Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 22 2026 @ 14:40

හෘද ලිලී - 36

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *තිස්හයවන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


යෙධාට ආයෙ ඇස් පියාගන්න දුන්නෙ කැනියුලාවක් ගහලා සේලයින් එකකුත් දීලා
වටේ ඉන්න අයටත් යෙධාගෙන් ඈත් වෙන්න කියලා ඇස් වලින් හැමෝටමත් ඉගි කරලා


____එතැන් සිට____________________

යෙධාට නිදහසේ ඉන්න දීලා වටේ හිටිය හැමෝටම ඉගි කරපු සිට් රූම් මිසි යෙධාරගෙ පන්තිභාර මිස් උනු කෙයිමි මිස්ටත් කොල්ලො හතර දෙනාටත් යෙධාර ගාව ඉන්න කියලා සිට් රූම් එකෙන් එළියට ගියෙ යෙධාරට සිහිය ආවහම ආයෙ එන්න හිතන්

යෙධාර නම් දැනෙන අමාරුවට පව්සිද්ද වෙන්නයි සේලයින් එකටයි පින්සිද්ද වෙන්නයි ගැඹුරු නින්දකට වැටුනෙ කෙයිමි ඇතුලු කොල්ලො හතර දෙනා යෙධාට කරදරයක් නොවෙන විදිහට සිට් රූම් එක ඇතුළෙ තිබ්බ පුටුවලින් ඉදගන්නකොට

*ළමයිනෙ,යෙධාරට මේ විදිහට හැසිරෙන්න තරම් යෙධාරට මොකද්ද උනෙ*

සිට් රූම් එකෙ පුටුවකින් ඉදගෙන වැඩි සද්ද බද්දයක් ඇහෙන්නැති විදිහට යෙධාර දිහා දුකින් බලා ඉන්න කොල්ලො හතර දෙනාගෙන් මෙහෙම ඇහුවෙ ඕනම කෙනෙක්ට මෙහෙම හැසිරෙන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නම ඕනි කියල කෙයිමිට දැනුනු නිසා

මොකද අද උදේ යෙධාර කොල්ලො හතර දෙනා එක්ක හරි සතුටින් හිනාවෙවි පාසලට එනකොට,

 කෙයිමි හිටියෙ පාසලට ඇවිත් ග්‍රවුන්ඩ් එක දිහාවට ඇදෙන ගමන්

යෙධාරගෙ ඇස් වල තිබ්බ අමුතුම සතුට කෙයිමි එතකොට හොදටෝම දැක්කා 

ඊටත් ටික වෙලාවකට පස්සෙ ඉදන් යෙධරගෙ ඇස් වල තිබ්බ සතුට නැතිව ගිහින් මූඩ් ගහලා ඉන්නවත් කෙයිමි දැක්කා

පස්සෙ ඉන්ටවෙල් එකෙදි යෙධාර මහම මහා පිස්සුවකුත් නැටුවා

ඉතින් කෙයිමිට විතරක් නෙමෙ යෙධාරව අද දැක්ක ඕනිම කෙනෙක්ට මේ ප්‍රශ්නය එන එක පුදුමයක් නෙමෙයි

කෙයිමිගෙ ප්‍රශ්නය එක්ක යෙධාර ගාව තිබ්බ කොල්ලො හතර දෙනාගෙ ඇස් ගෙඩි ටික එක එකාගෙ මූණ මත ඇලෙනකොට

කෙයිමි සන්සුන්ව ආදරබර කටහඩකින් ආයෙමත් කිව්වෙ

*කියන්න පුතාලා,එතකොටනෙ අපිට යෙධාරට ආයෙ මෙහෙම නොවෙන්න බේරගන්න පුලුවන්*

*මං පොරොන්දු වෙනවා ප්‍රශ්නෙ මොකක් උනත් කාටවත්ම නොකියා උදව් කරනවා*

*ඉතින් හොද ළමයි වගෙ මට හංගන්නැතුව කියන්න* කියලා

කෙයිමිගෙ මේ සන්සුන් ආදරබර වචන ගාව තත්පර ගානක් කල්පනා කරපු කොල්ලො ටික ඇස් වලින් එකිනෙකාට ඉගි කරලා තීරණය කළේ කෙයිමිව විශ්වාස කරලා සමා කිව්ව වචන ටික ඒ විදිහටම කෙයිමිට කියන්න

ප්‍රබෝ නම් එච්චරම කැමති නෑ කෙයිමිට කියනවට.ඒත් මේ වෙලාවෙදි යෙධාව සන්සුන් කරගන්න නම්
කාගෙම හරි වැඩිහිටියෙක්ගෙ උදව්වක් ඕනි බව ප්‍රබෝට තේරෙනවා

කොහොමත් සිහිය ආපු ගමන් යෙධා ආයෙම පිස්සු නටන්න 90%ක්ම ඉඩ තියෙන බවත් ප්‍රබෝ දන්නවා

ඉතින් ඒ නිසාම අනික් අයගෙ තීරණයට එකග උනු ප්‍රබෝ කෙටි හුස්මක් අරන් පිට කරලා සමා කොල්ලො ටිකට දුරකථනයෙන් කිව්ව වචන ටිකත් ඊට කලින් උනු සිදුවීම කෙටියෙනුත් කියන්න කලින් කෙයිමිගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ කෙයිමි මිස්ව ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් ද කියලා බලන්න හිතන්

*කෙයිමි මිස්.ඉස්කොලේ යන කාලෙ ළමයින්ට ක්‍රශ් තියාගන්න බැයිද?*

කෙයිමිගෙ ඇස් දිහාම බලන් ප්‍රබෝ ඒ ප්‍රශ්නෙ දිග ඇරියෙ සීන් එක කියන්න නම් යෙධාගෙ හිතෙ තාදි ගැන තියෙන හැගීමත් කියන්න වෙනවා කියන්න දන්න හින්දා

*මො..මො..කක්ද?*

ප්‍රබෝගෙ ප්‍රශ්නෙත් එක්ක මෙහෙම දෙයක් අහයි කියලා නොහිතපු කෙයිමි ගැස්සිලා කැඩුනු වචන වලින් උත්තර දුන්නෙ ක්ශනික බැල්මක් ගැබුරු නින්දක ඉන්න යෙධාරටත් දාන් 

*ඉස්කොලේ ළමයෙක්ට ක්‍රශ් එකක් ඉන්න බැයිද මිස්.ඒක වැරැද්දක්ද?*

තමන්ගෙ ප්‍රශ්නෙ ඉස්සරහා කෙයිමිගෙ ඇස් ගැස්සිලා කෙයිමි කලබල වෙනවා දැකලා ආයෙම පාරක් ප්‍රබෝ ඇහුවෙ කෙයිමිගෙන්

*ම්ම් මෙහෙමනෙ ළමයි.ඉන්න පුලුවන්,ක්‍රශ් නම් වැරැද්දක් නොවෙන්නත් පුලුවන්.තරුණ කාලෙට ඕවා සාමාන්‍යයි.ලව් එෆෙයා නොවි ක්‍රශ් උනාට එහෙම ප්‍රශ්නයක් නැ,අපේ හෝමෝන ක්‍රියාකිරීමක්නෙ ඒක..ඒත් ඒ දේ මේ විදිහට රියැක්ට් කරනවා නම් ඒ දේ ඇත්තටම වැරැද්දක් වෙන්නත් පුලුවන්*

තත්පර ගානක ශබ්ද වහලා හිත සන්සුන් කරගත්තු කෙයිමි ප්‍රබෝට උත්තර දුන්නෙ යෙධාරට මෙහෙම දෙයක් වෙන්න තරම් යෙධාර කැමති කෙල්ල කවුද කියලාත් කල්පනා කරන ගමන්

*මිස් මේ ප්‍රශ්නෙට හේතුව ඒ ඒ කෙල්ල නෙමෙ මිස්.අඩුම ගානෙ අපිවත් දැනන් හිටියෙ නෑ අපෙ එකා ඒ කෙල්ලට මේ තරම් ක්‍රශ් කියලා*

*ඒත් මිස්ට තෙරෙනවානෙ මං ඇහුව ප්‍රශ්නෙත් එක මෙහෙම වෙන්න හේතුව අපෙ එකා බොක්කෙන්ම ඒ 
කෙල්ලට කැමති කියන එක.හැබැයි මිස් මේක අපේ එකාගෙ පැත්තෙන් ක්‍රශ් කිරිමක් විතරයි*

කෙයිමිගෙ කලබල උනු ඇස් දිහාම බලන් කේශ් කියාගෙන කියාගෙන ගියෙ අනික් තුන් දෙනත් මේක ලව් එකක් නෙමෙ ක්‍රශ්සීන් එකක් විතරයි කියලා ඔලුව හොලොලා සනාථ කරනකොට

*අද අපේ එකා අපේ එකාගෙ ක්‍රශ් එකව බලන්න හිතන් ඉස්කොලේට ආවෙ සතුටින් මිස්.ඒත් කොච්චර බලන් හ්ටියත් ඒකි අද ආවෙ නැ*

*අනික ඒකි අද දුවන්නත් ඉන්නවා ,ඉතින් එහෙම වෙලත් නොආපු නිස කරදරයක්ද දන්නැ කියලා හිතලා අපි සිකුරුටි අංකල්ගෙ පෝන් එක අරන් කෝලක් දැම්මා*

*ඒත් මිස් කතා කළෙ ඒකිගෙ යාලුවා.පස්සෙ නිවාසෙ වැඩකට කතා කරනවා වගෙ කතා කරලා කෙල්ල ගැන ඇහුව පාර කෙල්ලගෙ යාලුවා කිව්ව මිස්*

නැවතිල්ලක් නැතුව කියවන් ගියපු කේශ් එහෙම කියලා කතාව පොඩ්ඩකට නතර කළා 

*ම්ම්.මොකද්ද කිව්වෙ කියන්න කේශ්ශ්*

නැවතිල්ලක් නැතුව කියන් ගිහින් ඕනිම දේ නොකියා නතර කරලා 

සද්ද නැතුව බරටෙ බරේ හුස්මවල් පිට කරන කේශ්ට කේශ් කිව්ව කතවට මෙච්චර වෙලා ඇහුන්කම් දුන්නු කෙයිමි කිව්වෙ කියන්න කියලා

*ඒකිගෙ යාලුවා කිව්ව මිස්.මේ මේ.මේ..ම්හ්..*

ආයෙම ඇහුනු දේ කියාගන්න බැරුව කේශ් ගොත ගැහුවෙ ඇස් වලින් උබම කියපන් යේශ් කියලා කේශ්ට ඉගි කරන ගමන්.


කේශ්ගෙ ඒ ඉගි කිරීමත් කෙයිමිගෙ නොඉවසිලිමත් මුහුණත් එක්ක මේක අනිවාරෙන් කියන්න ඕනි හින්දා

පපුව පිරෙන්න හුස්මක් ගත්තු යේශ් කේශ්ගෙ කතාවට තිත තියලා කියන්න ගත්තෙ

දුරකථනෙන් සමා කොල්ලො ටිකට කිව්ව යෙධාර පිස්සු වැටුනු ඒ වචන ටික

*ම්හ්.මේකයි මිස් ඊයේ ඒ කියන්නෙ ඉරිදා ඒ කෙල්ල පුස්තකාලෙ ගිහින් ගෙදර ඇවිත් තියෙනවා හවස හයට වගේ*

*ඒ වෙද්දි කෙල්ලගෙ අම්මා ව් විතරයි ගෙදර ඉදලා තියෙන්නෙ.සදුදා වැඩ නිසා හරි නම් කෙල්ලගෙ අම්මා ඊට කලින් ගෙදරින් යනවලු*

*ඒත් ඊයෙ කෙල්ල ගෙදර එද්දිත් දොරවල් ඇරලා දාලා තිබිලා තියෙනවා.කෙල්ල හිතලා ඉතින් තාම ගිහින් නැ අම්මා සමහරවිට වැඩට යන්නෙ නැද්ද දන්නෙ නැ කියලා*

*සැකයක් නොහිතා කතා නොකරම කෙල්ල ගේ ඇතුළට ගිහින් මිස්.මේ එතකොට ම්හ්.*

*ඇයි පුතෙ මොකද,අම්මට මොනාහරි කරදරයක් වෙලාද?*

කේශ් වගේම යේශුත් ඕනිම තැනෙන් කතාව නතර කරනකොට කෙයිමි ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරන් කලබලෙන්

*ඔව් මිස්.කෙල්ලගෙ අම්මා ලේ පෙරන් සාලෙ මැ|රි|ලා වැටිලා ඉදලා තියෙනවා*

*ඒ ළගම කෙල්ලගෙ අම්මව මරපු මිනිහත් කැත්තක් තියන් ඉදලා තියනවා*

කෙයිමිගෙ හදවත ගැහෙන වේගේ එකසිය ගානට වැඩි කරලා යේශ් කියලා දැම්මා 

*එත..එතකොට ඒ ළමයා..අනේහ් කියන්නකො යේශ්*

උපතින්ම උණුවෙන හදවතක් තියෙන කෙයිමිට කතාව අහන් ඉදලා නොදන්න යෙධාරගෙ ක්‍රශ් කෙල්ල ගැන දුක හිතිලා කදුලු පිරෙනකොට

ඉදන් හිටපු පුටුවෙන් ඉදගෙනම ඉස්සරහට එන ගමන් යේශ්ගෙන් ඇහුවෙ ඒ ළමයට කොහොමද කියලා

________________________

තාදි 😑 මැ|රි|ල|තේ...

ඊගාව කොටසින් බලමු ම්ම්...

දොර දෙකෙ ෆ්‍රිජ් එක දිනාගත්තු කෙනෙක් ඉන්නවදෝ

අදහස් කියන් යන්න ම්ම්🤍