Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Dec 07 2024 @ 16:57

වීදි පුරඟන - 4



This novel may contains contents of an adult nature. If you are easily offended or are under the age of 18, please exit now. Reader discretion is advised.




"ඔව් ඔව් මම දැන් එන්න හදන්නෙ. පාරට එන්න විනාඩි 20කින් විතර..... මම තියනවා"

ෆෝන් එක කණෙන් අහකට අරන් , අර කෙල්ලට ගත්ත කෝල් එක කට් කලා මං. උදේ පාන්දර ගැහෙන හීතලේ උනත් ඇඟම රත් වෙලා ගියා ඒ වෙලාවෙ.

ඊයෙ මම කරුණාදාස සර්ටත් කිව්වා, උයන්න කෙනෙක්ව හම්බුනා කියල. මම කිව්වෙ නෑ අඩු ගානෙ ඒ කෙල්ලෙක් කියලවත්. මම කිව්වෙ යාලුවෙක් එන්න පොරොන්දු උනා කියල විතරයි. ඉතින් අනිත් දේවල් වල ප්‍රශ්නයක් නැති නිසා සර් ඒ ප්‍රොජෙක්ට් එක මට ස්ථිර කලා.

කරුණාදාස සර්ට නොකිව්වට මම , තුශාරයට කෝල් එකක් අරන් සේරම විස්තරේ කිව්ව. එදා රෑ මේකිව ගෙදෙට්ට අරන් ගිහින් වෙච්ච දේ ගැන උට නොකියා, ළඟදි දැන අඳුනගත්ත කෙනෙක් කියලයි ඒ කෙල්ලගෙ රස්සාව මොකක්ද කියලයි කිව්වා.

තුශාරයට නං මෙලෝ හත්තිලව්වක ගාණක් නෑ. ඌ ආතල් ගත්තා ඒ මුලු වෙලාවෙම. ඒත් අන්තිමට ඌ කිව්වෙ ,
"පවනො කෝකටත් සැලකිල්ලෙන් හිටපං. මම කියන්නෑ ඔය කෙල්ල හොරෙක්වත් අපරාධ කාරයෙක්වත් කියල. රස්සාව සමාජයෙන් පිලිගන්නැති එකක් උනත් , ඕකිත් කෙල්ලෙක්නෙ. හැබැයි එකපාරටම ලව් මානසිකත්වයක් හදාගන්න එපා. උඹ කාලයක් තිස්සෙ ලව් නොකර ඉඳල දැන් උඹේ හිත ඉල්ලන්නෙත් ඒකමයි. ඩේලි කෙල්ලො ටෝක් කරන උන් වගේ නෙවෙයි , හිතට හරියන එක සෙට් වෙනකං බලන් ඉන්න උන්. උන් හරි ඉක්මනට ඒවට බැඳෙනව. ඒ වගේමයි සම්බන්ධෙ බිඳෙනකොටත් , හිතාගන්න බැරි තරම් කඩා වැටෙනව. ඒ නිසා ඕනෙවට වඩා හැඟීම්බර වෙන්න එපා. උඹ ගැන මම දන්නවනෙ. උඹ දැනටමත් ඒකිව උඹේ ජීවිතේට අරන් ඉවරයි. නැත්තං උඹ කීයටවත් මෙහෙම ගමනකට නමවත් දන්නැති කෙල්ලෙක් එක්කන් යන එකෙක් නෙවේ. ඒ නිසා පරිස්සමින්."
කියන එක.

ඒ කෙල්ලටත් මම විස්තර ටික කිව්ව ඊයෙ ගෙදර ගිය ගමන්ම. ඇත්තටම මේ වෙලාවෙ මට කරපු මේ උදව්වට නං ඒ කෙල්ලට ණයගැතී මං.....

බෑග් අනං මනං ඔක්කොම දාගෙන , ගෙවල් ලොක් කරල , කාර් එකෙන් පනස් තුනේ වත්ත පාර ගාවට එනකොට පැය භාගයක් විතර ගියා.

මම එනකොටත් අර කෙල්ල පොඩි බෑග් එකක් එල්ලගෙන , පාර අයිනට වෙලා ඉන්නව අත් දෙක ගුලි කරගෙන. මම ඊයෙ කෝල් එකේදිත් පුන පුනා කිව්ව මේකිට ජර්සියක් අරන් එන්න කියල. රස්සාව වයස හැසිරීම මොක උනත් කෙල්ලන්ට සුපුරුදු පණ්ඩිතකම නං තියෙනව උතුරන්න.

මම කාර් එක පාර අයිනට කරල නවත්තල , ඩිකිය ඇරල බැස්ස මමත්.

"ගුඩ් මෝනින්... ස.. සර්.."

"ගුඩ් මෝනින්... බෑග් එක පිටිපස්සට දාමු. කෝ දෙන්න"
කියල මම බැග් එක ගන්න අත දික් කලා.

"අ... හ.. හා සර්.."

ඒකි ඇඳන් ඉන්නෙ එදා වගේම කොට සායක්. මේකි ගාව දිග ඇඳුමක් නැද්ද මංද. ඒකිගෙ බෑග් එකත් පොඩි ස්කූල් බෑග් එකක්.

"කෝ මේ පොඩි බෑග් එකක්නෙ..?"

"ඔක්... ඔක්කොම තියෙනව සර්.."

"හම්ම්... අඩුපාඩුවක් තිබ්බොත් මගින් ගමු"

මම බෑග් එක පිටිපස්සෙන් දාල , එයාට ඉස්සරහින් නගින්න කිව්ව. පාර කෙලවරේ තිබ්බ, ලයිට් එකකින් වැටුන එලියට, ඒ කෙල්ලගෙ මූණ දිලිසිලා පෙනුන මට.

එදාට වඩා අද මූණ වෙනස් හැබැයි...

අමුතු සතුටක් ඒ මූනෙ තියෙනව කියල මට හිතුන....

අදත් ඉස්සරහින් වාඩි උන ගමන්ම ඒ කෙල්ලගෙ සාය උඩට ගිය නිසා , මට නිකංම ඒ දිහා බැලෙන්න ගත්ත. එයා නං නිදිමතේද මංද ඇස් දෙක පියවෙනවා. මම බලනව කියල මීටර් නෑ.

"නිදාගන්න ඕන්නං... පොඩ්ඩක්. පැය හතරක් විතර යනව කොහොමත්"

මගෙ කටහඬට ගැස්සිලා ඒ කෙල්ල මං දිහා බැලුව.

"අ... හ.. හා සර්.."

මේකිව එක්කන් යන්න කතා කරගත්තට , තුශාරය කිව්වත් වගේ මම මේකිගෙ නමක්වත් දන්නෑනෙ තාම.

"තාම නම කියන්න එපා කියලද අර කවුද මැඩම් කියල තියෙන්නෙ...? සති තුනක් විතර ඉන්න නිසා... නම් දැනගෙන ඉන්නව නං හොඳයි නේද..?"

"ආහ්.... නැ.. නෑ සර්.. අනේ... එහෙම එකක් නෑ..."

"හරි හරි නිකං ඇහුවෙ. කැමති නැත්තං එපා"

මම එහෙම කිව්වත් මේකිගෙ නම දැනගන්න බැරි නිසා මාව නිකං ගිනිගෙන දැවෙන සීන් එකක් තිබ්බෙ.

"ම.. මම තුරුලි සර්.."

මම ඒ කෙල්ල දිහා බලල හිනා උනා.

"ඇයි නම කියන්න එපා කියල තියෙන්නෙ?"

"අ.. අපිට කරදරයක් වෙයි කියල සර්. නම්බරයක්වත් නමක්වත් කියන්න එපා කියල තියෙන්නෙ"

ඒ ගමන මේකි හොඳට ඕපන් එකේ මාත් එක්ක කතා කරනව.

"එහෙනං මම ඊයෙ අහපු ගමන් නම්බරේ දුන්නෙ?"

කෙල්ල හිනා වෙලා බිම බලාගත්ත.

"ස... සර් හොඳයි කියල හිතුන..."

"හම්ම් හම්ම්. නිදාගන්න නිදිමත නං. ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද?"

"නි.. නින්ද ගියෙ නෑ සර්..."

"අද ගමන නිසාද?"

"වෙන්නැති. මෙ... සර්.. ස... සර්..?"

"කියන්න."

"ස.. සර්ගෙ නම මොකක්ද?"

මේකි මගෙ නම ඇහුවොත් , ඒක කියනවද නැද්ද කියන ගැන මම ඊයෙ දවසම හිතුව. මොකද එක්කන් යන්නෙ ඔෆීශියල් ගමනකට උනාට , මේකිගෙ රස්සාව හොඳ නෑනෙ. ඒ නිසා මම බොරු නමක් කියල දාන්න තීරණ කලා. හදිස්සියෙවත් මේකි කොහේ හරි ගිහින් කිව්වොත් එහෙම.

ඒත් උනේ වෙන දෙයක්... කියන්න හිතාගෙන ආපු නම වෙනුවට මගෙ කටින් එලියට ආවෙ,
"මම පවන්" කියන වාක්‍යය.

"ලස්සන නමක් සර්..."

කෙල්ලට ගානක් නැති උනත් මම තුෂ්ණිම්භූත උනා ඒ වෙච්ච දේ නිසා. ඒත් ඒ බවක් ඇඟවෙන්නැති වෙන්න මම කතා කලා.

"තෑන්ක් යූ.."

ටික දුරක් කතා බහක් නැතුවම ගෙවිල ගියා. උදේ එළියත් වැටීගෙන එන නිසා මම අව්කණ්නාඩි දෙකක් දාගත්ත.

ඒ ගමන්ම හිතට ආවෙ , තුශාරය ඊයෙ රෑ කියපු දේ.

"උඹ දැනටමත් ඒ කෙල්ලව උඹේ ජීවිතේට ඇතුළ් කරගෙන ඉවරයි...!"

ඒ වාක්‍ය නොකඩවාම හිතට එන්න ගත්තෙ , මටත් නොදැනිමයි. ඇත්තටම එහෙම වෙලාද....?

මෙහෙම නොදන්න කෙල්ලෙක්ව මගෙ ජීවිතේට ඇතුළ් කරගන්න තරන් පිස්සුවක් නෑ මට. අනික මම මේකිව එක්කන් යන්නෙ වෙන කෙනෙක් නැති නිසා මිසක් වෙන දේකට නෙවෙයිනෙ. ඒ උනත් එදා රෑ සිද්ද උන දේ ගැන කිසිම ගානක් නැතුව ඒ කෙල්ලයි මමයි දෙන්නම මෙහෙම හොඳින් කතාබහ කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ නං මගෙ හිතට වධයක් වෙලා තිබ්බෙ.

'ට්‍රීං ට්‍රීං'

හදිස්සියෙම ආපු කෝල් එක නිසා මම කාර් එක ස්ලෝව් කරල ෆෝන් එක අරන් බැලුවා.

ඒ තුශාරයා. මුටත් කෝල් කරන්න වෙන වෙලාවක් ඇත්තෙම නෑ. මම කෝල් එක ආන්ස්වර් කරල, ෆෝන් එක කණෙන් තියාගත්ත.

"හෙලෝ... කියහං තුශාරයා"

"හම්මට. මල් කුමාරයා දැන් අර උයන්න අරන් ගිය කෙල්ල එක්ක නෙවේද ඉන්නෙ. අඩේ. මම හිතුව ෆෝන් එක උස්සන එකක් නෑ කියල"

"පිස්සු කෙලින්න එපා බං. මම තාම යන ගමන්. මොකෝ කෝල් එක ගත්තෙ."

"බොසා මට කිව්ව උඹව බලපං කියල. උඹේ පළවෙනි එකලු තනියම යන. ඉතින් මම හැමදාම උඹට කෝල් එකක් ගන්නව. උඹට තියෙන්නෙ, මැරිල ඉඳියෙ නැත්තං, කෝල් එක ආන්ස්වර් කරන එක විතරයි. තමුසෙට හෙන ගැහුවත් ඒක තෝ තනියම විසඳන්න හදනව කියන කාරණාව මුලු කම්පැනි එකම දන්නවනෙ. ඒ නිසා අවුලක් ගියොත් වෙන උන්ට කියන්න එපා මට කියපං."

"ආ හරි හරි බං. මම ඩ්‍රයිව් කරන ගමන් ඉන්නෙ. පස්සෙ ගන්නද?"

"හා හා. ගන්න ඕන්නෑ. අරකි කෝ දැන්. උඹේ චූටි බඩු කෑල්ල."

ඌ 'චූටි බඩු කෑල්ල' කියපු කතාවට නං මට තුශාරය එක්ක පොඩි තරහක් ආව. වෙනදට මමනෙ එහෙම කතා කියන්නෙ. ඒත් මට අද ඒ කෙල්ල වෙනුවෙන් අනුකම්පාවක් දැනුනා.

"ඒකි නිදි බං."
මම කිව්වෙ , ඇස් කොනින්, ඒ කෙල්ල , ඔලුව ශටර් එක පැත්තට හරවන් නිදාගෙන ඉන්නව දැකල.

"ආ එල එල. අපි කැපුන එහෙනං. මතකනෙ. අවුලක් ආවොත් මට කියපං හරක වගේ ඔක්කොම තනියම කරගහන්න යන්නැතුව."

"හරි බං හරි. මම තියනවා."

"හා හා පරිස්සමින් පලයන්"

තුශාරයත් නිකං කුණාටුවක් වගේ. මේ එනව, මේ විනාස කරල දාල, මේ යනවා.

"ස... සර්..."

එකපාටම අර කෙල්ලගෙ කටහඬට මම ගැස්සුනා. ඒකි ඇහැරිලා ඉඳල තියෙන්නෙ...!

මට පේන්නෑනෙ. මූණ හරවන් නෙ ඉන්නෙ අනිත් පැත්තට.

"කි.. කියන්න මේ..."

නම කියල කතා කරන එක සුදුසුද නුසුදුසුද කියල හිතාගන්න බැරි උන නිසා මම එතනින් වාක්‍ය නතර කලා.

ඒ කෙල්ලත් ඔලුව උස්සල ඉස්සරහට හැරිලා සීට් එකේ හරියට වාඩි උනා.

"ම.. මට තුරුලි කියල කතා කරනවද සර්."

"ආහ්.."

"ඒකි මේකි කියන්න එපා සර්..."

කෙල්ල කතා කලේ මැළවුන මූණකින්.

තුශාරයට මම "ඒකි නිදි බං" කියල , කියපු එක මේ කෙල්ල අහගෙන ඉඳල තියෙන්නෙ.

"ආහ්... අනේ සොරි.. හදිස්සියට එහෙම කියවුනේ..."

"ඒකට කමක් නෑ... සර්.. ආපහු තුරුලි කියල කතා කරනවද?"

"හරි හරි.. තුරුලි..."

කෙල්ලගෙ මැලවුනු මූණට, ආපහු පොඩි ආලෝකයක් ඇවිල්ල , පුංචි හිනාවක් ඇඳුන මූණෙ.

අපි බණ්ඩාරවෙලට එනකංම සුලු සුලු දේවල් කතා කර කර ආවෙ. එකම මාතෘකාවක ගොඩක් දුරට ගියෙ නැත්තෙ , අපි දෙන්න අඳුරන්නැති නිසයි , සමාජ තත්වය මත තිබුණ අධික දුරස්බව නිසයි. මට ඕනෙ උනේ නෑ ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්න.

බණ්ඩාරවෙල ටවුන් එකටම ආවට පස්සෙ මම , කම්පැනියෙන් වෙන් කලා කියපු ක්වාටස් එකට කෝල් එකක් ගත්තා.

කෝල් එක ගත්තෙ දෙමළ උච්ඡාරණයක් තියෙන පිරිමි කෙනෙක්. මිනිහගෙන් තැනයි පාරයි අහගෙන , බණ්ඩාරවෙල ටවුන් එකත් පාස් කරන් විනාඩි හතළිහක් විතර ආව.

අන්තිමට ඒ කියපු විස්තරේට ගැලපෙන තැනක් හම්බුන නිසා මම කාර් එක පාර අයිනෙන් නවත්තල බැහැල ගියා එතනට.

පොඩි හෝටලයක් වගේ පෙනුමක් තිබුනෙ නං. ක්වාටස් එකක ලුක් එකක් තිබ්බෙ නෑ.

"ආ... මේ අර කෝල් කරපු මාත්තිය නේද..."
කියාගෙන සරමක් ඇඳගත්ත දෙමළ මනුස්සයෙක් කොහේදො ඉඳල ඉස්සරහට ආව.

"ආ ඔව්... මම අර , ක්වාටස් එකක් බලනව කිව්වෙ. මේ එතන නේද?"

"ඔව් ඔව් මාත්තිය. කුවාටස් එකට ඔහොම්ම කෙලින්ම ඉස්සරහට යන්න ඔය පාර දිගේම. එතකොට පාරෙ ඉවර වෙනතැන හම්බෙනව ඒක..."

"ඒ කියන්නෙ මේ කාපට් පාරෙ ගියාම හම්බෙන අන්තිම බිල්ඩිමද?"

"අන්න හරි"

"ආහ් හරි ඕකේ. ෆෝම් එකක් පුරවන්න තියෙනව කියල කිව්වා..?"

"ආහ් ඉන්න මාත්තියා. අපේ ලොකු මැඩම් අද ගමනක් ගිහිල්ල. එයා හෙට ඇවිල්ල කතා කරයි"

"හරි හරි"

දෙමළ මිනිස්සු ස්වභාවයෙන්ම ගොඩක් හයියෙන් කතා කරන මිනිස්සු. මේ මනුස්සයත් මම කිලෝමීටර් ගාණක් එහා ඉන්නව වගේ මහා හයියෙන් කෑ ගගහ කතා කරන්නෙ.

"මෙන්න මේක පුරවන්න මාත්තිය."
කියල ඒ මිනිහ මට කොළයක් ගෙනල්ල පෙන්නුව.

ඒක කියවල බලල විස්තර ටික තහවුරු කරගෙන මම ඒ තොරතුරු ටිකත් පුරවල , අත්සනකුත් ගැහුවා.

"හරිනෙ. ආපහු මුකුත් ගෙවන්න එහෙම ඕන්නෑනෙ?"

"නෑ නෑ මාත්තිය. කෑම ඕනෙ නං ඒකට වෙනම ගෙවන්න වෙනව. හැබැයි අනිද්ද ඉඳන් මේහේ හර්තාල්..."

"නෑ නෑ කෑම ප්‍රශ්නයක් නෑ. ඒව හම්බෙනව මට"

"එහෙනං හරි මාත්තිය. මේන් යතුරු ටික."

මම ඒ මනුස්සයටත් කතා කරල , ඒ මනුස්සය දීපු යතුරු කැරැල්ලත් අරන් ආපහු කාර් එකට ආව.

තුරුලිත් මීට කලින් මෙහෙ ඇවිල්ල නෑ කියල මට හිතුනෙ, එයා ආසාවෙන් තේ වතු දිහායි මීදුමෙන් වැහුනු කඳු දිහායි බල බල දිගටම ආව නිසා.

අර මනුස්සය කිව්වත් වගේ , පාර ඉවර උනේ ලොකු තේ වත්තක් මැද්දෙ තිබ්බ තනි බිල්ඩිමකට. බිල්ඩිමක් කිව්වට ඒක කාමර හතරෙ පොඩි ගෙයක්. කම්පැනි එකෙන් ලොකු කරල කතා කරපු "ක්වාටස්" එකද මේ කියලත් හිතුන මට.

"ස... සර්.."

"කියන්න තුරුලි"

"උයන්න බඩු ගෙනාවෙ නෑනෙ සර්..."

"හරි හරි තව ටිකකින් ඒ ටික එනව මෙහෙට. කාර් එකේ ඔක්කොම ගේන්න බෑනෙ."

"ආහ් හරි සර්..."

කාර් එක ඒ ගෙදර මිදුලෙන් නවත්තල , තුරුලිටත් බහින්න කියල මමත් බැස්සා.

තුරුලි ඇඳන් ඉන්න කොට සිල්ක් සාය හුළඟට හෙල්ලෙනකොට තවත් උඩට යනව. එයත් අතකින් සාය යටින් අල්ලන් මාත් එක්ක ආව.

මේක පොඩි උනාට නවීන පන්නයට හදපු ගෙයක්. වීදුරු වලින් වටේම කවර් කරල තියෙන්නෙ. කුස්සියයි , නිදන කාමරෙයි ඇරෙන්න අනිත් ඔක්කොම එලියට පේනව. ගේ ඇතුළෙ මොනව පෙනුනත්, ඒව බලන්න නං කෙනෙක් නෑ. මොකද මෙහෙ පෙනෙන තෙක් මානෙක ගෙයක් තිබ්බෙ නෑ. වටේම තේ යාය. වොශ් රූම් එකක් එලියෙන් වෙනම හදල තියෙනව ලොකුවට. ඒකට ඇතුලෙන් යන්න බෑ. එලියෙන්ම යන්න වෙන්නෙ. සාලෙ මැද පුටු සෙටියකුයි, ටීපෝ එකකුයි තිබ්බා. ටීවි අනං මනං නෑ. කෑමකාමරෙයි, කුස්සියයි එකටම වගේ තිබ්බෙ.

ඒ ගේ කෑල්ල වටේටම තේ වත්තක්. පරිසරය උනත් අඳුරු වෙලා තිබ්බ නිසා අමුතු නිස්කලංක බවක් තිබ්බෙ.

ඒ ගෙදර ඔක්කොම හොඳයි. එකම අවුල නිදන කාමර එකක් විතරක් තිබ්බ එක. එක්කො කෙල්ලට සාලෙන් නිදාගන්න කියන්න ඕනෙ. නැත්තං බ්ලැන්කට් එකක් දාල මම බිමින් නිදාගන්න ඕනෙ.

ඒ ගැන පස්සෙ කරන දෙයක් කරනව කියල හිතල මම බඩු ටික අස් කලා. වැඩියෙන්ම තිබ්බෙ මගෙ බඩු තමයි. තුරුලි ගෙනල්ල තිබ්බෙ පොඩි බෑග් එකක්නෙ.

"තුරුලි... කුස්සියට ගිහින් බලන්න අඩුපාඩු මොනා හරි තියෙනවද කියල. හවස් වෙන්න කලින් ගිහිල්ල අරන් එන්න ටවුමෙන්"

"ආ හරි සර් මම බලන්නං"

තුරුලි කුස්සියෙ තිබුනු කබඩ් අනං මනං ඔක්කොම ඇරල අවුස්සල බලල අන්තිමට මට කතා කලා.

"සර් කේතලයක් නෑනෙ... හීටරේකුත් නෑ මම හිතන්නෙ"

"එච්චරයිද?"

"ඔ.. ඔව් සර්. උයන බඩු ඇරෙන්න අනිත් ඒව තියෙනව. සර් කිව්වෙ ඒව එනව කියල."

"හරි හරි. හවසට කේතලයක් ගමු. ආ ඒක නෙවෙයි මම අහන්න හිටියෙ"

"මො.. මොකක්ද සර්"

"ජර්සියක් ගෙනාවද?"

"අහ්.. නැ.. නෑනෙ සර්..."

"මම ඊයෙ රෑ පුන පුනා කිව්වෙ ඒකක් ගේන්න කියල. දැන් හවසට ගියාම අරන් දෙන්නං මං"

ඒක අහල, තුරුලි ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා අහක බලන් මට කතා කලා.

"අහ් එපා සර් මම ගන්නම්... මං ගාව සල්ලි තියෙනව"

"හම්ම්. ගියාම ගන්න දැන්. මෙහෙ ඒකක් නැතුව ඉන්න අමාරුයිලු."

තුනට විතර ඩීමො බට්ටා ලොරියකින් , සති දෙකකට විතර ඕනෙ කරන කෑමබීම අනං මනං එවල තිබ්බ කම්පැනියෙන්. එළවලු එහෙම කල් තියාගන්න බැරි නිසාලු, ඔක්කොම එකවර ගේන්නැත්තෙ. ඒ ගෙනාපු බඩු ටිකත් භාරගෙන , අස් පස් කරල දාල පහ වෙනකොටම මමයි තුරුලියි ටවුමට යන්න පිටත් උනා.

ඒ මට ඕනෙ කරන බඩු කීපෙකුයි , තුරුලිට ජර්සියකුයි , කේතලේකුයි ගන්න.

මගෙ බඩු ටික ගන්නයි කේතලේ ගන්නයි මහ වෙලාවක් ගියෙ නෑ. ඒ ටිකත් අරන් ඊළඟට ගියේ තුරුලිට ජර්සියක් අරන් දෙන්න. අපි ගියෙ ලොකු කඩේකට නෙවේ. සාමාන්‍ය ඇඳුම් කඩේකට.

මෙයා ඇඳන් ඉන්න කොට සාය නිසා හැමතැනකදිම තුරුලිව නෝට් වෙනව. මම සාමාන්‍යයෙන් හැංගිලා ඉන්න ආස කෙනෙක් නිසා මට ඒකෙන් අපහසුවක් දැනුනත් , වෙන කාගෙවත් ඇඳුමකට මට මුකුත් කියන්න බැරි නිසා කටවහන් හිටිය.

"සර් මම මේක ගන්නද?"

තුරුලි ජර්සියක් තෝරනකං, මම කඩේ පුටුවක වාඩි වෙලා ඉන්නකොට තුරුලි , රෝසපාට ලෝම කබායක් වගේ එකක් අත් දෙකෙන්ම තුරුල් කරන් ඇවිල්ල මගෙන් ඇහුව.

"ගන්න ගන්න. ඕනෙ එකක්. කීයද ඕක?"
කියල මම පර්ස් එක අතට ගත්ත.

"අහ්.. සල්ලි එපා සර්. මම ගාව සල්ලි තියෙනව"

"ආහ්... මදිනං කියන්න.."

පෙන්නපු ජර්සියෙ හැටියට ශුවර් එකටම ඒක 5000ක් වත් ඇති. මමත් සැකේට වගේ තුරුලි පස්සෙන් කවුන්ටරේ ගාවට ගියා.

එයා ඒ ජර්සියයි , තොප්පියකුයි අරන් කවුන්ටරේට දුන්න බිල් කරන්න.

බිල් කරල ඉවර වෙලා , කවුන්ටරේ හිටපු කෙල්ල,
"රුපියල් 8200යි මිස්" කිව්ව.

තුරුලිව මුලින්ම හම්බුනු දවසෙ , මම එයාට කාර් එක ඇතුලෙදි බැන්නනෙ. අන්න ඒ වෙලාවෙ තුරුලිගෙ මූණෙ තිබ්බ බය ආපහු එයාගෙ මූණෙ මතු උනා බිල් කරන කෙල්ල ගාන කිව්වට පස්සෙ.

"මේ කාඩ් එකට බිල් කරන්න මිස්"
කියල මම තුරුලිගෙ උරහිසට උඩින් අත දික් කරල කවුන්ටරේ බිල් කරන කෙල්ලට මගෙ ක්‍රෙඩිට් කාඩ් එක දුන්න. ඒ තුරුලි ගාණ ඇහුවට පස්සෙ ගල් ගැහිල වගේ හිටපු නිසා.

තුරුලි ගැස්සිලා මං දිහා බලනකොටයි දැක්කෙ , කෙල්ල බය වෙලා , බයට ඇඬෙන්නත් ඇවිල්ල. කෙල්ලොන්ට තියෙන ආවේණික පණ්ඩිතකම මෙයාටත් අඩු නැතුව තියෙනව කියල කිව්වනෙ මං කලින්. සල්ලි තියෙනව කියල , පණ්ඩිතකමට ගානවත් බලන්නැතුව ඇඳුමක් අරගෙන , බිල් එක ගෙවාගන්න ගියාම දඟලනව.

එයාගෙ ජර්සියත් අරගෙන අපි ආපහු ක්වාටස් එකට එනකොට රෑ හතට විතර ඇති. උයන්න පරක්කු වෙන නිසා කඩේකින් ආප්ප දහයකුත් අරගෙනමයි ආවෙ.

"ස... සර්..."

ගෙදරට ගොඩ උන ගමන් තුරුලි එයාගෙ බෑග් එක අවුස්සල අවුස්සල මට කතා කලා.

"කියන්න තුරුලි"

"අ.. ආ සර්.... මෙතන පන්දාහක් තියෙනව. ඉතුරු ටික මම පස්සෙ දෙන්නං"

කෙල්ලගෙ අතේ තිබ්බෙ ගුලි කරපු පන්දාහෙ කොළයක්. මේ එදා රෑ මම එයාට දීපු පන්දාගෙ කොළේ. මම හිතන්නෙ එයා, හවස ගත්ත ජර්සියෙ ගාන පියවන්න හදන්නෙ.

"ඕක තියාගන්න... මගෙ ගානෙ අරන් දුන්නෙ ජර්සිය"
කියල මම එයාගෙ ඔලුවට තට්ටුවක් දාගෙන කුස්සියට ගියා....

මතු සම්බන්ධයි...