Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Dec 03 2024 @ 18:32

දඩබ්බර ආදරේ 🖤🥀 - 61



දඩබ්බර ආදරේ ❤️‍🔥
_____________
61st Episode ❤️‍🔥🥀

වොශ් රූම් එකට වෙලා ඇති පදමට නාපු මං වොශ් රූම් එකෙන් එද්දි කෙල්ල හිටියෙ ඇහැරිලා....


මගෙ පෝන් එක අරන් කෙල්ල කාත් එක්කදො ලොකු කෝල් එකක ඉද්දි අල්මාරිය ඇරලා ඇදුමත් ඇදගන්න ගමන් මං බැලුවෙ මගෙ දිහත් සැරින් සැරෙ බල බලා කෝල් එකෙ එකා එක්ක කියොන කෙල්ල දිහා....


..කවුද..විනාඩි දහයකට වගෙ පස්සෙ කෙල්ල කෝල් එක කට් කරද්දි මං ඇහුවෙ කෙල්ලගෙන් එහෙම ...


" ජෙනරාල් .ජෙනරාල් කියනො මිනිහට ඩ්‍රග් ඩීල් එකක් ලැබෙන්න තියෙනොලු.අපිට තාම උගෙ ඩ්‍රග් ගැන කිසි හෝඩුවාවක් හම්බෙලත් නැති එකෙ හොරෙන් ගිහින් එදාට ඒ ගැන ඔත්තු බලන්නලු..


ඒත් වදෙ මගෙ අඩු කැඩිලනෙ.ඔයාව විතරක් තනියෙන් යවන්නත් බැ.එත් මෙ වගෙචාන්ස් එකක් මිස් කරගන්නත් බැ.මොකො කරන්නෙ "

ම්ම්..


අපෙ මේ මිශන් එකෙ ලොකුම පරමාර්ථෙ ඩ්‍රග්ස් ගැන හොයාගන්න එක...විශේෂයෙන් ම කුඩු ලසාගෙ දකුනු අත වගෙ හිටපු කුඩු සංජුව හොයාගන්න එක...


ඉතින් අපි සැක කරන විදිහට මේ මිනිහා තමයි කුඩු සංජු කියන්නෙ...ඒ උනත් තාමත් බැරි උනා මට උගෙ කම්පැනි එකෙන් ඒ තොරතුරු ගන්න....


ඒ නිසා සැක කරන එක තාම ස්තීර කරන්න ටක්කෙටම බැ.මෙ චාන්ස් එක මිස් කරගන්නත් බැ...


පුටුවෙ තිබුනු ටවල් එක අරන් ඔලුව පිහදාගන්න ගමන් මං ඇවිත් ඉදගත්තෙ කෙල්ල ලගින්....


..ඒකනෙ තමුසෙට කියන්නෙ පරිස්සන් වෙන්න කියලා,තමුසෙ අඩු කඩාගත්තෙ නැත්නම් මට පුලුවන් කිසි බයක් නැතුව මෙ වැඩෙට අත දාන්න

දැන් කොහොමද කියනවකො මෙක කරන්නෙ...


" හරි හරි.මාව ප්‍රශ්නයක් කරගන්න එපා.අඩු දෙකයිනෙ කැඩුනෙ.ඉතුරු දෙකෙන් මං එන්නම් යන්න.

අනිත් එක මක් ජෙනරාල්ගෙ ගෝලයෙක්.මට පුලුවන් එක අන්ඩකින් උනත් සටන් කරන්න"


...සටන් කරන්න නෙමෙයි ඕයි යන්නෙ.ඔත්තු බලන්න.කොහොමත් තොව උස්සන් ගිහින් මරාල පාත් කරගන්න මට බැ

දැන් කවද්ද ඔය මගුල වෙන්නෙ...


" එන සතියෙ සදුදා කියලා තමා කිව්වෙ...මෙහෙ පාලු ෆැක්ටි එකක් තියෙලු.ඒක කසියා කියලා එකෙක්ලු බලාගන්නෙ.අපිට මුලින්ම දවසක් ගිහින් බලන්නලු.මොකද ඒකෙ මොනවගෙ තැන් තියෙද කියලා දන්නැනෙ..අපි අද යන්ද "


.. අන්ඩකුත් කඩන් තොව ඔහොම එක්කන් යන්න.තො මගෙන් කුනුහරප අහගන්න එපා...


මොකුත් නොවුනු ගානට කියොන කෙල්ලට තුවායෙන් දමලා ගහපු මං හිතන්න ගත්තෙ දැන් මේකට මොකද්ද කරන්නෙ කියලා.....

______________________________

දඩබ්බර ආදරේ ❤️‍🔥

____________________________


වෙලාව හරියට ම රෑ දොලහයි..ඒත් තාම බැරි උනා මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න අපිට....


ලොකු රික්ස් එකක් අරන් වැඩෙ අනාගන්නත් බෑ.මොකද ටිකින් ටික අරුව මගෙ පැත්තට නම්මගන්න ගමන් ඉන්නෙ මං.දැන් ම ඒක අනන් මුලු ගේම් එකම කාගන්න ඇත්තටම මට කිසි උවමනාවක් නෑ....


ශික්.අපරාදෙ.කලින් එකෙදි වගෙ මේ ගෙම් එකත් නොදැනුවත්ව ප්ලෙ කරන්න දුන්නා නම් මෙලහකට එහෙනම් මෙ වැඩෙ ගොඩ ....


කැඩුනු අඩුත් එක්ක මගෙ ලගට වෙලා මං වගෙම කරන්නෙ මොනාද කියලා හිත හිතා හිටපු මංකතා කෙ කෙල්ලට...


..ඕයි මං කෝකටත් හෙට ඔෆිස් එකට ගිහින් එන්නම්.මට පුලුවන් උනොත් බොසාව තමුසෙව බලන්න උගෙ ගැනි එක්ක මෙහෙට එවන්න මට පුලුවන් ඒ අතරෙ අතෙන්ට ගිහින් එන්න

හැබැයි තමුසෙ ගානට තිතට මෙතන වැඩෙ බලාගන්න ඕනෙ හාද..


"පිස්සුද.කොහොමද ඕයි දවස් කීපයක් දැනගත්ත පලියට ඌ මාව බලන්න එන්නෙ.තමුසෙට අමු කැවිලද"


.. අමු කැවිලා නැ යකො.ඌ ඩ්‍රග්ස් විකුනන එකෙක්.ඌ හැමතිස්සෙම බලන්නෙ මොකෙක්වම හරි උගෙ දැලට දාගන්න

කොහොමත් උගෙ ගැනි මං යකෙක් කියලා උට කියලා ඇත්තෙ.ඉතින් ඌ අනිවාරෙන් මාව උගෙ පැත්තට ගන්න හදයි.

මොකද එතකොට උට පුලුවන් මට කියලා ඕන තැනකට එව්වා පටවන්න සහ මහෙ රුපෙත් එක්ක උට පුලුවන් මට කියලා කෙල්ලන්ව උනත් ඔකට ඇබ්බැහි කරන්න ...


" ම්ම් ඒකත් ඇත්ත තමයි.ඒත් ශුවර් ද"


..හරියට ම කියන්න බැ ඒත් බලමු අපි.තමුසෙ වයිෆ් කෙනෙක් වගෙ හොඳට හැසිරෙනවා එච්චරයි වෙන්න ඕනෙ.වැඩෙ අල කරන්න නම් එපා...


" හරි ඕයි තාම උනෙ නැනෙ "


මගෙ ලග ඉදන් ඉදපු එකි මටත් ගස්සලා එක කකුලෙන් පැන පැනා යන්න යද්දි මෙකිගෙ ලොකුකම් බලහන්කො කියලා මටම කියාගන්න ගමන් ලයිට් එක නිමලා මාත් ආවෙ කෙල්ලට කලින් ඇදට....


පුදුම ලොකුකමක්නෙ යකො 😒 අඩු කඩන් වැඩෙ කාලා ඒ වැරැද්ද මගෙ පිට දානවා....


අඩු කැඩුනත් ලොකුකම නැති වෙලා නො තියෙද්දි තනියෙන්ම ඇදට ආපු කෙල්ල මා දිහාවත් නොබලා අනිත් පැත්තට හැරුන පාර මාත් එකිට ගස්සලා අනිත් පැත්තට හැරිලා නිදාගත්තා.....


හහ්.ගැනි උනු පලියට ගැනුන්ට නැමෙනවද මේ රූත් 😏


එව්වා ඉතින් මේ ඉතිහාස පොතකවත් නැ ම්ම්.

😌🖤
___________________________


Loading...