Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jul 20 2026 @ 22:58

අහංකාර වලව් හාමිනේ - 29

පෙර කොටසට 👇
https://whatsapp.com/channel/0029VbD9WihKmCPZJAtjov0N/348

_____•• *අහංකාර වලව් හාමිනේ* ••___________

🚫 *කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම ,වෙනත් සමූහවල පළ කිරීම තහනම්.මෙහි අයිතිය මුල් කතෘ 𝓐.𝓔.𝓒 වන මාගෙයි* 

°° *විසිනවවන කොටස (29)*

පෙර කොටසින්,,,

තවත් විනාඩි කීපයක් කතා බහේ යෙදිලා විහාරත් අහිලිත් නිළමෙට සමුදිලා ගුවන් තොටුපළේ පිවිසුම් ද්වාරෙට ඇදෙන කොට ඉදුවරත් හිටියෙ ඒ ළගටම වෙලා නොඉවසිල්ලෙන් අහිලිව දැකගන්න...

_____එතැන් සිට________________

එක එක වාහන වලින් ඇවිත් බැහැලා ගුවන් තොටුපළ ඇතුළට ඇදෙන පිරිස් එක්කෙනෙක්වත් මග නොහරින ගමන් ඉදුවර හොයන්නෙ එයාගෙ යානා උනු අපේ ලොකු කුමාරිහාමිව

දැන් නම් මෙතනට ඇවිත් පැයකටත් වැඩී..ඒත් තාමත් අහිලිව තමන්ගෙ ඇස් වලට අහු නොවුනු පාර ඉදුවරගෙ හිතෙ එක් කොණක් කියන්නෙ අහිලි දැන්ටමත් ගිහින් ඇති කියලා

රෝස පාට ටීශර්ට් එකකට ගොම කොළ කලිසමක් ඇදන් උන්නු ඉදුවරගෙ මූණ වෙහෙස වෙලා ඒ හිස කෙස් අවුල් ජාලාවක් වෙලා තිබුනෙ හිතට දැනෙන නොඉවසිල්ල නිසා සැරින් සැරේ හිසකෙස් ඇදගත්තට හේතු වෙන්න

ඉදුවර මෙහෙම පිස්සෙක් වගෙ එහාට මෙහාට යනකොට ඉදුවරව දකින මිනිස්සු නම් හිතුවෙ ඇත්තටම ඉදුවරට පිස්සුද කියලා

ඒ තරම් අසරණකමක් ඒ මූණෙන් පේන්නෙ..දකියිද නොදකියිද මන්දා හරියටම කියන්න බැරි උනත් අහිලියි විහාරයි දෙන්නත් ගුවන් තොටුපළ ඇතුළට ඇතුලු උනෙ ඉදුවර එහාට මෙහාට යන ගමන් අහිලිව හොයනකොට

,,,

විහාරත් එක්ක කතා බහේ යෙදෙන ගමන් ඉදුවර ඉන්න බවක් නොදැන අහිලි තමන්ගෙ ගමන් මල්ල තල්ලු කරගෙන ඉදිරියට ඇදෙන්නෙ බර හුස්මවල් පිට කරන ගමන්

ආපු තැනෙ පටන් අහිලි කීපාරක් බර හුස්මවල් පිට කළාද කියලා කියන්න අහිලිට නොතෙරුනත් ඒ දේ තේරුනු විහාර නම් උන්නෙ අහිලිගෙ මූණ දිහාවටම ඇහැ ගහන් 

ප්ලයිට් වලට යන්න දොර ගාවට ළං වෙන්න ළං වෙන්න අහිලි පිට කරන හුස්ම ගාන වැඩි වුනා ඉතින් ඒ නිසාම විහාර ඇහුවෙ අහිලිගෙන් *මොකද්ද කේස් එක අහී කෙල්ල* කියලා

ඉදුවරගෙ මතක අස්සෙ ඉදුවරගෙ මතක වලට හිතින් සමුදෙන ගමන් උන්නු අහිලි ගැස්සිලා ගියෙ විහාරගෙ මේ ප්‍රශ්නයට

අහිලිගෙ හොදම යාලුවා උනු ශාකිට පස්සෙ හොදම යාලුවෙක් උනු විහාරට අහිලි ඉදුවර ගැන හැමදෙයක්ම කියලයි තිබුනෙ

ඉස්සර ඉදුවරව බලන්න යන්නෙත් අහිලියි විහාරයි..ඉතින් මොකටද තවත් හිතෙ තියන් දුක් විදින කාරණාව හංගන්නෙ...

අවාසනාවටද වාසනාවටද මන්දා අහිලි කවුදො මන්දා උස මහත කොල්ලෙක් එක්ක තමන් ඉන්න දිහාවට කිට්ටු වීම ඉදුවරගෙ ඇස් වලටත් අහුවෙනකොට අහිලි 
විහාරට කිව්වෙ 

" සසිත අයිය ගැන බන් හිතුවෙ" කියලා

තමන්ගෙ ඇස් වලට අහුවුනු අහිලි කවුදො මන්ද ලස්සන කොල්ලෙක් එක්ක කතා බස් 
කරමින් ආවා දැක්කත් ඉදුවර අඩියට දෙකට ඇදුනෙ අහිලියි ඉදුවර නොදන්න විහාරයි උන්නු තැනට

*උබ දන්නවනෙ කෙල්ලෙ,ඌ උබෙ සහෝදරයා කියලා*

*කොහොමද කියපන්කො ඉතින් උබ තමන්ගෙ අයියවම මැරි කරන්නෙ* 

හෙණ ගහද්දි ගහන්නෙත් එකපිට එක කියන එක ඇත්ත කියලා පෙන්නන්න ඉදුවර විහාරගෙ පිටිපස්සට මේ දෙන්නගෙ සංවාදෙ ඇහෙන තරම් ළං වෙනකොටම විහාර මෙහෙම කිව්වෙ අහිලිගෙ හිස අතගාලා

" ඇයි බන් අප්පච්චිට කුසුමා ආන්ටි එක්කම ඉන්න ඕනි උනෙ.එක්කො ඇයි සසිත අයියා කුසුමා ආන්ටිගෙම බඩෙ ඉපදුනෙ" 

විහාරගෙ වදන් වලට අහිලිට කතා කරන්න කියලා ආපු ඉදුවරව හිටි තැනම ගල් වෙනකොට ඉදුවර ආවා කියලා නොදැක්ක අහිලිත් තවත් කියවන් ගියෙ හිතෙ තියෙන දුකින්

*කිව්වට බෑ බන් ඒක තමයි. වෙලාව.ඊළග ආත්මෙවත් එකතු වෙන්න පුලුවන් වේවා කියලා අපි හිතමුකො*

*උබ මේ ගත්තු තීරණය ගැන මාත් ප්‍රයිවට් හැපි වෙනවා අහී කෙල්ල*

*උබමනෙ කිව්වෙ මිනිහා උබට කැමති වගෙ කියලා.උබ ඉන්ඩ ඉන්ඩ ඇත්ත නොදන්න ඌ උබට වහ වැටෙනවා*

*මොන කොල්ලද බන් කැමති තමන් ආදරේ කරන එකී තමන්ගෙම ලේ තියෙන සහෝදරී කියලා දැනගන්න* 

තමන්ගෙ පිටිපස්සෙ ඉදුවර ඉන්නවා කියලා නොදැන විහාරත් අහිලිගෙ කතා බහට එකතු උනේ ඇහෙන දේවල් වලට ඉදුවරගෙ මුළු ඇගම පණ නැති වෙනකොට

,,,

ඉදුවර ඉන්නවා කියලා හාංකවසියක්වත් නොදන්න අහිලිත් විහාරත් හිමින් සැරේ පාස්පෝට් බාර දෙන තැනට ගියෙ ඉදුවර ගැනම සංවාදෙන්..

ඉදුවර නම් උන්නෙ ඇහුනු දේ විශ්වාස නොකරන්න ද කරන්නද කියලා හිතාගන්න බැරුව තමන්ගෙ මුළු ලෝකෙම දෙපා මුල කඩා වැටුනා වගෙ හිතුවිල්ලකින්...

කියන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙත් නෑ ඉදුවරට දැනෙන දේ ගැන

ඒක ඒ තරම්ම වේදනාවක්..ඉදුවරගෙ ඇස් අස්සෙ රූප රාමු විදිහට මැවෙන්නෙ මහ නිළමෙත් තමන්ගෙ අම්මත් අහිලිත් සුදු හාමිනෙවත්..

කොහොමද විශ්වාස කරන්නෙ තමන් බෙරලිගල්ල වලව්වෙ මහ නිළමෙට දාව උපන්නා කියලා

තමන් ආදරේ කරපු කෙල්ල තමන්ගෙ ලේ තියෙන සහෝදරියක් කියලා

විශ්වාස කරන්න අමාරු උනත් පොඩි කාලෙ ගම්මු කනෙන් කොනින් කිව්වත් ඒ හැම දෙයක්ම එදා නොතෙරුනාට අද මේ දැන් ඇහුනු දේවල් එක්ක මේ කතාව ඇත්තක් කියලා කියන්න හේතු සපයන්නෙ ඉදුවරට මුලු ඇගම වෙව්ලල දාලා

මහ නිළමේ ගමෙ මොකාටවත් ළෙංගතු නොවී මට ළෙංගතු උනෙ ඒ නිසාද? 

දැන් දැන් ඉදුවරට හැමදේම මතක් වෙන්නෙ තේරෙන්නෙ ඒ හිතම කඩා දාලා .

තමන්ගෙ අම්මා උනත් කවදාවත් උබට ලොකු කුමාරිහාමිව පෑහෙන්නෙ නෑ කියලා කිව්වෙ ඇයිද කියලත් ඉදුවරට තේරෙනකොට 
  ඇස් වල පිරෙන කදුලු අතරින්ම විහාරත් එක්ක එකට ඇදෙන අහිලිගෙ රූපෙ දිහා ඉදුවර බැලුවෙ මැ|රි|ලා යන්න තරම් දුකකින්...

________

~ පසුවදන 

එදා ගුවන් තොටුපළේදි අහිලි විහාරත් එක්ක ලංකාවෙන් පිට වෙලා ගියහම තෝන්තුවෙන් ගුවන් තොටුපළින් එළියට ආපු ඉදුවර තමන්ගෙ මෝටර් සයිකලේට නැගිලා ඔහේ යන්නම් වාලෙ ගියෙ පිස්සුවෙන්..

එදාවත් අඩුම ගානෙ අහිලිගෙ ජීවිතෙ ඉවර වෙනකම්වත් අහිලි දැනගත්තෙ නෑ එදා ඉදුවර තමන්ව බලන්න ආවා,තමන්ගෙ කටින්ම ඇත්ත දැනගත්තා කියලා.

ඒ වගේම තමයි අහිලි වසර ගණනාවක් ගෙවිලා ගියත් වයසට ගියපු තමන්ගෙ අම්මා අප්පච්චිවත් australiaවටම ගෙන්න ගත්තා මිසක් අහිලි ආයෙම ලංකාවට බෙරලිගල්ල වලව්වට ගමට පය ගැහුවෙ නෑ..

එදා අකමැත්තෙන් දීග ගිය සුදු හාමිනෙත් වසරක් පිරෙනකොටම මව් පදවියට උරුමකම් කියලා බෙරලිගල්ල වලව්වෙන් අඩක් ලැබෙන ආදායමත් ලබාගෙන නුවරටම වෙලා ජීවිතෙ ගත කළේ ඉදුවරවත් අතීත මතකයක් විදිහට හිතෙ තියාගෙන..

නැති බැරි කාලෙ තමන්ගෙ පිහිටට උන්නෙ අහිලි නිසාම රට යන්න කලියෙන් අහිලිගෙ කැමැත්ත මත බෙරලිගල්ල වලව්ව දොන් පියස් මහ නිළමෙ ලිව්වෙ තමන්ගෙ ලේ ඇතියි කියලා විශ්වාස කොරපු තමන්ගෙ කුලුදුල් හදගත් පෙම්වතී උනු කුසුමගෙ සුදු පුතා ඉදුවරට...

එදා තමන් ඇත්ත දැනගත්තා කියලා කාටත් නොකියපු ඉදුවර කුසුමා කැමති නම් බෙරලිගල්ල වලව්ව උරුම කරගන්න කියලා ජීවිත කාලෙම මජං වලටම සින්න කළේ ජිවිතෙ ගැන ආදරේ ගැන දැනුනු මහා කළ කිරීමට...

දුකක් උනත් අපරාදයක් උනත් අහිලිගෙයි ඉදුවරගෙයි ආදර කතාව තනිකඩව මිසක් මේ ආත්මෙට ආදරෙන් නොලියවෙනකොට අභාවයට යන බෙරලිගල්ල වලව්ව,පරම්පරාව විදිහටම අහිලිත් ඉදුවරත් අහිලි තමන්ගෙ දෙමව්පියන්වත් ඉදුවර තමන්ගෙ අම්මවත් බලාගන්න ගමන් තම තමන්ගෙ ජීවිත ගත කරන්න තීරණය කළේ හිත් ඇතුලින් නම් දෙන්නට දෙන්නා අත් නොහැරගෙන මතු ආත්මෙකදි දෙන්නට දෙන්නා මැරෙනකම් තමන්ගෙ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්....

°°° *අවසානයි..* 

කොටස් 29ක් පුරා අහංකාර වලව් හාමිනේ සමගින් එකතු උනු පාඨක සියල්ලන්ටම හුගක් ස්තූති..ආදරෙයි.🫶

හිතකින් නොවුනත් වෙනස් විදිහකට ලියන්න ඕන උනු නිසා අවසානෙ දුකකින් ඉවර කරන්න උනාට සමාවෙන්න..
 Writer Eshu..(A.E.C)