Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Nov 20 2024 @ 18:34

උන්මාදේ ッ - 6



"අපි පොලිසියෙන්"

ඒ වාක්‍ය ඇහුන ගමන් ඝණ වනන්තරේ තියෙන අවමගුලක සිරි මගෙ හිතෙ මැවෙන්න ගත්ත. මම ඇඳ උඩ වාඩි වෙලා මෝලා දිහා බැලුව. මෝලා පට පට ගාල උගෙ අහවල් සීඩී ටික කොට්ටෙ අස්සෙ ගහන්න ගත්ත. ඇම්ඩා අර කුඩු ජාතිය අතේ තියාගෙනම ගිහිල්ල දොර ඇරිය.

"කියන්න සර්"

ඇම්ඩා හෙන ජෙනුයින් විදිහට කතා කලා. ඇත්තටම පොලිසියෙන් තමා ඇවිල්ල තියෙන්නෙ. පොලිස්කාරයො තුන් දෙනෙක්. එකෙක්ගෙ අතේ දඩාර සයිස් T-56 කුත් තිබ්බ. මුන් අපිට ආයුධ පෙන්නනවත් ට්‍රයි එකක් දෙන්නද හදන්නෙ?

"අපිට මේ කාමරේ චෙක් කරන්න ඕනෙ. නාඳුනන පණිවිඩයක් ආව මේකෙ හෙරොයින් තියන් ඉන්නව කියල"

ඇම්ඩගෙ මූණ කරවෙච්ච බිබික්කමක් වගේ උනා ඒක ඇහුවම.

පොලිසිය එක්ක වාද එපා - හක්ක තලාගන්න වෙන්නෙ කියල පුරාණ චයිනීස් කියමනක් තියෙනවනෙ. ඉතින් අපි තුන් දෙනා කාමරෙන් එලියට ඇවිල්ල පොලිස්කාරයොන්ට ඒ වැඩේ කරගන්න දුන්න.

බෝඩිම පුරා ලැව් ගින්න වගේ පැතිරිලා අපේ කාමරේ පොලිසියෙන් චෙක් කරනව කියල. ශලනිලත් ආව උඩට සීන් එක බලන්න. ගෑණු පිරිමි ඔක්කොම වට වෙලා.

මම එලියට ගිය අතරෙ මොකක් හරි සීන් එකක් වෙලාවත්ද කියල හිතන් මම ඇම්ඩට කතා කලා.

"මේ ඕයි. මම ගිය අතරෙ මොකක් හරි උනාද?"

"මොනා වෙන්නද. අන්න අර සුදා නං කාමරේට ආව මුරුක්කු පැකට් එකක් දෙන්න."

සුදා කියන්නෙ අපේ බෝඩිමේ ඉන්න ලොකුම චීත්තෙ. ගෑණුන්ටත් වඩා ඕපදූප හොයන සික් එකේ ඌ ඉන්නෙ. කෙලින්ම ලිංග නිර්ණයේදී ඩවුන්ස් සහලක්ශණයක් ඇවිල්ල තියෙන්නෙ. xxy පොරක්. ඕකා ගෑවුන තැන කහට පැල්ලමක්. ආයෙ සර්ෆ් එක්සෙල් දාලවත් හෝදන්න නං බෑ.

ඇම්ඩ කතා කරන ගමන් උගෙ අතේ ගුලි කරන් ඉන්න තැනින් සියුම් කුඩු ජාතියක් වැටෙනව දැක්ක මං.

"ඔය මොනාද වැටෙන්නෙ"

"කලින් ගමේ ගිය පාර අම්ම සුවඳ දුම් ටිකක් දුන්න බං. හොඳට මතුරල දුම් ගැහුවම භූත දෝස නිඨ්ඨාවටම හරියනවලු"

"භූත දෝස ලබ්බක් නෙවේ. ඔය අතේ තියන් ඉන්න මගුල අර සුදා එද්දිත් අතේ තියන්ද හිටියෙ?"

"ම්ම්ම්ම් ඔව්. මොකෝ කේස් එක?"

වෙච්ච දේ හිතාගන්න මට අමාරු උනේ නෑ. මම කිව්වනෙ සුදා කියන්නෙ හෙන චීත්තෙ කියල. කාමරෙට ආපු වෙලාවෙ ඌ දකින්නැති ඇම්ඩගෙ අතේ කුඩු ජාතියක් තියෙනව. ඌ එහෙම්ම සේපට කෝල් එක දෙන්නැති පොලිසියට අපේ උන් හෙරොයින් ගහනව කියල.

සුදාගෙ මාධ්‍ය ඒකකය හෙන චාටර්. දකින දකින හැම ප@ක්ම හොයල බලන්නැතුව කියල අරිනව.

විනාඩි දහයකින් විතර පොලිසියෙ සර්ච් එක ඉවර උනා.

"සොරි. මිස් ඉන්ෆොමේශන් එකක්. කාමරේට යන්න පුලුවන් ආපහු. සිදු උන අතපසුවීමට සමාවෙන්න"

ඒ පොලිස් ටීම් එකේ ලොක්කා වගේ එකා ඇම්ඩා ගාවට ඇවිල්ල කිව්ව.

"හරි සර්. මේ.... කවුද සර් එහෙම නිව්ස් එකක් දුන්නෙ?"

"ඒක නං දන්නෑ. අනන්‍යතාවක් කිව්වෙ නෑ. අපි හොයල ඒ අයට අවවාද කරන්නම්. සුභ දවසක්"

"හරි සර්."

පොලිසියෙ එකාට කියල උගෙ T-56 යේ මිටෙන් අර කැ@ සුදාගෙ හොම්බට ඇන්න නං ඔහෙක් වෙලා යන්නම , ආපහු ඕකා ඔහොම ගොන් වැඩ කරන එකක් නෑ.

පොලිසියෙ උන් ගියාට පස්සෙ මේ සීන් එක බලන්න ආපු බෝඩිමේ ප්‍රේක්ශක පිරිසට සිද්ධිය පැහැදිලි කරල කිව්ව අපි. මම ශලනිටත් විධිමත් එක්ස්ප්ලනේශන් එකක් කලා. නැත්තං ලව් එක පටන් ගත්ත දවසෙම එයා හිතයි මම කුඩ්ඩෙක් කියල.

ඒ සිදුවෙච්ච සිදුවීමෙන් පස්සෙ කට්ටිය සාමදානෙන් විසිරිලා ගියා. මම සැනික ඇම්ඩගෙ අර රෙද්දෙ කුඩු එක අරන් , ඌ එපා කියද්දිම විසි කලා එලියට. අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන , රෙද්ද අස්සෙ ඉන්න නයා එක්ක ඇමිනෙන්න ගත්තම ඔහොම වෙනව.

කුඩු එක විසික් කලාට ඇම්ඩගෙන් ආපු දෝශාරෝපණයි , මෝලගෙ අතිරික්ත අසහනේ පිට කරගන්න විදිහයි බල බල ඒ දවස එහෙම්ම ගෙවිල ගියා.

පහුවදා මම ඇම්ඩටත් කලින් උදෙන්ම ලෑස්ති වෙන්න පටන් ගත්ත. බිකෝස් ශලනි එක්ක සිරික්කියේ යන්න , හයයි කාලට බස් හොල්ට් එකට යන්න එපැයි.

"මේ ඕයි. තමුසෙ දැන් අද එන්නෙත් බස් එකේ නේද?"

මම ලෑස්ති වෙන අතරෙ ඇම්ඩ දත් මැද මැද මගෙන් ඇහුව.

"ඔව් ඔව්. උඹටත් ලේසිනෙ. මොකෝ එහෙම ඇහුවෙ?"

"නෑ මට හවසට නං කෝල් කරන්න එපා මහත්තයො ඈ එන්න කියල. බයිසිකලේ පිටිපස්සෙ සීට් එක බුක් කලා එක්කෙනෙක්"

ඈ... මොකක්ද ඒ හරුපෙ.

"මොකක්ද ඒකෙ තේරුම. කවුද?"

"රශ්මිට සරසවි එකට යන්න ඕනෙලු බං පොත් ටිකක් ගන්න. මගෙන් ඇහුව ගෙනිහින් දාන්න පුලුවන්ද කියල හවසට. තමුසෙ එන්නැති නිසා මම හා කිව්ව ඉතින්."

මූ යකෝ. අර කෙල්ලො ඩබල් දාල එහෙ මෙහෙ යන්නෙ. උන්ට තනියම යන්නම බෑනෙ කොහෙවත්. මොනාට ගියත් වෙන කෙල්ලෙක් එක්ක යන්නෙ. ඇම්ඩත් නිකං ඒ වගේ. මුට බයික් එකේ කාවම හරි දාගෙන එන්න ඕනෙ.

"තමුසෙට මාව තමා ගිහින් බස්සන්න බැරි. පරය"

මෝලටත් තද වෙලා අපේ කතාවට ජොයින් උනා. ඇත්තනෙ. ඇම්ඩට කෙල්ලොන්ව එහෙ මෙහෙ ගිහින් දාන්න තියෙන උනන්දුව , කොල්ලෙක්ව ගිහින් ඇරලවන්න නෑ.

"හරි ඕයි ඉතින්. ඒකි කෙල්ලෙක්. උඹ කොල්ලෙක්. උඹ බස් එකේ ගියාම මොනා වෙනවද. අනික ඒ පැත්තට උදේට සෙනගත් නෑ. ඔය වාඩි වෙලා සැපේ යන්නනෙ තියෙන්නෙ"

ඇම්ඩ ගානක් නැතුව වටින් ගොඩින් ශේප් කරන්න හදන්නෙ.

මෝල ඊට වඩා මුකුත් කිව්වෙ නෑ. මෝල නෝක්කාඩු කිව්වට ඌ පට්ට ආසයි බස් එකේ යන්න. උගෙ විනෝදාංශයක් තමා එහෙ මෙහෙ දකින කෙල්ලෙක්ව මතක් කරන් මනෝ පාරක් ගහන එක. ඔය බස් එකකදි එහෙම සේපට ජැක අල්ලපු දවසට මෝලා ඒක රහ කර කර අපිට කියන්නෙ හවසට. හිටි ගමන් ජැකට රිටන් එකට හිනාවක් දාල සප් එක දෙන ගෑනුත් ඉන්නවනෙ. ඉතින් එහෙම එකක් සෙට් උන දවසට මුට හාට් ඇටෑක් හැදෙන්නැති එක විතරයි.

සෙන්ට් පාරකුත් ගහල එහෙම රෙඩි උනා මං. ජෙලක් ගාල කොණ්ඩෙ උස්සල හැදුව නිකං රයිනෝසිරස් බෙකම් කට් එක කපල වගේ පේන්න. ආයෙ ඉතින් ශාරුක් කාන්ලත් පදිරී කණ්නාඩියෙන් පේන මේ ලස්සන මූණට.

සැපේ පඩිපෙල බැහැගෙන බැහැගෙන ගිහින් ශලනිලගෙ තට්ටුවෙන් නැවතිලා මම එයාලගෙ කාමරේ ගාවට ගිහින් තට්ටු කලා. දොර ඇරියෙ රශ්මි. කොට ශෝටක් ගහල ස්කිනි එකක් ගහන් හිටියෙ. සඳ මෝල් ඉතින් උදේ පාන්දරම.

"ආහ් ගිම්හාන්. මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"මේ ශලනි ගියාද?"

"ඔව් ඔව් දැන් විනාඩියක් නෑ ගිහිල්ල. මේ දැන් කාමරෙන් එලියට ගියේ"

"හරි හරි"

රශ්මිටත් ස්තූති පාරක් දාල , ආපහු පාරක් රශ්මිගෙ එලියට නිරාවරණය උන මහත කලව දෙකයි පිම්බුනු සීනි බනිස් දෙකටයි රබර් ඇහැ දාල මම පිඹගෙන පහලට ආව.

බෝඩිමෙන් එලියට බහිනකොටම දැක්ක මං ශලනි පාර දිගේ ඉස්සරහට යනව. මේ වෙලාවට අපේ බෝඩිමේ එකෙක්වහ් එලියට බහින්නෑ. උන් 8ට රාජකාරියට වාර්තා කරන්න ඕනෙ නං ආයෙ කෙලින්ම 8.10ට තමා බෝඩිමෙන් එලියට බැහැල බස් හෝල්ට් එකට එන්නෙ. කුප්ප කුජීත චාටර් සෙට් එකක් ඉන්නෙ අපේ බෝඩිමේ.

"ශලනී...... ඉන්නෝ"

සාරිය ඇඳල උනාට ශලනි විදිනව විදිල්ලක් නිකං සිංහයෙක්ගෙ පිටිපස්සෙන් උසේන් බෝල්ට් එලවනව වගේ.

ශලනි මගෙ සද්දෙට ඇස් දෙක ලොකු කරන් හැරිල බලල , මාව දැක්කම මූණෙ හිනාවක් ගියා.

"අනේ මෝඩයො. ඇයි ආවෙ ඉතින්. මම කිව්වෙ ඕන්නෑ කියල"

"එහෙම තමා අපි ඉතින්."

"හා හා දැන් මේ වෙලාවට ගිහිල්ල ඔයාලගෙ ඔෆිස් එක ඇරලද?"

හත්වලාමයිනෙ. මට ඒක මීටර් උන්නෑ. අපේ ඔෆිස් එක භාරව ඉන්නෙ කල්ප කියන පියන් කොල්ලෙක්. ඌ දාර බේබද්දා. බේබදුකම කොච්චර ලොකුද කියනව නං , අපේ ඔෆිස් එකේ කෙනෙක්ගෙ නෑයෙක්ගෙ මල ගෙදරක ගිය වෙලාවක මූ හෙන පිස්සුවක් කෙලියනෙ.

එදා අපි සේරමල දවල් වරුවක ඔෆිස් එකෙන්ම වෑන් එකක් දාගෙන ගියා. අවසන් කටයුතු කරන දවස නිසා මාවත් එක්කන් ගියා. මාව එක්කන් ගියේ මම උන්ගෙ pc operator නිසා නෙවේ. මම ඒ මනුස්සයව පෞද්ගලිකව අඳුරන නිසා. ඉතින් අර කල්ප කියන හිකනලා ඔෆිස් එකෙන් වෑන් එකට නගිනකොටත් අමුවෙන්ම ගහල හිටියෙ. වෑන් එකේ යන ගමනුත් තව එකෙක් එක්ක බිබී ගිහින් ඔන්න මළගෙදර වාඩි වෙලා හිටිය.

අවසන් කටයුතු කරන්න තිබ්බෙ එයාලගෙ පවුලේ සුසාන භූමියක. ඉතින් දැන් මිනීපෙට්ටිය වහල එහෙම ලෑස්ති කරන්න ගත්තම ගෑනු අයයි පිරිමි අයයි අඬාගෙන "අනේ දෙයියනේ ගෙනියන්න දෙන්න බෑ...." කිය කිය කෑ ගහන්න ගත්ත.

ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ. මිනිය අරන් යන වෙලාවට හැමෝම වගේ කෑගහනවනෙ පවුලෙ. ඒ උනාට මෙතන සිද්ද වෙච්ච අසාමාන්‍ය දේ තමා කල්පයත් කෑගහන්න ගත්ත. හැබැයි ඌ කිව්වෙ නං එහෙම දෙයක් නෙවේ.

"ගෙනියන්න දෙන්න බැරි නං ඔන්න ඕක ඔතල දිහං හු@තො ගෙදර අරන් යන්න..."

උට එදා ඔච්චරයි කියාගන්න හම්බුනේ. ඒ ගමේ කොල්ලො ටික මුගෙ බෙල්ලෙන් ඇදන් ගිහිල්ල කොරියන් කෑමක් කවවල එවල තිබ්බ.

ඕන් ඔහොම එකෙක් කල්ප කියන්නෙ. මූ ඔෆිස් එක වෙලාවට අරිනවද නැද්ද කියල දැන් උඹල හිතාගනින්කො.

ශලනි මොනව කිව්වත් මගෙ ප්‍රථම ප්‍රේම අත්දැකීම් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති පිට මම හිටියෙ.

"ඒක අවුලක් නෑ. මම ඔය කොහෙන් හරි ඉන්නංකො"

"හරි එහෙනං. මේ ගිම්හාන් ඒක නෙවේ."

"ම්ම්ම්ම්ම්"

"ඔයා pc operator කියන්නෙ ඔය සොෆ්ට්වෙයාර් පැත්ත විතරද?"

"නෑ නෑ හාෆ්වෙයාර් තමා මගෙ ස්පෙශලිස්ට් එක. සොෆ්ට්වෙයාර්ත් කෝස් එකක් කරල ඉන්නෙ මං. මොකෝ අවුල"

"අනේ එහෙනං මගෙ ලැප් එක හදල දෙන්නකො. අද බලනවද පොඩ්ඩක්"

"ඇයි මොනා වෙලාද?"

"ඒකෙ හිටි ගමන් මම ප්‍රසන්ටේශන් ටයිප් කර කර ඉන්නකොට ඕෆ් වෙනව. ආපහු ඔන් වෙද්දි අරව ඔක්කොම ගිහිල්ල. ඉතින් මුල ඉඳන් හදන්න ඕනෙ"

"මම බලන්නං හවසට"

"තෑන්ක් යූ ගිම්හාන්"

"ඕක මොකක්ද මැණිකේ"

අත්හදා බැලීමක් වශයෙන් "මැණිකේ" කියන වචනය අගට නිවේශනග කරල බැලුව ශලනිගෙ ප්‍රතිචාරය මොන වගේද කියල.

ශලනි ඇස් දෙකත් ලොකු කරන් හිනා වෙලා,
"වෝහ්... එච්චර දුර ගියාද ඒ ටිකට"

"හෙ හෙ"

"හම්ම් හම්ම්. ආ මේ. බස් එකේදි මගෙ ඇඟ උඩ යන්න හදන්න නං එපා අද ඈ. හවසට නං කමක් නෑ. දැන්ම මට ඇඳුම පොඩි කරගන්න බෑ"

ඔය දුන්නෙ ටෝක මගෙ හිත බිඳිල යන්නම. සිතාගෙන පතාගෙන ආවට අන්තිමට වෙන්නෙ ගොතාගෙන ඔතාගෙන පැත්තකට වෙන්න.

මගෙ මූණ දෙල් උනා කියල දැක්ක ගමන් ශලනිට හිනා ගියා ආපහු.

"ඈ මෝඩයො. මොකෝ මූණ අමුතු උනේ"

"නෑ නෑ එහෙම නෑ"

"හරි කියුට් අනේ එහෙම උනාම මූණ"
කියල ශලනි මගෙ කම්මුලෙන් අල්ලල මිරිකල හෙල්ලුව.

හිච්චි නගේ බාලේ ඉඳ ඩිස්ටි ඩිඩිං කිව්වලු.

ඔය කෙල්ලොන්ට කියන්නෙ. උඹලට කොල්ලො එහෙම ඉන්නව නං , ලව් එක තාම නැගලම යන්නැත්තං , නිකමට වගේ ඒ වැඩේ කරල බලහංකො. කොල්ලො හෙන ආසයි ඒකට. කොල්ලො ආස තව තව ඒව උඹලට 18 පැන්නම කියන්නංකො.

"ශලනි...."

"ම්ම්ම්ම්ම්"

"ඔයා කිව්වෙ ඊයෙ මට හිත ගියා කියල?"

"ඉතින්....."

"ඇයි එහෙම මට හිත ගියේ.... විශේෂ හේතුවක් මොකක් හරි තියෙනවද?"

"ම්ම්ම්ම්ම්ම් අනේ මංද. බෝඩිමට එදා ආව දවසෙම ඉතින් ඔයා තමා මට කතා කලේ මුලින්ම. මම රශ්මිගෙන් අහල බැලුව ඔයා ගැන. ඉතින් පොඩ්ඩක් හිත ගියා. පස්සෙ පස්සෙ ඔයා බලෙන්ම වගේ කතාවට එන්න හදනකොට ඉතින් දැනගත්ත ගොනා හැරෙන්නෙ මොකටද කියල"

හිරුද මුවා වී.... ලැසි ගමන බලාවී....
මමද ගොනා වී.... මේකිගෙ ලයින් බලාවී....

"හෙ හෙ. ලන්ච් එකට එලියට එහෙම එනවද ඔයා?"

"නෑ ගිම්හාන්. මගෙ යාලුවෙක් මටත් එක්ක ගෙදරින් කෑම ගේනව. එලියට එන්න ගියොත් වෙලාව නාස්ති වෙනව ගොඩක්"

රජයේ රස්සාවක් මෙහෙම බොක්කෙන් කරන කෙනෙක් හම්බුනාමයි. මම නං ලන්ච් එකට එලියට ඇවිල්ල ඩිනර් එකත් අරගෙන තමා ආපහු ඔෆිස් එකට යන්නෙ.

"හරි හරි. එහෙම ගියොත් කියන්න ඈ. පොඩි කඩයක් තියෙනව ඔය හරියෙ"

"හරි මම කියන්නම්කො"

ඔහොම ඔහොම කතා කර කර ඉන්න අතරෙ බස් එකකුත් ආව පිඹගෙන. උදේම නිසා මහ ලොකු සෙනගක් නෑ. ශලනිගෙ පිටිපස්සෙන් මමත් බස් එකට නැගල එයා ගාවින්ම හිටගත්ත ඇඟේ ගෑවෙන නොගෑවෙන ගානට.

ශලනි සාරියට හෙන අහිංසක ලුක් එකට පේන්නෙ. සාරිය ඇඳල ආයෙ දශමයක්වත් වැරදි නැතුව.

එයා බස් එකේ සීට් දෙකක් අල්ලන් යන අතරෙ මම මගෙ අත අරන් එයා අල්ලන් ඉන්න සීට් එකෙන්ම තියල ළඟට කරල ගෑව්ව.

ශලනිත් එයාගෙ දබරගිල්ලෙන් මගෙ අත පටලවගත්ත.

ලව් කරන එක මෙච්චර සනීප වැඩක් කියල කලින් දැනගෙන හිටිය නං ඉස්කෝලෙ කාලෙම පවුලක් හදාගන්නව. පුංචි පවුල රත්තරන් කියනවනෙ.

බස් එකත් කපීර් ඇන්ජිමකට කසිප්පු දාල දුවවනව වගේ , වැනි වැනි කඩාගෙන බිඳගෙන යනව. ශලනි එහෙ මෙහෙ වෙන කොට මම තාප්පෙ වගේ ඉඳගෙන එයාට සප් එක දෙනව. එයත් මගෙ අතින් අල්ලගන්නව ඒ වෙලාවට.

පස්සෙ අපි දෙන්නම මුණට මූණ බලන් හිනා වෙනව.

බස් එකේ අනිත් උන්ට පෙම් ජවුසන් වගේ ඇති. වෙන උන්ට ඕනෙ විදිහට ඉන්න ගියොත් ඉතින් මේ ආත්මෙකට අපිට නිදහසේ ජීවත් වෙන්න වෙන්නෑ.

සුහුරුපාය ගාව හෝල්ට් එකෙන් බස් එක නැවැත්තුවම අපි දෙන්නම බැහැගත්ත. කොන්දොස්තර කාරය සෙනග බස්සනව නෙවේ. සෙනග එලියට තල්ලු කරනව. කකුලෙනුත් ගහනව බැහැපං කියල.

"මම යනව ගිම්හාන් එහෙනං."

"හරී. හවසට මට කෝල් එකක් දෙනවද එන වෙලාව කියල"

"හරි මම කෝල් එකක් දෙන්නං"

මම පොඩි එකා වගේ ශලනිට බායි කියල පිබිදුනු හිතෙන් මගෙ ඔෆිස් එක වෙත පියනගා ගියා. මේ හිමිදිරි උදෑසන , ලා හිරු කිරණ සිපගත් පොළෝ තලේ අර ගොන් කල්ප කාරය ඇවිල්ල නෑ. ඔෆිස් එක වහල.

එහෙම්ම රිසෙප්ශන් එකට බැහැල සපත්තු දෙකත් ගලවන් සෝෆා එකකට වෙලා ඇලට් එකක් දැම්ම.

අනන්තෙන් පියඹා ඇවිදින්... මල් කුමරා...
ගිය ආත්මයේදී... මට බැරි උනත්... පසුපසම ආවා... අසහනෙ නිසා...

ලස්සන හීනයක්....

ශලනියි මමයි මල් වත්තක වේගෙන් දුවන් යනව. ශලනිගෙ පපුව උඩ පහල යනව සරල අනුවර්තී චලිතෙකින්. මමත් ඒ දිහා බල බල ඉස්සරහටම දුවන් යනව එයාගෙ අතින් අල්ලන්.

මිහිරාවී.... සෙව්වේ මා..... ආදරයයි පීරා....
මිහිරාවී.... පැතුවා සේ.....ලඟ ඉන්නම් පායා...

හම්මේ..... ප්‍රේම පුරාණේ අපේ....

"ඕයි මිනිහෝ..... මේක ඔෆිස් එකක්... තමුසෙගෙ ගෙදර නෙවේ මේ"

ශලනිගෙ ලස්සන හීනෙ අස්සෙන් මොකා හරි හාල්පාරුවෙක් මැද්දෙන් ඇඩ් දානව වගේ ඇහෙනව.

"ඕයි ගිම්හාන්. නැගිටිනවා...."

කවුරු හරි මගෙ උරහිසෙන් අල්ලල වැලි හලනව වගේ හොල්ලපු පාරට මාව ගැස්සිලා ඇහැරුනා.

රිසෙප්ශන් එකේ කෙල්ලො තුන් දෙනෙක් මහ හයියෙන් හිනා වෙවී මං දිහා බලන් ඉන්නව.

ඔලුව උස්සල බැලුවම දැක්කෙ , අපේ බොසා යකා වගේ මගෙ ගාව හිටගෙන ඔරවන් ඉන්නව. සීන් එක ඔලුවට ආවෙ තත්පර පහ හයක් ගියාට පස්සෙ.

"ආහ් සොරි සර් මේ.... උදේ ඔෆිස් එක වහල තිබ්බ... ඒකයි මේ මෙතෙන්ට ආවෙ"

කියාගෙන මම නැගිට්ට දඩි පඩි ගාල.

"හරි ඕයි. තමුසෙට කතා කලේ පොඩ්ඩක් එහාට වෙනව කියන්න. ඔෆිස් එක තාම වහල. මමත් මේ ඉඳගන්න කියල මෙතෙන්ට ආවෙ. මම ළමයෙක්ව යැව්ව සිකියුරුටි එකට. ඇඩිශනල් කී එකක් ඉල්ලන් එන්න කියල"

මල හත්තිලව්වයි. ඒ කියන්නෙ කල්ප කාරය අද සිරාවටම එන්නෑ වගේ.

මම සැනික සෝෆා එකේ එහාට වෙලා බොසාට ඉඩ දුන්න. මෑන් පත්තරේකුත් අරන් ඇවිල්ල තියෙන්නෙ. මිනිහ ඒකෙ ලොකු කෑල්ල ගත්ත අතරෙ මටත් ඔලුවෙන් කිව්ව ඕනෙ එකක් කියවන්න කියල.

මම සැනික ගත්ත කාන්තා රූප අන්තර්ගත කොටස. හෙ හෙ.

මම ඕකේ වනිතා දත්ත සහ ක්‍රියාදාම කියවන අතරෙ ඇස් කොනෙන් දැක්ක බොසාගෙ ඇහැත් ඒ දිහාට හොරාට ඒම් කරන් ඉන්නව කියල. හැට පැන්නත් වඳුරා බිම නොයයි කියනවනෙ. හැබැයි වැඳිරියො ගැන සඳහනක් නෑ. සමහර විට එයාල බිම යනව ඇති.

කොහොමහරි අට හමාරට විතර යන්තන් අපේ බ්‍රාන්ච් වල දොරවල් ඇරගත්ත. කල්පයට මොනා උනාද කියල දෙයියො තමා දන්නෙ.

අද සැපේ ඉන්න ආවත් අපේ බ්‍රාන්ච් එකේ සකුනි කියල අක්ක කෙනෙක් එයාගෙ පෙන් එක පීසී එකට ගහල ඒකෙ වෛරස් එකක් ගිහිල්ලද කොහෙද මැශින් එක ඕෆ් වෙන්න ගත්ත. අක්ක අක්ක කිව්වට මට වඩා අවුරුද්දයි වැඩිමල්. කල්ක්‍රියාවේ තරම නිසාම හෙන වේගෙන් ප්‍රමෝශන් හම්බුනු භාණ්ඩයක් තමා.

මමත් මෙහෙට ආපුම කාලෙ සකුනි අක්කට ඇහැ දැම්ම , මට වඩා වැඩිමල් කියල නොදැන. එයා අක්කෙක් කියල දැනගත්තම මම සේපට සබ්ජෙක්ට් එකෙන් ඈත් උනා. හැබැයි එයා නං මම මල්ලි කෙනෙක් කියල දැනගත්තත් , දිගටම මාත් එක්ක තොඳොල් වෙන්න ආව. ඔය දන්නැද්ද අක්කල ආස මල්ලි බබාලට කියනවනෙ.

මම සුපර්මෑන්ගෙ අල්ලපු ගෙදර එකා වගේ කැටයම් දාගෙන ඇවිල්ල ඒ වැඩේ බලන්න ගත්ත.

අහම්බෙන් වගේ ඒ අක්කගෙ පෙන් එක මගෙ අතින් ඕපන් උනා පීසි එකෙන්ම.

දෙයියනේ දෙයියනේ..... ඒකෙ තිබ්බ දේ දැක්කම මගෙ බඩ පපුව හෝස් ගාල ගියා....

මතු සම්බන්ධයි...