Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Dec 17 2024 @ 11:09

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 9



නවවැනි දිගහැරුම...❤️
මේ අතරේ තවත් තැනක...


කට්ට කරුවල කාමරේක වහලේ තියන පුංචි සිදුරකින් ඉර එළිය වැටෙන්නේ ඒ කාමරය මැද පුටුවක ගැට ගහලා සිහිය නැතුව ඉන්න කෙනෙක්ට.


ඒ කෙනා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා අඳුරගන්න බැරි තරමට ඒ පුංචි ඉර එළියට වඩා අඳුර බලවත්.


පුටුවේ බැඳලා දාලා ඉන්න කෙනාට ගැහුව අයුස් වතුර පාරකින් ඒ කෙනාට සිහිය ආවා.




ඒත් කතාකරන්නවත් බැරි තරන් ඒ කෙනා දුර්වලයි.


කාමරේ පිටතින් ඇහෙන අඩි සද්දයත් මේ කෙනා හදගැස්මත් එකම වගේ. ඒ තරන් වේගෙන් ගැහෙනවා.


කාමරේ දොර ඇරෙනවත් එක්කම ලයිට්ස් ඔන් වුනා. කාමරේ මැද පුටුවේ හිටියේ....






නවිත් උඩගෙදර.... 






කාමරේ ඇතුළට ආපු කෙනා කිව්වෙ එහෙම තමා...






" ඉතින් මිස්ටර් නවීත් උඩ ගෙදර... කොහොමද.... "




නවීත් ඒ කෙනාව දැක්කම හිටියටත් වඩා බය වුනා...


















මේ අතරේ ආදිලා නුහීව හැමතැනම හොය හොය හිටියේ. 






" උබ watch එකෙන් location බැලුවේ නැද්ද..." හැමතැනම හෙව්වත් නුහී නැති තැන තේශ් ඇහුවා.






" අර බලපන්..." කියලා ආදි නුහීගේ රෝහල් ඇඳ ළඟ තිබ්බ මේසේ පෙන්නුවා. ඒක උඩ යුහීගේ watch තිබ්බා.






" ඕ... ෂිට්...." තේශ් ඔලුවේ අතගහගත්තා.






හොස්පිටල් එකේ CCTV check කරද්දි එයාලා දැක්කෙ නුහීව කළු ඇඳගෙන මූණ වහගත්තු පිරිසක් සිහි නැති කරලා අරන් යනවා. වාහනේ නම්බර් එක බලාගන්න උත්සාහ කළත් ඒ කිසිම දෙයක් හරි ගියේ නෑ.






මේ වෙනකොට පොලිසියෙනුත් මේ ගැන විමර්ෂණ කරමින් හිටියේ.




පැය තුන හතරක් ගතවුනත් එයාලට නුහීගේ හෙවනැල්ලක්වත් හොයාගන්න බැරි වුනා. 








" තාත්තා මේක අර ශාක්‍යාගේ වැඩක් වෙන්න බෑද..." අවී ආදිගෙන් ඇහුවේ නුහීව කොළඹ පුරාම හෙව්වත් එයාලට හොයාගන්න බැරි වුන හින්දා.






" එහෙම වෙන්නත් පුලුවනෙ පුතා.. ඒත් අපිට සාක්ෂි නැතුව කිසිම දෙයක් කරන්න බෑ.. * ආදි 






" ඒත් තාත්තේ නංගිට සීරීමක් හරි වෙලා තිබ්බොත් මං උන් එකෙක්වත් ඉතුරු කරන්නෑ... " නවී කිව්වේ ඇස් දෙකත් රතු කරගෙන. 






ඒත් එක්කම අවීට දන්නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා. අවී ඒක ආන්ස්වර් කලේ නෑ... 






මේ විදිහට තව පැය දෙකක් ගෙවිලා ගියෙ ආදිලාගේ බය දෙගුණ තෙගුණ කරමින්.








" අන්කල්... නුහී ගැන තාම කිසිම ආරංචියක් නැද්ද..." විෂාන්.








මේ වෙද්දි හැමෝම ආදිලාගේ ගෙදර හිටියේ. අවී නවී දෙන්නා නම් තාමත් හැමතැනම නුහීව හොයනවා.








" නෑ පුතා කිසිම ආරංචියක් නෑ..." ආදි කලකිරීමෙන් කතා කරා.








" බය වෙන්න එපා අංකල්.. නුහීව ඉක්මනටම හම්බෙයි... ඉන්නකෝ මම නවීෂ්ට කෝල් එකක් අරන් බලන්නම්...." කියපු විෂාන් නවීට කෝල් කළත් නවීගේ ලයින් බිසී. අවීෂ්ට ගත්තම ඒක ඕෆ්.








" මේ දෙන්නගේ ෆෝන් වැඩකරන්නෙත් නෑනේ..." විෂාන් කියද්දි යුහී තවත් බය වුනේ පුතාලට කරදරයක් වෙලාද කියලා දන්නැති හින්දා. 






" අනේ අයියේ මගේ දරුවෝ..." යුහී අඬ්මින් කියද්දි ආදි යුහීව සැනසුවා.






" බය වෙන්න එපා මැණික... අපේ දරුවොන්ට මුකුත් වෙලා නැතුව ඇති..."
 






එතකොටම ගේ ඇතුළට ආවේ අවී නවී දෙන්නා.




දෙන්නාගේ මූණුවලින්ම පෙනුනා එයාලට නුහී ගැන කිසිම ආරංචියක් ලැබිලා නැති බව. 








" පුතා නංගි ගැන ආරංචියක් ලැබුනද..." යුහී අඬමින් තම පුතුන් ළඟට දුවගෙන ගියේ පුංචි හෝ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.






ඒත් ඒ බලාපොරත්තු කඬවුනු මූණු දැක්කම යුහීගේ පපුවත් අල්ලන් බිම වැටුනා.






අවී ඉක්මනටම අම්මව අල්ලන් සෝෆා එකෙන් තිබ්බා.








" අම්මා... අනේ අම්මා... කතා කරන්නකෝ...." අවී නවී දෙන්නා යුහීගේ මූණට තට්ටු කරමින් යුහීව ඇහැරවන්න උත්සාහ කළේ කුඩා දරුවන් දෙන්නෙක් වගේ... 






" යුහී... මැණික... කතා කරන්නකෝ...." ආදිත් යුහීව ඇහැරවන්න ට්‍රයි කරේ යුහීගේ කිසිම හැලහොල්මනක් නැතිතැන.




ඒත් එක්කම යුහීව අල්ලපු ආදිට තේරුනේ යුහීගේ ඇඟ සීතල බව.






" පුතා ඉක්මනට වාහනේ ගන්න... අම්මව හොස්පිටල් ගෙනියන්න ඕනේ..." ආදි ඇස්වලින් වැටෙන කඳුලු අතරෙන් කිව්වේ යුහීව නැතිවෙයි කියන බය නිසාමයි. 








ඉක්මනටම යුහීව හොස්පිටල් එකට අරන් ආපු කට්ටියම රෝහල් කාමරයෙන් එළියට වෙලා බලන් හිටියේ ඩොක්ටර් කෙනෙක් එළියට එනකන්.






මේ වෙනකොට හැමෝම ගොඩාක් බය වෙලා හිටියේ. යුහී නුහී දෙන්නම එයාලට නැතිවෙයි කියන බය මේ හැමෝගෙම හිතේ හොල්මන් කළා. 








පැය කාලක් විතර හැමෝම නොඉවසිල්ලෙන් බලන් හිටියත් කවුරුත්ම එළියට ආවේ නෑ. මේ අතරේ නවීෂ්ට දිගින් දිගටම කෝල්ස් ආවත් නවීෂ් ඒ එකකටත් ඇහුන්කන් දුන්නෑ.








" නවීෂ් ඔයාට එන කෝල්ස් ඇයි ආන්ස්වර් කරන්නැත්තේ... කවුරුහරි important දේකට ගන්නවා වෙන්නත් පුලුවන්නේ..." බලන් ඉන්න බැරිම තැන විෂාන් කිව්වා.






" මට ඔක්කොමටම වැඩියේ වැදගත් මගේ අම්මවයි නංගිවයි... මේ මඟුලෙන් මට ඇති වැඩක් නෑ..." කියපු නවීෂ් ෆෝන් එක පොළොවේ ගහන්න ගියත් විෂාන් ඉක්මනටම පැනලා ෆෝන් එක අල්ලගත්තා.






"පිස්සු වැඩ කරන්න එපා..." කියපු විෂාන් ඒ වෙනකොටත් එමින් තිබ්බ කෝල් එක ආන්ස්වර් කරා.






" හෙලෝ... " හැමෝටම ඇහෙන විදිහට කෝල් එක ස්පීකර් දාලා විෂාන් කතා කරා.






" අනේ අයියේ...." 






 ඒ කටහඬ අඳුරගත්ත අවී විෂාන්ගෙන් ෆෝන් එක උඳුර ගත්තා.






" සුදූ...."




__________________________________________