Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 12 2026 @ 10:51

අහංකාර වලව් හාමිනේ - 7

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *හත්වන කොටස (07)*

පෙර කොටසින්,,,,

.. කඩේට යන එකෙ ඩොක්ටර් කෙනෙක් ගාවටත් ගියා නම් හරි..

_____එතැන් සිට___________________

ලොකු කුමාරිහාමි මට ගස්සගෙන වලව්ව ඇතුළට ඇදුනට පස්සෙ ගේන්න ඕන වෙන කෑලි ටිකෙ ගණන් හිලව් ටික කොළේක ලියාගෙන මං ගියෙ වලව්ව ඉස්සරහට පියදාස මාමාව හොයාගෙන

ලොකු කුමාරිහාමි කිව්වෙ පියදාස මාමාට කියන්න කියලනෙ.

ඉතින් හිසත් නමාගෙන වලව්වෙ යකඩ ගේට්ටුව ගාවට ඇවිදන් ඇවිත් ඕනි කරන කෑලි ටිකත් ගණන් හිලව් ලිව්ව කොළයත් මං දිග් කළේ පියදාස මාමා දිහාවට

*ආ ඉදුවර කොල්ලො.සුදු හාමිනෙ සල්ලි දීලයි ගියෙ ඔය වාහනෙ හදන්න ඕන කරන කෑලි බෑලි ගන්න*

*ආ ගනින්.ඉතුරු උනොත් ඉතුරුවා සුදු හාමිනේටම දීපන්කො*

මං දුන්නු කොළෙත් අතට අරන් සුදු හාමිනෙ දීලා ගිය සල්ලි කොළ ටික පියදාස මාමා මගෙ අතෙ තිබ්බෙ මෙහෙම කියන ගමන් 

.. හරි මාමේ,එහෙනම් මං ගිහින් කෑලි ටික අරන් එන්නම්.සුදු හාමිනෙ හරි ලොකු කුමාරිහාමි හරි හෙව්වොත් පොඩ්ඩක් කියනවද මං කීයට හරි ඇවිත් මේක හදලා දීලා යනවයි කිව්වා කියලා..

පියදාස මාමා දුන්නු කහ පාට සල්ලි කොළ ටික පරිස්සමෙන් කිට් එකේ සාක්කුවට දාගන්න ගමන් මං පියදාස මාමාට කිව්වෙ සුදු හාමිනේ නොබැන්නත් ලොකු කුමාරිහාමි පරල වෙන්න ඉඩ තිබ්බ හින්දා

*හරි කොල්ලො හරි.උබ විජහට ගිහින් ඔය කෑලි ටික උස්සන් වරෙන්කො*

*මං ඇහුවොත් කියන්නම්*

මගෙ පිටට තට්ටුවක් දාලා පියදාස මාමා කිව්වෙ ලාවට හිනාවෙලා

ගේන්න ඕන කරන කෑලි ටිකට සල්ලිත් ලැබුණු නිසා තවත් මෙතන ඉන්න 
 ඉන්න එක කාලය කෑමක්..

ඒ හින්දා 
පියදාස මාමාට හිනා උනු මං අඩියට දෙකට වලව් ගේට්ටුවෙන් එළියට පැනලා බොරලු පාරට වැටුනෙ කලින් වැඩ කරපු ගරාජ් එකට මුලින්ම යනවා කියලා හිතන්...

,,,

බොරලු පාරෙ වංගුවත් හැරිලා අපේ ගෙදරට ගියපු මං අපෙ අම්මට කෑගහලා මං ටවුන් එකට යනවා කියලා ඉක්මන් කරලා ෆුට් සයිකලේට නැගලා පාරට දාලා ලෑල්ලට පාගන්න ගත්තෙ පුලුවන් ඉක්මනට ටවුමට යන්න...

පීක් පීක් පීක්...

සයිකලේ උඩ නැගගෙන පාගන්න පුලුවන් උපරිම හයියට පාගනකොට මට ඇහුනෙ කොහෙදො යන අශ්ව කුලප්පුකාරයෙක් මගෙ පිටිපස්සෙ ඉදන් වාහනෙ හෝන් එක උඩ නගිනවා

..පරක්කු වෙලා තියෙද්දිත් මටමනෙ මෙහෙම කරදර එන්නෙ..

ලෑල්ලට පාගන එක නතර නොකරම පුලුවන් තරම් පාරෙ කොණකට වෙන ගමන් පිටිපස්සෙන් එන වාහනේට යන්න දුන්නෙ පාරෙන් සෑහෙන්න ඉඩක්..

පීක් පීක් පීක්..

... මෙච්චර පාරේ ඉඩ තියෙද්දිත් දෙයියන් වහන්සෙට යන්න වගෙ ඉඩ ඉල්ලන්නෙ මොකාද බොල..

බොරලු පාරෙ පුලුවන් තරම් අයිනට සයිකලෙ අයින් කරලා පාරේ 4/3ක්ම ඉඩ දීලාත් පිටිපස්සෙන් එන වාහනේ තාමත් හෝන් එක උඩ නැගලා ඉන්න හින්දා මං මිමිණුවේ ලෑල්ලට පාගන එකත් නතර නොකර 

" ඕයි උදු වඩයො,තමුසෙට කන් ඇහෙන්නැද්ද මනුස්සයො

ඔය අටමගලේ පැත්තකට කරලා නවත්තනවා "

කන පිටිපස්සට අකුණක් ගැහුවා වගෙ පන්සලෙ තියෙන ඝන්ඨාරෙ සද්දෙන් ලොකු කුමාරිහාමිගෙ හඩ මට ඇහුනෙ ඉබේටම ලොකු කුමාරිහාමිගෙ කටහඩ ගාව මට සයිකලෙ බ්‍රේක් පෑගෙද්දි...

.. ලොකු කුමාරිහාමි..

සයිකලෙ ඉදගෙනම වේගෙන් මං හිස හරෝලා බැලුවෙ මට ඇහුණු කටහඩ ඇත්තක්ද කියන්න 

ඇත්ත නේන්නම්..මූණත් රතු කරන් කලු පාට බෙන්ස් කාර් එකක කවුලුවෙන් හිස එළියට දාන් ලොකු කුමාරිහාමි ඉන්නෙ ඒ ගිනි ගහන ඇස් වලින් මාව පුච්චලා අළු කරලා දාන්න පුලුවන් තරම් කේන්තියකින්..

.. හපොයි කේන්දරේ ග්‍රහයො මාරු වෙලාවත්ද මේ දවස් වල..

මගෙ හිතට මෙහෙම කියන ගමන් ඒ ගිනි ගහන ඇස් දෙක මගෙ මූණට සමාන්තරව ඇවිත් නතර උනෙ මගෙ හිස ඉබේම පාතට වැටෙනකොට 

" හහ් කන් දෙකෙ කලාදුරුද මෙච්චර හෝන් කරලත් ඇහුන්නැ වගෙ ගියේ තමුසෙ 

ඔය හුචක්කුවෙ ගිහින් තමුසෙ එන අනිද්දද මිනිහො නංගිගෙ වාහනෙ හදලා දෙන්න හිතාගෙන ඉන්නෙ " 

ගිනි ගහන ඇස් මගෙ මූණෙම තියන් ලොකු කුමාරිහාමි මගෙ ඇගට කඩා පැන්නෙ දඩි බිඩි ගාලා සයිකලෙන් බැහැලා මං බයාදුවෙන් ලොකු කුමාරිහාමිගෙ වාහනෙ ගාව ගිහින් හිටගන්නකොට 

" මේ තමුසෙ දන්නවද මං කවුද කියලා "

තත්පර ගානක් මොකුත් නොකියා ඉදලා ලොකු කුමාරිහාමි මගෙන් ඇහුවෙ ඒ දකුණු අතෙන් මගෙ වම් අතෙ බාහුව අල්ලලා මාව වාහනේ කවුළුව දිහාවට ඇදලා අරන්

ලොකු කුමාරිහාමිට පිස්සුද? මං වගෙ පහත් එකෙක්ව අතින් අල්ලන්න

දෙයියො සාක්කි,මොකා හරි දැකලා මහ නිළමේටඑහෙම කිව්වා නම් මට වෙන්නෙ ඇළේ ගිලිලා මැරෙන්න 

ලොකු කුමාරිහාමි කරපු දේත් එක්ක ගැස්සුණු මං ඒ අත ගසලා දාන ගමන් ඇස් අරන් ගියෙ බොරලු පාරෙ ගමේ මොකාම හරි ඉන්නවද බලන්න 

හප්පේ අපෙ අම්මගෙම පිහිටයි..වෙලාවට මොකෙක්වත් නෑ 

පාර දිගෙ හතර දිසාවටම ඇස් යවලා මොකෙක්වත් නෑ කියලා ටක්කෙටම ස්තීර කරගත්තහම මං සැනසුම් සුසුමක් හෙලුවෙ පපුවටත් අතක් තියාගෙන

ලොකු කුමාරිහාමි

උන්දැ ඉන්නෙ ගිනි ගහන ඇස් රතු කරන් කන්න වගෙම මා දිහා බලන් 

මං මක්ක කොරන්නද? මෙහෙම පිස්සු නැටුවට හෙට ඇවිත් යස අගේට මාව උල තියයි උබ වගෙ පහත් එකෙක් මගෙ ඇගෙ ඇලුනා කියලා 

වලව්කාරයො ඉතින් ඔහොමමනෙ

ලොකු කුමාරිහාමිගෙ රතු උනු මූණ ඉස්සරහා පුලුවන් තරම් ඇස් බිමට හරවගන්න ගමන් තනි හිතට මං හිතුවෙ ලොකු කුමාරිහාමි කියන්නෙ මහ නිළමේ වගේම සම්ප්‍රදාය මාන්නෙ මහ ඉහළින් හිතන කෙනෙක් උනු හන්දා 

" හහ් තමුසෙ ..හහ් ..තමුසෙ කොහොමද අයිසෙ මාව කුණු මාලු කෑල්ලක් වගෙ පැත්තකට දාන්නෙ ආ

ය|කෝ අපි වගෙ රදලයො යන පාරෙවත් උබලට යන්න බෑ 

එහෙව් මාවද උබ ඔහොම අප්පිරිය කළේ "

ලොකු කුමාරිහාමි ගල් බෝරයක් වගේ පුපුරන ගමන් මහ සද්දෙට බෙරිහන් දුන්නෙ ලොකු කුමාරිහාමිගෙ කටේ සද්දෙට ඉබේටම මට අඩියක් පිටිපස්සෙන් තියවෙනකොට 

" සුදු හාමිනේද තමුසෙට කිව්වෙ වෙන කෙල්ලන්ට අල්ලන්න දෙන්න එපා කියලා 

හහ්.තමුන් තමුන් හිතන් ඉන්නෙ සුදු හාමිනෙව බැදලා පවුල් කන්නද?

හොදට මතක තියාගනින් මං ජීවත්ව ඉන්නකම් මං තමුසෙ වගෙ පහත් ජරා සතෙක්ව වලව්වෙ උන් එක්ක නම් පෑහෙන්න ඉඩ තියන්නෑ

උබලා ඉන්න ඕනි කවදත් අපෙ පයට පෑගෙන වැලි කැට ගානට

වැලිත් නෙමෙ උබලා පණුවො..පයින් පලයන් ..පයින් ටවුන් එකට ගිහින් මහ රෑ වෙනකම් හරි ඇවිදලා බඩු අරගෙන ඇවිත් හදපන් " 

පරල උනු යක්සනියක් වගෙ ලොකු කුමාරිහාමි මට කෑගැහුවෙ මාව දාන්න පුලුවන් පහත් තත්වෙටම දාලා 

" පලයන් ඉතින් " 

වාහනෙ සුක්කානමට අත මිට මොළෝලා ගහන ගමන් ලොකු කුමාරිහාමි කෑගැහුවෙ සංකර විදිහට හදපු ඒ කොණ්ඩෙත් දෝතින්ම වේගෙන් අදින ගමන් 

සුදු හාමිනෙගෙ අක්කා වෙලත් සුදු හාමිනෙ සුදු නෙළුමක් වෙලා ලොකු කුමාරිහාමි මෙච්චර නපුරු උනෙ ඇයිද මන්දා

මූණෙන් පේන ලස්සනකම ඔය හිත ඇතුළෙත් තියෙනවා නම් මොනාද ලොකු කුමාරිහාමි කරන්න බැරි 

කේන්තියෙන් දත් මිටි කන ලොකු කුමාරිහාමි දිහා ඇස් යටින් වගේම රිදුනු හිතින් බලාගෙන 
මං හිතුවෙ ඔහොම 

ලොකු කුමාරිහාමිගෙ කේන්තියෙ හැටියට තව තත්පරයක් හරි පරක්කු උනොත් මට වෙන්නෙ කොහෙ හරි ගස් කදක එල්ලෙන්න හින්දා සයිකලෙත් පැත්තකට කරලා අඩිය දෙක ඉක්මන් කරලා මං ඇදුනෙ බොරලු පාරෙ ඉස්සරහට

*ඉන්න*

_______________________

ඊලග කොටසින් හමුවෙමු... 

කියෝනවා නම් රියැක්ට් එකක් දාන් යන්නකො අප්පා