Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 11 2026 @ 07:31

අහංකාර වලව් හාමිනේ - 6

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *හයවන කොටස (06)*

පෙර කොටසින්,,,

ඔලුවත් කසන ගමන් ගේ ඇතුළට ගියෙ අතෙ තිබ්බ බත් පාර්සල් දෙක දිහාත් බල බලා...

_____එතැන් සිට__________________

හෝරා කිහිපයක්ම දගලලා කරලා හදපු දිනේශ් මල්ලිගෙ මෝටර් බයිසිකලේ පැත්තකට කරලා කටකට දෙකකට ලොකු කුමාරිහාමි ගෙනත් දුන්නු බත් එක ගිලලා බොරලු පාර දිගෙ මං ඇදුනෙ ලොකු කුමාරිහාමි කිව්ව සුදු හාමිනෙගෙ වාහනෙ හදන්න වලව්වට යන්න

 දැන්ටම පරල වෙලද දන්නැ එයා කිව්ව පණිවිඩෙ මං කනකට ගත්තෙ නෑ කියලා 

බොරලු පාර දිගෙ ඇදෙන ගමන් මං තනි හිතට හිතුවේ 
ලොකු කුමාරිහාමි අපෙ ගෙදෙට්ට ඇවිත් ගිහින් දැන් පැය දෙකක් විතර වෙන හින්දා..

එක අතකට ලොකු කුමාරිහාමිට පරල වෙන්න දෙයක් නැනෙ.මං හදන්න යන්නෙ සුදු හාමිනෙගෙ වාහනෙනෙ.

අනිත් අතට ආයෙම මං මටම කියාගත්තෙ සුදු හාමිනෙගෙ වාහනෙ හදන්න පරක්කු උනා කියන දේ ලොකු කුමාරිහාමිට තරහා යන්න කරුණක් නොවන හින්දා.

 වලව් වත්තයි අපෙ ගෙදරයි වෙන් කරන වංගුවත් පහු කරලා මගෙ ඇස් මායිමට කහ පාටත් සුදු පාටත් ගෑවුනු බෙරලිගල්ල වලව්ව පේනකොට ඇවිදන් ගියපු වේගෙ වැඩි කරලා මං ඉක්මනට ළං උනෙ කලු පාටට යකඩ යකෙක් වගෙ වැහිලා තිබුනු වලව්වෙ ගේට්ටුව ගාවට 

*ආ මේ ඉදුවර කොල්ලනෙ.වරෙන් වරෙන් ලොකු කුමාරිහාමි කිව්වා උබ එයි කියලා* 

කලුවට තීන්ත ගාපු ගේට්ටුව ගාවට ළං උනු ගමන් මුරකුටියෙන් ඔලුව දාලා මාව දැකපු ගමන් බොල් දත් ටික පෙන්නන ගමන් වලව්වෙ මුරට ඉන්න පියදාස මාමා මට කිව්වෙ වලව්වෙ ගේට්ටුවත් මට යන්න අරින ගමන්

.. වාහනයක් හද හද මාමෙ උන්නෙ.නැත්නම් මීට කලින් මං එනවා..

 ගේට්ටුවෙන් වලව් බිමට ඇතුලු වෙන ගමන් මං කිව්වෙ 
ලා හිනාවකුත් දාලා

*ආ ඒකට කමක් නෑ බන්,සුදු හාමිනෙගෙ වැඩක්නෙ*
*අප්පේ ඉතින් සුදු නෙළුම වගෙ ඉන්න සුදු හාමිනේ කවද්ද නිස්කාරණේ කේන්ති ගත්තෙ*

*ඔහොම්මම පිටිපස්සට පලයන්කො සුදු හාමිනෙගෙ වාහනෙ ඇති*

සුදු හාමිනේගෙ ගුණත් වයලා පියදාස මාමා සුදු හාමිනෙගෙ වාහනෙ තියෙන තැන කිව්ව පාර පියදාස මාමාට ඔලුව වනලා මං ඔලුව නමාගෙනම වලව්වෙ පිටිපස්සට ගියෙ

අපි වගෙ පහත් මිනිස්සුන්ට වලව් වත්තට පය තියන එකත් මහා ලොකු අවස්ථාවක් නිසා...

,,,

ඔලුවත් නමාගෙන වලව් වත්තෙ පිටිපස්සටම ගියපු මං ඔලුව උස්සලා ඇස් අරන් ගියෙ සුදු හාමිනෙගෙ රෝස පාට ස්කූටිය හොයාන

එකම එක පාරක් මීට කලින් මහ නිළමෙගෙ වාහනේ හදන්න මං වලව්වට ඇවිත් තිබ්බා

අද ඉතින් දෙවෙනි දවස,එදා නම් වාහන තියෙන තැන් පෙන්නන්න සුදු හාමිනෙ හරි උන්නා

කෝ අද මේ සුදු හාමිනෙත් වලව්වෙන් එලි බැහැලද මන්දා

ඇස් කැරකුවත් වාහනෙ හොයාගන්න බැරි උනු පාර කලින් වතාවෙ සුදු හාමිනෙ වාහනෙ තිබ්බ තැන පෙන්නපු එකත් මතක් කරගෙන හුස්මක් හෙලුවෙ එදා වාහන තිබ්බ තැන දැන් තියෙන්නෙ දරමඩුවක් හින්දා 


" තමුන් මොකටද මෙහෙට ආවේ "

තව අඩියක් ඉස්සරහට තියලා වාහනෙ හොයාගෙන යන්න වලව්වෙ පිටිපස්සට යනවද නැද්ද කියලා හිත හිතා ඉන්නකොට කලින් වගෙම මගෙ පිටිපස්සෙන් ලොකු කුමාරිහාමිගෙ කටෙ සද්දෙ ඇහුනෙ

ඇහුනු සැනින් ඉබේම මගෙ හිස පහත් වෙනකොට

" මං එන්න කිව්වෙ ඉදුද උදු වඩේද කියන කොල්ලට මිසක් තමුන්ට නෙමෙනෙ " 

හිමින් සැරෙ ඔලුව පාත් කරන් ලොකු කුමාරිහාමි හිටපු පැත්තට හැරුනු මට ලොකු කුමාරිහාමි කිව්වෙ කේන්තියෙන් 

" කතා කරනවා මනුස්සයො,තමුසෙ කලින් ගොලු වෙලා හිටියෙ නැනෙ

පාරෙ ඉද්දි මොකා හරි තමුසෙගෙ දිව ගලවන් ගියාද?"

ආයෙම කේන්තියෙන් අඩි හප්පන ගමන් ලොකු කුමාරිහාමිගෙ සුදු කකුල් මගෙ ළගට අඩියක දුරක් වෙන්න ඇවිත් නතර උනෙ ලොකු කුමාරිහාමිට වඩා උසින් වැඩි මට කලු පාට හැට්ටෙට කලු කොට සායකට යට කරලා ඇදලා ඉන්න 
ලොකු කුමාරිහාමි දිහා ඇස් අගින් බැලෙනකොට

" තමුසෙ ගොලුද මනුස්සයො" 

ලොකු කුමාරිහාමිගෙ රතු උනු මූණ අස්සෙ අතරමං උනු මං ගැස්සිලා මේ ලෝකෙට ආවේ ලොකු කුමාරිහාමිගෙ වක්කඩ කටින් ඇහුනු කුංච නාදෙට

.. නෑ නෑ ලොකු කුමාරිහාමි,මං..මං තමයි ඉදුවර කියන්නෙ..

තව ටිකක් උත්තර බදින්න පරක්කු උනොත් බෙල්ල නැතුව ගෙදර යන්න වෙන්නෙ කියලා තේරුනු නිසා පුලුවන් තරම් කටහඩ බයාදු කරන ගමන් මං උත්තර බැන්දේ ගිනි ගහන ඇස් වලින් බලා ඉන්න ලොකු කුමාරිහාමිට 

" තමුන්.තමුන්ද සුදු හාමිනෙ ඔච්චර කියන උලුදු වඩේ කෑල්ල

කොහෙද දැන් තමුන්ගෙ අහිංසකකම

මූණ දැක්කහමම කියන්න පුලුවන් ගමේ නම ගියපු පාතාලකාරයෙක් කියලා " 

තොල් මැද්දට දබරැගිල්ලෙන් තට්ටු කරන ගමන් ලොකු කුමාරිහාමි මගෙ වටා වටයක් කැරකුනෙ 

ලොකු කුමාරිහාමිගෙ වචන ටිකට ඉන්න තැනත් අමතක වෙලා බිමට නැමුණු ඔලුව ඉබේ ඉස්සිලා මගෙ වටෙ කැරකෙන කුමාරිහාමි දිහාවට වැටෙනකොට 

" බලනවකො සුදු හාමිනෙ කිව්වා වගෙ තමුසෙගෙ ඇස් දෙකෙවත් කිසි අහිංසක පෙනුමක් නැනෙ "

වටයක් කැරකිලා ඇවිත් මගෙ ඉස්සරහින් හිටගන්න ගමන් කුමාරිහාමි කිව්වෙ එයාට වඩා අගල් දෙකක්ම උසින් වැඩි මා දිහා ඔලුව තනි කෙලින් උඩට උස්සලා බලන ගමන් 

ලොකු කුමාරිහාමිට මොළේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපෙ අම්මවත් සුදු හාමිනෙවත් මට කිව්වෙ නැනෙ

කුමාරිහාමිගෙ විකාරෙ දකිනකොට මං කල්පනා කරන්න ගත්තෙ කොහෙදි හරි තැනක එහෙම දෙයක් කිව්වද කියන එක

අපෙ අම්මා කිව්වත් වගෙ අද ඉර පෑවුවෙ බටහිරින්වත්ද?

පහත් කියලා සලකන අපි ඉස්සරහා හිටන් ඉන්නවා තියා අපි ගියපු පාරකවත් යන්න අකමැති ලොකු කුමාරිහාමිගෙ හැසිරීම ඉස්සරහා මං තව ටිකක් කල්පනා කළේ කොළඹ ගියපු ඩිංගට ලෙඩක්වත් හැදුනද දන්නැ කියලා

" මගෙ මූණෙ පෙරහැරක් යනවද මනුස්සයො ඔහොම බලන්න

ආවා නම් වැඩෙ කරලා යනවා
පිටිපස්සට ගිහින් දකුණට හැරෙනවා

එතන ඇති අර බඩකඩිත්තුව "

කල්පනා ලෝකෙට ඇතුල් වෙලා කම්බුල් පාරක් ගැහුවා වගෙ කුමාරිහාමි කිව්වෙ කල්පනාවෙන් මිදුනු මං ඉක්මනට මූණ පාතට හරවන් ඔලුව වනනකොට 

" ඇස්ලේටරේ අල්ලද්දි දහයෙ තියෙන්න ඕන වේගෙ පනහට හැටට තියෙනවා කියන්න කිව්වා 

අලුතින් කෑලි හයි කරන්න ඕනෙ නම් පියදාසට කියලා සල්ලි ඉල්ලගෙන අවශ්‍ය කරන මගුල් ටික ගෙනත් හදලා දීලා යනවා 

හහ්.තමුන්ට හදන්න පුලුවන් නේද? තියෙන එකත් කනවා එහෙම නෙමෙයි

කොහෙද අපෙ එකීටත් මේ ගමේ ඉගෙන ගත්තෙවත් නැති උන්ව ඉහටත් උඩින් ලොකුයිනෙ " 

මටත් රවලා ගස්සලා ආපස්සට හැරුනු ලොකු කුමාරිහාමි වලව්වෙ දොරකින් වලව්ව ඇතුළට ගියේ ගිනි ගහන ඇස්වලිනුත් රවන්න පුලුවන් උපරිමයෙන්ම රවලා දාලා..

,,,,,

ලොකු කුමාරිහාමි ගියපු ගමන් කිව්ව විදිහටම පිටිපස්සට ගියපු මං සුදු හාමිනෙගෙ වාහනේ අරන් කුමාරිහාමි කිව්ව විදිහට ඇස්ලේටරේ අල්ලන ගමන් ලේඩෙ ගැන හොයලා බැලුවෙ මේක හදන්න ඕනි කරන කෑලි ටික ගේන්න ටවුන් යන්න වෙයි කියල කුමාරිහාමි කිව්ව ගමන්ම හිතුනු නිසා

හිතුනත් හරි.විනාඩි පහළොවක වගෙ වෙලාවකට පස්සෙ ලෙඩෙ හරියටම මොළේට වැටිලා මගෙ හිතෙ ලියවුනෙ හදන්න ඕනි කරන වාහන කෑලිවල නම් ලිස්ට් එක.

" කඩේකට යන්න වෙයි වගේද?" 

බයිසිකලෙන් ඇස් ඉවතට අරන් කොළෙයි පෑනයි ගන්න සාක්කුවට අත දාපු ගමන් කොහෙදො ඉදලා ආයෙම භූතයෙක් වගෙ මගෙ ඉස්සරහින් මතු උනු ලොකු කුමාරිහාමි මට කතා කලේ එක ඇහිබැමක් උස්සලා සිමෙන්ති කණුවකට හේත්තු වෙන ගමන්

මේ ලොකු කුමාරිහාමිට නම් පිස්සු තද වෙලාද මන්දා

ස්ස් කට කට ඉදුවර උබෙ හිත කියෙව්වොත් ඇගට පැනලා බොටුව කඩන් ලේ උරා බොයි

ඇහුව දෙට උත්තරේ අනිවාරෙන් ඕනෙ කියන වගෙ බැල්මක් ඒ ගිනිගහන ඇස් වලත් ලාවට කුරුලෑ ගෙඩියක් දෙකක් දාපු ඒ මූනෙ ලියවෙලා තියෙනකොට 

ඔලුව පාත් කරලා බයාදුවෙන් මං කිව්වෙ

.. ඔව් ලොකු කුමාරිහාමි,මේක හදන්න නම් අලුතින් ගෙනත් හයි කරන්න ඕනා .. කියලා 

" ම්ම් එහෙනම් ඉතින් මෙතෙන්ට වෙලා උඩින් පාත් වෙනකම් ඉන්න තමුන්ට පිස්සුද?

අනෙ මන්දා මේ පිස්සු මනුස්සයො නම්.එන අවුරුද්දෙ නෙමෙයි ඕනෙ වාහනෙ හෙට උදේට

හහ්.සුදු හාමිනේගෙ හදවත පත්ලෙ ඔය මහත්තයට තියෙන ලෙංගතුකම තමුන්නාන්සෙගෙ හද පත්ලෙ නම් නැද්ද කොහෙද

ම්හ්.මං ඉන්නවනෙ මං ආයෙ යන්නැ,මේ වලව්ව මගෙ
බලාගන්නම්කො ඔය කාගෙ කාගෙත් ලෙංගතුකම් "

එකට එකක් නොගැලපෙන කතාවක් කියලා ලොකු කුමාරිහාමි ආයෙම ගස්සගෙන වලව්ව ඇතුළට ගියෙ 
ලොකු කුමාරිහාමිගෙ කතාව අහලා මගෙ ඔලුවෙ වයර් මාරු වෙනකොට 

.. කඩේට යන එකෙ ඩොක්ටර් කෙනෙක් ගාවටත් ගියා නම් හරි..

________________________

ලොකු කුමාරිහාමි මොකාටද එන්න හදන්නෙ? 
automobile ගැන මං දන්නෙත් නෑ මං ඒ විශයට ආසාත් නැ😑 ඒ නිසා පොඩි පොඩි මිස්ටේක් ගිහින් තිබුනොත් සොරි වෙන්ඩ ඕනි.