දහවැනි දිගහැරුම...❤️
" හෙලෝ... " හැමෝටම ඇහෙන විදිහට කෝල් එක ස්පීකර් දාලා විෂාන් කතා කරා.
" අනේ අයියේ...."
ඒ කටහඬ අඳුරගත්ත අවී විෂාන්ගෙන් ෆෝන් එක උඳුර ගත්තා.
" සුදූ...."
" අනේ අයියේ.... මාව බේරගන්න.... අනේ ඉක්මනට එන්නකෝ...." නුහී අඬමින් කියනකොට වටේ හිටපු අයගේ ඇස්වල කඳුලූ ආයෙත් අලුත් වුනා.
" දෝණි ඔයා කොහෙද ඉන්නෙ මැණික... ඉන්න තැනක් ගැන මොනාහරි හෝඩුවාවක් කියන්න මැණික...." තේශ්.
" මම... මං මාව බලාගන්න දාලා හිටපු කෙනාට ගහලා පැනගත්තා... දැන් පාරට ඇවිත් ඉන්නේ... මට තාම පාර කියන්නවත් බෝඩ් එකක්වත් හම්බුන්නෑ... තනිකර කැලේ විතරමයි තියෙන්නෙ..." නුහී.
" සුදූ ඔය ෆෝන් එකේ location share කරන්න පුලුවන්ද..." නවී.
" පුලුවන් අයියේ...."
" එහෙනම් ඉක්මනට එවන්න අපි දැන්ම එන්නම්..."
පැයකට විතර පස්සේ නුහීව ආපහු හොස්පිටල් එකට එක්කගෙන එන්න පුලුවන් වුනා. ඒ වගේම යුහීටත් තාම සිහිය ඇවිත් තිබ්බේ නෑ.
" සුදූ කවුද ඔයාව පැහැරගෙන ගියේ... ඒ අය ගැන විස්තරයක් දන්නෙ නැද්ද..."
" නෑ තාත්තී... එයාලා කලුපාට රෙදිවලින් මූණ වහගෙන හිටියේ... අනික මම එතනින් පැනගන්න තිබ්බ හදිස්සිය හින්දා කාගෙවත් මූණ බලාගන්න හම්බුනේ නෑ..."
" කමක් නෑ මැණික.... කෝ අර ෆෝන් එක..."
" මේ තියෙන්නේ තාත්තී..." නුහී ෆෝන් එක ආදිට දුන්නම ආදි ඒක අරන් සාක්කුවට දාගත්තා.
" තාත්තී කෝ අම්මී..." නුහී ඇහුවේ අනික් හැමෝම හිටියත් යුහී පේන්න හිටියේ නැති හින්දා.
" මේ අම්මා.... දෝණි..." ආදි යුහී ගැන කියන්න පැකිලෙද්දී නුහීට තේරුනා යුහීට මොකඛරි ප්‍රශ්නයක් වෙලා කියලා.
" තාත්තී.... අම්මීට මොකද වුනේ..."
" දෝණි අම්මා ICU එකේ..."
" මොකක්...." කියපු නුහී ඇඳෙන් නැගිටලා එක පිම්මේ දිව්වේ ICU එකට.
අනිත් හැමෝමත් නුහීගේ පස්සෙන් දුවගෙන ගියා.
යුහී ළඟට ගියපු නුහී යුහීගේ අත අල්ලගෙන,
" අම්මී... ඔයාට මොකද වුනෙ අම්මී... නැඟිටින්නකෝ... අම්මී.... මට බඩගිනි අම්මී.... මම අද දවසටම කාලා නෑ... ඔයා මට උයලා දෙන්නැද්ද අම්මී... නැගිටින්නකෝ... අනේ අම්මී..." කියමින් අඬන්න ගත්තා.
මේ දිහා බලන් හිටපු අනිත් හැමෝගෙමත් ඇස්වල කඳුලු පිරුනා.
අවී නවී දෙන්නත් ඇවිත් යුහී ළඟින් හිටගෙන අනික් අතින් අල්ලගත්තා.
" අම්මී බලන්නකෝ සුදූ ඇවිත් ඉන්නේ... එයා හොඳින් ඉන්නවා අම්මී... බලන්නකෝ අම්මී නැගිටින්නකෝ..."
යුහීගේ ඇසිපිය සෙමින් සෙලවෙන්න ගත්තේ මවකගේ ආදරය එසේ මෙසේ දෙයක් නොවන බව පෙන්වමින්.
යුහීවත් ඩොක්ටර් චෙක් කරලා දැන් කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වම තමා හැමෝගෙම ඇඟට ලේ ටිකක් ඉනුවේ.
කට්ටියම යුහීගේ කාමරේට වෙලා කතාකර කර ඉන්න කොට එකපාර දොර ඇරන් ආවේ සිනේශ්.
සිනේශ්ව දැක්කම හැමෝම පුදුම වුනේ එයාව මේ මොහොතේ කවුරුත්ම බලාපොරොත්තු නොවුන නිසා.
නුහී දිහාම බලන් අමුතු හිනාවකුත් දාගෙන ආපු සිනේශ් නුහී අතට මල් බොකේ එක දුන්නා.
" ඉතින් මිස් විස්කි දැන් සනීපද...."
" ඔව් මිස්ටර් හස්කි... I'm fine now... මොකෝ මේ පැත්තේ..."
" මම ඔයාව බලන්න ආවේ... මොකද අපිට කන්ට්‍රැක්ට් එක ගැනත් කතා කරගන්න තියනවනේ නේද..."
" ඕ... මම ඩිස්චාර්ජ් වුන ගමන් ඒ ගැන කතා කරන්න එන්නම්...."
" okay... එහෙනම් මම යන්නම්... පස්සේ හම්බෙමුකෝ... මේක මගේ බිස්නස් කාර්ඩ් එක..." කියපු සිනේශ් නුහී අතට කාඩ් එකත් දීලා රූම් එකෙන් එළියට ගියේ අනිත් අය දිහා බලන්නෙවත් නැතුව.
" ඒ ළමයා මහ අමුතු කෙනෙක් නේද..." යුහී කිව්වේ රූම් එකේ දොර දිහා බලන්.
" ම්ම්.. ඒක තමයි.. මටත් වැඩියේ ඇල්ලුවේ නෑ.. සුදූ කෝකටත් ඒ කොල්ලා එක්ක වැඩ කරද්දි පරිස්ස්මින්..." තේශ්.
" බොස්... වැඩේ ගැස්සුනා.. අපිට කලින් වෙන සෙට් එකක් වැඩේට බැහැලා... උන් අපේ උන්ටත් ගහලා කෙල්ලව උස්සලා තියෙන්නේ... අපේ උන් තාම හොස්පිටල් එකේ..."
කෝල් එක අහගෙන හිටපු පුද්ගලයාගේ තරහව වැඩිකමටම අතේ තිබ්බ මත්පැන් වීදුරුව කුඩු වුනා.
" තොපිට දෙන වැඩක්වත් හරියට කරගන්න බෑ... අඩුම ඒකිව අර කම්පෙටිෂන් එකෙන් අයින් කරලා දානවත් බැරි වුනා... ෂිහ්... තමුසෙලා නම්... දැන් ඉතින් ඒකිව සෑහෙන කාලෙකට අල්ලන්න වෙන්නෑ ඒකි රට ගියාම... තමුසෙලාට වැඩක් දෙනවට වඩා හොඳයි මම්ම කරගන්න එක... තියපන් ෆෝන් එක.. " කියමින් කෑ ගැසූ ඔහු කෝල් එක කට් කරා.
ඒත් එක්කම ඔහුගේ කාමරේට ආවේ ශාක්‍යා.
" සුදු අයියේ ... මොකද වුනේ..."
" ෂික්.. මේ බල්ලොන්ට දෙන කිසිම වැඩක් කරගන්න බෑ.. අපතයෝ සෙට් එකක්... අදත් අරකිට වැඩේ දෙන්න බැරිවුනා... ඒකි දැන් හොඳට හිනාවෙවී ඉන්නවා... ඒකි විතරක් නෙවෙයි ඒ මුලු පවුලම.. උන්ව දකිද්දිත් මට හිතෙන්නෙම එතනම මරලා දාන්න..."
" කාම් ඩවුන් අයියා ... නුහිනිට අපි හොඳ වැඩක් කරමුකෝ..."
" ඒකිට තව සෑහෙන කාලෙකට මුකුත් කරන්න වෙන්නෑ ඒකි රට යන්න යන්නේ..."
" වට්... එහෙනම් වෙන ප්ලෑනක් ගහන්න වෙනවා... මං ගාව අයිඩියා එකක් නම් තියනවා.. ම්ම්ම්.... බලමුකෝ..."
" මොකක්ද...."
" බලාගෙන ඉන්නකෝ අයියේ... මම කරන දේ..."
සති දෙකකට පස්සෙ කට්ටියම හිටියේ එයාපෝට් එකේ. ඒ නුහීට සමුදෙන්න. නුහී ඇමරිකාවට යන්නේ එයාගේ ඉගෙනීම වැඩවලට.
" සුදූ යන්නම ඕනද...." නුහීගේ ඔලුව අතගාමින් නවී ඇහුවා.
" මං ඉක්මනට එන්නම් අයියේ... ප්‍රොමිස්..." නුහී නවීගේ පපුවට තුරුල් වුනේ ඇස්වල තියන කඳුලු ඒ අයට නොපෙනෙන්න.
" ඒත් චූටි අනේ යන්න එපා අප්පා... තමුසේ ගියාම කවුද අපිට වද දෙන්නේ ආ..." නවී.
" අයියෝ බය වෙන්න එපා අනේ මං හැමදාම කෝල් කරලා වද දෙන්නම්කෝ..." නුහී නවීට තවත් තුරුලු වෙමින් කිව්වා.
එකපාරටම නවීගෙන් ඈත් වුන නුහී කඳුලු පිසදමමින් වටපිට බැලුවේ අවී කොහෙද කියලා.
එතකොට තමා කෙල්ල දැක්කෙ අවී ඈත තියන කණුවකට හේත්තුවෙලා එයා දිහා බලන් ඉන්නවා.
ඉක්මනට නවීගේ අතිනුත් ඇදගෙන නුහී අවී ළඟට දිව්වා.
" චූටි අයියේ ඔයාට මං යනවට දුක නැද්ද...." නුහී බෙල්ලත් ඇදකරලා ඇස්වල කඳුලු පුරවන් අහද්දී අයියලා දෙන්නටම තමන් කොල්ලො කියන එකත් අමතක වුනා.
තුන්දෙනාම ඊළඟ මොහොතේ බදගෙන අඬන්න ගත්තා. යන එන අය පවා මේ තුන්දෙනා දිහා බලන් හිටියේ ඒක හරිම සංවේදි දර්ශනයක් නිසා.
ඇත්තටම කිව්වොත් මේ මේ තුන්දෙනා වෙන්වෙන පළවෙනි වතාව.
ආදි යුහී දෙන්නත් ඇවිල්ලා තමන්ගේ දරුවන්ට එකතු වුනේ එයාලටත් නුහී රට යන එක දරාගන්න බැරි නිසා.
ඒත් අන්තිමට මෙයාලට නුහීට යන්න දෙන්න වුනේ නුහීගේ ෆ්ලයිට් එකට එනවුන්ස්මන්ට් එකත් දුන්න නිසා.
යන්න ඉස්සර වෙලා ආයෙමත් අම්මටයි තාත්තටයි සමුදුන්න නුහී නවීවත් වැළඳගෙන නවීටත් සමුදුන්නා.
ඊළඟට අවීවත් වැලඳගත්ත නුහී අවීගේ කනට කරලා...
" චූටි අයියේ මගේ නෑනෑව හොඳට බලාගන්න ඈ... ආයේ දෙන්නා රොමෑන්ටික් වෙනවා නම් මතක් කරලා කාමරේ දොර වහන්න හරිද..." කියපු නුහී අවීට ඇහැකුත් ගහලා ඉක්මනට එයාගේ ලැගේජ් ගන්න ගියා.
" ඒයි සුදූ... තමුසෙද එතකොට එදා..." අවී කෑගැහුවේ යන නුහී දිහා බලන්.
" මං විතරක් නෙවෙයි... ආයුත් හිටියා..." කියපු කෙල්ල ආයු දිහා බලලා ඇහැක් ගැහුවේ මූණ බෙරි කරගත්ත ආයු සීන් එක තේරිලා පස්ස නොබලා දුවන්න ගද්දි.
අවීත් ඒ පස්සෙන් දිව්වේ ආයුව අල්ලන්න. නුහී බඩත් අල්ලන් හිනාවෙන්න ගත්තේ මෙච්චර වෙලා දුකෙන් හිටපු අයටත් ඒ හිනාව ඉක්මනටම බෝ වෙද්දි.
අන්තිමට නුහී යන්න ගියත් එයා එයා එක්ක හිටපු අය හිනස්සලමයි යන්න ගියේ.
නුහී ගිහින් ෆ්ලයිට් එකේ එයාගේ සීට් එකේ ඉඳගෙන මැගසින් එකක් බලන්න යද්දී එයාගේ එහා පැත්තෙන් සීට් එකෙන් කෙනෙක් ඉඳගත්තා. වැඩියේ ගණන් ගත්තේ නැති නුහී පාඩුවේ මැගසින් එක බලද්දී ඒ කෙනා නුහීට කතා කළා.
" හායි නුහී..."
නුහී එකපාර ගැස්සිලා බලද්දී හිටපු කෙනා දැකලා උන්හිටි තැනුත් අමතක වෙලා කෑගැහුනා....
______________________________________