Drg No
Member
Aug 08 2024 @ 19:46
උන්මාදේ ッ - 3

මතකනෙ. ශලනි එක්ක සතර කණ් මන්ත්‍රණයක් දාන්න හිතාගෙන බස් එකේ නැග්ගනෙ.
බස් එක එලවන බුවා පෙරේද යන්න තිබ්බ ගමනක් මතක් වෙලාද කොහෙද අරිනව ඇරිල්ලක් ෆුට් බෝඩ් එකේ යන එකා දෙන්න වැටෙනවද මංද මගින්.
ශලනි ගාව හිටපු වයසක පරාණයක් ඊළඟ හෝල්ට් එකෙන් බහින්නද කොහෙද එතනින් අයින් වෙලා මගෙ කකුලත් පාගන් පස්සට ගියා. ඩයල් එක වයසට ගියාට උගෙ ඇඟේ ශුද්ධ බර ඇති කිලෝ පනහක් වත්.
ඒ අවසරෙන් ශලනි පට ගාල ශීට් එකක් අල්ලන් ඉස්සරහට උනා. ශලනි ඉස්සරහට උන ගමන් මාවත් බකස් ගාල ගිහින් ශලනිගෙ පිටිපස්සට හේත්තු උනා. දැන් මම ශලනිට ජැක අල්ලල වගේ.
වෙනදට නං සුන්දර කෑල්ලක් දැක්කොත් බලෙන්ම වගේ ජැක් එක තියල අල්ලනව හිර වෙන්නම. ඒ උනාට අද මගෙ හෝමෝන සංස්ලේෂණයේ අඩුපාඩුවක් නිසා මෝල් උනේ නෑ. ඒ වෙනුවට මම ශේපට පස්සට එන්න හැදුව. මොකද ගෑනියෙක්ගෙ ඉනෙන් පහල අපේ ඇඟේ ගෑවෙනව කියන්නෙ සංවේදි අවයව අවදි වෙන්න ඒක පට්ට උත්තේජයක්. මේ දවස් වල අඳින ඉරිච්ච ලූස් ජොක්කු නිසා ඉතින් ටෙන්ට් එක වැදුනොත් නැවතුමක් නෑ.
උඩ පොල්ලෙන් අල්ලගෙන යට පොල්ල බේරන්න හදනකොට ශලනි පස්සට වෙලා මට කතා කලා.
"ගිම්හාන් අයියෙ. අවුලක් නෑ. මට අමාරු නෑ. ඔයා ඔහොම ඉන්න"
"ආහ් නෑ මේ. හරිනෑනෙ. ඒකයි. අවුලක් නෑ නංගි මම එහාට වෙන්නං"
"අනේ පිස්සුද අයියෙ. ඔන්න ඔහොම ඉන්න. මම මුකුත් හිතන්නෑ"
නඟා කියනවනං මොන මරාලයකටද මම පස්සට වෙන්නෙ. තැන බලල නිල අල්ලල ගානට ඒම් කරල ශලනිගෙ ඇඟට හේත්තුව දැම්ම එහෙම්ම.
කෙල්ල කට කොනින් හිනා වෙනව කියල මම වීදුරුවෙන් දැක්ක.
ශලනිගෙ ඇඟට හේත්තුව දාන අතරෙ මම නිකං හිටියෙ නෑ. මගෙ ඇහේ මිම්මෙන් ස්කෑන් කරල ශලනිගෙ ඇඟේ වටප්‍රමාණය , හමේ කැලල් , නිකටෙ ස්වභාවය , මඟුල් මුදු එහෙම දාලද , මැදගිල්ලෙ විතරක් නියපොතු කපලද , මැදගිල්ල ඕනෙවට වඩා හම ගිහිල්ලද වගේ දේවලුත් චෙක් කලා.
##දැන් ඔය කෙල්ලො අහන්න එපා මැදගිල්ලෙ සම්බන්ධය. ඒක උඹලට ලොකු උනාම තේරෙයි. දැනටම තේරුන උන් ඉන්නව නං ඒ කෑල්ල දැක්කෙ නෑ වගේ කියවල කතාවෙ ආතල් එක ගනින්. ඊට පස්සෙ අහවල් ආතල් එක ගනින්.
ඒ දේවල් අස්සෙ බස් එක නිකං ඔට්ටපාලු ගැටගහල හදපු වැල් පාලම වගේ වැනෙනව මෙලෝ සිහියක් නැතුව. මමත් ඒ වැනෙන වැනෙන පාරට ශලනිගෙ දොදොල් කෑල්ලට ගිහින් පතබෑවෙනව. අමාර මහ නිර්වාන සුවය ඈ...
ඒ අස්සෙ විසර්ජක ප්‍රනාලත් ආතල් එක අරන් නූපන් පරපුරවල් එලියට විදිනව.
"අයියෙ පස්සට යමු නේ. ඊළඟ එකෙන් නේද බහින්නෙ"
සුර සැප නිති පෙරලේ කිව්වලු. ආතල් ඔක්කොම කුඩු උනේ බහින තැන ළඟයි කියල දැක්කම.
ශලනිට ඉස්සර වෙන්න දීල එයාගෙ හැන්ඩ් බෑග් එකත් අල්ලගෙන මමත් එයා පස්සෙන් පිටිපස්සෙ ෆුට් බෝඩ් එක ගාවට ආව. එතන කොල්ලො නිකං අපායෙ ට්‍රාන්ස්පෝට් එකක සීසන් ටිකට් එකෙන් ෆ්‍රී යනව වගේ. ඇයි ඉතින් බස් එක එලවන්න දාල තියෙන්නෙ ජෙට් ඩ්‍රැයිවර් කෙනෙක්වනෙ. චැසි ගලෝල යනව මූ යන යෑමට.
බෙල් එක ගහලත් ඒ කාලකන්නිය නැවැත්තුවෙ හෝල්ට් එක පහු කරල ගිහිල්ල.
අපි සාමාන්‍යයෙන් හෝල්ට් එකෙන් බැහැල මීටර් දෙසීයක් විතර ඇතුල් පාරක යන්න ඕනෙ බෝඩිමට. දැන් අද මීටර් පන්සීයක් විතර යන්න වෙලා.
ශලනි බස් එකෙන් බැස්සෙම මූණ පපඩම් කරගෙන. බැහැපු ගමන් නුරුස්සන ලයින් එකේ මට කතා කලා. මං හිතුව මූණ බකල් කරන් ඉන්නෙ මං හේත්තුව දැම්මට කියල.
"අපෝ එපා වෙනව නේ අයියෙ බස් එකේ එන්න ගියාම"
"සුහුරුපායෙ හෝල්ට් එක ගාවින් නගිනකොට ඔහොම තමා"
"ඒකනෙ අප්ප. හෝල්ට් එකත් පහු කරලනෙ නැවැත්තුවෙ. පිස්සුද මංද ඒ මිනිහට"
"මේ පාරෙ බස් සාමාන්‍යයෙන් ඔක්කොම වගේ ඔහොම තමා. ඕන්නං කොටුවට ගිහින් අපිට එහා පැත්තෙ පාරෙන් යන බස් එකක එතෑකි. ඒක ලේසි. ඒ උනාට මේක ඉක්මන් නෙ"
"අනේ තව එන්න බස් එකක් තියෙනවද?"
"ඔව් ඔව්. ඒක මේ පාරෙ එන්නෑ. එහා පැත්තෙන් යන්නෙ. ඒවල නං සෙනග නෑ"
"අනේ එහෙනං හෙට ඒකෙ එමුකො. අයියට පුලුවන්ද මම එනකං ඉන්න හවසට"
"හෙට ඔෆිස් නෑනෙ. ආපහු සඳුදට තමා"
බස් එකේ කාපු පරිප්පුව නිසා ශලනිට දවසත් අමතක වෙලා. මම නං හිටි ගමන් සෙනසුරාදටත් යනව ඔෆිස් එකට. ඒ උනාට ඒ කලාතුරකින්.
"ආහ් ඔව්නෙ. හරි හරි සඳුදට එහෙම එමුකො"
"එමු එමු"
හෙන වගකීමෙන් වැඩ කලාට ශලනි හැසිරෙන්නෙ තාම පොඩි කෙල්ලෙක් වගේ. පිළිවෙලයි , කෙලි ගතියයි , විසේකාර කමයි ඔක්කොම එකතු උනාම..... පංකාදු පහයි.
"මේ ඔයාගෙ වයස කීයද? නංගි නංගි කිව්වට වයසක් දන්නෑනෙ?"
"මට විසි හතරයි අයියෙ. අයියගෙ? "
මල හුට්ටප්පරයි. ජපන් පරිප්පුවක් අද කන්නෙ. මටත් විසි හතරයි කියල මේකිට දැන් කොහොමද කියන්නෙ. දිගටම නංගි නංගි කියන්නත් බෑ.
"හේ... ආපහු අයියා කතා ඕන්නෑ. මටත් විසි හතරයි"
"ආනේ.... අයියා පාට් එක දැම්මට මගෙ වයසෙමනෙ."
"ඒකනෙ. නොදැන කල පව් ගෙවී යන්නට... සමාවක් දෙනු මට සොඳින්..."
ශලනිට හිනා ගියා ඒක අහල.
දැන් නෝමල් එකේ කතා බහ කරන නිසා 'Get A girlfriend - exclusive' ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ සේපට.
"මේ ශලනි. ඒක නෙවේ. නම්බරයක් එහෙම නැද්ද."
"තියෙනව ඒ මොකටද?" එයා නොරොක්කලේට වගේ හිනාවකුත් දාගෙන ඇහුව.
"නෑ ඉතින් නිකං. දැනගෙන ඉන්න එක හොඳයිනෙ. එක බෝඩිමේනෙ"
"හා හා ගහගන්නකො"
"ඉන්න."
මම සුරුස් ගාල ෆෝන් එක අරන් කී පෑඩ් එක දාගත්ත.
"07# ### #### හරිද?"
"හරි. බලන්න මේක නේ?"
කියල මම කෝල් එකක් ගත්ත.
ට්‍රීං.... ට්‍රීං.....
ශලනිගෙ හෑන්ඩ් බෑග් එකෙන් ෆෝන් එකක් රින් වෙන සද්දෙ ආව. එයා ෆෝන් එක අරන් කෝල් එක කට් කලා.
"හරි එහෙනං."
"හරේ"
දැන් නං නිකං සදාකාලික ප්‍රේම පුරාණෙක ඉරණම් කාරයො වගේ සීන් එකකට යනව. අද රෑට ටයිමරේ තියල හෙට බෝම්බෙ පිපුරුව නං ගොඩේ ගොඩ. කෝකටත් උදේටත් බස් එකේ යන්න සෙට් වෙන්න ඕනෙ. එතකොට ලයින් එකක් අල්ලගත්තෑකිනෙ.
"මේ ශලනි. උදේට කීයටද බස් එකේ යන්නෙ. මම උදේට යනකොට ඔයා පාරෙ නෑනෙ"
"මම හයයි තිහට හෝල්ට් එකට එනව අනේ. ඒකයි. ඔෆිස් එකට කලින් පොඩ්ඩක් යන්න ඕනෙ"
"ආ එහෙමද. සුහුරුපායෙ මොකේද වැඩ කරන්නෙ?"
"මම id ඔෆිස් එකේ ගිම්හාන්. වැඩබලන අධ්‍යක්ෂක. දැනට ඉන්නෙ සහකාර අධ්‍යක්ෂක. මට SLAS class 1 වෙනකං ප්‍රමෝට් එක ස්ථිර කරගන්න බෑ. ගිම්හාන් මොකක්ද කරන්නෙ?"
සල්ලිකාර නම්බුකාර ඔයාට මේ හිඟන්නාව ගැලපෙන්නෑ නෝනෙ... කොහොම කියන්නද... මොනව කරන්නද... නැත මට වැටහෙන්නේ.... කෙටියෙන් පවසමී.. මගේ ආදරේ... හෝව් හෝව් සබ්ජෙක්ට් එකෙන් පිට යනව.
"මම පීසි ඔපරේටර් කෙනෙක්. තාම ස්ථිර කලේ නෑ. ලබන මාසෙ විතර කරයි."
"ශෝක්නෙ"
"ඔයාලගෙ තරන් ලොකු තනතුරු නෙවේ ඉතින්."
"එහෙම නෑ. රස්සාව හරියට කරනව නං , මම කියන්නෙ සුලු සේවකයෙක් උනත් උසස් කරල සලකන්න ඕනෙ"
ඒකනෙ බං අවුල. රස්සාව පොඩි එක වෙනම දෙයක්. ඒකත් මම හරියට කරන්නෑනෙ. හරියට කරනව නං අවුරුද්දක් හිටීද කියහංකො ස්ථිර නොකර.
ශලනි හිතන විදිහ ඇත්තටම හෙන සුන්දරයි. අර බොහොම පොඩි පිරිසක් ඉන්නවනෙ ලෝකෙ ලස්සන පැත්ත ගැන විතරක් හිතල සතුටු වෙන අය. ශලනිත් ඒ ටයිප් එකේ කෙනෙක් කියල මට මේ කරපු පොඩි පොඩි කතාවල් වලින් තේරුනා.
කයිය ගහගෙනම අපි දෙන්න බෝඩිමට ආව. හොඳ පණ ගිහිල්ල මට. මට මේ බස් එකේ එන එක තමා දේශපාලනෙන් පස්සෙ එපාම කරපු දේ. එහෙම්ම අපිට ලියුම් එහෙම ඇවිල්ල තියෙනවද බලල පඩිපෙල නගින්න ගත්ත.
"ආ ශලනි. හෙට ගෙදර යනවද?"
"නෑ ගිම්හාන්. මොකෝ ඇහුවෙ?"
"හෙට අපි කොළඹ යනව බඩු ගන්න. ඔයාත් එනව නං එන්න. යාලුවො ඉන්නව නං අරන් එන්න. මගෙ කාමරෙ අනිත් උන් දෙන්නයි මමයි විතරයි"
"ඒ කියන්නෙ ශොපින්ද?"
"ම්ම්ම්ම් ඒ වගේ තමා"
"වාව්.... කීයටද යන්නෙ. මම එන්නං. අනේ මටත් ගන්න දේවල් ගොඩක් තියෙනව"
මොන ගෑනි උනත් ශොපින් කිව්වම නිකං වතුරට දාපු සෝඩියම් කෑල්ල වගේ හෙන උද්දාමෙකට පත් වෙනව. ඒව වර්තමානයේ පොදු නියත.
"අපි දහයට විතර යනව. මම මැසේජ් එකක් දාන්නං. වට්සැප් ඉන්නව නේ?"
"ඔව් ඔව්. අනේ එක්කන් යන්න හොඳේ!"
"හරි හරි අයියො."
කරගැහුවෙ ලෝක අමාරුවකටද කියලත් නොහිතුනාම නෙවේ.
තුන් වෙන් තට්ටුවෙන් ශලනි මටත් බායි කියාගෙන කොරිඩෝව දිගේ ඉස්සරහට ගියා. මම බෑග් එක අල්ලන් , මල් මල් ඉහිරුණු හිතත් තද කරන් ගැම්මෙන් උඩට නැග්ග. කොල්ලො ටික උඩ ඉඳන් දැකලද කොහෙද මමයි ශලනියි ඩබල් දාල එනව පාරෙ. කට්ටිය විසිල් ගගහ චියර් පාරක් දුන්න. ඇම්ඩත් වේලසනම ඇවිල්ල රෙඩ් ලේබල් එකක් අරන්. මෝලා ඒකට කෙල පෙර පෙර ආනාපනසති භාවනාව වඩනව.
"මොකෝ ඉතින් උනේ. උඹේ වල්ගාතරුව ටෝක් උනාද?"
ඇම්ඩන් මගෙන් ඇහුව.
"තාම නෑ බං. මේ.... හෙට ශලනිත් එනව කිව්ව ඈ කොළඹ යන්න"
"ඔය කොරල තියෙන්නෙ ලබ්බට ගහපු කෝට්ට වගේ ගොන් වැඩක්. යකෝ... අපි හෙට ශොපින් නෙවේ යන්නෙ. තොට බඩු ගන්නයි මගෙ ඩොකියුමන්ට් ටිකක් ගන්නයි"
"හරි හරි බං. ශලනිවත් එක්කන් යමු ඉතින්. ඒකිටත් ඔය ගන්න අනං මනං ඇතිලුනෙ. ඒක නෙවේ. ශලනිලු බං id ඔෆිස් එකේ සහකාර අධ්‍යක්ෂක. මම හිතන්නෙ කෙලින්ම SLAS විභාගෙ ලියලද කොහෙද ආපු ගමන්"
"අප්පටසිරි. මම හිතුව මේ ක්ලාක් කෙල්ලෙක් කියල. වැදගත් පවුලක කෙල්ලෙක් නං තමා. දැක්කම පේනව. ඉගෙනගත්තු හොඳ දරුවෙක්. පරිස්සමට ටෝක දහන් ඈ. ඕව ඉක්මනට පත්තු වෙනව"
ඇම්ඩට තියෙනව ලව් එෆෙයාර් ගැන ආචාර්ය උපාධියක්. මිනිහ ඉස්කෝලෙ කාලෙ ඉඳන් ලව් කරන්නෙ. කෙලින්ම පළවෙනි කෑල්ල ටෝක් කරල තියෙන්නෙ හත වසරෙලු. ඌ දැන් වැඩිය කෙල්ලො පස්සෙ යන්නැත්තෙ උට ලව් කිරිල්ල එපා වෙලා නිසාලු. බිකෝස් අවුරුදු 10ක් තිස්සෙ ඌ බූට් 24ක් විතර කාල තියෙනවලු.
ගෑණු චපලයි අපිට අපලයි.
"අඩෝ කඩමුද දැන්වත්"
මෝලා ඉන්නම බැරි තැන බෝතලේ දිහා බලන් අපෙන් ඇහුව.
"හිමින් සැරේ බොමු ලබ්බො."
"අඩෝ ඉතින් දැන් බොමුකො"
"ඉඳහන් යකෝ කොත්තුවකුත් ගෙනල්ලම වැඩේ පටන් ගමු. තව විනාඩි තිහකින් විතර මම ගිහින් ගේන්නං"
කියල ඇම්ඩා , මෝලව කූල් ඩවුන් කලා.
අද සිකුරාද නිසා බෝඩිමේ ගොඩක් උන් ගෙවල් වල යනව. ඉතින් සිකුරාදට උයන්නෑ. ඉන්න කීප දෙනා විතරක් කඩෙන් මොනා හරි ගෙනල්ල කොටා බානව. අද පස් වෙනි තට්ටුවෙන් ඉන්නෙ අපි තුන් දෙනා විතරයි.
හයට විතර ඇම්ඩා ගියා කොත්තුවක් ගේන්න. මමත් බාතෲම් එකට වැදිල නාල කරල රෙඩි උනා සප්පායම් වෙන්න. මෝලා නං හිත ධමනය කරගන්න අමර ගේමක් දෙන්නෙ.
"ගිමා... උඹට කෝල් එකක් බං... නමක් වැටෙන්නෑ"
කාමරේ ඉඳන් මෝලා කෑගැහුව නිසා සැනික ටවල් එකකුත් ගැට ගහන් මම කාමරේට ආව.
ඒ ශලනි. නම්බරේ තාම දැක්කෙ එක පාරයි උනාට මට ඒක හිතට කා වැදුන ඒ පළවෙනි පාරෙන්ම.
"හෙලෝ.."
"හෙලෝ... මේ ගිම්හාන්... මම ශලනි....අනේ අද උයන්නැද්ද බෝඩිමේ"
අප්පටසිරි... මට ඒක කියන්න බැරි උනානෙ. සිකුරාදට කඩෙන් ගෙනල්ල කන්නෙ කියල.
"අහ්. ශලනි. මේ අද සිකුරාදනෙ. කට්ටිය ගෙවල් වල යන නිසා සාමාන්‍යයෙන් සිකුරාදට ඉන්න කීප දෙනා විතරක් කඩෙන් මොනා හරි ගෙනල්ල කන්නෙ. ඔයාගෙ කාමරේ අනිත් අය නැද්ද?"
"රශ්මි නං ඉන්නව. චතුමි අක්ක ගෙදර ගියා. අනිත් කාමර ගොඩක් හිස්"
රශ්මියි චතුමියි කියන්නෙ මටත් කලින් මේ බෝඩිමට ඇවිල්ල තිබ්බ ඩබලක්. ඉස්සර ඒ කාමරේ තව හිටිය නෙහාරා කියල අක්ක කෙනෙක්. එයා බැඳල වෙනම ගෙදරකට පදිංචියට ගියා මාස දෙකකට විතර කලින්. දැන් මේ ශලනි ඇවිල්ල තියෙන්නෙත් ඒ කාමරේට.
"හරි හරි. ඔයාල මොනාද කන්නෙ. රයිස් එකක් ද? කොත්තුවක් ද වෙන මොනා හරිද?"
"ඉන්න බලන්න"
ශලනි ෆෝන් එක එහාට කරල කාටද කතා කරනව ඇහුන. ටිකකින් ආපහු එයා මට කතා කලා.
"රයිස් එකක් පුලුවන් වෙයිද? අනේ ඔයා දැන් පයින් යනවද කඩේට"
"නෑ නෑ එකෙක් දැන් ගියා කෑම ගේන්න. මම උට කියන්නං."
"අනේ ලොකු උදව්වක් ගිම්හාන්. තෑන්ක් යූ"
'ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් එන්නම් කෙල්ලෙ' කියල කියන්න හදලත් , පස්සෙ අමාරුවෙන් ඒ වචන ටික ගිලල දැම්ම.
"ඕක මොකක්ද. මම කාමරේට ගෙනත් දෙන්නං අරූ ආවට පස්සෙ"
කෝල් එක කට් කරල එහෙම්ම ගත්ත ඇම්ඩට කෝල් එකක්.
ඕකා බයිසිකලේ එලවන වෙලාවටත් fb යන ජාතියෙ එකෙක්. ඉතින් කෝල් එක ගත්ත ගමන් එහෙන් ඌ ආන්ස්වර් කලා. මම උට සීන් එක කියල ආපහු නාන්න ගියා.
හයයි හතලිහට විතර ඇම්ඩා ආපහු එනකොට මමයි මෝලයි අපේ කාමරේ පොඩි මේසෙයි පුටු තුනයි වතුර එකයි ලෑස්ති කරල තිබ්බ. මම ඇම්ඩා උඩට එන්න කලින් තුන් වෙනි තට්ටුවට බැහැල හිටිය.
කිව්ව වගේම පත කොත්තුවකුයි බත් එකකුයි ගෙන්නල ඌ. ඉතින් මම රයිස් එකයි ශොපින් එකයි අරන් , උට කොත්තුව අතේ අරන් පලයන් කියල ඌව යැව්ව උඩට.
සුවඳ සබන් ඇඟ ගාල නාල කරල ඉන්න නිසා රිතික් රෝශන් හවසට දීපිකා පදුකෝන්ව බලන්න යනව වගේ ගැම්මට ගියා කොරිඩෝව දිගේ. ශලනිගෙ කාමරේ අහගන්න ඕනෙ උන්නෑ. එයාගෙ කාමරේ ඉන්න අනිත් දෙන්න ගැන කිව්වම මම දැනගත්ත කාමරේ. එයාල ඉන්නෙ කොරිඩෝවෙ එහා පැත්තෙ කෙලවරේම කාමරේට කලින් කාමරේ.
කොලර් එක එහෙම හදාගෙන , දොරට තට්ටු කලා මං.
විනාඩියක් විතර හිටිය. no answer.
ආපහු පාරක් දොරට තට්ටු කලා. මෙන්න ඒ ගමන නං ඇතුලෙන් දොර අරිනව ඇහුන.
සංසාරේ බවේ දුකා කිව්වලු. මල හත්තිලව්වක් වෙලා තියෙන්නෙ. දොර ඇරියෙ වෙන ගෑනියෙක්. ශලනිවත් රශ්මිවත් නෙවේ. දොර ඇරියෙ මේනකා කියල අක්ක කෙනෙක්.
මේනකා කියන්නෙ කෙලින්ම ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට් එකක් වගේ. (open source project). කැමති එකෙක්ට කැමති වෙලාවක කැමති විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ඕකිත් ඉන්නෙ එසේ මෙසේ අමාරුවකින් නෙවේ. මම ජන්ඩියට ඇඳගෙන එහෙම ඇවිල්ල ගැම්මෙන් දොර ඉස්සරහ හිටන් ඉන්නව දැකපු නිසාද කොහෙද ඒකි හුරතලේට වගේ කතා කලේ.
"මොකෝ ගිම්හාන් මල්ලියො මේ හවස."
"ආහ් නෑ.. මේ... මම හෙව්වෙ"
"හරි හරි කොල්ලො මොකෝ ඉතින්... මොනා හරි විශේෂ දෙයක්වත් ඔනෙ වෙලාද"
මේකිගෙ විශේෂ දේ ඉතින් මම නොදන්නව ඈ. පොඩි කික් එකක් ආවත් ශලනිව මතක් උන නිසා ඒ හැඟීම යටපත් කරන් මම ටෝක දැම්ම.
"ආ නෑ අක්කෙ මේ. අර බෝඩිමට ආපු අලුත් කෙනා ඉන්න කාමරේ මොකක්ද?. රශ්මි එහෙම ඉන්නෙ"
මම ඒක කියනකොටම අල්ලපු කාමරේට එහා පැත්තෙ කාමරේ දොර ඇරගෙන ශලනි එලියට ආව. මගෙ සද්දෙ ඇහිලද කොහෙද. මම දිහා බලල හිනා වෙලා අත වනල එන්න කිව්ව.
"ආ හරි අක්කෙ. එයාල අර කාමරේ. මම යන්නං"
කියල මේනකා අක්කට ඩිෆෙන්ස් එක දැම්ම.
"හා හා මල්ලියො. මොනා හරි ඔනෙ උනොත් එන්න"
ඔව් ඉතින් ඕනෙ වෙලාවක ඕපන් නෙ ඕනෙ එකෙක්ට.
මම සැනික ශලනි ගාවට දුවන් ගියෙ ශලනිට තිබ්බ කැමැත්තට වඩා මේනකා අක්ක එක්ක ටෝක දානව දැකල මට කතා හැදුනොත් කියල බයට.
"ඒ කොහෙද මෝඩයො ගියේ."
ශලනි මම ළඟට ආපු ගමන්ම මගෙන් ඇහුව කින්ඩි හිනාවක් දාගෙන.
"මම දන්නෑනෙ ඔයාල කාමරේ වෙනස් කලා කියල. මම හිතුවෙ කලින් කාමරේම ඉන්නව කියල."
"ආහ්. මම නං එනකොට රශ්මියි චතුමි අක්කයි මේකෙම තමා හිටියෙ."
"හරි හරි ඒකෙන් වැඩක් නෑ. මෙන්න රයිස් එකක් ගෙනාව. හරිනෙ. තව මොනා හරි ඕන්නං කියන්න."
"තෑන්ක් යූ ගිම්හාන්. ඉන්න මම සල්ලි අරන් එන්නං. කීයක් උනාද"
"ඒව පස්සෙ කරගම්මුකො. මම යනව එහෙනං"
"අනේ සල්ලි අරන් යන්න"
"එපා එපා. පස්සෙ බලමු"
ශලනිටත් යනව කියන් මම උඩට ආව. ඇම්ඩා කොත්තුව දිග ඇරල මේසෙන් වාඩි වෙලා ඉන්නව. මෝලා කොත්තුවද? බෝතලෙද? කියන තීරණ දෙක අතරෙ හිර වෙලා මාරුවෙන් මාරුවට බෝතලෙයි කොත්තුවයි දිහා බලනව.
මමත් ඇවිල්ල වාඩි උනාම ඇම්ඩා පිළිගැනීමේ කතාව කලා.
"එහෙනං.... අපේ ගිමා බෝඩිමේ ලස්සනම කෙල්ල ටෝක් කිරීමේ ප්‍රීතියට සහ එම දෙපළ ඉක්මනට එකතු වේවා කියන විශ්වාසයෙන්.... සව්දිය පුරමු!"
මතු සම්බන්ධයි...
ශලනි එක්ක ශොපින් ගිය හැටි ඊළඟ කොටසින්