_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*
🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*
•••• *තිස්හතරවන කතාංගය* 🤍🍃
පෙර කොටසින්,,,,
කොල්ලො හතර දෙනාටත් වටේ පිටේ බලන් හිටපු අයටත් හුස්ම ගන්න එකත් අමතක කරෝලා
වගේම
එතනිනුත් සමහර අයට යෙධාගෙ නම කියලා කෑ
ගැහෙනකොට
_____එතැන් සිට___________________
මෙච්චර වෙලා පිස්සුවෙන් වගෙ ඩෙගා නටපු යෙධා එකපාරටම සයිලන්ට් වෙලා තමන්ගෙ ඇගවල් වලට කඩා වැටෙනකොට යෙධාව සන්සුන් කරන්න දගලපු කොල්ලො හතර දෙනාම මොකුත්ම හිතාගන්න බැරුව
ගල් වෙලා ගියා
අඩුම ගානේ මේ දිහා මෙච්චර වෙලා බලන් හිටපු ගුරුවරු ටික ඇවිත් යෙධාගෙ
ඒ කම්බුලකට තට්ටු දාලා පපුවට කන තියලා,අත අරගෙන නාඩි වැටෙනවද කියලා බලලා ඉවර වෙනකනුත් යෙධා තමන්ගෙ ඇගට වැටෙනකොට අල්ලගත්තු විදිහටම අත් තියන් කොල්ලො හතර දෙනාම හිටියා මිසක්
ආපු ශොක් එකට අපිත් දැන් යෙධා ගැන බලන්න ඕනි නේද කියලා කොල්ලො හතර දෙනාටම හිතන්න බැරි උනා
අවුරුදු ගානක ඉදන් සහෝදරයො ගානට එක බත් පත කාලා හැදුනෙ
එකම තැන හැමදේම ශෙයා කරගෙන ජීවත් වෙන්නෙ
කොච්චර ප්‍රශ්න ආවාත් මොන තරම් වලි ගියත් පැයයි දෙකයි සමථයක් කරන් ආයෙ ජාඩි ටිකයි මූඩි ටිකයි වගෙ ඉන්නෙ
එහෙව් සෙට් එකෙ කටින් නොකියා ක්‍රියාවෙන් ආදරේ සෙනෙහස පෙන්නන යෙධා මැරුණු ගානට තම තමන්ගෙ අත් වලට කඩා වැටෙනකොට
අවුරුදු 17ක් උනු මේ කොලු ගැටව් ටිකට මහ මිනිස්සුන්ට වගෙ පියවි සිහිය තියාගන්න පුලුවන් ද ඉතින් ?
කොල්ලො ටික යෙධාව අල්ලගත්තු ඉරියව්වෙන්ම
ගල් වෙලා වගෙ මෙහෙම
ඉන්නකොට කෙයිමිමූලික කරගත්තු නිවාස භාර ගුරුවරු යෙධාව හතර අතින් අල්ලන් උස්සන් අරන් යන්න ගියේ ඉස්කොලේ තිබ්බ සිට් රූම් එක දිහාවට
,,,
යෙධාට මොකද උනෙ මොන ප්‍රතිකාරද කරන්නෙ,ඉස්පිරිතාලෙ අරන් යන්න වෙයිද වගෙ මේ හැම කරුණක්ම චෙක් කරලා බලන්න
ගුරුවරු වගේම ග්‍රවුන්ඩ් ඒකෙ හිටපු ළමයි ටිකත් සිට් රූම් එකට ඇදෙනකොට
කොල්ලො ටිකට පෝන් එක දුන්නු විදූෂ ඇවිත් කොල්ලො ටිකට කතා කළේ
පෙනුමෙන්ම මුන් ටික ඉන්නෙ යෙධා වැටුනු පාර ශොක් වෙලා කියලා තේරුනු නිසා
*ඒ බන් සිහියට වරෙන්.අරූව සිට් රූම් එකට අරන් ගියා,උබලත් යන්න ඕනි බන්*
*අඩෝ යේශ් කේශ්,ප්‍රබෝ මෙත්.වරෙන් හු| සිහියට.මේ වෙලාවෙ උබලව අරූට ඕනා*
ගල් වෙලා වගෙ උන්නු කොල්ලො ටිකට ටිකක් සද්දෙන් කෑගහලා ඒ පිටවල් ටිකටත් රිදෙන්න පාරක් දීලා විදූෂ කතා කළා..
*යකෝ සිහියට වරෙන්*
තවත් අදුනන කොල්ලො සෙට් එකක් ඇව්ත් කොල්ලො ටිකගෙ
උරහිස් හොලවන්න ගත්තා
*අනේ බ....න් යෙධා,ඌ ඌ මගෙ අත් ..දෙකට මේ මේ අත් දෙකට කඩා වැටුනා*
කොල්ලො ටිකගෙ උත්සාහෙ අවසානෙ අනික් හැමොටම කලින් පියවි සිහියට ආපු මෙත් තමන් අත් දෙක දිහා බලලා අඩන්න ගත්තෙ එහෙම කියලා
*අඩන්න නෙමෙ යකෝ තොපි යෙධා ගාවට යන්න ඕනි.කෝ උබලත් සිහියට වරෙල්ලා*
කොල්ලො හතර දෙනාව මේ ලෝකෙට ගේන්න ආව කොලු නඩෙන් තව එකෙක් මෙත්ව තමන්ගෙ උරහිසකට බර කරගන්න ගමන් කෑගැහුවේ මෙත්ට සිහිය ආවාට
අනික් තුන් දෙනා තාමත් තෝන්තුවෙන් ඉන්න නිසා
*යේශ් කේශ් ප්‍රබෝ.සිහියට වරෙන් යෙධාට තොපි ඕනි*
ආයෙ ආයෙ ඒ උරහිස් හොලොන ගමන් කොල්ලො සෙරෝම කිව්වා
*යෙධා..*
*කෝ කෝඌ*
*අපෙ එකා කෝ*
මෙත්ට සිහිය ආවා වගෙ අනික් තුන් දෙනත් කොල්ලො ටිකගෙ ට්‍රයි කිරිල්ලත් එක්ක මේ ලෝකෙට ආවහම යෙධාව ගෙනියනවා මතකෙ නැති හින්දා සිහිය ගන්න ආව කොලු නඩේ උන්ගෙ ශර්ට් වලින් අල්ලන ගමන් හොයන්න ගත්තෙ යෙධාව
*සන්සුන් වෙයල්ලා හු|,ඌව අරන් ගියා සිට් රූම් එකට,සමහරවිට ඉස්පිරිතාලෙ යවන්නත් බැරි නෑ*
*ඒ නිසා පුලුවන් ඉක්මනට පලයල්ලා*
*සිට් රූම්.හොස්පිටල් .ඇ..යි ඇයි බන් ඒ අපෙ එකාට එච්චර අමාරුද?*
*අමාරුද නැද්ද බලන්නත් යන්න එපැයි,වරෙල්ලා යන්න,තොපිත් පිස්සු කෙ|ලි|යොත් ඌව බලාගන්නෙ කවුද?*
තව තවත් තේරුම් කෙරිලි එක්ක කොල්ලො නඩේ කෙශ් යේශ් ප්‍රබො මෙත් ඇතුලු කොල්ලො හතර දෙනාටම මේ වෙලාවෙ කරන්න ඕනි දේ කියලා දෙනකොට
යෙධාරව සිට් රූම් එකට අරන් ගිය ගුරුවරු දන්න වැඩකෑලි ඔක්කොම දාන්න ගත්තෙ පාසලේ රෝහල් ප්‍රතිකාර වලට පත් කරලා ඉන්න ගුරුවරුන්ටත් කතා කරලා
*අඩන්නැතුව ඉන්න කෙයිමි මිස්.ඒ ළමයට මොකුත් වෙන්නෑ*
යෙධාගෙ හැසිරීම පටන් ගත්තු වෙලෙ ඉදන් මේ වෙනකම්ම අඩන ගමන් ඉන්න යෙධාගෙ පන්තිභාර කෙයිමි මිස්ව අස්වසන ගමන් සහෝදර මිස් කෙනෙක් කියන්නෙ කෙයිමිව ඒ ඇගට තුරුල් කරගන්න ගමන්
*අ..නේ එයාට සිහිය එයි නේද?*
තමන්ව තුරුලු කරන් තමන්ගෙ හිත හදන්න ට්‍රයි කරන සහෝදර මිස්ගෙන් කෙයිමි අහන්නෙ තමන් පන්තිභාර මිස් උනත් තමන්වත් වැඩිය කෙයා නොකරන දඩබ්බරයා මේ ඉන්න විදිහ තමන්ගෙ හිතට දරාගන්න බැරි වේදනාවක් බයක් ඇති කරනවා කියලා දැනෙනකොට
*ඔව් මිස් කොල්ලට සිහිය එයි.නැත්නම් බැරියෑ හොස්පිටල් උනත් අරන් යන්න.මේ ලගමනෙ තියෙන්නෙ*
*ඒ නිසා මිස් කලබල නොවී ඉන්නකො.දැන් මෙයාගෙ යාලුවො ටිකත් එයි.ඒ ළමයි ටිකත් මොනා කරගෙනද දන්නෑ*
කෙයිමි මිස්ගෙ ඔලුවත් අත ගාන ගමන් මෙච්චර දෙයක් වෙලත් ආපු නැති යෙධාගෙ යාලුවො හතර දෙනාවත් මතක් කරලා සහෝදර මිස් කිව්වෙ වටපිට බලන ගමන්
*අ..නේහ් ඒ ළමයි මෙයාට හරි ආදරෙයි.අනෙ මිස් ඒ ළමයිත් ශොක් වෙන්න ඇති,අනෙ දුලාජ් සර්ව යවලා බලන්නකො*
තමන් මේ ඉස්කොලේ ට ආ දා පටන් පස්දෙනාගෙ යාලු බැදීම හරියාකාරව දැකපු කෙයිමි කිව්වෙ ගුරුවරයෙක් උනු තමන්ටවත් අනික් ගුරුවරුන්ටවත් කරන්න බැරි උනු ග්‍රවුන්ඩ් එකෙදි යෙධාව සන්සුන් කරන්න කොල්ලො ටික දත කාපු හැටි සිහි කරන්
*ඉන්නකො එහෙනම්,දුලාජ් සර්ට කියමු*
කෙයිමි මිස්ගෙ වචන ටික අහලා කෙයිමි මිස්ට මෙහෙම කිව්ව සහෝදර මිස් ඊගාවට
*දුලාජ් සර් අනේ පොඩ්ඩක් මේ ළමයගෙ යාලුවො ටිකව බලන්නකො*
*ඒ ළමයින්ටත් මොකුත් හිතාගන්න බැරුව ඉන්නවා ඇත්තෙ* කියලා කතා කළේ ගුරුවරු කීප දෙනෙක්ට එහා පැත්තට වෙලා ප්‍රින්සිපල් ගාව උන්නු දුලාජ් සර්ට
*නිලනි මිස්*
*අනේ සර් මේ ළමයගෙ යාලුවො ටික බලන්නකො*
*හරි මිස් මං යන්නම්* කියපු
කෙයිමිව ඇගට වත්තම් කරන් උන්නු සහෝදර මිස්ගෙ ඉල්ලීම ඉස්සරහා යෙධාට ට්‍රීට්මන්ට් කරනවා බලන් හිටපු දුලාජ් සර් අඩියට දෙකට සිට් රූම් එක ගාවින් අයින් වෙන්න ගත්තෙ සහෝදර මිස්ගෙ වචන ටිකට කොල්ලො හතර දෙනාව හොයාගෙන යන්න හිතන්
*සර් අපේ යෙධා*
සිට් රූම් එක ගාවින් හැරෙනකොටම දුලාජ් සර් ගාවට ආව කොල්ලො හතර දෙනා තමන්ව හොයන් යන්න ආව සර්ව නතර කරන් යෙධා ගැන ඇහුවෙ
මේ සර් තමන්ව හොයන්න යන්න ලෑස්ති උනු බවත් නොදැන
*ආ කොල්ලො ටික,ඔයාලව හොයන් ග්‍රවුන්ඩ් එකට එන්න හැදුවා විතරයි*
*එන්නලකො එන්නලකො,කොල්ලට තාම සිහිය නෑ.ට්‍රීට්මන්ට් කරනවා බැරිම උනොත් ටවුන් එකෙ හොස්පිටල් එකට අරන් යමු*
තමන් හොයන් යන්න හදපු කොල්ලො ටික තමන්ගෙ ඇස් ඉස්සරහාට ඇවිත් ඉන්නකොට
කොල්ලො ටිකව කලබල නොකර කියන්න ඕනි ටික කෙටියෙන් කිව්ව දුලාජ් සර් කොල්ලො ටිකව එක්කන් යන්න හැරුනෙ යෙධා ඉන්න සිට් රූම් එක දිහාවට
,,
දුලාජ් සර්ගෙ වචන ටික එක්ක යෙධාව හොයන් ආපු කොල්ලො ටික අඩි ටික ඉක්මන් කරලා දුලාජ් සර් එක්ක ඇවිත් නතර උනෙ යෙධා උන්නු සිට් රූම් එක ගාව
*පුතාලා මෙහෙ එන්න* දුලාජ් සර් එක්ක ආව කොල්ලො ටික ඇස් වලට අහුවුනු ගමන් කදුලු නතර කරගන්න උත්සාහ කරන ගමන් හිටපු කෙයිමි කොල්ලො ටිකට කතා කළේ
මේ වෙලාවෙ ගුරුවරයෙක් විදිහට මේ ළමයින්ව බලාගන්න වගකීම අඩන්න තියෙන හේතුවට වඩා ලොකු හින්දා
*කෙයිමි මිස් අපේ යෙධා*
කෙයිමිගෙ වදන් ඉස්සරහා දුලාජ් සර්ගෙන් ඈත්වෙලා කෙයිමි හිටපු ගාවට එන ගමන් උන්නු කොල්ලො හතර දෙනා එක හඩින් ඇහුවෙ
කෙයිමි වගෙම ඇස් වලින් කදුලු පෙර පෙරා
*බයවෙන්න එපා ළමයි.යෙධාරට සිහිය එයි.*
හැලහොල්මනක් නැතුව යෙධාර ඉන්න විදිහට සිහිය එයිද නො එයිද කියලා හිතාගන්න බැරි උනත්
හිත අස්සෙන් ඇහෙන යෙධාරට මොකුත් වෙන්නෑ කියන හැගීම හින්දා තමන් ගාවට අඩ අඩා එන කොල්ලො ටිකට කෙයිමි කිව්වෙ අතෙ තියෙන ලේන්සුවෙන් කදුලු පිහිදාන ගමන්
*අනේ අපේ එකාව අපිට ඕනි මිස්*
කොල්ලො හතර දෙනාගෙන් යෙධාට වැඩියෙන්ම එකතු මෙත්ට යෙධාට උනු දේ දරාගන්න බැරි වේදනාවක් ගේනකොට
ප්‍රබෝගෙ පපුවට වාරු වෙන ගමන් අඩන්න ගත්තෙ කෙයිමිටත් මෙහෙම කිය කිය
________________________
යෙධාව හොස්පිටල් අරන් නොගිහින් ඉස්කොලේ තියන් ට්‍රීට්මන්ට් කරන නිසා යෙධා මැ|රෙයිද? 😑
ඊගාව කොටසින් බලමු ම්ම්