන් වගෙම රටිනුත් නංගිව කසාද බැන්දුවට පස්සෙ යන්න
මොකද තව දුරටත් අහිලිට ඕනි උනෙ නෑ ඉදුවර ගැන ඒ හදවතට හැගීම් පුරොගන්න
නොලැබීමක් ඉදුවර කියන්නෙ.මේ ආත්මෙදි මොනා කළත් ලබාගන්නම බැරි බැදීමක්
ඉතින් අහිලි තීරණය කළා හොදම දේ තමයි මේ හැමදේකින්ම ඈත් වෙලා යන එක කියලා.
මුලින් මුලින්ම නම් මහ නිළමෙ අහිලි නොදන්න ඉසව්වකට යවන්න අකමැති උනත් අහිලිගෙ මුරණ්ඩුකම ගාව මහ නිළමෙට මේ තීරණේට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙද්දි මහ නිළමෙත් Australia යන ගමන අහිලිට යන්න ඉඩ දෙන්නෙ දාන්න පුලුවන් නීති සේරම අහිලිගෙ ඔලු ගෙඩිය අස්සට ඔබා දාලා..
,,,, 𝓐.𝓔.𝓒
පාන්දර තුනෙ කණිසමට ඇහැරුනු අහිලි පාන්දර පහට තියෙන ෆ්ලයිට් එකට යන්න හිතාගෙන ලක ලැහැස්ති උනේ කහ ගවුමට කහ පාටින්ම හීල්ස් දාලා හරි හැඩට..
වලව්වෙ වැඩට උන්නු සෝමාවතී අතින් ගමනට ඕන කරන සේරෝම බඩු
ටික අහිලි ලෑස්ති කරලයි තිබ්බෙ..
මහ මැණිකෙට නම් මේ ගමන ගැන සෑහෙන්න දුකයි..ගිය පාර අහිලි යනකොට සුදු හාමිනේ හිටියත් මේ පාර මහ මැණිකෙට නැති වෙන්නෙ තමන්ගෙ කුසින් බිහි උනු තමන්ගෙ දරුවො දෙන්නම
ඉතින් ඒ නිසාම ලක ලැහැස්ති වෙලා පහළට බැහැපු අහිලි දිහා බලාගෙන මහ මැණිකෙ කදුලු වට්ටන්නෙ දුකින්..
*මැණිකෙ මේ වගෙ වෙලාවකවත් ඇඩිල්ල නතර කරගන්න බැයිද ඔහේට?*
අහිලිත් එක්කම අහිලිව ඇරලොලා එන්ඩ ලැහැස්ති පිට උන් නිළමෙ මැණිකෙට කියන්නෙ අහිලිට ඇහෙන්නැති වෙන්න
*ම..ට.දු..ක..යි නිළමේ* ඔසරි පොටෙන් වැටෙන කදුලක් ගානේ පිහිදමින් මැනිකෙ කියන්නෙ කැඩුනු වදනින්..
*අඩලා අඩලා අද දවස මූ|ස|ල කරන්න එපා අපෙ මැණිකෙ.ආයෙ නොකිව්වයි කියන්න එපා*
කියලා
තමන්ගෙ අසලට වෙලා ඉන්න මැණිකෙට අවසාන අනතුරු ඇගවීම අණ කරපු මහ නිළමෙ මෙහෙම කියලා ඇදුනෙ වලව්වෙ දොරකඩට...
පහළ මාලයට බැස ආපු අහිලි පිලිවෙලින් දොරකඩ උන්නු අප්පච්චිටත් වැදලා අම්මටත් වැන්දෙ ගිහින් එන්නම් කියලා..
අහිලිගෙ ඇස් වලටත් තමන්ගෙ අම්මගෙ කදුලු අහු උනා හැබැයි
අහිලිට නම් ඒ හැටි ගානක් නෑ.
ගිය පාර අඩලා දොඩලා යවන්න එපා කියද්දි අම්මත් මොකුත් නොකර හිස පාත් කරන් උන්නු නිසා අහිලිගෙ හිතෙ අනුකම්පාව කියන දේ සෑහෙන්න අඩුයි..
දොරකඩ ඉන්න අප්පච්චිටත්
පරක්කුයි අප්පච්චි,අපි යං කිව්ව අහිලි දොරකඩ ඉස්සරහට ගියෙ වලව් මිදුලෙ නතර කරලා තිබුනු වෑන් රථයට නැගලා ගුවන් තොටුපොළට යන්න...
,,,,,,
බෙරලිගල්ල වලව්වට කාලයේ තරම කියන්න බැරි තරම් කාලෙකට සමු දෙන ගමන් වෑන් රථයට නැගපු අහිලි ගියේ බෙරලිගල්ල වලව්වෙන් වගේම ගමෙන්..
ආයෙ එන්න අහිලිට ඇත්තටම අදහසක් නෑ..තමන් එක්ක ප්‍රයිවට් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු *විහාර* කියන පිරිමි ළමයා එක්ක australia වේ රැකියාවක් පටන් ගෙන දියුණු කරන ගමන් එහෙ ඉන්නයි අහිලිගෙ කල්පනාව
ජනේල වීදුරුවෙන් ලා අදුරට බෙරලිගල්ල ගම ටිකින් ටික අහිලිගෙ ඇස් වලට පහුවෙනකොට කොළඹ උන්නු ඉදුවර යන්න කලින් අහිලිව හමුවෙන්න හිතාගෙන රෑ කියලා නොබලා තමන්ගෙ මෝටර් සයිකලයට නැග්ගෙ *අනේ දෙයියනෙ මට යානා එක්ක වචනයක් හරි දොඩන්න පුලුවන් වේවා* කියලා ප්‍රාර්ථනා කරන ගමන්..
__,, Ahankara walaw hamine...
කොළඹ උන්නු නිසාත් මෝටර් බයිසිකලයෙ වේගයට පින් සිද්ද වෙන්නත් අහිලිලට කලියෙන් ඉදුවර ගොඩ උනෙ ගුවන් තොටුපළ අසලට..
ඉදුවර දන්නෙ නෑ යනවයි කිව්වට ලොකු කුමාරිහාමි කීයටද යන්නෙ කියලා නම්
ඒ නිසා හිතට දැනෙන කලබලයට ගිහින් නම් තියෙන්න එපා කියමින් ඉදුවර එහෙට මෙහෙට ඇවිදින්න ගත්තෙ පිස්සුවෙන්..
මට එකම එක පාරක් කතා කරන්න තිබ්බා නම් ඇති කුමාරිහාමි
මං වගෙ එකෙක් ඔයාට ගැලපෙන්නෙ නැ කියන්න දන්නවා.ඒත් මට පුලුවන් කුලෙන් බැරි උනාට සල්ලි අතින් ඔයාව ලබාගන්න දියුණු වෙන්න
අනේ ගිහින් නම් තියෙන්න එපා.මේ හිතේ ඔයාට තියෙන ආදරේ කිව්වට පස්සෙ මොන දේ උනත් මං පිළිගන්නම් යානා..
කරුණාකරලා මට ඔයාව මුණ ගස්සන්න...
එහාටත් මෙහාටත් පිස්සෙක් වගෙ ඉදුවර ගුවන් තොටුපොළට මිනිස්සු ඇදෙන දිහා ඇවිදින ගමන් බලනකොට අහිලි උන්නු වෑන් රථය ඉදුවර උන්නු දිහාවට විරුද්ධ පැත්තෙන් නතර කළේ අහිලිගෙ ඇස් වල පටන් ගැන්මෙ ඉදන් මේ වෙනකම්ම ඉදුවරගෙ රූපෙ
නොමැකිලා තියෙනකොට..
,,
ඉදුවර අහිලි උන්නු පෙදෙසට විරුද්ධ දිසාවට වෙලා අහිලිව බලාපොරොත්තුවෙන් ඉන්නකොට අහිලි එක්ක australia ගමනට එකතු වෙන විහාර ගමන් මලුත් අරන් අහිලි වගෙම නිළමෙ උන්නු දිහාවට ආවේ අහිලිට කටපුරා හිනාවක් දෙන ගමන්
*අහී කෙල්ල*
*විහාර* ගමන් මලුත් අතින් පිටින් එල්ලගෙන ආපු විහාරව අහිලිත් අහිලිව විහාරත් වැළදගත්තෙ නිළමෙට නම් යසට කැපෙන ජෝඩුව කියලා හිතෙනකොට
*අංකල්.ඔන්න මං අහිලිව එක්කන් ගිහින් එහෙම තියාගන්නවා* අහිලිව වැළදගෙන ඉවර උනායින් පස්සෙ නිළමෙට වදින ගමන් කටකාර තරුණයෙක් උනු විහාර කියන්නෙ බොරුවට
*හහ් හහ් ..මේ කටු පදුර එක්ක ලේසියෙන් වසන්ඩ බෑ පුතා*
විහාරගෙ වචන වලට නිළමෙ හිනාවෙන්න ගත්තෙ මහ හයියෙන්..
තවත් විනාඩි කීපයක් කතා බහේ යෙදිලා විහාරත් අහිලිත් නිළමෙට සමුදිලා ගුවන් තොටුපළේ පිවිසුම් ද්වාරෙට ඇදෙන කොට ඉදුවරත් හිටියෙ ඒ ළගටම වෙලා නොඉවසිල්ලෙන් අහිලිව දැකගන්න...
_____________________
කතාවෙ අවසානෙ ළගයි...
පුලුවන් නම් අදහසක් කියන් යන්නකො.