Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Nov 20 2024 @ 18:33

උන්මාදේ ッ - 5



සිරි අඹ සාරා.... නැගෙවි හද මෝරා.... කිව්වලු.

ශලනියි මමයි බස් එකෙන් බැස්සෙ කලින් තිබ්බ අහසයි වම්බටුයි වගේ සම්බන්ධයක් තියාගෙන නෙවේ. කෙලින්ම ආයෙ රොමෑන්ටික් ෆවුන්ඩේශන් එකක් දාගෙන.

බස් එකෙන් බැහැලත් අත් දෙක පටලං හිමින් හිමින් කතාවක් නැතුවම බෝඩිමට ගියා. බෝඩිම ළඟදි තමා දෙන්න සෙපරේට් වෙලා වෙන වෙනම ගියේ. බිකෝස් බෝඩිමේ ඉන්න තිරිසන් පැපරාසියො ටික ඕව පොටෝ ගහල එහෙ මෙහෙ ශෙයාර් කරනවනෙ.

මම එනකොට මෝලා නිදි. ඌ අපිව කපල ගිහින් තියෙන්නෙ සීඩී ටිකක් ගන්න. මේසෙ උඩ ශොපින් එකක තිබ්බ ශෝක් පීස් ටික දැක්ක ගමන් මං දැනගත්ත. ගූගල් එකෙන් ඕනෙ දෙයක් බලන්න පුලුවන් කම තිබ්බත් මුගෙ අසහනේ හැටියට , ෆෝන් එකේ පොඩි ඩිස්ප්ලේ එක මදි මුට. අනික මූ හොයන්නෙ ජෙනුයින් ඒව. ඔය ලෝ බජට් ලබ්බවල් නෙවේ. හොඳ රිසොලූශන් එක්ක තියෙන ඒව.

ඇම්ඩත් ආව හවස් වෙලා රශ්මි එක්ක. මුන් දෙන්න හනිමූන් ගිහිල්ලද මංද. ඇම්ඩ නිකං සාගතේකට අහුවෙලා වගේ. ලොවෙත් ඩබල මොනා හරි කරල.

"ඈ බං යකෝ. කොහෙද ගියේ ඩබල් දාල"

මම ඇම්ඩ කාමරේට ආපු ගමන් ඇහුවෙ , මුන් දෙන්න ගැන පට්ට කුතුහලේකින් හිටපු නිසා.

"ඩොකියුමන්ට් ටිකේ වැඩ ටික කරගන්න ගියා බං"

"ඉතින් රශ්මිව එක්කන් ගියේ ඒකිට කියල මොනා හරි ලියවගන්නද?"

"එයත් ඉතින් ආව බං. දන්නැද්ද?"

"ඇම්ඩො මේ. සිරා කියහං. උඹගෙයි රශ්මිගෙයි සම්බන්ධයක් තියෙනව නේද?. මම දැකල තියෙනව උඹ හවසට එහෙම මූණෙන් එක එක ඒව කියන් එනව තුන් වෙනි තට්ටුව ගාවදි"

මෝලා ඇහැරෙන පාටක් නෑ. ඌ හිටිය නං ඌත් අහනව.

"එහෙම එකක් නෑ බං. පිස්සුද"

"ඔන්න ඕකනෙ ඉතින්. අපි උඹලට බොක්කෙන් උනාට උඹල අපිට බෙලෙක්කෙන් නෙ බං"

"හරි හරි පොඩි සම්බන්ධයක් තියෙනව"

"කොච්චර කාලෙක ඉඳන්ද?"

"දැන් මාස හතරක් විතර"

පීශා කුළුනත් ඇද කරල ටජ් මහලේ වහලෙන් බැහැපු යෝධයෙක්නෙ යකෝ මු. මාස හතරක් තිස්සෙ එක කාමරේ ඉන්න එවුන්ගෙන් හංගන් මූ ලව් එකක් කරන් ගියා නං , මුට ලෝක බලවතුන්ගෙන් හංගන් ලංකාවෙ න්‍යශ්ඨික මිසයිල උනත් අත්හදා බලතෑකිනෙ.

"යකෝ එච්චර කල්?"

"එහෙම තමා ඉතින්. එයා කිව්ව අනිත් අයට කියන්න එපා කියල බං. ඒකයි"

"හරි හරි ඒකට කමක් නෑ කියමුකො. දැන් අද උඹල දෙන්න මෙච්චර වෙලා මගුල් කන්න ගියාද?"

"පාක් එකට පොඩ්ඩක් ගියා බං."

"හා හා එහෙනං. පාටි දීපං ලබන සිකුරාදට ඈ"

ලබන සතියෙ සිකුරාදත් බොන්න හේතුවක් දැන්ම හදාගත්ත. බොන එකාට , බොන්න හේතු හදාගත්තෑකි බං කෝටි ගනන්. නොබී ඉන්න තමා හේතු හදාගන්න අමාරු.

ඇම්ඩ ගානෙ දඩ පාටියකුත් සෙට් කරගෙන කෙල්ලො සහ ආදරය ගැන මහාචාර්ය මට්ටමේ කථිකාවක් දාගෙනම අපි එදා දවස ගෙවල දැම්ම.

පහුවදා පාන්දරම ඇහැරෙන්න ඕන්නැති නිසා මම එලාම් තිබ්බෙ නෑ. ඒ උනාට උදේ හයටත් කලින් ෆෝන් එක රින් උන නිසා උඩ ගිහින් ඇහැරුනා මාව.

ඒ ශලනි.

"හෙලෝ... ගුඩ් මෝනින් ශලනි. කියන්න."

"ගුඩ්මෝනින් ගිම්හාන්. නිදාගෙනද හිටියෙ. අනේ මම ඇහැරුවෙ නෑනෙ ඔයාව"

"අපෝ නෑ නෑ. මේ , උදේම අපි තුන්දෙනා වොලිබෝල් ගගහ හිටියෙ කාමරේ. කියන්න"

"මේ අද වැඩක් මුකුත් තියෙනවද?"

"අද නං නෑ. මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"නෑ මේ........"

කෙල්ලො සම්බන්ධ මගේ දැනුමෙ හැටියට මෙහෙම වෙලාවක "ඒ" "මේ" අනං මනං ගාන්නෙ මොකක් හරි රොමෑන්ටික් දේකට. කෙල්ලොන්ට උවමනාව තිබ්බට , කෙල්ලෙක්ගෙ කටින් ඒ දේ අහගන්න නං අපි එවරස්ට් කන්ද තරණය කරල එන්න ඕනෙ. ආ නැද්ද කියපං. කෙල්ලො පෙන්නන්නෑනෙ උන්ගෙ ආසාවල්. සමහරු බැන්දට පස්සෙත් ඒව හිර කරන් ඉන්නව. පවුල් ජීවිතේ අනාත නාථයි කුජීතයි ඉතින් ඊට පස්සෙ.

"කියන්න. මොකක්ද.?".

මමත් මල්සරාගෙ මල්ලිගෙ පුතා වගේ ඇහුව ලතාවට.

"මේ... පොඩ්ඩක් කතා කරන්න යමුද?. මේ පැත්තෙ රෙස්ටුරන්ට් එකක් එහෙම තියෙනවද?"

"ආ ඔව්. පයින් යන දුර එකක් තියෙනව. කීයටද?"

"ඔයා කියන්න"

"ම්ම්ම්ම් නවයට විතර"

"හරී.. මම නවයට එන්නං.... තියනවා..."

"හරි මාත් එන්නම් ඒ වෙලාවට"

ශලනි වෙලාවකට නිකං පොඩි එකෙක් වගේ. මම හිතුවෙ එෆෙයාර්ස් වලදි කෙල්ලො ෆෝවඩ් නෑ කියලනෙ. ඒ උනාට ශලනි මටත් කලින් මගෙන් අහනව එලියට යමුද කියල.

ඔන්න ඔහොම බය සැක නැති කෙල්ලො ඉන්නව නං මේ ලෝකෙ කොච්චර සුන්දරද. ඒ උනාට එහෙම අහපු ගමන් අපේ හැත්ත ඒකිව බඩුවක් ගානට දානවනෙ ඊට පස්සෙ. ඉතින් කොහෙද සුන්දර ලෝක හදන්නෙ.

මගෙ කෝල් එකටද මංද මෝලා ඇහැරිලා ඇස් දෙක පිහිදාන්න ගත්ත.

"මොකක්ද බං සීන් එක"

"නෑ මේ ශලනිට එලියට යන්න ඕනෙලු. කතා කරන්න"

මෝලගෙ මූනෙ හිනාවක් ගියා ඒක කිව්වම.

"එහෙනං උඹටත් බඩු සෙට් වගේ"

"ඒ වගේ නිකං. බලමුකො."

මෝලටත් තූත්තුකුඩියෙන් හරි කෙල්ලෙක් හොයල දුන්නම අපේ කාමරේ උන් අංග සම්පූර්ණයි.

කලින් ඇහැරුන නිසා මම ඇඳට වෙලාම ෆේස්බුකියෙ කරක් ගැහුව ටිකක් වෙලා. මරු මරු ඒව තියෙන්නෙ බං ෆේස්බුක් එකේ. ටික් ටොක් කෑලි තියෙනව නිකං , තත්පර පහළොවට අපේ ටෙන්ට් වද්දන්න පුලුවන් ජාතියෙ ඒව. ගැම්මක් තමා. මම නං කියන්නෙ එහෙම ඇඟ පෙන්නල නලවල හිට් වෙන උන් රටට සේවාවක් කරනව කියල.

"ඒ බං.

මෝල කතා කරපු නිසා මම ෆෝන් එකෙන් ඇහැ අයින් කරල ඌ දිහා බැලුව.

"කියහං"

"ඇඳුම් ටික ලොන්ඩ්‍රියට ගිහින් දානවද උඹ?. මම යන්නද නැත්තං"

අප්පටසිරි. ඇඳුම් ටික ලොන්ඩ්‍රියට දාන්නත් එපැයි. නැත්තං මේ සතියෙ අඳින්නෙ වෙන්නෙ ශෝටයි බාට දෙකයි තමා. ලොන්ඩ්‍රිය තියෙන්නෙත් බෝඩිම ගාවමයි. අපි සාමාන්‍යයෙන් ඇඳුම් ලොන්ඩ්‍රියට දාන්නෙ ඉරිද උදේට. සෙනසුරාදට දාන්නැත්තෙ එදාට සෙනඟ වැඩී. ඉතින් දවස් කීපයක්ම අපේ යටිතල පහසුකම් මාරු වෙලා , ලොස්ට් වෙලා , අනං මනං සීන් ගිය නිසා කට්ටියම කතා වෙලා ඉරිද දවස අපේ බෝඩිමටම බුක් කරගත්ත.

"මේ. උඹට පුලුවන්ද යන්න. මං දැන් ඕකට ගියොත් අද වෙන වැඩක් කරගන්න බැරි වෙනව."

"එල එල. රුපියල් පන්සීයක් දිහංකො එහෙනං. අද උඹේ දවස. මම අද කුලී වැඩක් කරන්නෙ ඈ"

මුන් එක කාමරේ ඉඳන් කප්පම් ගන්නවනෙ. සක්කිලි හැතිකරේ.

"ඉඳා. මතක ඇතුව අර සබන් කුඩු එක දාපං ඈ. නිකං කරකෝල ගන්න එපා වතුර දාල"

"හරි හරි ඕයි"

ඒ සාකච්ඡාව එතනින් ඉවර උනේ මෝලා ශෝටක් ගහගෙන ඇඳුම් බාස්කට් එකත් අරන් එලියට ගිය නිසා. උදෙන්ම ගිය තරමට ඉක්මනට ඇඳුම් ටික හෝද ගත්තෑකි.

ටිකකින් ඇම්ඩත් හීනෙන් බයවෙලා දාඩිය පෙරාගෙන නැගිට්ට. අදත් ඌ මාමව දකින්නැති හීනෙන්.

මම නවයට කාලක් තියෙද්දිම ලෑස්ති වෙලා පල්ලම් බැහැල තුන්වෙනි තට්ටුවට ආව.

මේක නිකං , ඩේට් එකක් නොවන ඩේට් එකක් වගේ. කතා කරන්න එන්න කිව්වට ඉතින් කරන්නෙ ලව් කරන එකනෙ. වෙන අහවල් එකක් කතා කරන්නද.

මම කිව්වනෙ ශලනි ගානට වෙලාවට වැඩ කියල. ආයෙ නවය කිව්වොත් නවයම තමා. ගානට නවයටම ශලනිලගෙ කාමරේ දොර ඇරුන.

කාමරෙන් එලියට ආවෙ නං සාරි ඇඳගත්තු අහිංසක ශලනිවත් , ඩෙනිම ගහපු දඟකාර ශලනිවත් නෙවේ. ටයිඩ් ගවුමක් ඇඳපු සරාගී ශලනි කෙනෙක්. ලා රෝස පාට බැක්ග්‍රවුන්ඩ් එකේ නිල් පාටින් ඩිසයින් කරපු ගවුමක්. මේව සෙට් වෙන්නෙ නං ඩිනර් එකකට වගේ යනකොට. ඒ උනාට අද රෑ ඩිනර් එකකට ගිහිල්ල හෙට උදේට ඔෆිස් යන්න ගියොත් නිකං ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනල ආපහු වාහනේකිනුත් යට කරන් ගියා වගේ වැඩක් වෙන්නෙ.

"මොනාද බලන්නෙ..."

මම ශලනි නිසා කන්න වගේ බලන් හිටපු නිසා ශලනි මගෙන් ඇහුව.

"නෑ මේ ඔයාගෙ ලස්සන බැලුවෙ."

"අනේ එච්චර දෙයක් නෑ මේකෙ."

"ඔය තියෙන්නෙ හොඳ ලස්සනට"

"ඒවගෙන් වැඩක් නෑ. යමුද අපි. තැනක් දන්නව කිව්ව නේ"

"ඔව් ඔව්. උඩහ පාරෙ තියෙනව පොඩි රෙස්ටුරන්ට් එකක්"

"ඕකේ දෙන්"

ශලනිට ඉස්සර වෙන්න දීල මම පිටිපස්සෙන් ආව පඩිපෙල බහිනකං. මෝලා මට කලින් දවසක කියල තිබ්බ පඩිපෙලක් බහිනකොට ගෑනු කෙනෙක්ගෙ පිස්ටන් උඩ පහල යන යෑම , ජෙට් එකකවත් වෙන්නෑ කියල. ඒක බලන්නයි , ලේඩීස් ෆස්ට් කියන න්‍යායයි කියන දෙකම නිසා මම පිටිපස්සෙන් ආව.

"ගොඩක් දුර නෑ නේද. මේව ඇඳන් පයින් යන්නත් බෑ අනේ"

"ඉතින් වීල් එකකට කතා කරන්නම්. ඉන්න පොඩ්ඩක්"

"නෑ නෑ ඕන්නෑ"

"හරි හරි අවුලක් නෑ. වීල් එකක යමු. මටත් ඇවිදින්න බෑ බෑ වගේ."

මම සාමාන්‍යයෙන් ජීවිතේකට වීල් එකකට සල්ලි දීල යන ජාතියෙ එකෙක් නෙවේ. කිලෝමීටර් 100 උනත් බඩගාගෙන හරි යනව මිසක මම කීයටවත් මේ කොළඹ ටැක්සි වල නං යන්නෑ. ඒ උනාට මෙතනදි පොඩ්ඩක් නම්‍යශීලී වෙලා ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනව. බිකෝස් ලව් එකක් රඳා පවතින්නෙ දෙන්නගෙ ෆ්ලෙක්සිබිලිටි එක මතනෙ.

උඹලටත් ඔය කියන්නෙ. යාලුවෙලා ඉන්න කෙල්ල හරි කොල්ල හරි වෙනුවෙන් පොඩ්ඩක් උඹලගෙ ප්‍රතිපත්ති වෙනස් කරපං අවශ්‍ය විදිහට. ගල් වගේ එකම තීරණේ ඉන්න එපා.

ලව් ලෙසන් ඉවරයි. කතාවට යමන්කො.

එතනම ළඟ පාර අයිනෙ නවත්තල තිබ්බ මීටර් ටැක්සියකට නැගල අපි දෙන්න රෙස්ටුරන්ට් එකට ආව.

මම මේ රෙස්ටුරන්ට් එකටම එමු කිව්වෙත් පොඩි හේතුවක් ඇතුව. ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලෙ තියෙන නිසා මිනිස්සු වැඩිය එන්නෑ මේකට. අනික ඇතුල නිකං භූත ගුහාව වගේ. දවල්ට ලයිට් දාන්නෙත් නැති නිසා දවල්ට තමා කපල් එහෙම මේකට රිංගන්න එන්නෙ.

"මේක මරුනෙ ගිම්හාන්."

වීල් එකෙන් බැහැපු ගමන් ශලනි රෙස්ටුරන්ට් එක දිහා බලන් ඇස් ලොකු කලා.

සිරාවටම ඒක හෙන ලස්සනයි. පොඩි මල් පාත්ති එහෙම දාල කැටයම් කරල තියෙන්නෙ.

"එහෙම තම ඉතින්. විශේෂ අයට විශේෂ ස්ථාන. යමු ඇතුලට"

ශලනි මං දිහා බලල සුකුමල හිනාවක් දැම්ම.

"සර් වාඩි වෙන්න ගිහිල්ල"

කොහෙද ඉඳන් ආපු වේටර් මල්ලි කෙනෙක් ඇලඩින්ගෙ පහනෙ භූතය වගේ අපි දෙන්න ගාවට ඇවිල්ල , කන ගාවින්ම තියල කතා කලා.

මම ගැස්සිලා ගියා. මම දැක්කෙත් නෑ ඌ ළඟට එනව.

අපි ගිහිල්ල පොඩ්ඩක් එලිය අඩු මුල්ලක තිබ්බ රවුම් පොඩි මේසෙක දෙපැත්තෙන් වාඩි උනා. අපි දෙන්න වාඩි වෙනකං ඉඳල අර වේටර් බුවා මෙනු එක ගෙනල්ල දුන්න.

"මොකෝ චණ්ඩියට උනේ. වේටර් ලටත් බය වෙනවනෙ"

මම කලින් ගැස්සෙනව දැකල ශලනි හිනාවෙලාම මගෙන් ඇහුව.

"මම දැක්කෙත් නෑ ඌව. එක පාරටම මතු උනානෙ. ඒක නෙවෙයි"

"ම්ම්ම්ම්ම්ම්"

"මොනා හරි කනවද. නැත්තං මොනා හරි බොනවද?"

"ඔයා කැමති එකක්"

"එහෙම බෑ. ඔයා කියන්නකො. මොනා හරි බිව්ව නං හොඳයි නේ."

"ම්ම්ම්ම් හා..."

"ආ මේකෙන් බලල කියන්න ඕනෙ එකක්."

"අනේ මමනං ඕව දන්නෑ. හොඳ දෙයක් ගන්නකො දෙන්නටම"

ශලනි මේව දන්නෑ කිව්වම මට පුදුම හිතුන. ශලනි ඇඳන් ඉන්න විදිහට එයා නිකං පොශ් සෙස්සි ලුකින් ගර්ල් කෙනෙක් වගේ පේන්නෙ. මමත් මාර ගේමක් දීල ටෙන්ට් එක අකුලන් ඉන්නෙ.

ශලනි තෝරන්න අකමැති උන නිසා මම අපි දෙන්නටම අයිස් කොෆී දෙකක් ගත්ත.

ඒක ගේනකං මමම ටෝක දාල කතාව පටන් ගත්ත.

"ඉතින්...."

"ම්ම්ම්ම්ම්"

"මොනාද කතා කරන්න තියෙනව කිව්වෙ"

ශලනි හිනා වෙලා ඇස් වලින් බිම බලාගත්ත.

ඒබ්‍රහම් ලින්කන් කියල තියෙනවනෙ now or never කියල. ඉතින් ලැබුනු චාන්ස් එක අපතේ අරින්නැතුව මම රොමෑන්ටික් day out එකට ආරම්භයක් ලබා දුන්න.

හිමීට මගෙ අත මේසෙ දිගේ අරන් ගිහිල්ල ශලනිගෙ අතක් උඩින් තිබ්බ.

එහෙම්ම මම පුටුව ඉස්සරහට අරගෙන ශලනි දිහා බලන් හිටිය. එයා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන හිනා වෙනව.

කෙල්ලො කෝල් කරල , මැසේජ් කරල කියන ඒව සිරාවට අරගන්න නං එපා බං ඈ. ඔය කෝල් එකෙන් මැසේජ් එකෙන් එයාල දෙන ලොරි ටෝක් , ලොකු උනාට , ඇත්තටම හම්බුනාම එයාලගෙ දුනු බැහැල යනව. එතකොට රටේ නැති ලැජ්ජාවකුයි , ගිනිකඳු වගේ හිටිඅඩියෙ සක්‍රීය වෙන සංවර ගතියි ඔක්කොම එනව.

ශලනිත් එහෙම කෙනෙක්. මුලින් කෝල් එකෙන් කතා කරනකොට තිබ්බ අගරැජින කැරැක්ටර් එක දැන් වාශ්ප වෙලා.

"ඔයාගෙ සම්පූර්ණ නම මොකක්ද?"

අහන්න ඒව නැති නිසා මම ගොනා වගේ ඇහුව ගොන් ප්‍රශ්නයක්.

"ඕව අහන්නෑ මෝඩයො මේ වගේ වෙලාවක. මීට කලින් කෙල්ලෙක් ඉඳලම නැද්ද.?"

හරිනෙ පු_ අමාරුව.

"නැ.... නෑනෙ. ඇයි ඔයාට කොල්ලෙක් ඉඳල තියෙනවද?"

"ම්ම්ම්ම් ඔව්. එක්කෙනෙක්. ඉස්කෝලෙ කාලෙ"

ඉස්කෝලෙ කාලෙ මම නං කෙල්ලෙක් එක්ක යාලු වෙනව තියා කෙල්ලෙක් එක්ක විනාඩි පහකට වඩා කතා කරලත් නෑ. ලව් කලේ නෑ කියල ඉතින් මහ ලොකුවට ඉගෙන ගත්තෙත් නෑ.

ඒකයි තවමත් සංසාරේ.... කිව්වලු.

"මම වගේ කෙනෙක්ද?"

"ම්ම්ම්ම්ම්ම් නෑ. ඔයාට වඩා උසයි. සුදුයි."

"ඉතින් මොකෝ උනේ එයාට?"

"එයා වෙන කෙනෙක් එක්ක යාලු උනා මාව අතෑරල"

"ආහ්. සොරි"

"සොරි කියන්න එපා මෝඩයො"

වැඩිම සංඛ්‍යාතයකින් "මෝඩයො" කියල අහපු දවස තමා අද.

"හරි හරි ඒවගෙන් වැඩක් නෑ. මොකක්ද ඉතින් කතා කරන්න තියෙනව කිව්වෙ."

"මුකුත් නෑ."
ශලනි ආපහු පාරක් බිම බලන් හිනා වෙලා කිව්ව.

මේක හරියන්නෑ. ලව් එක පටන් ගන්න තැන නිකං හෙන බැරියර් එකක් දාල වගේ. ඉදිරි ගමනක් ඇත්තෙම නෑ. ඒ නිසා සුපර් මෑන් පන්ච් එකක් දීල බැරියර් කඩාගෙන ගේම දීගෙන භීශණේ ඇති කරල අප්පට හු..... හෝව් හෝව්. ට්‍රැක් පනිනවනෙ ඉතින්.

"මට ඔයා ගැන පොඩි කැමැත්තක් ඇති උනා දැක්ක දවසෙම. ඒකයි ඊයෙ අතින් ඇල්ලුවෙ බස් එකේදි. සොරි වැරැද්දක් උනා නං"

ඉන්ටනෙට් එකෙන් මම දවසක් විග්‍රහයන් ගැන කියෙව්ව. ඒ ටයිප් එකට මම ශලනිට ආදරේ ප්‍රකාශ කලා. කෙල්ලෙක්ගෙ මූණ බලන් ඔහොම වදනක් දුන්නමයි මං.

මම ඒක කියපු ගමන් ශලනිට බකස් ගාල හිනා ගියා.

"අනේ මෝඩයො. ඉතින් මම ඔයාට එන්න කිව්වෙ මෙතන දේශපාලනේ කතා කරන්නද?"

"හෙ හේ."

"නිකමටවත් හිතුන්නැද්ද මම මුකුත් කිව්වෙ නැත්තෙ ඇයි කියල. ම්ම්ම්ම්"

"ඒ කියන්නෙ ඔයත් මට කැමතී. එහෙමනෙ"

ශලනි අත අරන් නලලෙ ගහගත්ත හිනා වෙලා. ශුවර් එකටම මම ඇදගෙන නෑව.

"අයියෝ... මේ දේවල් ගැන සාමාන්‍ය දැනීමක් වත් නැද්ද ගිම්හාන්"

"මම නං ඕව දන්නෑ ඉතින්. ඔයානෙ දන්නෙ. මටත් කියල දෙන්නකො"

"හා හා. ඔහොම එක පාටම කැමතී කැමතී ගාන්නෑ. මුලින්ම ඒ දේවල් ගැන මතක් කරන්නෙවත් නෑ. නිකං නෝමල් එකේ කතා කර කර ඉන්නව. ටිකක් වෙලා කතා කරල සුහද උනාම තමා ඔහොම එෆෙයාර් එකක් ගැන අහන්නෙත්. ඒකත් නිකං නිදිකුම්බා ඇකිලෙනව වගේ එක පාටම මූණට කියන්නෑ."

"ඔච්චර ප්‍රොසෙස් එකක් ස්මූත් එකට කරන්න බැරි නිසානෙ ඉතින් මෙච්චර කල් කෙල්ලෙක් හිටියෙ නැත්තෙ. ඕව මතක තියාගෙන කරන්න තරන් මගෙ මෙමරි ධාරිතාවක් නෑ"

"ශෝක් කොල්ලෙක්ට මටත් හිත ගියේ ඉඳල ඉඳල"

ඒ වාක්‍ය ඇහුනෙ නිකං දිවියලෝකෙ සුරංගනාවක් ඇවිල්ල මගෙ කණට තොල ගාවල කියල ගියා වගේ. ඇඟම හිරිවැටිල ගියා පෙන්ස්.

"සර් මෙන්න අයිස් කොෆී දෙක..."

ලව් එක අපෙ නැගලම යනකොට දෛවයෙ සරදමදෝ......
පැනි හල හල හිටි අපි මැද්දට වේටර් ආවාදෝ....
පෙමකට මෙතරම් බාධාදෝ.....
(funky dirt - ada ape thaththa 2012)

වේටර් බුවා ඒ අස්සෙ ඇවිල්ල අයිස් කොෆී දෙක මේසෙ උඩින් තියල ගියා. අර රිදම් එක අනුභව කලා ඌ.

"මේ....... හෙට උදේට බස් එකේද යන්නෙ?"

ශලනි කටේ තිබ්බ බටේ එලියට අරන් මං දිහා බලල හිනා උනා.

"මොකෝ උදේටත් එන්නද.?"

"ඔව් ඉතින්. කතා කර කර යතෑකිනෙ"

"අනේ බස් එකේ හිරවෙනව. ඔයා අර ඔයාගෙ යාලුව එක්ක බයිසිකලේ යන්න ගිම්හාන්. නිකං බොරුවට දුක් විඳින්න එපා"

ශලනිගෙ මානුශීය ගුණ දැකල මාවත් කොර උනා.

"ඒකට කමක් නෑ. කීයටද ඔයා බස් හෝල්ට් එකට එන්නෙ. මමත් එන්නං ඒ වෙලාවට"

"ම්ම්ම්ම්ම් හයයි කාලට විතර. මට හත වෙද්දි ඔෆිස් එකේ ඉන්න ඕනෙ. ඒකයි."

"හරේ මම එන්නං"

හතට ඔෆිස් එකට ගිහිල්ල ලොක්කගෙ ඒසී කාමරේට වෙලා පැදුරක් එලන් බුදියගත්තත් සැපයි උදේම කාන්තා ශරීරෙක වැදි වැදි යන්න තිබ්බ නං.

ශලනි කිව්ව විදිහටම මම ඊට පස්සෙ එෆෙයාර්ස් ගැන ටෝක දාන්න ගියෙ නෑ. නෝමල් එකේ හිනා වෙවී , ජෝක් කෑලි කියව කියව හිටිය.

ශලනි කියන්නෙ හෙන තැන්පත් කෙල්ලෙක් වගේ පෙනුනට ශලනිගෙ ඇත්ත චරිතෙ ඕවරෝල් බැලුවම හෙන සෙල්ලක්කාරයි. මට ඒක කතාවෙන්ම තේරුනා. මොකද ශලනි මටත් වඩා ඕපන් කතා කරනව.

අපි දෙන්න එකොළහට විතර ආපහු බෝඩිමට ආව. තාම අතින් අල්ලනව මිසක ඊට එහා වැඩ වලට බැස්සෙ නෑ මම. ටිකක් කල් ගිහිල්ල බැරියෑ. ශලනි එක්ක එයාගෙ කාමරේ ගාවටම ගිහිල්ල මම අපේ කාමරේට ආව. කාමරේ දොරත් වහල දාල එහෙම්ම ඇඳට වැටුන මං.

මෝලත් ඇවිල්ල හිටිය ලොන්ඩ්‍රියෙන් ඇඳුම් ටික අරන්. ඌ ඊයෙ ගත්තු පීස් ටික බල බල නූපන් පරපුරවල් ජනනය කරනව. ඇම්ඩ නං මතුරනව. අතේ මොනාද කුඩු ජාතියක් තියාගෙන. අද උදේ ශුවර් එකටම ඌ අර ලොලු මාමව හීනෙන් දැකල.

"අපි පොලිසියෙන්. අරිනව දොර...."

එක පාරටම දොරට හයියෙන් ගහනවත් එක්කම කෑගහපු සද්දෙට අපි තුන්දෙනාම ඩිම් උනා.

මතු සම්බන්ධයි...