Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:44

හෘද ලිලී - 47

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *හතළිස් හත්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,

තමන්ට ළං වෙලා ඉන්න කෙල්ලගෙ කර වටා අත් යවලා ඒ ඔලුව තමන්ගෙ එක කරකට බර කරන ගමන් මෙහෙම කිව්ව කොල්ලා අනිත් අතින් කෙල්ලගෙ ඔලුව අත ගාන්න ගත්තෙ වටෙ පිටේ කිසි කෙනෙක්ව ගනන් නොගෙන 

_____එතැන් සිට___________________

පැය කිහිපයක්ම ගෙවිලා ගිහින් යෙධාගෙත් තාදිගෙත් ගමනාන්තය උනු පොළොන්නරුවට කෝච්චිය ළගා උනෙ කෝච්චි ගමන පටන් ගත්තු වෙලේ ඉදන් යෙධාගෙ උරහිස්සට බර වෙලා නිදා උන්නු තාදිගෙ නින්ද කඩලා

" ආ..ආවාද?"

යෙධා පස්පාරක් විතර කතා කරලා ඇහැරෝගත්තු පාර ඇස් දෙකත් පොඩි කරලා තාදි අහන්නෙ යෙධාගෙන්

.. ම්ම් තව එක ස්ටේෂමයි.කෝ හරවන්න මූණ,කෙළ පෙර පෙරා නිදාගත්තා නේද?..

තාමත් නිදිමතෙන් ඉන්න කෙල්ලගෙ මූණ තමන්ගෙ දිහාවට හරෝගන්න ගමන් යෙධා කියන්නෙ හිනා වෙවි

කෝච්චියට නැග්ගත් හරි කලින් කිව්වත් වගෙ කෙල්ල හිටියෙ වටපිටාවට බම්බු ගහන්න කියලා සැප නින්දක

යෙධාර නම් කඩින් කඩ තමයි නිදාගත්තෙ.. නිකන් හරි ස්ටේෂන් එක පහු උනොත් මළ කෙලියයි ජූලි හතයි හින්දා කොල්ලට කෙල්ලට වගෙ නිදාගන්න බැරි උනා

" ඔයා දොයියෑවේ නැද්ද?"

මූණ තෙත මාත්තු කරලා පිහදාපු කොල්ලගෙ මූණෙ නිදිමතක සේයාවක් නොතිබුනු පාර කෙල්ල ඇහුවෙ කොල්ලගෙන් මෙහෙම

.. මාත් ටිකක් නිදාගත්තා.තමුසෙට වගෙ මට නම් වැටෙන වැටෙන නින්ද යන්නෙ නැනෙ ඒ නිසා මං අච්චාරු එහෙම කකා ඇහැරලා හිටිය..

" අච්චාරු.ඔයා එද්දි අරන් ආවාද?"

අවුස්සන්නත් හිතාගෙන කොල්ලා ගොතපු බොරු ලණුව ගිල්ල කෙල්ල ඇහුවෙ ඇස් හීනි කරලා

.. ඇයි අහලා නැද්ද ට්‍රේන් වලට කඩකාරයො නගිනවා කියලා.ම්ම් ඒවා නම් පට්ට රසයි ඕයි මං කාපු රසම අච්චාරු ටික් ඒ..

ඇසුත් පියන් පාවෙන ෆීලින්ග් එකක් පෙන්නලා කොල්ලා කිව්වෙ රගපාලා

" කෝ මට" කොල්ලගෙ ඇක්ටින් බලන් ඉදලා කෙල්ල දිග් කරන්නෙ තමන්ගෙ අත කොල්ලා දිහාවට 


කොල්ලට නම් දැන් හිනා.තමන්ගෙ අසුන ඉස්සරහයි පැත්තෙනුයු මිනිස්සු නැත්නම් කොල්ලා හිනාවෙන්නෙ බඩ අල්ලගෙන 

කෙල්ලගෙ වැඩත් එක්ක හිනාව අමාරුවෙන් කන්ට්‍රෝල් කරගත්තු යෙධා .. තමුසෙට නෑ,දැන් කට වහන් බහින්න ලෑස්ති වෙනවා..කිව්වෙ කෙල්ල දිහා නොබලා අහක බලන් හිනාවෙවි

තමන් දිහා නොබලා අහක බලාගෙනම තමන්ට උත්තර දුන්නු යෙධා ගැන තාදි ඉන්නෙ කේන්තිය්නෙ

ඇයි වදේ තනියෙන් අච්චාරු කාලා ත්මන්ට නැ හොරෙන් කාලා අහක බලන් ඉන්නවා මදිවට මුණ දිහා බලන්නෙත් නෑ 

යෙධා අබරපු ගුලිය ඇත්තමයි කියලා හිතට අරන් තාදිට තද වෙනකොට යෙධා ගාවින් ඈත් වෙලා තාදි එබුනෙ වීදුරු කවුලුවෙන් පේන පරිසරෙ දිහාවට

,,

තාදිගෙ මූණ දිහා බැලුවොත් හිනා යන නිසා අහක බලා ඉදපු යෙධා තාදි එහාට උනු එක දැනුනු පාර තොල් තද කරගෙන තාදි දිහා බැලුවෙ ජොලියෙන්

... පුහ් තනිකර එල වැස්සි ඉතින්...

තමන්ගෙන් ඈත් වෙලා ඉදන් අහක බලාගෙන ඉන්න තාදි දිහා බලාගෙන කොල්ලා හිතුවෙ හිතින්

තව ටිකක් බලාගෙන ඉන්න ආසා උනත් ඇස් මායිමට පේන්න පොළොන්නරු ස්ටේෂන් බෝඩ් එකත් එක්ක ඒ ආසාව යෙධාට යටපත් කරගන්න වෙද්දි පිටටයි අතටයි බෑග් දෙක එල්ලගත්තු යෙධා මෙහෙ එනවා බහින්න කියලා තාදිගෙ අතකින් අල්ලන් ඉදන් උන්නු තැනින් නැගිට්ටෙ තාදිත් ගැස්සිලා ගියා උනත් යෙධාගෙ වචනෙට කීකරු වෙද්දි

..

තාදිවත් පරිස්සමට අල්ලන් ඉස්සර කරන් ස්ටේෂන් එකෙන් ට්‍රේන් එක නතර කළාට පස්සෙ බහින සෙනගත් එක්කම යෙධාත් බැහැගත්තෙ සුසුම් දෙක තුනක් පිට කරන්

කොල්ලට සිතුම් කිව්ව විදිහටම කොල්ලා මගදි සිතුම්ට පණිවිඩෙ දුන්නා අපි ඉන්නෙ අහවල් තැන කියලා

ඉතින් ඒ නිසා නොදන්න තැනක් උනත් මේ වෙද්දිත් සිතුම් ඇවිල්ලා ඇති කියන දේ කොල්ලා දැනුවත් නිසා කොල්ලගෙ බය 50 % ක් වගෙ අඩු උනා

ඒත් මේ විස්තරයක් තාදි දන්නෙ නෑනෙ..ඒ හින්දම තමාවත් අතින් ඇදන් ඉස්සරහට යන යෙධාරගෙන් තාදි ඇහුවෙ 

"ඔයා යන පාරවල් දන්නවද " කියලා

.. යාලුවෙක් ඉන්නවා ඌ එන්නම් කිව්වා එක්කන් යන්න.උගෙ මහ ගෙදර තමා නවතින්නෙත් ඒ නිසා බය නැතුව එනවකො..

කෙල්ල දිහා නොබලා ඇහුව දේට් උත්තර දුන්නු යෙධා ටිකට් දෙකත් ආපහු භාර දීලා ස්ටේෂන් එකෙන් එලියට එන්න ආවේ කෙල්ලව සෙනග අස්සෙ තැලෙන්න නොදී තමන්ගෙ අත් වලින් කවර් කරලා

,,

කෙල්ලවත් පරිස්සම් කරන් බෑග් මලුත් උස්සන් එලියට ආපු යෙධා ඇස් කරකෝලා බැලුවෙ සිතුම් කොහෙද කියලා

*මචං යෙධා*

විනාඩි දෙකක් තුනක් යද්දි රස්තියාදු පාටට නැතුව ටිකක් වැදගත් විදිහට ඇද පැලදගෙන කොණ්ඩෙත් නිල් පාටින් පිළිහුඩුවෙක් වගෙ ටින් කරලා උන්නු සිතුම් කොල්ලයි කෙල්ලයි උන්නු දිහාවට ආවේ කොල්ලව බදාගන්න වගෙ අත් දෙකත් දිග් කරගෙන

.. සිතුමා,තෑන්ක්ස් බන් උබ නැත්නම් මොනා කරන්නද කිය්ලා හිතාගන්න බැරි වෙනවා..

*සැක් යකො යාලුවො ඉන්නෙ කරදරයක් උනහම උදව් කරන්න තමයි*

යෙධාව හහ් කරලා ඉවර වෙලා යෙධාට මුවා වෙලා යෙධාගෙ අතෙ එල්ලිගෙන ඉන්න කෙල්ල දිහත් බලලා සිතුම් කිව්වෙ හිනා වෙලා

.. තෑන්ක්ස් එගේන් බන්.එහෙනම් යමන්ද? කෙල්ලට ටිකක් මහන්සි..

ආයෙම සිතුම්ගෙ පිටට තට්ටුවක් දාලා යෙධා කිව්වෙ ඇස් වලින් තමන්ගෙ පිටිපස්සට වෙලා හැංගිලා ඉන්න කෙල්ලව සිතුම්ට පෙන්නලා

*යමන් යමන්.වීල් එක මං අරෙහෙ පාක් කරලා ආවේ,සුටුස් ගාලා ගියා ගත්තා ආවා.උබ නංගි එක්ක මෙතනම ඉදපන්කො*

සිතුම් කිව්වෙ හිනා වෙලා

සිතුම්ගෙ ඒ වචන එක්ක එකග වෙන්න යෙධා ඔලුව ව්නපු පාර සිතුම් පිළිහුඩුවා පියාඹලා යනවා වගෙ පියාඹලා යද්දි

මෙච්චර වෙලා හොරෙන් සිතුම් දිහා බලා උන්නු කෙල්ල යෙධාට කිව්වෙ

" එයා නිකන් පිලිහුඩුවෙක් වගෙ නේද" කියලා

.. ගහප්.ඔහොම කියනවද මිනිස්සුන්ට ආ..

කෙල්ල කිව්ව කතාව තමන්ට හිතුනත් මෙච්චර උදව්වක් කරපු යාලුවට හිතෙන්වත් හිනා වෙන්න හොද නැති නිසා කොල්ලා ටිකක් සැරට මෙහෙම ඇහුවෙ කෙල්ලගෙන්

" දැක්ක දේනෙ කිව්වෙ.ඕකට බයින්න ඕනවැ,අනික මං මූණට කිව්වෙත් නැනෙ"

කොල්ලා සැර කරපු පාර කොල්ලගෙ අතේ වැලමිට හරියෙන් දත් පාරකුත් තියන ගමන් කෙල්ල කිව්වෙ තරහින්

.. ගලෝනවා ඔය දත් සෙට් එක.එක්කො හුරනවා නැත්නම් හපනවා.දෙනවා පාරක් උබට මං?..

රිදෙන්න තරම් දෙයක් නොවුනත් කෙල්ලට සෙකන්ඩ් වෙන්න බැරිකමට යෙධා කිව්වෙ බොරු කේන්තියකින්

කොල්ලගෙයි කෙල්ලගෙයි වලිය අස්සෙ වීල් එක ගේන්න ගිය සිතුම් කොල්ලා හැටට හැටෙ නැතත් හතලිහට විතර පාගලා වීල් එක ගෙනත් අපේ ඩබල ගාවින් නතර කරද්දි 

කෙල්ලව පරිස්සමෙන් වීල් එකට නග්ගපු යෙධා බෑග් ටිකත් පිටිපස්සට දාලා ඇවිත් නැගලා ඉදගත්තෙ වීල් එකෙන්

*හරි නේද බන්.ගන්න මොනාහරි තියෙ නම් කියපන්*

.. හරි බන් යමන්..

*ඒනම් හයියෙන් අල්ලගන්න අපි ගියා*

,,,,,,, A.E.C 

හතලිහෙන් පනහට පනහෙන් හැටට දාලා අඩු වැඩි කරන ගමන් සිතුම් සිතුම්ගෙ වීල් එක පාගන් ගියේ සිතුම්ගෙ මහ ගෙදරට

*පොළොන්නරුව* රස්නෙ උනත් සරුසාර ගොවි වගාවත් එක්ක ඇළ දොළවල් එක්ක පිරුනු ලස්සන පරිසරයක්..

සිතුම්ගෙ මහ ගෙදරත් තිබුනෙ පොළොන්නරු ටවුන් එකෙන් බටහිරට වෙන්න තිබුනු ගොවිතැන් කරන ලස්සන ගමක ඇතුළට වෙන්න ..

ඇළ පාරක් නම් පොළොන්නරුවෙ හොයාගන්න නැති තැනක් නැනෙ. ඉතින් පහුවෙන පහුවෙන පාර දිගෙ වතුර පාර දිගට ඇදුනෙ තාදිගෙයි යෙධාගෙයි හිතට අමුතුම නිදහසක් එකතු කරලා

*යෙධා ඔය ඔතනින් වමට ගියහම තමා මං ඉන්න ගෙදර අහුවෙන්නෙ*

*වීල් පාක් එකත් එතනින් ටිකක් ඉස්සරහට වෙන්න තියෙන්නෙ.මගෙ ගෙදෙට්ට යන පාරේ තව ටිකකින් ඉස්සරහට කඩයක් හම්බෙයි*

*නැති දෙයක් නැ බන් ඕනි දෙයක් ගත්ත හැකි*

සිතුම් කිව්වෙ කණ්නාඩියෙන් පිටුපස බලලා යෙධාරට

.. දුෂ්කරයි කිව්වට අපෙ පැති වලට වඩා හොදයිනෙ බන්..

සිතුම්ගෙ කතාව ඉවර උනු සැනින් යෙධාර කිව්වෙ පටන් ගැන්මෙ ඉදන් ඇස් දෙකට දැකපු දේවලුත් එක්ක හිතුනු දේ

*දුෂ්කරයි කියන්නෙ බන් අව්ව සැරටයි ගොවිතැන් කරන එකයි නිසා මිසක් වෙන දේකට නෙමෙ බන්.*

*ඉස්සර වගෙ නෙමෙ දැන් කොළඹ අයට වඩා මේ පැති හොදයි.ඔය අලි එන පැති තමා ටිකක් අවුල්*

සිතුම් කිව්වෙ යෙධා කිව්ව දේ අනුමත කරන ගමන් 

" අලි ඉන්නවද මෙහෙත්" 

හීබිච්චා වගෙ කතා බහට ඇහුම්කන් දුන්නු තාදිට හිතන්නත් කලින් කටින් පිට උනෙ අලි ගැන ඇහුව පාර දැන් ඉන්න යන ගෙදෙට්ටත් එයිද දන්නැ කියලා මහ බයක් දැනුනු පාර..

යෙධාට නම් ලාවට හිනා තාදිගෙ බය උනු මූණ දැකලා..යෙධාට විතරක් නෙමෙයි සිතුමටත් හිනා පොඩි එකෙක් වගෙ ඉන්න කෙල්ලගෙ මූණ දැක්කහම

ආයෙම වතාවක් කෙල්ල යෙධාට ඇනලා .. ඉන්නවද අහන්න කියනකොට 

සිතුම් කිව්වෙ *නෑ නෑ නංගි.මේ පැත්තෙ නැ..අර ඈතින් පේන කන්දෙ දකුණු පැත්තෙ ගම් වල තමා ඉන්නෙ* කියලා

" ආ හ්ම් "

______________________