දඩබ්බර ආදරේ ❤️🔥
_____________
62nd Episode ❤️🔥🥀
අරකිත් එක්ක තියෙන තරහට නිදාගත්තු මං ඇහැරෙද්දි නවයත් පහුවෙලා...බිත්තියෙ තිබුනු ඔරලොසුව දැකලා මං ඔටොම වයින් වෙද්දි කඩාගෙන ගියෙමං වොශ් රූම් එකට...
ලෑස්ති වෙයන් රූත් ලෑස්ති වෙයන්.නැත්නම් උබට දැන්මම අරකිට පරාද වෙන්නයි වෙන්නෙ...
තියෙන හදිස්සියට කලිසම උඩට ඇදලා ශර්ට් එක යටට අදින්න හදද්දි ආයෙමත් ලොකු හුස්මක් ගත්තු මං ඇදුම් දෙක මාරු කරන් අදින්න ගත්තෙ හොරැහින් අරකි දිහත් බලන ගමන්....
නැ නැ ඒකි වෙලාවට නිදි....
අතට අහුවුනු පෝන් එකයි කී එකයි ලයිසන් ටිකයි අරන් මං දුවන් ආවෙ කාර් එකට...
දුවන් ආවට මොකද
එ ගමන මෙ ලබ්බ ස්ටාට් වෙන්න කි එක දාගන්නත් බැ....
ආයෙමත් මටම බැනගත්තු මං ලොකු හුස්මක් අරන් කි එක දාලා ඉක්මනට ස්ටාට් කරන් වෙගෙන්ම දැම්මෙ පාරට ඔෆිස් එකට යන්ඩ.....
😑💔
,,,,,,
වෙනදට පැයෙන් යන මට අද පැය භාගෙන් එන්න පුලුවන් උනා..කාර් එක පාක් කරලා දඩි බිඩියෙ බැහැපු මං එක පිම්මට දිව්වෙ බොසාගෙ කැබින් එකට....
අම්මොහ්.කොන්දත් ලෙෆ්ට්ද මන්දා යකො...මගෙ වෙලාවට බොසා කැබින් එකෙ පොතක් බල බලා ඉන්නවා පේද්දි මං එක්ස්කියුස්මි සර් කියමින් ඇතුලට ගියෙ කුඩු විකුනන මුගෙ ඇක්ටින් වලට හිත ඇතුලින් බයිනත් ගමන්.....
" අහ් මොකො මිස්ටර් රූත් දාඩිය පෙරන්.මොකක් හරි කලබලයක්ද .ඔයාගෙ වයිෆ්ට"
..ආ නැ නැ බොස්.ඔෆිස් එන්න ලේට් උනානෙ ඉතින් මං දුවන් ආවෙ..
" ඕ මං සතුටු වෙනවා මට මෙ වගෙ ගෝලයෙක් ලැබුනු එකට.මං කොහොමත් ඒ පැත්තෙ අද දවල්ට එන්න හිටියෙ "
ඔහ්.රූත් අන්න බබො පොයින්ට් එක...හිත ඇතුලින් මාර විදිහට හැපි එකක් එද්දි ඒ බව මුනෙනුත් පෙන්නන ගමන්
ඇත්තමද සර්.ශා අහන්නත් සංතොසයිනෙ කියපු මං අතට අත දුන්නෙ අර මිනිහට
" මට කිව්වා මිස්ටර් රුත්ගෙ වයිෆ් අඹ ගහකින් වැටුනා කියලා.ඔයා වගෙ නම් නෙමෙලු නෙද වයිෆ්.අපෙ වයිෆ් කියනවා හරි දගයි කියලා"
ආයෙ ඉතින් මොනාට අහනව්ද බන්.උබ එහෙම සෙට් කරගත්තා නම් උබත් ඉවරයි 😒
කියන්න කටට ආවත් කියලා බැරි හින්දා ..අනෙ ඔව් බොස්.පොඩි එකෙක් වගෙ හැසිරෙන්නෙ.මං හිටියොත් නම් ඔන්න පොඩ්ඩක් සැලැන්ඩර් ඒත් මං නැත්නම් ඔහෙ හිතන්නෙවත් නැතුව වැඩ කරනවා
දැන් උනත් දාලා ආවෙ හරි බයෙන්.කොහෙද සල්ලි හොයන්න ඉතින් අපි රස්සවල් කරන්න එපැයි...
හෙමින් සැරෙ අසරන හිනවකුත් දාන් මට ඕන දෙ නොදැනෙන්න දැම්මෙ මං මිනිහගෙ තක්කඩි ඔලු ගෙඩියට ....
" ඕ මට තෙරෙනවා මිස්ටර් රූත්.එහෙනම් මෙහෙම කරමු දැන් ගෙදර ගිහින් මං එහෙ ආපුවාම මිස්ටර් රූත් ඔෆිස් එන්න.එතකොට වයිෆ් සේෆ්නෙ..
අනිත් එක මිස්ටර් රූත් මං ආසයි ඔයාලා වගෙ බෝයිලා බොහොම ඉක්මනින් දියුනු වෙනවට මං කොහොමත් මිස්ටර් රූත් එක්ක දෙයක් ගැන ක්තා කරන්නත් එක්කමයි හිටියෙ...
කමක් නැ මිස්ටර් රූත්.දැන් ගිහින් මං එහෙ ආවම එන්නකො "
..අනෙ ගොඩක් පින් සර් ගොඩක් පින්...මට ඕන තැනට මිනිහත් ගානට සෙට්ල් වෙගෙන එද්දි මිනිහට දෙකට නැමිලා ස්තූති කරපු මං කැබින් එකෙන් ආවෙ උබෙ විනාසෙ පටන් ගත්තා විතරයි කියලා මටම මුමුනගන්න ගමන්.....
මිස්ටර් කුඩු සංජු.උබ මෙ රූත් ගැන තාම හරියට ම දන්නෙ නැ.උබ අද කිව්ව දෙවල් මං ප්ලෑන් කරන්නෙ උබෙ කටින් ගන්න මිට දවස් ගානකට කලින්....
පුලුවන් ඉක්මනට වැඩෙ තිතටම අවසන් කරන්න ඕන කියන හැගිමෙන් කාර් එකට ආපු මං කාර් එක අරන් එන්න ආවෙ ගෙදෙට්ට
,,,෴,,,෴,,,෴
කොහොම හරි අද අර මගුල් තැනට යන්න ඕනෙ කියලා හිතන ගමන්ම ගෙදෙට්ට ආපු මං කෙල්ලට කෑගහන ගමන් ගියෙ ටිකකට මෙකිගෙ අඩු කැඩිලා කියලා මට අමතක වෙද්දි...
ඒත් පස්සෙ කාමරෙන් ඇහෙනඒ ටකරං සද්දෙට මට ඒ ගැන මතක් වෙද්දි මං දුවලා ගියෙ එකි හිටපු මගෙ කාමරෙට....
..ඕයි ගොන් ගැනි අරු මගෙ දැලට අහුවෙලා ඉවරයි.අද උ මෙහෙ එනකොට මං යනවා උගෙ ප්ලේස් එකට
කොහොමත් ඌ මාව උගෙ ගෝලයෙක් කරගන්නත් ඉන්නෙ.එතකොට අපෙ වැඩෙ ගොඩ....
ඇදෙ ඉදන් මං ගෙනත් දීපු ඇපල් ගෙඩිය කකා ටිවි එක බල බලා හිටපු කෙල්ලගෙ එක කම්බුලක් මිරිකන ගමන් එහෙම කියපු මං එකිගෙ ඔඩොක්කෙන් ඔලුව තියාගත්තෙ එකි රව රවාම මා දිහා බලා ඉද්දි....
..මොකො තවුසෙ රවන්නෙ...
" වැඩිය උඩ පයින්න එපා රූත්.මං තමුසෙට වඩා ඌ ගැන දන්නවා
ඌ එහෙම ලේසියෙන් මිනිහෙක්ව විස්වාස කරන එකෙක් නෙමෙ..අනිවාරෙන් ඌ තමුසෙට මිනිස්සු කීප දෙනෙක්ව මරන්න කියයි..උ තමුසෙව ට්‍රෙන් කරයි..කුඩු උනත් බොන්ඩ දෙයි
ඕවලින් වෙන්නෙ උට ඔනෙ විදිහට තමුසෙ හැදෙන එක..ඒ නිසා වැඩිය උඩ පයින්න එපා.කෙලවෙන්නෙ හිතන්නත් කලින් එතකොට "
..හහ් පලයන් බට්ටි යන්න ඕකට කියන්නෙ පැහැදිලි ඉරිසියාව කියලා.එහෙම වෙන්නෙ නැ .මං කොහොම හරි උගෙ ගෝලයෙක් වෙලා මං ඌව කොටු කරගන්නවමයි තෙරුනාද...
" ම්ම් කොරයි කොරයි.මූ කුඩු ලසාට වඩා හපන් යකො.ලෙසි වෙන්නැ තෙරුම් ගනින්.ජෙනරාල් ටත් කිව්වා ඌත් තමුසෙ වගෙ
තමුසෙගෙ ඔය දඩබ්බර කම නිසා අන්තිමෙදි අපි ඔක්කොටම මැරෙන්නයි වෙන්නෙ තෙරුනාද "
ය්කො මෙකිගෙ ඉරිසියාව 😒.පුදුම කුහකියක් තමයි...එකි ගැන ඉවසුම් නොදෙන කෝපයක් එද්දි එකිගෙ ඔඩොක්කෙන් නැගිටපු මං වෙගෙන්ම ඇවිදන් ගියෙ එලියට හයියෙන්ම දොරත් වහගෙන....
හහ්.යකො...
මෙහෙම වේ* ගැනු නම් මගෙ වයිෆ් විදිහට මට එපා.ඔක්කොම එකයිනෙ යකො බලන් ඉද්දි....
අරකිගෙ ඉතුරු අඩු ටිකත් කඩන්න හිතෙද්දි ලග් තිබුනු මල් වාස් එක පොලෙ ගහලා ඒ මල් කකුලෙන් පාගගෙන පාගගෙන ගියෙ එකිව පාගන්න බැරිකමට....
,,,,,,,,,,,෴
ට්‍රිං ට්‍රිං...
අරකිත් එක්ක කේන්තියෙන් උන්නු මං එහෙට මෙහෙට ඇවිදින ගමන් පැය ගානක් තිස්සෙ එලියට වෙලා ඉද්දි මට ආවෙ අර මිනිහගෙන් කෝල් එකක්...
මිනිහා මෙහෙ එන්න හදන්නෙ කියලා තෙරෙද්දි කොල් එක උස්සලා එන්න් පාර කියපු මං අඩියට දෙකට කෝල් එක කට් කරලා ඇදුනෙ මං අරකි උන්නු කාමරෙ දෙසට....
,,,
..මේ ඕයි අරු එනවා මං කිව්ව විදිහට වැඩෙ කරනවා ආ...
" අනෙ මන්දා "
.මන්දා නෙම්ව් හු* කරහන්කො...
තාමත් මං කියන දෙ නොපිලිගන්න එකිට දත් මිටි කාන් එහෙම කියපු මං ලග තිබ්බ ටෙබල් ලෑම්ප් එකත් කුඩු කරලා ඇදුනෙ පහලට.....
____________________________