Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Nov 27 2024 @ 11:42

උන්මාදේ ッ - 8



සඳලතා..... පායලා.......

මම අපේ කාමරේට ඇවිල්ල මගෙ ලැප් එකයි , චාජර් එකයි , අනං මනං ලට්ට පට්ට ටික ලෑස්ති කරගත්ත. මෝලා උගෙ අසහනේ යවාගන්න ෆිල්ම් බලන්නෙත් මගෙ ලැප් එකේනෙ. ඉතින් නිතරම ලැප් එකේ පීස් එකක් තියෙනවමයි. විනාඩි හය හතකින් විතර ඒවත් අයින් කරල , අනවශ්‍ය දේවල් නෑ කියල සැක හැර දැනගෙන මම පහළට ගියා පිඟානකුත් අරන්.

ශලනි ඒ ඩිංගට ඇඳුමක් මාරු කරන්. දණහිස ගාවට විතර ලූස් ශෝටකුයි , අර කර පලල් කරල තියෙන බ්ලවුස් ජාතියක් තියෙන්නෙ. අන්න ඒකකුයි.

"ආ... වැඩේ ඉවර කරන දවසකට ගෙනත් දෙන්න."

මම ලැප් එකත් දීල ශලනිට කිව්ව.

"ගොඩක් ස්තූතී ගිම්හාන්. අනේ මේ වෙලාවෙ මට කරපු ලොකුම උදව්ව කලේ ඔයා"

හරිනං ඉතින් තෑන්ක් යූ කියල උම්ම එකක්වත් දුන්න නං හිත සතුටින් ඉන්න තිබ්බ. උම්ම දෙනව තියා ශලනිට පාන් කියාගන්න බැරුව ඉන්නෙ.

"මේ ඕක පරක්කු වෙනව නං ඔයා ටයිප් කරන්න මම කවන්නං"

පොර වෙන්න අවස්ථා හොය හොය හිටපු මටත් නොදැනිම මගෙ කට ඉස්සර උනා.

"ආහ්" ශලනි ඇස් දෙක ලොකු කරන් මං දිහා බැලුව.

"නෑ ඉතින් පරක්කු වෙනව නං ඔයා ටයිප් කරන්න. ඕන්නං කවන්නං මං"

"ම්ම්ම්ම්ම්ම්ම් හා...."

අද දවසටම දැක්කෙ නැති ශලනිගෙ දඟකාර හිනාව දාගෙනම එයා ඒක කියපු විදිහට , මට ශලනිව උස්සන් ගිහිල්ල ඉඹගෙන ඉඹගෙන......

එතනින් එහා ටික උඹල දන්න දන්න විදිහට හිතාගනින්කො.

මම සපත්තු දෙක ගලවන්න ගියෙ නෑ. බිකෝස් වේලපු කරවල වගේ සුගන්ධයක් හමා එන්න ගත්තොත් උදේ ගහපු සෙන්ට් එකත් නිස්කාරනේ නාස්ති වෙනව.

මම බත් එක අරන් ලන්ච් ශීට් එක පිටින්ම පිඟානට දාල ලක ලැහැස්ති වෙන අතරෙ ශලනි මගෙ ලැප ඔන් කරන් වැඩේට බැස්ස. සේව් කරපු ප්‍රසන්ටේශන් එක පෙන් එකකින් මගෙ එකට දාගෙන දැන් එයා වැඩේ කරන් යන්න හදන්නෙ. ශලනිලගෙ කාමරේ මේසයක් නෑ. කණ්නාඩි මේස නං දෙකක් තියෙනව.

ඉතින් ශලනි ඔක්කොම කරන්නෙ ඇඳ උඩ ඉඳන්. එයා ඇඳ අයිනෙන් වාඩි වෙලා ලැප් එක ඔඩොක්කුවට අරගෙන කොටාගෙන කොටාගෙන යනව හෝ ගාල මොනාද මොනාද.

මමත් බත් එක අරන් එයා ගාවින් වාඩි උනා.

අනන්න තරන් මගුලක් නෑ. ෆ්‍රයිඩ් රයිස්නෙ.

"කෝ හාබුන් කියන්න..."

"එපා මෝඩයො"

"හාබුන් කියන්න ඉතින්"

"හාබුන් හාබුන්. කවන්නකෝ... බඩගිනී"

කුරුලු අම්මෙක් කුරුලු පැටියෙක්ට කන්න දෙන්නෙ. උඹල දැකල තියෙනව නේ. නිකං මතක් උනා. කතාවට සම්බන්ධයක් නෑ.

ශලනි පොඩ්ඩයි කන්නෙ කිව්වට සවලෙන් ගහනව වගේ කටට දාන දාන බත් ටික කාල ආපහු පොඩ්ඩක් මගෙ දිහාට හැරිල "ආ.." කියනව.

ඒ එක්කම මමත් කෑව එයාගෙ වැඩේ බලාගෙන.

හාමතේ හිටපු මුහුදු ජීවියෙක්ට තල්මහෙක් සෙට් උනා වගේනෙ අපිට බත් එකක් හම්බුනාම. ඉක්මනටම බත් එක ඉවර උනා ඉතින්.

"මේ ගිම්හාන්. තව පොඩි උදව්වක් කරනවද?"

"ඒ මොකක්ද?"

"ඔයාට පුලුවන් නං ඔය motivational speechs හරි , ඒ වගේ short stories හරි , comedy හරි වීඩියෝ ටිකක් හොයල දෙන්න පුලුවන්ද?"

"comedy නං පුලුවන්."

ජීවිතේම විහිලුවක් වෙලා තියෙන මට එච්චරයි ඉතින් කෝමත් හොයාගන්න වෙන්නෙ.

"හරි එහෙනං. ඔය කුණුහරප ඒව නෙවේ හොඳද. පොඩ්ඩක් විනීත විහිලු කෑලි වගේ තියෙනව නං වීඩියෝ එකක් දෙකක් මට හොයල දෙන්න. නැත්තං ප්‍රසන්ටේශන් මැද්දෙදි වයසක අය නිදාගන්නව. මට හරියට තරහ යනව අනේ එතකොට"

"ඕකේ මැඩම්"

ශලනිට කවල ඉවර වෙලා මම පිඟානත් අරන් උඩට ආව. ජනේලෙකින් අත එලියට දාල බෝතලේකින් අතත් හෝදන් එහෙම ලෑස්ති උනා you tube එකේ සැරිසන්න.

ඇයි දැන් ශලනිට අර මොකක්ද හොයල දෙන්න එපැයි.

You tube එකේ නැත්තෙ ළමයි හදන පළවෙනි සහ මූලිකම ක්‍රියාවලිය විතරයි. කොටින්ම ශුක්‍රාණුවක් පැලෝපීය නාල ඔස්සේ ගිහිල්ල ඩිම්බයක් සංසේචනය වෙන විදිහ පවා වීඩියෝ තියෙනව ඕකෙ. හැබැයි ශුක්‍රාණුව එතෙන්ට ආපු විදිහ නෑ. එහෙම එකක් දාපු ගමන් pornography content කියල බෑන් කරල මාර නාඩගමක් නටන්නෙ.

මල විකාර. අපි ඕව බලන්නෙ අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් විතරයි. ඇයි අර කාලයක් ලෝකෙ වැඩියෙන්ම sex කියන වචනය සර්ච් කරපු රටවල් අතර ලංකාව උඩින්ම හිටියෙ. අපේ උන්ට පුදුම දැනුමක් තියෙන්නෙ ඒ සම්බන්ධව.

පැයක් විතර තටමල තටමල යන්තං වීඩියෝ කෑලි දෙකක් හොයාගත්ත. ඒ දෙකත් ඩවුන්ලෝඩ් කරල ආපහු ශලනිගෙ කාමරේට ගියා මං.

එයා තාම හෝ ගාල කොටනව. ලැපේ බටන් ටික අලුතෙන් තියන්න වෙනව කොහොමත්. බස බස ගාල කොටාගෙන කොටාගෙන කොටාගෙන යනව නිකං දාර ගොයියෙක් විට එකක් ඔතන් හක්කට තියල අල්ලනව වගේ.

"මේ දෙක බලන්න හොඳද කියල. මම ඉතින් එච්චර හිනා යන්නැති දෙකක් තේරුවෙ ඈ. හිනා යන ඒව පොඩ්ඩක් අවුල් වගේ"

"කෝ බලන්න"

මම ඒ වීඩියෝ දෙකම එහෙන් මෙහෙන් කෑලි දාල පෙන්නුව.

"ආ ඔය තියෙන්නෙ. මේ වගේ දෙකක් තමා. හරි හරි. ගොඩක් ස්තූතී ගිම්හාන් ඈ"

"ඕක මොකක්ද. එහෙනං මං ලින්ක් දෙක එවන්නං. ඔයා දාගන්න. මම ගිහිල්ල එන්නං. ලැප් එක අරන් වැඩේ ඉවර වෙලා ගෙනත් දෙන්න"

"මොකෝ එකපාරටම යන්න හදිස්සිය"

"නෑ නෑ ඔයා වැඩේ කරගන්න. මම ඉඳියොත් කරදරයිනෙ"

"එහෙම නෑ අනේ. ඔන්න ඔතනින් ඉන්න වාඩි වෙලා"

ශලනිම කිව්ව නං අහවල් මගුලටද මම ආපහු යන්නෙ. මම ගිහිල්ල ශලනි ගාවින්ම ඇඳෙන් වාඩි උනා. මේක එයාගෙ ඇඳද කොහෙද. අපේ කාමර වලට වඩා මේ කාමර හෙන ලස්සනයි. ඇඳත් ස්ප්‍රින් මෙට්ටයක් වගේ. අපේ කාමරේ තියෙන්නෙ රෙද්දෙ කොහු මෙට්ට ටිකක්.

ශලනි හෙන යුහුසුලුව වැඩ කරන දිහා මම බලන් හිටිය. කොටින්ම කිව්වොත් ශලනි අත හොල්ලනකොට කර පලල් බ්ල්වුස් එක අස්සෙන් පේන දේවල් ගැන මම අවධානෙන් හිටියෙ.

සත්‍ය ප්‍රේම භෘංග රාජ සීන් එකේ හිටියත් අවලමා , අවලමාම තමා බං. ඒව කෙලින්ම පරම්පරා ගනන් ජානවලින් එන ඒව.

ඉඳල ඉඳල බැරිම තැන මම ඇඳට ඇල වෙලා හිටිය. කොල්ලො ආසයි බං , කෙල්ලෙක් ගාවින් ඉඳන් ඉන්න උනත්. කතා කරන්න , අල්ලන්න , ලව් කරන්න යන්න නෙවේ. නිකංම ළඟින් ඉන්න තිබ්බත් කොල්ලො ආසයි.

ශලනිවත් ඇඩ් කරල , මැක්සා ලොකේශන් එකක , මම ගැම්මට මනෝ පාරක් ගගහ ඉන්න අතරෙ එහෙම්ම මට නින්ද ගියා.

"මෝඩයෝ. නිදාගත්තද ඒ ඩිංගට. ඇහැරෙනවා..."

"ම්ම්ම්ම්ම් හම්ම්ම්"

"අයියෝ මහ නිදිකුම්බයෙක්නෙ. ඒයි.... මෝඩයො... ඇහැරෙනවා.... කිව්වම ඇහැරෙන්නකෝ..."

ශලනියි මමයි බැඳල වෙනම ගෙදරකට ගිහිල්ල , අපි දෙන්න තුරුල් වෙලා නිදාගෙන ඉන්න කොට.....

ශලනි මට කතා කරනව උදේට ඇහැරෙන්න.... යන්න දෙන්නෑ එයාට... තව ගොඩක් වෙලා අල්ලන් තුරුල් කරන් ඉන්නව මං...

'දඩාං'

හීනෙ අස්සෙන් මොකා හරි කොට්ටපොර ගහනව මාත් එක්ක.

අඩ්ඩේහ්... ඒ ලබ්බක් නෙවේ ශලනි කොට්ටයක් අරන් මගෙ හොම්බකට සමතලා වෙන්න ගහල ඇරල.

"ඇ.... ඇයි.... ගැහුවෙ.. හේ හේ"

"අයියෝ මෝඩයෝ. කොච්චර වෙලා කතා කලාද. මාර නින්දක්නෙ ඒක."

"හෙ හේ"

"හරි හරි දැන් ඇහැරෙන්න. චතුමි අක්කත් තව ටිකකින් එයි. හතරයි වෙලාව."

"ආහ් හරී."

"මම වැඩේ ඉවරයි ගිම්හාන්. ඔයා ලැප් එක අරගන්න. මම පෙන් එකකට දාගත්ත. ඒක මම ඔෆිස් එකේ ලැප් එකට දාගන්නං"

"ආ අවුලක් නෑ. ඕක අරන් යන්න"

"බෑනෙ. ප්‍රොජෙක්ටරේට ගහන පෝට් එක වෙනස් මේකෙ. ආපහු ඕකට වයර් හොය හොය යන්න බෑ"

"ම්ම්ම්ම් හරි එහෙනං."

ශලනි ලැප් එක බෑග් එකට දාල ඔක්කොම ලෑස්තිත් කරල. මම ලැප් බෑග් එක අරන් නැගිටල ශලනිට යනව කියාගෙන එන්න හදනකොටම ශලනි මට කතා කලා.

"ගිම්හාන්"

"කියන්න"

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා......

මම ශලනි දිහාට හැරෙනකොටම එයා මගෙ කම්මුලට දිග.... උම්ම එකක් දුන්න.

"කිස් එක, මට උදව් කලාට. මම ණය නෑනෙ දැන්?"

වෙච්ච දේ ග්‍රහණය කරගන්න බැරි කමටම තක්බීර් වෙලා බලන් හිටිය මං ශලනි දිහා.

"මොනා හරි කියන්නකො මෝඩයො. ඔහොම බලන් ඉන්න එපා"

මම ශලනි දිහා බලන් හිටපු නිසාද කොහෙද එයා ලැජ්ජාවට මූණ බිමට හරවගත්ත.

"නැ... නෑ..... මමත් එකක් දෙන්නම්ද?"

ගැටගහන් ගැටගහන් යන්තන් අමුණල කියල ඇරිය.

"ම්ම්ම්ම්ම් හා"

මම ශලනි ගාවට ගිහිල්ල එයාගෙ කම්මුල ගාවට පාත් වෙලා හිමීට තොල් දෙක තිබ්බ කම්මුල උඩින්. මාර සිනිදුයි ඒ හම. තත්පර දහයක් විතර මම මගෙ තොල් දෙක එ සිනිදු හම උඩින් තියන් හිටිය.

"ඇති ඇති.... දැන් යන්න ගිම්හාන්. අනිත් අය ඒවි"

"ම්ම්ම්ම්ම්ම් හා...."

"පරිස්සමට ඉන්න.... මම රෑ වෙලා මැසේජ් එකක් දාන්නං. ඩේට ඔන් කරන් ඉන්න"

"ඕකේ මැඩම්. මම යනව එහෙනං"

ශලනිගෙ කාමරෙන් එලියට එනකොට නං හිතට අමුතු දුකක් ආව. ඒ කාමරේ ඉඳියත් ඇඟට කික් එකක් එනව.

මම ආපහු අපේ කාමරේට ඇවිල්ල ලැප් එකත් මෝලගෙ ඇඳ උඩින් තියල මූණ කට හෝදගන්න ගියා. එහෙම්ම ඇඳුමකුත් මාරු කරන් ශෝටකට බැහැල ඇඳට ලෑන්ඩ් කලා.

හම්මේ..... අද තමා මුලින්ම කෙල්ලෙක්ගෙ කම්මුලක රස බැලුවෙ. ඒක නිකං පුලුන් කොට්ටෙකට ගුරාමියෙක් තොල් තිබ්බ වගේ.

ට්‍රැක්ටරේ ස්ටාට් කරල හය හත් පාරක් නියරෙ උඩ පහල යවනකොටම ලියැද්දෙන් වතුර ආව. එහෙම්ම මට නින්ද ගියා ආපහු.

හවස් වෙලා මට ඇහැරුනේ කාමරේ ඇතුලෙන් හෙන ඝෝශාවක් ආපු නිසා.

"උඹට කියන්න බං , අඩෝ ඒකිගෙ කඳ බලහන්. නිකං ඇම්බැක්කෙ පරාලයකවත් නැති කැටයම් දැම්මෙ කඳෙන්. සුපිරී...."

"අනිවා අනිවා. අර ඒකි එක්ක ආපු ඒකිගෙ යාලුවා. අර අයේශා ද කවුද කිව්වෙ. අන්න ඒක නං මම දිහා බැලුව දෙපාරක් විතර. මට මුකුත් කරගන්න බෑ ඉතින්. ඕඩරේ දීපු ගමන් අපි එන්න එපැයි ඇතුලට"

මොන පරයද යකෝ කාමරේ මේ වෙලාවෙ කෑගහන්නෙ.

මම ඇඳ උඩම වාඩි වෙලා ඇස් දෙක පිහිදල බැලුව මොකාද මේ සද්ද බද්ද දාන්නෙ කියල.

කාමරේ පුටුවක මෝලා වාඩි වෙලා. මෝලගෙ ඇඳ උඩ වෙන කවුද බුවෙක් ඉන්නව. මම ඇහැරුනා කියල දැක්ක ගමන් ඒ බුවා ඇඳෙන් නැගිටල ගෞරවාන්විතව මට හිනා උනා. මෝලත් පුටුවෙ ඉඳන්ම මම දිහා බලල කතා කලා.

"ආ මේ ගිමා. කාමරේට අලුත් ඩෑල් එකක් ගත්තට කමක් නැද්ද. මගෙ හෝටලේ යාලුවෙක්. එලම බුවෙක් ඈ"

යකෝ තුන් දෙනෙක් ඉන්නෙත් මාරක ගේමක් ගහල. මූ තව එවුන් බස්සන්න හදනවද.

"ඉඩ ඇතිද බං ඉතින්. තුනක් ඉන්නෙත් හෙන අමාරුවෙන්නෙ. ඇඳක් උනත් දාගන්නෙ කොහොමද?"

"නෑ නෑ. මූට ඇඳවල් ඕන්නෑ. මූ කලාතුරකින් රෑට එන්නෙ. සිකියුරිටි එකේ වැඩ කරන්නෙ. අනික මූ බිම නිදාගනී. ඕන්නං මගෙ ඇඳ දෙන්නං. උඹට අවුල් නං කමක් නෑ. වෙන කාමරේකට දාමු. මූට මේ දවස් වල පොඩි සල්ලි ප්‍රශ්නයක්. මූ කලින් හිටපු තැන නෝනා ඒකෙ හිටපු ඔක්කොමලව පන්නල. ඉතින් ගෙදර යන්නත් බෑ මුට. අපේ කාමරේටම ආවොත් ගාන අඩුනෙ"

මෝලගෙ කතාව ඇහුවට පස්සෙ නං මගෙ තීරණේ සට ගාල වෙනස් උනා.

"හා හා මම කිව්වෙ ඉන්න බෑ කියල නෙවේ. ඇම්ඩගෙනුත් අහල බලහන්. මට ප්‍රශ්නයක් නෑ උඹලට ඉඩ කළමනාකරණය කරගන්න පුලුවන් නං"

"හම්මටසිරි. ප්‍රොඩක්ටිවිටි උපාධි තියෙන එකෙක් මූ"
කියල මෝලා අර බුවාව පෙන්නුව.

ඒ ඩයල් එකත් මං දිහා බලල නෝන්ජල් හිනාවක් දැම්ම. මෝලා කියන තරන් ලබ්බක් නෑ කියල මම වගේම ඌත් දැනන් ඉන්නෙ.

"නම මොකක්ද බං?"
මම අර අලුත් ඩයල් එකගෙන් ඇහුව.

"මම නාලක අයියෙ"

"මුගෙ හෝටලේමද වැඩ කරන්නෙ?"

"ඔව් අයියෙ. මම සිකියුරිටි එකේ"

"හරි හරි. තව එකෙක් ඉන්නව කාමරේ. උගෙනුත් අහල බලල ඉඳහන්. මට අවුලක් නෑ"

"හරි අයියෙ"

කෝමත් මමයි ඇම්ඩයි එනකොටත් මේ කාමරේ හිටියෙ මෝලනෙ. අපිවත් ගත්තෙ ඌ. ඉතින් උගෙ යාලුවෙක් ආවම මක් වෙනවද කියල හිතාගත්ත මං.

හවස කුස්සියට යන්න මෝලා වගේම නාලකත් ලෑස්ති උනා. නාලක කියන එකා සිකියුරිටි එක කරල පාට් ටයිම් චෙෆ් කෙනෙක් හැටියටත් වැඩලු. හෝටලේ උත්සව දවස් වලට නාලකත් එනවලු සප් එකට.

ඉතින් උන් දෙන්නත් ගියාට පස්සෙ මම කාමරේ තනි උනා.

ශලනි රෑට මැසේජ් එකක් දාන්නං කිව්ව නේ...

මම විගහට ෆෝන් එකේ ඩේට ඔන් කරගෙන වට්සැප් පැත්තෙ ආව. එක එක ජාතියෙ ගෲප් තොගේකින් මැසේජ් බර ගානක් තියෙනව. ක්‍රිකට් ගෲප් , නවකතා ශාක , වැල් , ෆුට්බෝල් අනං මනං තොගයක්.

ශලනිගෙන් නං මැසේජ් එකක් නෑ. මම කෝකටත් කියල එයාට මැසේජ් එකක් දාල තිබ්බ. එයා ෆෝන් එක ගත්තොත් පෙනෙයිනෙ.

මැසේජ් එක දාල ෆෝන් එක ඇඳ උඩින් තියන්නත් කලින්ම ෆෝන් එක වයිබ්‍රේට් උනා. මම ආපහු ඒක අතට අරන් බැලුව.

ශලනිගෙන් මැසේජ් එකක්!

'ම්ම්ම්ම්ම් කන්න ගියාද ඔයාල'

'තාම නෑ. ඔයාල කෑවද?"

'අපිත් නෑ. මං අද උයන්න ගියෙත් නෑ අනේ'

'ඒ මොකද ඒ?. වෙනදට පැනගෙනනෙ යන්නෙ'

'අද මට අසනීපයි ගිම්හාන්.'

'අනේ බේත් ටිකක් ගමුකො එහෙනං. මං අමිශ්කයගෙන් බයික් එක ඉල්ලන් එන්නං'

'එහෙම එකක් නෙවේ මෝඩයො. මේ මෝඩයට නං ඔක්කොම කියල දෙන්න ඕනෙ'

සීන් එක නොතේරුනත් තේරුනා වගේ ලයින් එකේ 'ආ හරි හරි' පාරක් දැම්ම. උඹලත් ඔය කෙල්ලො කියන සමහර ඒව ගැන මෙලෝ දැනුමක් තියා කිව්වෙ මොකක්ද කියලවත් තේරුමක් නැත්තං අන්න ඒ ඔප්ශන් එක භාවිත කරහන්.

ඕනෙ මගුලකට 'ආ හරි හරි' කිව්වම කෙල්ලො ඕවට අහු වෙනව. මම නං කරන්නෙ එහෙම.

ශලනි එක්ක ටිකක් වෙලා මැසේජ් කර කර ඉන්නකොට එයා කන්න යනව කියල ගියා. ඊට ටිකකට පස්සෙ අපිටත් කන්න එන්න කියල නිව්ස් එක ආවම අපිත් බැස්ස පහලට.

අර නාලක කියන ඩයල් එක බටුමෝජු ස්පෙශලිස්ට් කෙනෙක්. මෑන් අද පත බටුමෝජු හැලියක් හදල උගෙ වියදමින්ම. කට්ටියගෙ හිත දිනාගන්න හොඳ උපක්‍රමයක්. කවදාවත් නැතුව කොල්ලො ටික කන පැලෙන්නම කනව. සමහර උන්ගෙ බත් පිඟන් නිකං පාරාවෝ රජවරු හදපු පිරමීඩ වගේ. මමත් මෝජුවෙන් පොඩ්ඩක් කට ගාල බැලුව.

සඳ බැබලුනා..... හවසට හවසට අමෘතය පොඩ්ඩක් තොල ගාන එකෙක්ට රෙඩ් ලේබල් එකක් සෙට් උනා වගේ. මාර රහක්.

අනිත් උන්ට දෙවනි නොවෙන්නම මමත් බත් එක බෙදාගත්ත. කාලෙකින් කටට රහට කන්න සැලැස්සුවට සෙට් එකම නාලකයට පින් දිදී කෑව.

ඔන්න ඔය වෙලේ තමා මගෙ මහා මොල රාජයාට කුණාටුවක් වගේ බරපතල අයිඩියා එකක් ආවෙ. මම කාල ඉවර උන ගමන්ම නාලකය ගාවට ගියා.

"ඒ බං නාලක. මෝජුවෙන් පොඩ්ඩක් එහා පැත්තට දෙන්නද?"

"ඒ කිව්වෙ ගෑණුන්ටද?

"ඔව් ඔව්"

"අයියෝ දෙන්න දෙන්න. මමත් මේ කාගෙන් හරි අහන්න බැලුවෙ. වෙනදට ශෙයාර් කරගන්නැද්ද කියල"

නාලකය තාම සම්ප්‍රදාය දන්නෑනෙ බෝඩිමේ. ගෑණුන්ගෙ පැත්තෙන් අපිට ජීවිතේට එක කඩල ඇටයක් හම්බෙලා නෑ. ගෑණුන්ට උයන්න පුලුවන් කිව්වට උයපුව බෙදාගන්න සිරිතක් නෑනෙ. ඔය බලහන් ක්ලාස් වලදි කෙල්ලො කනකොට එහෙම , තමන්ගෙ හොඳම යාලුවටවත් දෙන්නෑ තමන්ගෙ කෑම එකෙන්.

ඒකට කොල්ලො. පංතියෙදි කන මකන කෑල්ලෙනුත් පොඩ්ඩක් එහා පැත්තෙ එකාට දෙනව හපපන් කියල.

ගෑණු සෝශල් වැඩ වලදි හෙන බොළඳයිනෙ. මම මේ කියන්නෙ රටේ පරණ පරම්පරාවල් ගැන. අලුත් පරම්පරාවනං සෑහෙන හොඳයි ඊට වඩා.

නාලකය ශේප් නිසා මම බටුමෝජු හැලියෙන් ටිකක් අරන් පොඩි භාජනේකට දාගෙන එහා පැත්තෙ කුස්සියට ගියා. ගිහිල්ල දොර ගාව ඉඳන් හෙව්ව ශලනිව. ශලනි නං හිටියෙ නෑ. චතුමි අක්ක මාව දැකල මං ළඟට ආව.

"මොකෝ මල්ලි. ශලනි නං උඩට ගියා"

"ආ හරි හරි අක්කෙ. මේ මෝජු ටිකක් හැදුව අපේ පැත්තෙන්. ඔයාලටත් ටිකක් ගෙනාව."

මම එහෙම කියල මෝජු භාජනේ දික් කලා චතුමි අක්කට.

සාම්ප්‍රදාය අතික්‍රමණය කරපු නිසාද කොහෙද කෙල්ලොයි අක්කලයි සූ සූ ගානව ඇහුන ඇතුලෙන්.

'උඹලගෙ තාත්තල සර්පයොද?' කියල අහන්න හදලත් ශලනිව ටෝක් කරන නිසා කට වහන් හිටිය.

"අනේ ගොඩක් ස්තූතී මල්ලි. අපිත් දෙන්නංකො මොනාහරි හැදුවම එහෙට"

"හරි හරි ඒව බලාගමුකො පස්සෙ"

චතුමි අක්ක එක්ක කන්වසේශන් එක ඉවර කරල මම ආපහු අපේ පැත්තට ආව. කට්ටිය කාල ඉවර වෙල ඉතුරු වෙච්ච ඒව ඔක්කොම එලියෙ බල්ලොන්ටයි පූසොන්ටයි දීල අපි උඩට ආව.

නාලකයත් ආපු ගමන් ලෑස්ති උනා වැඩට යන්න. ඌ ඉතින් සික්කනෙ. රෑට තමා වැඩ.

ඇම්ඩ තාම බෝඩිමට arrive කලේ නැති නිසා මම ගත්ත උට කෝල් එකක්. කෝල් එක ගත්තු ගමන්ම වගේ ආන්ස්වර් කලා. කෝමත් ඌ බයික් එක එලවන ගමන් ෆෝන් එකෙන් පියානෝ ටයිල්ස්(piano tiles) ගහන එකානෙ.

"ඇම්ඩෝ කොහෙද බං ඉන්නෙ"

"හෙලෝ කවුද මේ"

ෆෝන් එහෙන් ආවෙ නං ඇම්ඩගෙ කටහඬ නෙවේ. කවුද මංද ගෑණු කෙනෙක්. රශ්මිත් නෙවේද මංද. ඊට වඩා ලාමකයි.

"මම ගිම්හාන්. අමිශ්ක ඉන්නවද ඔතන. එයාට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න"

"ආ සොරි මිස්ටර්. මේ ෆෝන් එක පාරෙ වැටිල තිබිල මම දැන් අහුලගත්තෙ. කරුණාකරල මට මේ ෆෝන් එකේ අයිතිකාර මහත්තයගෙ ලිපිනය දෙන්න පුලුවන්ද?"

මල හත්තිලව්වක් වෙලා තියෙන්නෙ.

මතු සම්බන්ධයි...