Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Nov 20 2024 @ 18:45

වීදි පුරඟන - 3



This novel may contains contents of an adult nature. If you are easily offended or are under the age of 18, please exit now. Reader discretion is advised.



පහුවදා උදෙන්ම මම ඇහැරුනේ එලාම් එකේ සද්දෙට. ඇහැරුන ගමන්ම මම කලේ, සාලෙට ගිහින් අර කෙල්ල තාම ඉන්නවද කියල බලපු එක.

මම එනකොටත් ඒ කෙල්ල හොඳටම නිදි ගුලි වෙලා. ඇඟ පොඩි නිසා සෝෆා එකේ අවුලක් නැතුව දිගා වෙන්න පුලුවන්. මම කාමරේට ඇවිත් පොරවන රෙද්දක් ගෙනල්ල හිමීට ඒ කෙල්ලගෙ ඇඟ වැහෙන්න දැම්මා. උදේට ටිකක් හීතල නිසා.

ඒ කරල මම මූණ කටහෝදන් තේ හදන්න ගියා.

පහමාරට විතර ඒ කෙල්ලත් ඇහැරුන නිසා , මම එයාට හදපු තේකත් බොන්න කියල ලෑස්ති වෙන්න ගියා.

කෙල්ල තේක ගත්තෙ දිලිසෙන ඇස් දෙකකින්. උදේ පාන්දර උනත් තේක ගන්නකොට ඒකිගෙ මූණෙ ඇතිඋන උද්වේගය නං සෑහෙන ක්‍රියාශීලීයි.

6 වෙනකොටම ඒ කෙල්ලත් ලෑස්ති වෙලා ඉවර උන හන්ද මම කාර් එකට නැග්ගා. කෙල්ල ඊයෙ ඇඳන් ආපු එකම ආපහු ඇඳගෙන.

"කොහෙද ගෙවල් තියෙන්නෙ. මම ගිහින් දාන්නං. උදේට ඔහොම බස් වල යන්න බෑනෙ"

"මෙ... අර පරණ ටවුන් එක හරියෙ සර්"

"පරණ ටවුන් එකේ කොයි හරියෙද?"

"අර ඉස්සර පොළක් තිබ්බෙ. ඒ එතන ඇතුල් පාරෙ"

පරණ ටවුන් එක කියන්නෙ , ඉස්සර පොලයි , වෙළඳ සංකීර්ණ ටිකයි තිබ්බ තැනට. නැතුව කලින් ටවුන් එක තිබ්බෙ එතන නෙවෙයි. මෙයා මේ කියපු "ඇතුල් පාර" තමා, අපේ ටවුන් එකේ "ලොකු අයියල" ඉන්න පැත්ත.

ඔය චන්ඩි ඉන්නෙ. ආන්න ඒ වර්ගය තමයි පොළ ගාව ඇතුල් පාරෙ දිගටම ඉන්නෙ. මේකි ගණිකාවක් උන එකත් පුදුමයක් නෑ. හැබැයි හැසිරීම් රටාව නං එහෙම පැත්තකට වඩා සම්පූර්ණයෙන් වෙනස්.

"පනස් තුනේ වත්ත පාර ගැන නේද ඔය කියන්නෙ?"

"ඔ... ඔව් සර්"

"හම්ම් මං ගිහින් දාන්නං. මතකනෙ... ඊයෙ වෙච්ච ඒවවත් මම ඉන්න තැනවත් කාටවත් කියන්න බෑ. මම වැඩිපුරත් එක්ක දුන්නා..."

"හ... හරි සර්"

ඊයෙ රෑ වෙච්ච දේ යටගහන එක අවුලක් නොවුනට , ඒ මතකය දිගින් දිගටම ඔලුවට එනවා.

උදේම නිසා වාහනත් එච්චර නෑ පාරෙ. ඉතින් මම ටිකක් වේගෙන් ගිය හින්ද පැය බාගයක් යන්නත් කලින්ම පනස් තුනේ වත්තෙ පාර ගාවට ආව.

ක්ලබ් එකට නං මෙතන ඉඳන් මහ දුරක් නෑ. සමහර විට ඊයෙ මේ කෙල්ලත් ක්ලබ් එකේ වැඩට ආව ගමන් වෙන්නැති රෑ මට හම්බුනේ.

"ගේ කොතනද තියෙන්නෙ"

"ම.. මම මෙතනින් බහින්නං සර්.. ස.. සර්ට ප්‍රස්නයක් වේවි.."

"හම්ම්. පරිස්සමට යන්න එහෙනං."

"හ... හරි සර්. ස..රුත් පරිස්සමින් යන්න"
කියාගෙන ඒ කෙල්ල කාර් එකේ දොර ඇරියා.

"පොඩ්ඩක් ඉන්න" කියල මම ඒ කෙල්ලව නැවැත්තුවෙ, ඊයෙ රෑ ඉඳන්ම පොඩි සිතුවිල්ලක් මගෙ හිතේ හොල්මන් කරපු නිසා.

"කි.. කියන්න සර්"

"න.. නම්බරයක් දෙන්න පුලුවන්ද? ප... පස්සෙ වෙ... වෙලාවක.. ඕනෙ උනොත්... මම කිව්වෙ මේ... එහෙම දෙයක් නෙවෙයි.. ඒත්... මේ..."

"ලියාගන්න සර්"

කෙල්ල කිසිම විරෝධයක් නැතුව මට කිව්වෙ , අහිංසක හිනාවක් දාගෙන.

මම ඉක්මනට ෆෝන් එක අරන් , කී පෑඩ් එක දාගත්ත.

"හරි... කියන්න.."

"07x xxx xxxx... හරිද සර්?"

"හරි හරි. පරිස්සමින් යන්න එහෙනං"

"හරි සර්"
කියල ඒ කෙල්ල සයිඩ් බෑග් එකත් එල්ලගෙන බැහැල පාර දිගේ ඉස්සරහට ගිය. මමත් ටිකක් වෙලා ඒකි යනකං බලන් ඉඳල කාර් එක හරවන් ආපහු ඔෆිස් එකට එන්න ආව.

ඊයෙ රෑ උන දේ ගැන යම් වරදකාරී හැඟීමක් ඒ වෙනකොටත් මගෙ හිතේ මෝදු වෙන්න අරන් තිබ්බෙ. ඒත් එක්කම , ඒ කෙල්ල ගැන අනුකම්පාවක් සහ ආශාවක් අතර දෝලනය වෙන තවත් මොකක්දෝ හැඟීමකුත් හිත ඇතුලෙ තෙරපුනා.

කාර් එක කම්පැනි එකේ බිල්ඩිම ගාව පාක් එකෙන් දාල මම ඔෆිස් එකට එනකොටම හම්බුනේ කරුණාදාස සර්ව. මාව දැකපු ගමන් සර් හිනාවක් දාගෙනම කතා කලා මට.

"ගුඩ් මෝනින් පවන්. කුකුළත් අතින් අරන්ම නේද එන්නෙ. පුදුමයක් නෑ ඉක්මනට rank up වෙන එක ගැන. very good පවන්."

"ගුඩ්මෝනින් සර්. ඇන්ඩ් තෑන්ක් යූ."

"ආ පවන්... සයින්ග් එක දාල එන්න පොඩ්ඩක් මගෙ කාමරේට. අපේ ප්‍රොජෙක්ට් එක , මැනේජ්මන්ට් එකෙන් ඇපෲව් කරගෙන. කොහොමත් ඔයා විතරයි යවන්න ඉන්නෙත්. අනිත් අය ෆීල්ඩ් එකේනෙ. ඔයාටම හම්බෙනව ඒක. ඒ ගැන කතාකරගන්න ඕනෙ පොඩ්ඩක්."

"ආහ් මම එන්නම් සර්"

"හරි. මම රූම් එකෙන් ඉන්නවා. ඉක්මනට එන්න."

"හරි සර්"

මම කලින් තුශාරට කිව්වෙ මේ ප්‍රොජෙක්ට් එක ගැන. අපේ ආයතනයට අලුත් ප්‍රොජෙක්ට් එකක් හම්බුනා බණ්ඩාරවෙල පැත්තෙ. තේ ෆැක්ටරියක් මිනුම් කරන්න. බිල්ඩින් හයකට වඩා තියෙනව කියල තමයි ෆයිල් එකේ නං තිබ්බෙ. කොහොමත් සති තුනක විතර වැඩක්.

මම ඇඟිල්ල තියල සයින් එකත් ගහල , කැන්ටිමට ගියා. ඒ මගෙ උදේ කෑම එක අරගන්න.

කැන්ටිමේ අක්කත් කවදත් වගේ හිනාවකින් මට සංග්‍රහ කරල කෑම පාර්සලෙ දුන්නා.

ඒකත් අරන් බෑග් එකට දාල , මං ලිෆ්ට් එකෙන්ම හත්වෙනි තට්ටුවට ආව.

අපේ කම්පැනිය තියෙන බිල්ඩින් එකේ තට්ටු 14ක් තියෙනව. අපේ කම්පැනි එක තියෙන්නෙ 6,7 තට්ටු වල. අනිත් තට්ටු වල වෙන වෙන ආයතන.

මම ඊළඟට කලේ මගෙ කාමරේට ගිහින් , කෑම එකත් දිග ඇරගෙන කාපු එක. මොකද ඊයෙ රෑ කෑම එකත් මට මගඇරුන නිසා. ඒක පූජා කලානෙ ගණිකාවකට. පට්ට බඩගින්නක හිටියෙ උදේ ඉඳන්ම.

'ට්‍රීං.... ට්‍රීං....'

ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා මම ඒක අතට අරන් බැලුවා. තුශාරයගෙන් කෝල් එකක්.

"හෙලෝ තුශාර කියහං"

"පවනා. ඊයෙ අවුලක් ගියෙ නෑනෙ. ගෙදර ගියානෙ උඹ. අහන්නත් බැරි උනා. සොරි ඈ. දැන් ඇහැරුනේ මං"

"නෑ නෑ අවුලක් නෑ බං."

"ඒනං එච්චරයි... මොකෝ උනේ ඉතින්... කෙල්ලෙක්ට තට්ටුවක් වත් දැම්මද.... ඊයෙ ඩාන්සින් කරන කෙල්ලො කීපදෙනෙක් විතරයි මම නං දැක්කෙ. තට්ටුවක් දාන්න පුලුවන් එකක් සෙට් උනෙත් නෑ"

"පිස්සුද බං. මම ඕව කරන්නෑ."

එහෙම කෙල්ලෙක්ව ගෙදරට එක්කන් ගිහින්, ඒකි එක්ක පොඩි සිදුවීමකුත් වෙලා , ඒකිව රෑ ගෙදරත් තියාගෙන උදේ ගෙනිහින් දැම්ම කියන්න බෑනෙ මට. ඊයෙ හවස මම තුශාරය එක්ක පම්පෝරි ගහපු කතා ඔක්කොම බොරු වෙනවනෙ එතකොට.

"තෝ නං අනේ මංදා බං. ගෑණියෙක්ගෙ ශරීරයක පහස විඳින්න ඕනෙ බං පිරිමියෙක් උනාම"

"උදේ පාන්දර බණ කියන්නැතුව , කෝල් කලේ ඇයි කියහංකො"

"ආ හරි හරි. කෝල් කලේ උඹට සුභ පතනව කියන්න. කෝමත් උඹටම තමා ඔය ප්‍රොජෙක්ට් එක එන්නෙ. අනිත් සෙට් එකම වැඩ වලට එලියට ගිහිල්ල."

"හරි හරි තෑන්ක් යූ. මේ... උඹ අද එන්නෑ කිව්වෙ ඇයි?"

"මේ අම්මල මට මනාලියක් සෙට් කරන්න හදනව ඕයි. අද යනව ඉතින් කෙල්ලෙක් බලන්න. ඊට පස්සෙ උඹට තනියම තමා ක්ලබ් යන්න වෙන්නෙ. මට නං සුරලොවක් සෙට් වෙනව ගෙදරදිම"

උගෙ කතාවත් එක්කම මගෙ කටට ආවෙ,
"පව් ඒ කෙල්ල" කියන එක.

අද මනාලියක් බලන්න යන්න හිටපු එකා ඊයෙ ක්ලබ් ගානෙ ගිහිල්ල කෙල්ලොන්ට හේත්තුව දානව. මරුම පුරුස ලක්සනේ.

උගෙන් විස්තර ටිකත් අහගෙන මම ෆෝන් එක තිබ්බා.

කාල බීල ඔක්කොම ඉවර කරල , ඔෆිස් රූම් එකෙන් එලියට එනකොටම , ක්ලාක් කෙල්ලෙක් ඇවිල්ල කියල ගියා 'කරුණාදාස සර් එන්න කිව්ව' කියල.

එහෙම්මම සර්ව හම්බෙන්න සර්ගෙ රූම් එකට යනකොට , සර් කෝල් එකක හිටියෙ.

සර් කෝල් එකේ ඉන්න ගමන්ම මට මේසෙ ගාව පුටුවෙන් වාඩි වෙන්න කියල අතින් සිග්නල් එක දුන්නා. ටිකකින් සර් ෆෝන් එකත් තියල මට කතා කලා.

"ඈ බං යකෝ. මෙච්චර වෙලා උදේට අත්සන් කලාද? මම අර කෙල්ලෙක්ටත් කිව්ව ගිහින් කියල එන්න කියල. අමතක වෙලා ඇති කියල හිතල."

"අහ් නෑ සර්. සමාවෙන්න. ඊයෙ රෑට කන්න බැරි උනා. මම උදෙන්ම කෑව ඒකයි"

"ආ... ඒකද මේ... හරි හරි. මම මේ තකහනියෙ එන්න කිව්වෙත් කෑම සම්බන්ධ ප්‍රශ්නෙකට තමයි"

"ඒ කිව්වෙ සර්"

"දැන් හෙට ප්‍රොජෙක්ට් එකට මම පවන්වනෙ යවන්නෙ. ඩොකියුමන්ට් ඔක්කොම ෆිල් කරලත් ඉවරයි. ඒත් පවන්ව යවන එක සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනව"

"මොකක්ද සර් ඒ?"

"සාමාන්‍යෙන් වෙනදට අපි යවන හැමෝම යන්නෙ තමන්ගෙ පවුලම පිටින්. නිකං ට්‍රිප් එකක් වගේ කියල හිතමුකො. අපේ හෙඩ්ක්වාටස් එකෙනුත් අපිට ඉන්ෆෝම් කරල තියෙන්නෙ , අමතර දීමනාවක් හිටන් දෙන්න කියල ඒකට. මොනව උනත් ප්‍රොජෙක්ට් එකෙන් කම්පැනියට ලාබයක් එනව නං , ප්‍රොජෙක්ට් එක කරන කෙනාට උදව්වක් කලාම මොකෝ වෙන්නෙ. ඒත් පවන්ගෙ කේස් එකේදි , පවන් තනියම යන නිසා අපිට එතන ගැටලුවක් එනවා"

"අනේ මට නං දීමනා ඕන්නෑ සර්. මට හම්බෙන පඩිය ඇති."

"දීමනාවක් නෙවෙයි මනුස්සයො. සති තුනක් විතර , එහෙ ගිහින් මොනාද කන්නෙ? හැමදාම මෙහෙ ඇවිල්ල කැන්ටිමෙන් කෑම එකක් අරන් යන්නද හිතන් ඉන්නෙ? පවුලක් වත් යනව නං , ගෑණිට කියල හරි උයාගන්න තිබ්බා"

මමත් කලින් ඔය ගැන හිතුවා. ඒ උනාට අවුලක් වෙන එකක් නෑ. කඩෙන් කන්න පුලුවන්නෙ.

"අවුලක් නෑ සර්. කඩෙ..."

"කඩෙන් කන්න වෙන්නැති එක ගැන තමයි මම මේ කියන්නෙ. "

"ඈහ්... ඒ ඇයි ඒ"

"එහෙ එලවලු මාකට් එකක ප්‍රශ්නෙකට , කඩවල් ඔක්කොම හර්තාල් එකකට ලෑස්ති වෙනවලු. ඉදිරි සතිය ඇතුලත ඒක පටන් ගන්නව කියල තමා ආරංචිය ආවෙ. බොරුවට එහෙ ගිහින් හිර වෙන්න වෙන්නෙ. එකෙ ෆැක්ටරියෙ වැඩ කරන කෙනෙක්ගෙන් උනත් කෑම එකක් නං ගෙන්න ගන්න පුලුවන්. ඒ උනාට ඒ මිනිස්සු තමන්ගෙ කෑම එක පවා මගහරිනවා සල්ලි නැතුව."

"ආහ්..."

"පොඩ්ඩක් හිතල බලන්න ඔප්ශන් එකක් තියෙනවද කියල එහෙම උනොත්.."

මම ඒ වෙලාවෙ කොච්චර හිතුවත් මට කිසිම ඔප්ශන් එකක් හිතාගන්න බැරි උනා. අද දවස ඇතුලත උයන්න පුරුදු වෙන්න බෑනෙ. නැත්තං ප්‍රොජෙක්ට් එක අතෑරල දාන්න වෙන්නෙ.

මගෙ ප්‍රශ්නාර්ථ පිරුණ මූණ දැකල සර් ආපහු මට කතා කලා.

"කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව"

"මොකක්ද සර් ඒ"

"එක්කො පවන් , උයන්න කෙනෙක් එක්කන් යන්න ඕනෙ. බඩුත් එක්කම. ඒ ඔක්කොටම ගෙවීමක් කම්පැනියෙ බජට් එකට වැටෙන්න හදන්නං මං."

මම සාමාන්‍යෙන් කාත් එක්කවත් එකට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මට ඕනෙ උනා ඊළඟ ඔප්ශන් එක දැනගන්න.

"අනිත් එක මොකක්ද සර්"

"අද ගෙදර යන්න කලින් ගෑණියෙක් හොයාගෙන , විවාහ රෙජිස්ටාර් ගාවට ගිහින් කසාද බැඳල , පවුල පිටින්ම යන්න."
කියල සර් කිව්වෙ මහ හයියෙන් හිනා වෙන ගමන්.

"අ... හහ්ඃ මම හිතල බලන්නං සර්."

"හා හා. මම අරක විහිලුවට කිව්වෙ ඈ ඔප්ශන් එකයි තියෙන්නෙ. මම මුලින්ම උඩ කියපු එක විතරයි. හොයල බලන්න පොඩ්ඩක් උයන්න පුලුවන් කෙනෙක්ව. නැත්තං එහෙන් හයර් කරගන්න වෙන්නෙ. මම නං කියන්නෙ , පවන් අඳුරන කෙනෙක්ව සෙට් කරගන්න කියල."

"මම බලන්නං සර්."

"හරි එහෙනං. පවන් ඒ ගැන බලන්නකො. කාවවත්ම හම්බුන්නැත්තං මට අද හවස් වෙන්න කලින් කියන්න. මමත් හොයල බලන්නං"

"හරි සර්"
කියාගෙන මම සර්ට කතා කරගෙන එලියට ආව.

දැන් මොන ලෝකෙන්ද , උයන්න කෙනෙක් හොයන්නෙ. අනික දන්නැති උන්ව එක්කන් ගිහිල්ල මටමනෙ අන්තිමට මොකක් හරි උනොත් වෙන්නෙ.

ඒ උභතෝකෝටික ප්‍රශ්නෙ හිතේ තියාගෙනම මම දවසම ගත කලේ , උයන්න කෙනෙක් හොයාගන්න.

අම්මලට කතා කලාම එහෙ සීතලේ ඉන්න බෑලු. නෑයොන්ට කතා කලාමත් හතර හන්දි වල අමාරුලු , පීනසේලු , සමහර අයට හිටි අඩියේම එක එක වැඩ සෙට් වෙලා.

නමට විතරක් ඉන්න නෑයො රොත්තක්ම ඉන්නව මට මදි නොකියන්න. හැමෝම බෑ බෑ කියන්නෙ අතට ගානක් එන්නැති නිසා. මම කිව්වෙ නෑනෙ ගෙවන්නං කියල. ශෝක් ඉතින්. මම ඔන්න ඔය නිසාම තමයි නෑයෙක්ගෙ ගෙදරකවත් යන්නැතුව ඉන්න හදන්නෙ.

නෑයො සංහතියටම හිතින් බැන බැන ඉන්නකොටම විදුලියක් වගේ අදහසක් මගෙ ඔලුවට ආපු නිසා මම ඉක්මනට ෆෝන් එකේ Contact ලිස්ට් එක බැලුවා.

ඒ අද උදේ සේව් කරගත්ත "එක්තරා නම්බරයක්" හොයන්න.

'Pros කෙල්ල'

නම්බරේ හම්බුන නිසා මම කන්ටැක්ට් ඔප්ශන් ගොඩට ගියා.

කෝල් කරන්න කියල හිතන් ඇඟිල්ල ඒ බොත්තම දිහාට ගියත් , 'ලෝක ලෙඩකට ආපහු කරගන්න යනව' කියන හැඟීමක් ආපු නිසා මම පොඩ්ඩක් ඉවසුව.

'තව ටිකක් හොයල , වෙන කරන්නම දෙයක් නැත්තං බලනව' කියල හිතින් කියාගෙන මම තව දන්න දෙතුන් දෙනෙක්ට කතා කලා.

ඒ උනාට ඒ හැමෝගෙන්ම මට ආවෙ කලින් නෑදෑ හිත මිතුරන්ගෙන් ආපු උත්තරමයි.

මොකක්දෝ හේතුවකට , ඒ අයගෙන් උදව්වක් ලැබෙන්නෙ නෑ කියල දැනගත්තම මට අමුතු සතුටක් ආව.

කොහොම උනත් හවස් වෙනකොට මට වෙන කිසිම ඔප්ශන් එකක් නැති උන නිසා , මම ඒ කෙල්ලට කෝල් එකක් ගත්තා.

ඒකි කෝල් එක ගත්තෙ තුන් වෙනි පාරටත් කෝල් කලාම. කෝල් එක ඒ පැත්තෙන් ආන්ස්වර් කරපු ගමන්, ළාමක කටහඬකින් යුක්ත කෙල්ලෙක් කතා කලේ.

"හෙලෝ..."

"අ.... ම්ම්ම්... මේ... හෙලෝ..."

"කවුද මේ..."

"ම... මම මේ... මම අර උදේ කාර් එකෙන් ගෙනත් දැම්මෙ. අර ඊයෙ..."

"අ.. ආහ් සර්... කියන්න..."

මට වැඩි දෙයක් කියන්න ඕනෙ උනේ නෑ. ඒ කෙල්ල මාව අඳුරගත්ත.

"මේ... පොඩි උදව්වක් කරන්න පුලුවන්ද අහන්න ගත්තෙ."

"කියන්න සර්..."

"ඊළඟ සති කීපය ඔයා free ද."

"ඔ... ඔව් සර්. විශේෂ වැඩක් නං නෑ."

"උයන්න පුලුවන්ද?"

"පු.. පුලුවන් සර්. සාමාන්‍ය තරමකට"

"හරි එහෙනං. මෙහෙම අහන එක ගැන මුකුත් හිතන්න එපා. මේ වෙලාවෙ මට අහන්න කෙනෙක් නෑ. සති තුනකට බණ්ඩාරවෙල යන්න එන්න පුලුවන්ද. මට ඔෆිස් එකේ වැඩකට යන්න වෙලා තියෙනව එහෙ. ඒත් එහෙ මොකක්ද හර්තාල් එකක් පටන් ගන්නව කියල , කඩවල් වහයි කියල බයයි. ඉතින් මට උයන්නත් බෑ. කෙනෙක් හම්බුනෙත් නෑ. ඔයාට පුලුවන්ද ඒ සති තුනට උයන්න එහෙ එන්න. කරදරයි වගේද ඒ වැඩේ."

"අහ්... අ.. අනේ පුලුවන් සර්... මම එන්නම්..."

"ආ හරි... මම දාහ ගානෙ දෙන්නං දවසට... මේ... උයනවට..."

දාහ ගානෙ දෙන්නං දවසට කියල , ආපහු මගෙ කටින් "උයනවට" කියන වචනෙ විශේෂයෙන්ම පිට උන නිසා මම ගැස්සුනා. වෙන මොනවට හරි තව ගෙවනව වගේ අදහසක්නෙ ඒකෙන් ආවෙ.

"අනේ එච්චර එපා සර්... මම එන්නම්.. කවදටද යන්නෙ සර්..."

"මට හෙට යන්න තියෙන්නෙ. පුලුවන් වෙයිද?. ඉන්න වෙනම තැනක් හම්බෙනවා. අපේ කම්පැණියෙන් බුක් කරල තියෙන්නෙ."

"පු.. පුලුවන් සර්... මම ඇඳුම් ලෑස්ති කරගන්නම්..."

"හරි එහෙනං. මම රෑ වෙලා කෝල් එකක් දෙන්නම්. විස්තර ටික කියන්න."

"හ... හරි සර්"

"හරී.. මම තියනවා..."

මම කෝල් එක කට් කලේ ලොකු හුස්මක් පිටකරන ගමන්. මම මේ කරන්නෙ වැරැද්දක් බවත්, මම මේ දේ නොකළ යුතු බවත් මම හොඳාකාරවම දන්නව. ඒත් මට ඒ කෙල්ල ගැන කිසිම සැකයක් ඇති උනේ වත්, ඒ කෙල්ලව අවිශ්වාස කරන්න තරන් වැරැද්දක් දැනුනෙවත් නෑ. තාම මම ඒ කෙල්ලව දැකල පැය විසි හතරක් ගත උනේ නැති උනත් මට දැනුනෙ මම ඒ කෙල්ල එක්ක දැනටමත් මොකක්දෝ සම්බන්ධයක් ගොඩනගාගෙන ඉන්නව කියල.

ඒත්...

ඇත්තටම මම ආස කලේ, ඒ කෙල්ල එක්ක ඊයෙ රෑ උන සිදුවීමෙ පහස ආපහු පාරක් විඳින්න බව මට තේරුනේ ටිකක් කල් ගිහිල්ලා...

මතු සම්බන්ධයි...