Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:44

හෘද ලිලී - 46

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හතළිස්හයවෙනි කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,

තමන්ට පිටුපාලා එක බෑගයක් කරෙත් අනික අතෙත් තියන් උන්නු යෙධා ටිකට් දෙකකුත් අරන් ආපහු තමන්ගෙ දිහාවට
එනවා දැක්ක තාදි බය අස්සෙන් හිතට දැනෙන වෙනස්ම හැගීමක් එක්ක යෙධා දිහාම බලා හිටියෙ එක කෙලින්...

______එතැන් සිට_______________

ඇහි පිල්ලමක්වත් නොගහා තමන් දිහා අමුතුම බැල්මකින් බලා ඉන්න තාදිව යෙධා දැක්කෙ ගත්තුටිකට් දෙකත් සාක්කුවට දාගත්තයින් පස්සෙ

..මොකො.. ඒ ක්ශනයෙන් ඒ නළලට තට්ටුවක් දාලා යෙධා ඇහුවෙ ඒ ඇස්වල බැල්මට මෙච්චර වෙල තිබ්බ කේන්තියත් වාෂ්ප උනා කියලා දැනුනු නිසා


"ම්හු" යෙධාගෙ තට්ටුවත් එක්ක ඔලුව හොලොලා නෑ කියලා තාදි අත් පටලවගත්තෙ යෙධාගෙ අතෙ

.. බයද තමුසෙට,බය නැතුව ඉන්නවකො මැරෙනකම්ම මං ඉන්නවා..

තමන්ගෙ අතෙ එල්ලුනු තාදිගෙ අත නොරිදෙන්න හයියෙන් අල්ලගන්න ගමන් යෙධා කිව්වෙ තාදි ගැන පපුවෙන් දැනෙන හැගීම වචනවලට හරෝන ගමන්...

තාදි ගැන දැනෙන හැගීම ඒ විදිහට පිට කරපු යෙධා තත්පරයක් දෙකක් බිම බලන් ඉන්න තාදි දිහා බලා ඉදලා යමු කියාගෙන තාදිවත් අල්ලන් ස්ටේෂන් එකෙ ඇතුළෙ කෝච්චි නතර කරන පදික වේදිකාවට ආවේ වටේටම ඇස් යවලා පොලොන්නරුවට යන ට්‍රේන් නවත්තන වේදිකාවත් හොයන ගමන්.

" ඔයා මීට කලින් ට්‍රේන් වල ගිහින් තියෙද?" 

යෙධාව දෑතින්ම අල්ලන් තාදි අහන්නෙ තමන්ට වඩා අඩියක් දෙකක් උස යෙධා දිහා පොඩි එකෙක් වගෙ බෙල්ල උස්සන් බලන්

..ම්ම් ඕලෙවල් ක්ලාස් ගියා,එනවකො අර පැත්තෙ නවත්තන්නෙ.මාව හයියෙන් අල්ලගන්නවා හරිද? නැත්නම් කොට හින්දා මිනිස්සු තමුසෙව පාගන් ගියහම ගත්තු ටිකට් එකෙ සල්ලි අපරාදෙ..

ලොකු දෙයක් තමන් කියන්න යනවා වගෙ ඇස් ලොකු කරන් උවමනාවෙන් අහන් ඉන්න තාදි දිහා බලලා යෙධා කිව්වෙ 
කට කොනෙ හිනාවක් එක්ක

" අනේ මේ,අල්ලලා දානවා දැනගනින් ආන් අර රේල් පීල්ල උඩට හරිද?"

..ඇත්තට පුලුවන් ද කොටිච්චියෙ උබට..


" පුලුවන් තමා,මං මගෙ දක්ෂතා හංගන් ඉන්නෙ.නැත්නම් දනී කරන දේ " 

ගස්සලා රවලා මෙහෙම කියලා තාදි යෙධාගෙ අතත් අත ඇරලා අහක බල ගනිද්දි තාදිගෙ කතාවලටයි තාදිගෙ කෝළම් වලටයි හිනා ගියපු යෙධා

හිනා වෙවිම තාදිගෙ බෙල්ල වටා අත යවලා තාදිව තමන් ගාවට ඇදලා ගන්න ගමන් .. යමන් යමන් .. ගෑවේ තාදි දිහාවට පාත් වෙලා හෙමින් සැරේ ඒ කනකුත් දත් වලින් අල්ලන ගමන්

" ආව්වා"

..මොකද..

" හැපුවනෙ "

..කවුද?"

"ඔයා"

..මං නම් නෙමෙයි,මෙහෙ හොල්මන් ඉන්නවා කන් හපන්න ආසා..

" අනෙ මේ ඉන්න එකම හොල්මන ඔහෙ තමා "

.. නැ ඇත්ත කිව්වෙ,ට්‍රේන් වලට යට වෙලා මැරුනු අය ඉන්නවනෙ..

" මං බය නැ" 

... පුහ්.මං ඇහුවෙත් නෑ..

තාදි එක්කම කියො කියො ගිහින් පඩිපෙල නැගලා එහා පැත්තට මාරු උනු ඩබල හරි වේදිකාවට එන්ටර් වෙද්දි පාන්දර උනත් වැඩට යන අයගෙන් පිරුනු වේදිකාව අස්සෙ තමන් ගාව උන්නු තාදිව තව ටිකක් ලගට ගත්තු යෙධා තාදිගෙන් ඇහුවෙ කන්න මොනවද ඔනි කියලා

" ම්හු එපා "

.. එපා කියලා බෑනෙ, පැය ගානක් යනවා බහින තැනට යන්න,ඒ නිසා පණ්ඩිත නොවී කියනවකො කන්න මොනාද ඕනි කියලා..

තමන් ගාවට වෙලා වටපිටෙ ඉන්න සෙනග දිහා බලාගෙන තමන්ගෙ ඉන හරියෙන් අල්ලන් බයෙන් ඉන්න කෙල්ලගෙ ඔලුව අත ගාලා යෙධා ඇහුවෙ කෙල්ලගෙන් 

" ම්ම් හිතාගන්න බෑනෙ " ටික වෙලාවක් කල්පනා කරලා යෙධාර දිහා ඔලුව උස්ස්ලා බලලා තාදි කිව්වෙ තොල නොපිටට හරවන්

.. කෝ බලනවා ආන් අර කඩෙ,මොනවද ඕනි එකෙ තියෙන එවලින්..

තාදිගෙ වචන එක්ක ඒ හිසට ටොක්කක් ඇනපු යෙධා තාදිට පෙන්නුවෙ ටිකක් ඈතින් වෙන්න තිබ්බ කෑම කඩයක්

" ඔයා ගාව සල්ලි තියෙද? මා ගාව නම් නැ" 

එ පාර තාදි කියන්නෙ යෙධාර දිහා බලලා බයෙන්..

.. උබෙන් මං සල්ලිතියෙද නැද්ද ඇහුවෙ නැනෙ තාදි,කියපන් කන්න ඔනි මොනාද.. 

තාදිගෙ වචන වලට මල පැන්න යෙධා තාදිට රැව්වෙ කේන්තියෙන්

" රෝල්ස් එකක් ඇති.මට නම් ඒත් බඩගිනිත් නැ බහිනකම් ඉන්න පුලුවන් වෙයි" 

යෙධාරගෙ සල්ලි නාස්ති කරන්න අකමැත්තෙන් තාදි කිව්වෙ ඇගිලි වලට අහුවුනු යෙධාගෙ ඉන හරිය තව ටිකක් අල්ලන ගමන් 

.. පණ්ඩිත නොවී එනවා යන්න,ඕනි දෙයක් මට කියනවා අද ඉදන් තමුසෙගෙ භාරකාරයා මං..

තමන්ගෙ ඇගෙ එතෙන තාදිවත් අරගෙන යෙධා ඇදුනෙ තාදි එක්ක අර කඩේට...

,,,

තාදිවත් එක්කන් කඩේට ගිය යෙධා තාදි ඉල්ලපු රෝල්ස් එකට රෝල්ස් තුනකුයි වඩෙයි කිරි පැකට් දෙකකුයි ගත්තෙ තාදි කාටවත් ඇහෙන්නැති වෙන්න එපා කිව්ව වචනෙත් ඇහෙන්නැති ගානට

ඒ විතරක් වැ..කෙල්ලගෙ කන බනේ දන්න කොල්ලා ට්‍රේන් එකෙදි කන්න පොඩි පොඩි බිස්කට් ටිකකුත් ගත්තෙ කෙල්ල කොල්ලගෙ ඉන කොනිත්තලා කියොන බණ නෑසුනු ගානට

" මොකද මෙච්චර වියදම් මට ඕනිනැනෙ අප්පා ඔච්චර " 

කඩෙන් එළියට ආපු ගමන් කෙල්ල කොල්ලට කිව්වෙ මූණ ඇදකරගෙන

.. කන්න විතරක් කට ඇරියම ඇති ආ කනවා..

ගත්තු රෝල්ස් කවරෙයි වඩෙ කවරෙයිත් දිග් කරලා එක කිරි පැකට් එකක් අරන් කඩලා බටෙත් දවටලා කෙල දිහාවට දිග් කරපු යෙධා තව මොනවදො කියවන්න හදන තාදිට ඇස් වලින් සද්දෙ දාලා කොල්ලත් කිරි පැකට් එක බොන්න ගත්තෙ වටෙන් ඇහෙන එනවුස්මන්ට් එකටත් සවන් දීලා

____,,, Eshu...

විනාඩියක් එක්ක විනාඩි විස්සක් ගෙවිලා ගිහින් වේදිකාවට පොළොන්නරු යන කෝච්චිය ආවේ තාදි නම් ඇස් ලොකු කරන් පුදුමෙන් වගෙම ටිකක් බයෙන් ඒ දිහා බලා ඉද්දි

.. කෝ එනවා යන්න,මාව හයියෙන් අල්ලගන්නවා හරිද?..

බය වෙලා මිනිස්සු එකරොත්තට පොරකන දිහා බලා ඉන්න තාදිගෙ අතකින් අල්ලන ගමන් යෙධා කිව්වෙ තාදිට ඇහෙන්න සද්දෙන්

" ම්ම් ම්ම් ම්ම්"

සෙනග සෙනග සෙනග..ඇගිල්ලක් ගහන්න බැරිවෙන සයිස් කෝච්චියට නගින්න පොර කන සෙනග

කොල්ලට ටිකක් විතර සෙනග ගැන තේරුමක් තිබ්බ හින්දා නිදහසෙ ඉදන් යන්න පුලුවන් වෙන්න ඉයෙ රෑම ට්‍රේන් එකෙ හොද ආසනයක් මිලදී ගත්තෙ වාසනාවට

නැත්නම් යයි තාදි මේ සෙනග එක්ක පොළොන්නරු..දැන්ටම මූණ බෙරි වෙලා සැරින් සැරේ ඇස් තමන්වත් අල්ලන් සෙනග අස්සෙන් හැප්පි හැප්පි ඇදෙන යෙධාර දිහාවට එසවිලා

අඩියක් දෙකක් තවත් ගිහින් නියමිත පෙට්ටිය ගාවින් යෙධාර ගිහින් නැවතෙද්දි මොකුත්ම නොකියා තාදිගෙ ඉන වටා අතක් යවලා තාදිව උස්සලා තාත්තෙක් ළමයව අරන් නගිනවා වගෙ යෙධා කෝච්චි පෙට්ටියට නැහ්ගෙ තාදිට ලැජ්ජාවක් ඇති කරලා වගෙම මේක දැකපු කොල්ලො කෙල්ලො රොත්තකට පැනි හිනාවක් ගෙන්නොලා

,,,

කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි උදේ පාන්දරම මල් කඩන හැටි කියලා දිලා පෙට්ටිය ඇතුලට ආපු යෙධා හිස් උනු සීට් එකකින් තාදිව ඉන්දෝලා බෑග් මලු ටික බිමින් තියලා තාදි ගාවින්ම ඉදගත්තෙ බර හුස්මක් පිට කරලා

ගනන් ගන්නැ වගෙ ඉන්නවා..හැබැයි පිටට..තාදිටත් වඩා දෙන්නා ගැන බයෙන් ඉන්න කොල්ලො හතර දෙනාටත් වඩා බොක්කෙ බිත්තර තම්බන්න පුලුවන් විදිහට යෙධා ඉන්නෙ රත් වෙලා

තමන්ට නම් ඕනි දෙයක් ගැට ගහන් ඉන්න පුලුවන් .ඒත් කොල්ලා දන්නවා කෙල්ලට බැ කියන්න

මුනු මුනු නොගා කෙල්ල දරන් හිටියත් කොල්ලා කැමති නැ කෙල්ලට දුක් විදින්න දෙන්න

එහෙම කැමති නම් මෙච්චර දෙයක් කොහොමත් කොල්ලා කරන්නෙ නැනෙ..

බර කල්පනාවක් එක්ක සාක්කුවෙන් පෝන් එක ඇදලා අරන් සිතුම්ට අපි නැග්ගා බන් කියලා මැසේජ් එකක් කොල්ලා දාද්දි

මෙච්චර වෙලා කොල්ලා දිහා බලන් උන්නු තාදි ඒ රෝම පිරුනු අත් බාහුවක් අල්ලන ගමන් යෙධාට කතා කළේ එනවුස්මන්ට් එකෙන් ඇහුනු හැටියට යන්නෙ පොළොන්නරුද කියලා අහන්න

.. ම්ම් මොකො ම්ම්.

තමන්ගෙ අත් බාහුවට දැනුනු ස්පර්ශෙට කොල්ලා කෙල්ල දිහා බැලුවෙ පෝන් එකත් සාක්කුවට දාන්

" යන්නෙ පොළොන්නරුද?" 
ඉදන් උන්නු ආසනෙ ඉස්සරහින් ඉදගත්තු වැඩට යන පිරිමි දෙන්නට ඇහෙන්නැති විදිහට කෙල්ල ඇහුවෙ හරි හෙමින්

.. ම්ම්.. කොල්ලත් ඔලුව හොලොලා ඔව් කිව්වා

" එතෝට ඉන්නෙ" ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා කෙල්ල ඇහුවෙ ආයෙම කොල්ලගෙන්

.. ඒවා රෙඩි තමුසෙ බය නැතුව ඉන්නවකො.දැන් ටිකක් නිදාගන්නවා නිදිකුම්බරී..

තමන්ට ළං වෙලා ඉන්න කෙල්ලගෙ කර වටා අත් යවලා ඒ ඔලුව තමන්ගෙ එක කරකට බර කරන ගමන් මෙහෙම කිව්ව කොල්ලා අනිත් අතින් කෙල්ලගෙ ඔලුව අත ගාන්න ගත්තෙ වටෙ පිටේ කිසි කෙනෙක්ව ගනන් නොගෙන 

________________________

පියඹා යනවා මා ආකාසයේ.... ඊලග කොටසින් එන්නම් 🌝🖤🥀