_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *හතළිස් පස්වන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
අනිත් අතින් බෑගුත් උස්සන් ලෑලි හවුස් එකෙන් එළියට බැස්සෙ
උරහිසෙ ඉදන් බෙරිහන් දෙන්න කට අරින්න හදපු තාදිටත් .. කට කඩනවා උබෙ ..කියලා කියනගමන්..
_____එතැන් සිට,,___________________
තාදිටත් සැර දාලා තාදිව එක අතකින් ඔසවන් ආපු යෙධා කතා කරගත්තු විදිහටම යතුරත් නියමිත තැනින් තියලා කතා කරගත්ත කැබ් එකට නැග්ගෙ ඔලුවෙ වැඩ කරපු ප්ලෑන් එකෙ හැටියට පොළොන්නරුව බලා යන්න..
සිතුම්.කොල්ලට හම්බුනු ඔන්ලයින් මිතුරෙක්.මිතුරෙක් කිව්වට කොල්ලට වඩා අවුරුදු තුනක්ම වැඩිමල් යාලුවෙක්.
ඔන්ලයින් මිතුදමක් උනත් උදව්ව ඉල්ලුව සැනින් නෑ බෑ නොකියා මිනිහා උදව් කළේ හරි සතුටින්
ඒ හින්දයි සිතුම්ව කවුරුවත්ම නොදන්න නිසාමයිත් යෙධා හිතුවෙ සිතුම් හොයලා තියන්නම් කිව්ව කුලී ගෙදරට යන්න..
කැබ් එකට නැගලා ටික වෙලාවක් ගෙවිලා ගිහින් වගේම යෙධාගෙ පෝන් එකට මෙත්ගෙන් ආපු කෝල් එකත් එක්ක යෙධා හීන ලෝකෙන් මිදෙනකොට තමන්ගෙ එහා පැත්තට වෙලා කේන්තියට තමන්ගෙ අත කොනිති ගහන කෙල්ල දිහත් එක පාරක් බලලා යෙධා ඉස්සුවෙ තමන්ට ආපු කෝල් එක
..කියහන්..
*උබලා යන ගමන්ද යෙධා* කෝල් එක ආවෙ මෙත්ගෙන් උනත් උස්සපු ගමන් කොල්ලො හතර දෙනාගෙම කටහඩ ඇහුනෙ කොල්ලො හතර දෙනාම මෙත්ගෙ පෝන් එකට එබිලා උන්නු හින්දා
..ම්ම්,අපි යද්දි කොහොමත් දවල් වෙයි බන්.ට්‍රේන් එකෙන් යන්න කල්පනා කලේ..
කොල්ලො ටික ඊගාවට අහන දේ තේරුනා වගෙ යෙධා කිව්වෙ වීදුරුවෙන් අහක බලන්
*ඒක හොදයි.එහෙනම් දෙන්නා එක්ක පරිස්සමින් ගිහින් කෝලක් දාපන්.තාදි තාම නිදිද?*
පෝන් එකෙ එහා පැත්තෙන් ප්‍රබෝ ඇහුවෙ තාදිගෙ සද්දයක්වත් තාදිගෙ හැසිරීම ගැනවත් යෙධා නොකිව්ව නිසා
ප්‍රබෝගෙ ඒ කතාවත් එක්ක යෙධාගෙ ඇස් තාමත් තමන්ගෙ අත කොනිති ගහන කෙල්ල දිහාවට වැටෙනකොට
තාදි දිහා බලලා රවන ගමන්ම ප්‍රබෝට කිව්වෙ .. ඔය ඉන්නෙ මගෙ අත කොනිති ගහහා ..කියලා
*හම්මට කෙල්ල කැමති නැද්ද?* ඒ ප්‍රශ්නෙ කොල්ලො හතර දෙනාගෙන්ම
..නෑ,ඒත් මා එක්ක නටන්න හම්බෙන්නැ මේකිට..
තමන්ගෙ අත දෑතින්ම බදන් කොනිති ගහන කෙල්ල දිහා ආයෙ වතාවක් රවලා බලලා කොල්ලා කිව්වෙ තරහින්
*ඒත් හු| ඒකි අකමැති නම්.*
.. බයිලා නොකියා හිටපන් මෙත්.ස්ටේෂන් එකටත් තව වංගුවයි අරෙහෙට ගිහිල්ලම උබලට මං ආයෙ ගන්නම්..පරිස්සමෙන් ඉදහන්...
මෙත්ගෙන් පැනපු ප්‍රශ්නෙත් එක්ක තමන්ව තේරුම් ගන්න මුන්ටත් බෑනෙ කියලා තද උනු යෙධා කෝල් එකත් කට් කරලා වීදුරුවෙන් එහා පැත්ත බලාගත්තෙ තාදිට තමන්ගෙ අත ඇති වෙනකම් කොනිත්තන්න ඉඩ දීලා...
______,,, හෘද ලිලී ..
යන්න තිබුනු අවසානවංගුවත් පහු කළාට පස්සෙ නැවතුන් කැබ් රියෙන් තාදිවත් ඇදගෙනම බැස්ස යෙධා සාක්කුවෙන් එලියට ගත්තු සල්ලි ටිකත් දීලා තාදිගෙයි තමන්ගෙයි බෑග් මලුත් එක අතකට අරගෙන අනිත් අතින් තාදිවත් අල්ලගෙන ස්ටේෂමෙ ඇතුලට එන්න ආවේ වටපිටත් බලලා
" යෙධා " තමාවත් ඇදගෙන කිසි කතාවක්නැතුව පුම්බන් යන යෙධා දිහා බලලා තාදි කතා කළෙ යෙධාට
පුහ්.අලි ඔලුව,යෙධා නම් නෙමෙයි තාදි කතා කරපු එක ඇහුනා වගෙ ඉදියෙ..
ඉතින් ඒ නිසාම අඩිත් හප්පලා තාදි කතා කලෙ ආයෙම යෙධාට
..මොකද.. ඕන් ඒ ගමන නම් තාදිගෙ කන්කරච්චලේ ඉවසන්න බැරි නිසාම යෙධා හැරුනෙ තාදි දිහාවට
හැරුනා උනත් ඒ ඇස් වල නම් තද නපුරු පාටක් පේද්දි හිමින් හිමින් යෙධා තමන්ව අල්ලන් ඉන්න අත දෙඅතින්ම බදලා අල්ලගත්තු තාදි හිමින් සැරේ යෙධා එක්ක කතා කරන්න ගත්තෙ වටපිටත් බලන ගමන්
" අහන්නකො යෙ"
.. අහන්න දෙයක් නෑ,තමුසෙයි මායි මෙහෙන් යනවා..
" ඒත් යෙධාර "
.. හරි උබට දැන් ඕනි මෙහෙට වෙලා ඉදලා අර කාළකණ්නියව බදින්නද? අර උබෙ මහලොකු අම්මා හොයලා දීපු නාකියව..
යන එකත් නතර කරලා තාදිගෙ මූණටම පාත් වෙන ගමන් යෙධා ඇහුවෙ දත් මිටි කන ගමන්
" නෑ..ඒ උනත් "
.. අහනවා තාදි,තමුසෙයි මායි මෙහෙම ගියා කියලා හොයන්න එකෙක්වත් නැනෙ..හිටියයි කියලා හොයන්න එකෙකුත් නෑ
ඒ නිසා බය නොවි යන්න එනවා,මං උබව එක්කන් යන්නෙ පවුල් කන්න නෙමෙයි,උබව එහෙ ඉස්කොලේකට දාලා උගන්නවන්න.මං උබට කන්න අදින්න දෙන්නම් තාදි
ප්ලීස් ඔලුව කන්න එපා.කියන විදිහට මා ළග ඉදපන් ..
තමන් දිහාම බයෙන් චකිතෙන් බලා ඉන්න තාදි දිහාම බලාගෙන මෙහෙම කියපු යෙධා නතර කරපු යෑම ආයෙම යන්න පටන් ගත්තෙ බර හුස්මකුත් පිට කරලා
" යෙධා" ආයෙම තමන්ව ඇදගෙන ටිකට් කවුන්ටරෙ ගාවට ඇදෙන යෙධාට තාදි කතා කළේ හෙමින්
.. ඒ ගමන මොකද?.. තාදිගෙ කට කඩන්න තරම් කේන්තියක් එද්දි යෙධා ඇහුවෙ තාදි දිහා පැත්තකින්වත් නොබලමින්
" කොහෙද යන්නෙ"
.. දැනගත්තා කියලා මොනා කරන්නද?..
" ම්හ්.ඇයි බයින්නෙ "
.. තමුසෙගෙ ඔය කියවිල්ල වදයක් නිසා..
" ඒනම් මාව එක්කන් යන්නෙ "
.. මට ඕනි හින්දා..
" ඇයි ඕනෙ "
.. තාදි උබ මගෙන් කන්නැතුව කට වහන් ඉදපන්..
තාදිගෙ මේ ප්‍රශ්න ඇහිල්ල වදයක්ම වෙන තැනදි තාදිට සැර දාලා තාදිගෙ අත ඇරපු යෙධා .. මෙතන ඉන්නවා මං එනකම් ..කියලා ටිකට් කවුන්ටර් එක ගාවට ඇදුනෙ තාමත් ඇවිලිලා තියෙන කේන්තියෙන්
,,, විනාඩියක් දෙකක්...
තාදිවත් පැත්තකින් තියලා යෙධාර පොළොන්නරුවට ටිකට් දෙකක් ගනිද්දි තාදි උන්නෙ තමාට පිටුපාලා කවුන්ටරේ දිහාවට නැවිලා ඉන්න යෙධාර දිහාම බලන්
තාදිගෙ හිත ගැහෙනවා ,යෙධාරගෙ මේ වැඩේට..
ඒත් මොකද්දො හේතුවකට යෙධාරගෙන් මොනවා ඇහුවත් යෙධාර කියන දේට අවනත වෙන්න හිතෙනවා තාදිට
"ම්ම්.එයාට නම් අවුරුදු 20 වගෙ පෙනුමක් තියෙනවා.ඒත් මට නෑනෙ 17වත්පෙනුමක් "
ඒ අස්සෙන් තාදිට යෙධා දිහා බලා ඉදලා එහෙමත් හිතෙනවා
තමන්ට පිටුපාලා එක බෑගයක් කරෙත් අනික අතෙත් තියන් උන්නු යෙධා ටිකට් දෙකකුත් අරන් ආපහු තමන්ගෙ දිහාවට
එනවා දැක්ක තාදි බය අස්සෙන් හිතට දැනෙන වෙනස්ම හැගීමක් එක්ක යෙධා දිහාම බලා හිටියෙ එක කෙලින්...
_____________________
ඊගාව කොටසින් හම්බෙමු..🤍😍