_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________
🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි*
°° *දහනවවෙනි කොටස (19)*
පෙර කොටසින්,,,
තත්පර ගානක් කුසුමාගෙ වැළපිල්ල බලා උන්නු වෙදතුමා වෙදතුමාගෙ හාමිනේට කුසුමව කුස්සියට අරන් යන්න කියලා ඉගි කරලා කුසුමා ගාවින් ඈත් වෙලා ගියේ
කුසුමට වඩා අවුරුද්දක් වැඩිල්ව කුසුමලත් එක්කම එකට අකුරු කරපු වෙදතුමාත් මහ නිළමෙගෙ කෙරුවාව ගැන හොදට දන්න නිසා අහිංසකව නිදා ඉන්න ඉදුවර ගැන තමන්ගෙ හිතට දැනෙන බියෙන්..
_____එතැන් සිට__________________
හද බැහැලා ඉර පායලා ඊයෙ උදා උනු මූ|ස|ල දවස ගෙවිලා ඉදුවරගෙත් කුසුමගෙත් වලව් ඇත්තන්ගෙත් ඊළග මූසල දවස උදා උනේ හරි ඉක්මනින්..
මේ වෙනකොට නැති උනු සිහිය ආව ඉදුවරව බදන් කුසුමා අඩාගෙන දුක් අදෝනාව කියවන්නෙ තමන්ගෙ හිතට දැනෙන දරු කැක්කුමෙන්.
වලව්වෙ තමන්ගෙ කාමරේම හිරකාරියක් උනු අහිලි ඊයෙ රෑ ඉදන්ම පටන් ගත්ත පාපොච්චාරණය වෙහෙස මහන්සිය නොබලම තාමත් වලව්ව පුරාම ඇහෙන විදිහට කෑගහනවා අතාරින්න අකමැති උත්සාහෙකින්
"මහ නිළමේ ඌයි මායි අතර ඔය මගුලක් උනේ නෑ "
වෙනදට ඇහෙන කුරුල්ලන්ගෙ කිචි බිචි නාදෙත් පරද්දලා අහිලි කෑගැහුවෙ වැහුනු දොරට පිට දීලා
මහන්සියි.ඊටත් වඩා බයයි..තමන් ගැන නෙමෙයි අවුරුදු ගානක ඉදන් තමන් විතරක් දැනන් පෙම් බදින තමන්ගෙ සසිත ගැන බයෙන්
දොන් පියස් මහ නිළමේ..කාටත් වඩා තමන්ගෙ පියාගෙ අහුමුල්ලෙ ඉදන්ම වතගොත දන්නෙ අහිලි
දෙයියනේ මගෙ අහිංසකයා..මට නම් ඕනි දෙයක් වෙච්චාවේ
හිත ඇතුළෙ නපුරුකම පුරවන් මෙච්චර කාලයක් මං ඉවසන් උන්නෙත් ඔයා මේ මිනිහා අතින් මැ|රි|ලා යනවා බලන්න බයේ
කෑගහලාම රිදුම් දෙන උගුරත් පිරිමදින ගමන් අහිලි කියාගත්තෙ තමන්ගෙම හදවතට
තමන්ගෙ හොදම යාලුවා උනු ශාකිටවත් නොකියා
ඒ අහිංසක ඇස් ගෙඩි දෙක දැක්ක පළමු දවසෙ ඉදන් ලොකු කුමාරිහාමි සසිත ඉදුවරට පෙම් බැන්දෙ නොලැබෙනවා කියලා දැන දැනත්
මාව මැරුවත් කමක් නෑ අයියේ..ඔයාට නම් මං මොකුත් වෙන්න දෙන්නෑ
හා හා පුරා කියලා තමන්ට අවුරුදු 14ක් තරම් පොඩි කාලෙ ඉදන් අහම්බෙන් වලව්වෙ පිටිපස්සෙ මඩුවෙදි තමන්ගෙ නංගි එක්ක සෙල්ලමට ආව සසිත ඉදුවරගෙ එදා රුව ඇස් අග්ගිස්සෙ මවාගන්න ගමන් අහිලි කදුලු බොන්න පටන් ගත්තෙ ඊයෙ කාපු ගුටි බැට හැටියට තමන් ආදරේ කරන තමන්ගෙ මිනිහට මොනා වෙලා ඇද්ද කියලා දැනගන්න බැරි උනු වේදනාවෙන්
අහිලිට අවුරුදු 14යි..ඉදුවර අහිලිව දකින්නත් කලියෙන් අහිලි ඉදුවරව දකින්නෙ අහිලිගෙ මුරණ්ඩු හිත දැක්ක පළවෙනි දවසෙන්ම ඉදුවරට දීලා
දැන් අහිලිට අවුරුදු 23ක්.ගෙවුනු අවුරුදු නවය ඇතුළතම කාටවත් අහුනොවෙන්න ඉදුවරගෙ ගරාජ් රස්සාව ලැබෙන්නත් උදව් කරමින් හැමෝගෙම ඇස් වහලා බලා සැනසෙමි නෙලා ගනු බැරි දුකකින් අහිලි ඉදුවරට නොදැනෙන්න ඉදුවරගෙ පස්සෙන් හිටියෙ ඉදුවරට ඇත්තටම ආදරේ කරන ගමන්..
ගමේ ඉන්නකල් හැමොගෙම ඇස් වහලා ඉදුවර දිහා හොරෙන් බලා හිටියා
ටවුමට ගියාමත් ඉගෙන ගන්න යන ක්ලාස් කට් කරලා හොරෙන්ම සසිත වැඩ කරන ගරාජ් එක ඉස්සරහින් එහාට මෙහාට සසිතට නොදැනෙන්න ගියා
සමහරක් මෙහෙමයි..ආදරේ හංගගෙන ආයෙම දෙයක් බලාපොරොත්තු නොවී තමන් ආදරේ කරන මනුස්සයගෙ ජීවිතෙ හරි ලස්සනට ගොඩ නගනවා
හැමෝටම නපුරු උනු ලොකු කුමාරිහාමිත් ආන් එහෙමයි.
හැමවෙලේම නපුරු වෙලා උද්ධච්ච ලොකු හාමිනෙගෙන් ලොකු කුමාරිහාමි වෙලා සසිතට අහිලි ආදරේ කළේ මුලු හදවතින්...
මං කියන්නෙ නෑ ලොකු කුමාරිහාමිගෙ ගති ගුණ නම් රගපෑම් කියලා.හැබැයි ඉදුවර ගාව නරකෙට හැසිරුනා නම් ඒවා සේරම විතරක් අහිලිට ඔස්කාර් සම්මාන හම්බෙන්න ඕනි කරන අහිලිගෙ රගපෑම්..
තමන්ගෙ සසිතට මොනා වෙලා ඇද්ද?
තමන්ගෙ අප්පච්චි සසිතට මොනා කරාවිද?
දොරට පිට දීලා වේදනාවෙන් දගලන අහිලිට මේ කාරණා මතක් වෙනකොට වේදනාව යට ගහලා පුරුදු කෝපෙ උඩට අරන් අහිලි ආයෙම දොරට ගගා කෑගහන්න ගත්තෙ
"තමුසෙ හිතනවද මං ඒ වගෙ එකෙක් එක්ක බු|දි|ය|යි කියලා" මහ නිළමෙගෙන් අහගෙන
ඊයේ රෑ තමන්ට දැනෙන වේදනාවට කේන්තියට තමන්ගෙ ලොකු දුවව තමන්ගෙම අතින් මැ|රෙ|යි කියලා බයට අහිලිව හිර කරලා තමන්ගෙ කාමරේට ආපු මහ නිළමේ තාමත් නිදු නොලබා කෑගහන අහිලිගෙ කටහඩ අහන් ඉන්නෙ තරහින් වගෙම දුකින්
එක පැත්තකින් අහිලි.අනික් පැත්තෙන් අශිනි.
අහිලිව කාමරේට දාලා ලොක් කරලු වෙලෙ පටන් ඉදුවරගෙ හොද කියලා තමන්ගෙ අක්කගෙ කරට වැරදි දාන ගමන් සුදු හාමිනේ අඩන්න ගත්තෙ බිම හැපිලා
*අනේ අප්පච්චී ඉදුවර අයියට මොකුත් කරන්න එපා* ඊයෙ පටන් තමන්ගෙ දෙපා මුල ඉන්න අශිනි හෙවත් සුදු හාමිනේ දොන් පියස් නිළමෙගෙ කකුල් දෙක දෝතින්ම හොලවන්නෙ මේ කීවෙනි පාරටද මන්දා
*දෙයියනෙ මං මැ|රි|ලා යන්නම් මට බැ නිළමේ මේ කෙල්ලො දෙන්නගෙ අදෝනා අහන් ඉන්න*
ඊයෙ වැටුනු තැනටම වෙලා අඩන ගමන් කරොලිනා මැණිකෙත් ඉන්නෙ කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව වලව්වෙ උඩු මහලෙනුත් තමන්ගෙ ඇස් ඉස්සරහිනුත් ඇහෙන තමන්ගෙ දුවලා දෙන්නගෙම අදෝනා අහගෙන
"මොන මගුලක්ද අයිසේ මං ඌ එක්ක නිදියෑවෙ නෑ
මං වගෙ එකියක්ට ඌ මොකටද කැමතිවෙන්නෙ නංගි වගෙ හොද කෙල්ලෙක් ඉන්නකොට"
ආයෙම අහිලි කෑගැහුවෙ කාමරේ තිබුනු ටීවී එකත්සද්දෙට පොලොවෙ ගහලා
මං මොකද්ද කරන්නෙ..මහනිළමෙ සයනෙටම බර වෙලා කල්පනා කරන්නෙ තමන් මොකද්ද ගන්න ඕන කරන තිරණය කියලා
වෙන ප්‍රශ්නයක් නම් මේ දැන්ටමත් තමන් එකෙක් දෙන්නෙක් ඉවරයක් කරලා
ඒත් මෙතන තමන්ගෙ දුවගෙ පිරිසිදුකමත් තවත් දුවකගෙ ආදරෙත් තමන්ගෙ හදවතේ කුලුදුලේම හටගත් පෙම්වතියත් පැටලිලා ඉන්න න්සා මහ නිළමෙ ඉන්නෙ කරන්නෙ මොකද්දො කියලා හිතාගන්න බැරි මානසික මට්ටමෙන්
සුදු හාමිනේ ඕක කරගත්තා නම් කාරිනැ.ඒත් තමන්ගෙ උරුමෙ බාරදෙන්න තමන් ඉහටත් උඩින් බලාපොරොත්තු බැදන් උන්නු තමන්ගෙ ලොකු දුවව අර වගෙ එකෙක්ට බන්දලා දෙන්නෙ කොහොමද?
මහ නිළමේ දහ අතේ කල්පනා කරන්නෙ මොනා කරන්නද කියලා
දැන්ටම උනත් නොවුනත් ඉදුවර අතින් කුමාරිහාමිගෙ කුමරි බඹසර කැඩුණා කියලා ගමම ගිනි තියවිලා ඉවරයි
ඒත් එහෙමයි කියලා මං කොහොමද අර වගෙ එකෙක්ව ලොකු බෑණා කරන් මේ වලව්වෙ උරුමෙ බාරදෙන්නෙ
තම අත්ලෙන් නළල පිරිමදුන ගමන් මහ නිළමෙ වැටෙන්නෙ හිතාගන්න බැරි පඹ ගාලක..
මං දන්නවා කරන්න ඕනිදේ..
ඒ දේ හරි ගියොත් මේ හැම ප්‍රශ්නෙම ඉවරයි..
විනාඩි ගානක හිතිල්ලෙන් පස්සෙ මහ නිළමෙට දෙයක් මතක් වෙනකොට මහ නිළ්මෙ ඉදන් උන්නු සයනෙන් නැගිට්ටෙ අඩියට දෙකට
________________________
අදහසක් කියන් ගියොත් මං සතුටින් ඉතින්
*bonus ඕනි අය රියැක්ට් 20ක්වත් දාන් යන්න* 💚🍃