Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Jan 05 2025 @ 19:40

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 16



දාසයවැනි දිගහැරුම...❤️




ආදි යද්දී නුහී හොඳටම නිදී. කොට්ටෙකුත් බදාගෙන නිදන් ඉන්න නුහීගේ රතුවුන කම්මුල දැක්කම ආදිට හිතුනේ ශාක්‍යාව මරලා දන්න.






යුහීගේ වගේම වෙච්ච ඒ දිග කොණ්ඩේ අතරින් ඇඟිලි තුඩු යවමින් ආදි නුහීගේ හිස අතගෑවේ යුහීත් ඒ දිහා ආදරෙන් බලන් ඉද්දී.






තවත් දවස් ගෙවුනේ නවී ටිකෙන් ටික ගෙදර අයගෙන් ඈත් වෙද්දි... ඒ වගේම නුහීට විෂ්ට හුඟක් ළං වුනා...






අන්තිමට කම්පෙටිෂන් එක දවසත් ආවා.




පුරුදු විදිහටම නුහීගේ මොඩ්ල්ස්ලා ටික ආවත් ඒ අතරේ මේ පාර නවී නම් හිටියේ නෑ.




පහුගිය අවුරුදු හතරේ නුහීගේ ටැලන්ට් එක තිබ්බටත් වඩා දියුණු වෙලා තියෙද්දී අවුරුදු හතරකට පස්සේ නුහී ආයෙමත් award එක ගත්තේ පහුගිය අවුරුදු හතරෙම award එක ගත්ත ශාක්‍යාගෙ තරහ තවත් ඇවිස්සෙද්දි.




" හේයි මිස්... මිස් නුහිනි...." කවදාවත් දැකලා නැති කෙනෙක් නුහී ළඟට ඇවිත් කතා කළා.


"හේයි... But I don't know who are you..."


" oh... I'm Ragaw Vijaykumar...." 


" මිස්ටර් රාගව්... nice to meet you..."


" same to you miss nuhini... මම ඔයාව මීට් වෙන්නමයි හිටියේ..."


" මාව...."


" ඔව්... ඔයාගේ ඩිසයින්ස්වලට මං ගොඩක් interest... so I like to work with you..." 


" ඔහ්.... මිස්ටර් රාගව් ඒත් මම ඔයා ගැන කිසිම දෙයක් දන්නෙ නෑනේ... "


" මේ තියෙන්නේ මගේ බිස්නස් කාර්ඩ් එක... ඔයා කැමති නම් අපි වෙන වෙලාවක හම්බෙලාම කතා කරමු..."


" ෂුවර්..." කියමින් නුහී ඒ කාර්ඩ් එක ගත්තා. ඒත් එක්කම එතනට ආවේ සිනේශ්.


" ඔහ් මිස්ටර් රාගව් ඔයා මගේ ඩිසයිනර්ව හොරකන් කරන්න එහෙම නෙවෙයි නේද යන්නේ...." සිනේශ්.


" වෙන්නත් පුලුවන්... " රාගව් කට කොණින් හිනාවෙමින් කිව්වා.


නුහිට තේරුනා මෙතන සීතල යුද්ධයක් පටන් ගන්න යන්නේ කියලා. එහෙම හිතලා කෙල්ල ශේප් එකේ මාරු වෙන්න හැදුවත් මදි පාඩුවත් ආවා. 


" ඔහ්.... මිස්ටර් රාගව්... ඔයත් ආවද.. " විෂාන්.


" ඔව් අපි මේ වගේ තැනක නැතුව කොහොමද මිස්ටර් විෂාන්.... මං මේ බියුටිගෙන් මාත් එක්ක වැඩ කරන්න පුලුවන්ද කියලා අහනගමන් හිටියේ..."


" අහ්... ඔයා දන්නවද මේ බියුටි කවුද කියලා... she is my girlfriend... " කියමින් විෂ් නුහීව ළඟට ඇදලා ගත්තා.


" ඕ... එහෙමද.... " 


නුහීට නම් දැන් උවමනා වෙලා තිබ්බේ මෙතනින් පැනලා යන්න. කෙල්ල ශේප් එකේ වටපිට බලනකොට තමා දැක්කේ කෙල්ලගේ මැනේජර් ඉන්නවා.


" excuse me.... ඔයාලා කන්ටිනිවු කරගෙන යන්න මට මේ මගෙ මැනේජර් එක්ක පොඩි වැඩක් තියනවා. මං ඉක්මනටම එන්නම්.




නුහී එතනින් පැනගෙන කොහොමහරි යුද්ධයකින් නම් බේරුනා.




ටිකකින් නුහී වොෂෲම් ගිහින් එද්දි එකපාරටම කෙල්ලව එතන තිබ්බ අඳුරු මුල්ලකට කෙනෙක් ඇදලගත්තා.




නුහී තාමත් ඇඳන් හිටියේ එයා ඩිසයින් කරපු special dress එක හින්දා නුහීගේ බඳ වගේම ගෙලත් ඕනෑවටත් වඩා නිරාවරණය වෙලා තිබ්බා. 


ඒ නාඳුනන කෙනා නුහී බඳ වටේ අත යැව්වේ ඒ ආගන්තුක ස්පර්ශයෙන් නුහීගේ ඇඟම සීතල වෙද්දි. ඒත් එක්කම ඒ කෙනා නුහීගේ තොල්වලට බර වුනේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොතියා.


නුහී කොච්චර දැඟලුවත් අයින් වෙන්න ඒ කෙනාගෙන් කිසිම ගැලවුමක් ලැබුන්නෑ.


මේ තරන් කාලයක් විෂන්ගෙන්වත් නොඉඳුල් වුන නුහීගේ තොල් මේ ආගන්තුකයා අතින් ඉඳුල් වුනා. නුහී කොච්චර දැඟලුවත් වැඩක් වුනේ නෑ.


කෙල්ල දගලනවා වැඩි තැන ඒ කෙනා කෙල්ලගේ අත් දෙකෙන්ම අල්ලලා බිත්තියට තද කරා. ඒකෙන් නුහීට බේරෙන්න තිබ්බ චාන්ස් එක තවත් නැතුව ගියා. කෙල්ලගේ තොල්වලින් නොනැවතුනු ආගන්තුකයා නිරාවරණය වෙලා තිබ්බ ගෙල දෙසට බර වුනේ කෙල්ලගේ හැඟීම් ඇවිස්සෙද්දි.


ඒ කෙනා අන්තිමට අයින් වුනේ මෙහෙම දෙයක් වුනා කියලා කෙල්ලගේ ගෙලේ සලකුණකුත් තියලා.


ආගන්තුක ස්පර්ශයෙන් ටිකක් හරි ගැලවුනු ගමන් කෙල්ලගේ කරේ ඒ කෙනාට පහර දුන්න එක.


ඒත් අවාසනාව.


කෙල්ල ගහන හැම පාරක්ම ඒ කෙනා වැළක්කුවේ හරියට කෙල්ලව දන්න කෙනෙක් වගේ. අන්තිමට මේ දේවල්වලින් හෙම්බත් වෙච්ච නුහී එතනම බිම ඉඳගෙන අඬන්න ගත්තේ ආගන්තුකයාත් ගැස්සිලා යද්දි.


හැබැයි එතන තිබ්බ කට්ට කරුවල හින්දා නුහීට මුකුත්ම පෙනුනේ නෑ.




නුහී ළඟට පාත් වුන ඒ කෙනා නුහීගේ කනට කෙඳුරුවේ,
" you are only mine ahi..." 


නුහීට එතකොට තමා තේරුනේ මේ කෙනා නුහීව වෙන කෙනෙක්ට පටලගෙන කියලා.


" අහී..." නුහී ඉකිගසමින්ම කිව්වා. එතකොට ඒ කෙනා නුහීගේ ඔලුව අතගාලා,


" ඔව්... නුහිනි අහල්‍යා... ඔයා තමා මගේ අහී..." 


ඒ දේ නම් නුහී ඇත්තටම පුදුම වුනා. ඊටපස්සේ ඒ කෙනා නුහීගේ නළලට කෙටි සිපුමක් දීලා ආයේ කනට ළං වෙලා කෙඳිරුවේ,
" දැන් මම කවුද කියලා හොයන්න එපා මැණික... මම ඉක්මනටම ඔයා ළඟට එනවා... ආයේ හම්බෙමුකෝ... I love you Ahi...." කියලා.


තමාත් ඒ වෙච්ච දේ හිතාගන්න බැරුව හිටපු නුහීට පියවි සිහියට එන්න විනාඩි ගාණක්ම ගියා. ඊටපස්සේ ආපහු වොෂ් රූම් ගියපු කෙල්ල මිරර් එකෙන් දැක්කේ ගෙලේ තියන ඒ ආදර සලකුණ...
ටික වෙලාවක් ඒ දිහා බලන් හිටිය කෙල්ල කොණ්ඩෙන් ඒකත් වහගෙන ආපහු කට්ටියම හිටපු තැනට ආවා.


ඒත් එක්කම කෙල්ල ළඟට ආවේ විෂ්.


" ප්‍රින්සස්.. මොකක් හරි ප්‍රශ්නයක්ද... ඔයා අඬලා වගේනේ..." නුහීගේ කරට අතක් දාගනිමින් විෂ් ඇහුවා.


" නෑ විෂ්... මේ මගේ ඇහැට රොඩ්ඩක් ගියා.. ඒක ඇහැ ඇතුළට ගියා.. මට රිදුනා.. ඒ හින්දා මම ඇඬුවා..."


" තාමත් ඇහේ තියනවාද..." විෂ් ඇහුවේ නුහීගේ ඇස්වලට එබෙමින්.


" නෑ නෑ.ඒක හරි දැන්..." කලින් වෙච්ච දේත් එක්ක විෂ්ට මූණ දෙන්න ටිකක් අපහසුවෙන් හිටිය නුහී ඉක්මනට විෂ්ගෙන් ඈත් වුනා.












කොහොමහරි තවත් මාස කිහිපයක් ගත වුනේ නුහී ආයු එක්කම ජෙනරල් හොස්පිටල් එකේ වැඩ කරද්දී. මේ දෙන්නා කවීව අමතක කළෙත් නෑ. කවීටත් හැමදාම කෝල් කරලා විස්තර හොයලා බැලුවා.




ඒත් එක්කම නුහී එයාටම කියලා brand එකකුත් පටන් ගත්තේ " අහල්‍යා " කියලා.


ඒ වගේම අර ආගන්තුකයා ආයේ ආවෙ නැතත් ඒ කෙනා නුහීට හැම සතියෙම මල් පොකුරකුයි කාඩ් එකකුයි එව්වා. නුහී ඒ හැම කාඩ් එකක්ම මල් පොකුරෙන් මලකුත් එක්ක එකතු කරගත්තේ ඇයි කියලා නුහීටවත් තේරුනේ නෑ. ඒ වගේම ඒ මල් පොකුර එනකන් මඟ බලන් හිටියේ ඇයි කියලා දන්නෙත් නෑ. 




කොහොමහරි එක දවසක් නුහී විෂ් එක්ක බීච් ගියේ මාස ගාණක් එක දිගට වැඩ කරලා ඇති වෙච්ච ස්ට්‍රෙස් එක නැති කරගන්න. 




නුහී පුරුදු විදිහටම රැල්ල පාගන්න දිව්වේ විෂ් කෙල්ලට වඩ අරන් එන්න යද්දි.


" උඩ බලන්ද යන්නේ මිනිහෝ...."


නුහීලා බීච් එකට ආවේ ගොඩක් හවස් වෙලා ඉතින් මේ වෙලාවේ බීච් එකේ ලොකු සෙනඟක් හිටියේ නෑ. ඒ වගේම ගොඩක්ම බීපු අය තමා එහෙ මෙහෙ ගියේ.


" නෑ කෙල්ලේ මම ඔයා දිහා බලන්නේ ආවේ... බලන්නකෝ මේකි සූකිරි කෑල්ල වගේ ඉද්දී අපිට නිකන් යන්න පුලුවන්ද කියලා නේද බන්..." බීපු මිනිස්සු හතර පස් දෙනෙක් නුහීව වට කරගනිමින් කිව්වා.


නුහීට තේරුනා මෙතන තවත් හිටියොත් තමන්ට හොඳක් නම් වෙන්නේ නෑ කියලා. විෂ් කොහෙද කියලා බැලුවත් විෂ් පේන්නවත් හිටියේ.


පේන්න ඉන්නේ කොහොමද මේක විෂ්ගේ ප්ලෑන් එකක්නේ.


නුහී ඉක්මනටම එතනින් එන්න ගියත් එකෙක් කෙල්ලගේ අතින් අල්ලගත්තේ කෙල්ලට යන්න බැරි වෙන්න. ඒ ස්පර්ශ්යෙන් පිළිකුල් වෙච්ච නුහී අත ඉක්මනට ගසලා දාලා එන්න හැදුවත් ඒ මිනිස්සු නුහීව වට කරගත්තා.


" කොහෙද කෙල්ලේ යන්නේ... ඔහොම හිටපන්... අපිත් ආසයි උබේ රස බලන්න..." 


" මොකෝ කියන්නේ අද රෑ අපිත් එක්ක ඉමු නේ... අපි උබට හොඳට සලකන්නම්..." 


ඒ මිනිස්සු නුහී දිහා බලමින් තලු මර මර කියද්දී නුහී හිටියේ කියාගන්න බැරි තරන් අපහසුතාවෙකින්. මේ හැමදෙයක් දිහාම විෂ් බලන් හිටියේ කාටවත් පේන්නැති තැනක ඉඳලා. 


" මට යන්න දෙනවා තමුන්ලට ඕනේ සල්ලි නම් මම ඕන තරන් දෙන්නම්... මට යන්න දෙනවා..." නුහී කිසිම බයක් පෙන්නනේ නැතිව කිව්වා.


" මේ බලහන්කෝ... අපිට ඕනේ උබව... ඔබේ ඔය ඇඟ... වරෙන් යන්න තෝත් එක්ක කතා කර කර හිටියොත් අපිට ඕන දේ කරගන්න නෑ... පේනවානේ මෙතන අපි පස් දෙනෙක්ම ඉන්නවා..." කියමින් එක්කෙනෙක් නුහීව ඇඳගෙන යන්න හැඳුවේ.




ඒත් එක්කම ක්‍රියාත්මක වෙච්ච නුහී ඒ කෙනාගේ නිලයකින් අල්ලලා බිම දැම්මේ තවත් විනාඩි ගානකට නැඟිටගන්නවත් බැරි වෙන්න.


ඒක දැකපු තව එකෙක්.
" තෝ මොකක්ද කරේ බැල්ලී..." 


" තමුන්ලාට කරන්න ඕන දේ තමා කරේ බල්ලෝ... " කියමින් නුහී ඒ කෙනාවත් බිම දැම්මා.


ඒ දිහා බලන් හිටපු අනිත් තුන්දෙනා වගේම විෂුත් මේ වෙනකොට බය වෙලා හිටියේ. 


විෂ්ට අමතක වුන මේ ඉන්නේ ආදිගෙයි යුහීගෙයි දුව කියලා. තවත් විනාඩි දෙකක් ඇතුළටහ් ඒ මිනිස්සු ඔක්කොම බිම දාන්න නුහීට පුලුවන් වුනා.


ඒත් එක්කම නුහී එයාගේ වොච් එකේ තිබ්බ බටන් එකක් ප්‍රෙස් කරාම කළු ඇඳගත්ත සෙට් එකක් ඇවිත් ඒ මිනිස්සුන්ව අරන් ගියේ නුහීගේ කනටත් මොකක්ද කොඳුරලා.


ඒත් ඒ දේ දැකගන්න විෂ්ට බැරි වුනේ විෂ් හැංගිලා හිටපු තැනට ආපු බීපු මිනිහෙක් විෂ් එක්ක ප්‍රශ්නයක් දාගත්ත හින්දා


නුහී ළඟට ආපු අය ගිය ගමන් නුහී කෝල් කළේ විෂ්ට.


" විෂ් ඔයා කොහෙද ඉක්මනට එන්නකෝ.. අනේ..." 


" චුට්ටක් ඉන්න මැණික... මේ බීපු එකෙක් මෙතන ගහගන්නම එනවා මං ඉක්මනටම එන්නම්... "


" එහෙනම් ඔයා කාර් එක ළඟටම එන්න මං එතනට එන්නම්..."


" හා මැණික..." 


විෂ් කාර් එක ළඟට එද්දිම නුහී අඩාගෙන ගිහින් විෂ්ව බදාගත්තා.


" ඇයි ප්‍රින්සස් මේ..." නුහීගේ හිස පිරිමදිමින් විෂ් ඇහුවා.


" අනේ විෂ් මට කට්ටියක් කරදර කරන්න හැදුවා.. මගේ අතිනුත් ඇල්ලුවා විෂ්..."


" මොකක් උන් කොහොමද මගේ මැණිකට අත තියන්නේ කෝ කොහෙද ඉන්නේ..." විෂ් බොරුවට රඟපාමින් කලබල වුනු බවක් පෙන්නුවා.


" උන් ගියා මම උන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා විෂ්. උන් වැරදි කෙනාට අත තිබ්බේ..." නුහී විෂ්ගේ ඇස් දිහාම බලන් කියද්දි විෂ් කලබල වුනා.


" එහෙමද මැණික... එහෙනම් යන් නේද දැන් රෑ වේගෙන එන්නෙත්..."


" මං මොනාද කරේ කියලා අහන්නැද්ද විෂ්..." 


" මං දන්නවා මැණික... ඔයා අනිවාර්යයෙන්ම උන්ට ගහන්නවත් ඇති... දැන් ඒක අමතක කරන්න..." කියලා නුහීගේ නළලට කෙටි සිපුමක් තිබ්බ විෂ් නුහීගේ අතින් වඩ මල්ල තිබ්බා.


" අනේ ෂෝයි ඔයා වඩ ගෙනාවද මරුනේ අදරෙයි ඈ..." 
















විෂ් නුහීවත් ඇරලලා ගෙදර එද්දී ගෙදරට රාගව් ඇවිත් හිටියා.


" ඉතින් බොසා කොහොමද..." රාගව්ගේ පිටටත් තට්ටුවක් දාගෙන විෂ් සෝෆා එකේ ඉඳගත්තා.


" මට නම් ප්‍රශ්නයක් නෑ... මොකෝ උබ ගිය වැඩේ..." 


" ෂික්... ඒ වැඩේ කැවුනා බන්... ඒකි අපි හිතන් ඉන්න විදිහේ එකියක් නෙවෙයි අරුන් ඔක්කොටම ගැහුවා..."


" ෂාහ්... ඒකි මරුනේ... ඒකිව මගේ ළඟට ගන්න තියනවා නම්..." රාගව් තලු මරමින් කියද්දී විෂ් හිතේ හීනියට කේන්තියක් දලු දැම්මා.


ඒක වහගෙන විෂ් කෝල් එකක් ගත්තේ නුහීට කරදර කරන්න යවපු මිනිහෙක්ට. ඒත් තුන්හතර පාරක් ගත්තත් එකෙක්වත් කෝල් ආන්ස්වර් කරේ නෑ. 


" මොකෝ..."


" එකෙක්වත් ආන්ස්වර් කරන්නෑ බන්... පොඩ්ඩක් හිටපන්...


හෙලෝ...." විෂ් ඒ අයගේ නායකයාට කෝල් එකක් ගත්තා.


" හෙලෝ සර්..."


" කෝ බන් කොල්ලො ටික එකෙක්වත් කෝල් ආන්ස්වර් කරන්නෑනේ...උබ එවපු උන්ට ගෑනියෙක් එක්කවත් ගහගන්න බෑ..."


" එහෙම නම් වෙන්න බෑ සර්.. උන් තමා මං ළඟ ඉන්න හොඳම උන්... උන් දහයක් එක්ක උනත් ගහගනී... සර් උන් මටවත් තාම කෝල් එකක් ගත්තේ නෑ මං තව ටිකක් බලලා සර්ටම ගන්න හිටියේ..." 


" අනේ මන්දා බන්.. උන් ඒකිගෙන් ගුටි කාලා යන්න ගිහින් තිබ්බා.. ෂික් බලහන් මගේ වැඩේ හරි ගියෙත් නෑනේ..."


" ඉන්න බොස් මං අපේ උන්ට බලන්න කියන්නම් උන් ගැන..."


විෂ් කෝල් එක කට් කරලා කල්පනාවට වැටුනේ සෙට් එකට මොකද උනේ කියලා.


" මොකද වෙලා තියෙන්නේ..."


" උන් උන්ගේ මහ එකාටවත් කෝල් කරලා නෑ... උන්ට මොන මඟුලක් වෙලාද දන්නෑ..."


" ෂික් මේ මඟුල අවුල් ගියපු එකනේ කේස් එක..."


" ඒක නම් මට හිතෙනවා කෙලින්ම උන්ගෙන් ඒකිව ඉල්ලන්න... උන් දන්නෑනේ අපි කවුද කියලා..."


" උබ හිටපන් මම ඉල්ලන්නම්..."


"පිස්සුද යකෝ ඒකි මටනේ ලව් කරන්නේ... මට හිතෙන්නේ ඒකි වටේට හෙන security එකක් තියනවා අපි නොදන්න...නැත්තන් බලහන් එදා ඒකිගේ ඩිසයින්වලට වැඩේ දීලා පස්සේ දවසේ නවීත්ට වෙච්ච දේ... ඌ දවස් දෙකකට පස්සේ හම්බුනේ දසවද දීලා මරලා... "


" සිරාවටම ඈ... ඒකි ගැන සුලුවෙන් හිතන්න හොඳ නෑ... අනික නවිත් ඒකිගේ ඩිසයිනර් කෙනෙක් විදිහටනේ බන් හිටියේ ඒකිට සැක හිතෙන්න විදිහක් නෑ..."


" ම්හ්... උබ හිතන් ඉන්න හැටි තමා මට හිතෙන්නේ මුන් ටිකගෙත් මිනී හම්බෙයි තව දවස් දෙකකින්..."විෂ්.


විෂ් කිව්වා හරි දවස් දෙකකින් ඒ පස් දෙනාගෙම මිනී හම්බුනේ බීච් එකේම තිබිලා. 


මේ කේස් එකත් භාර වුනේ ආදිගේ ගෝලයට. ඒකත් පුරුදු විදිහටම රෙඩ් ෆයිල් එකට ගියේ කවුරුත්ම ඒ ගැන හොයන්නැති වෙද්දී.


විෂ් වගේම රාගව් හිටියේ හොඳටම කලබල වෙලා. ඒ ගැන ආරංචි වෙච්ච විනුලි ලෑස්ති වුනේ ලංකාවට එන්න.


" මාම් පිස්සු වැඩ කරන්නෙපා.. මෙහෙ ආවොත් හිරේ යන්න වෙන්නේ ආයේ.. ප්ලීස් අපි මෙහෙ දේවල් බලාගන්නම්..."
"එච්චර කල් උබලා ඔය කරේ... මං එන්නේ ඕක හින්දම නෙවෙයි අක්කත් ලංකාවට එන්න යන්නේ එයා ආවොත් අපේ ප්ලෑන් ඔක්කොම ගැස්සෙනවා... මට තියන බය ශාක්‍යාව ආයේ මෙහෙ එක්කන් එයිද කියලා..."
" ඕ මයි ගෝඩ්... මාම්... ප්ලීස් ඒක නම් වෙන්න දෙන්න එපා...ලොකු අම්මා ආවොත් ඉවරයි..."
" දැන් කරන්න දෙයක් නෑ දැනටමත් ටිකට් බුක් කරලා තියෙන්නේ..."
" අනේ මාම්... ඔයා එහෙනම් ඒක බලාගන්න..."


විනුලි වගේම ටාෂිත් ලංකාවට ආවා. හැබැයි ශාක්‍යා කොහොමහරි කරුණු පැහැදිලි කරලා දුන්න නිසා ටාෂි සන්සුන් වුනත් ආපහු රට යන්න කැමති වුනේ නම් නෑ..


එක දවසක් හවස නුහී කාටුන් බලබල ඉද්දී යුහීත් ඇපල් වගයක් කපාගෙන ඇවිත් නුහී ළඟින්ම ඉඳගත්තා. දෙන්නා ඇපල් කකා කාටුන් බලද්දි ආදිත් ආවේ ඔෆිස් ගිහින්.
" මරු අම්මයි දුවයි..." ඒත් වැඩේ කියන්නේ ඒ අම්මටයි දුවටයි නම් ඒක ඇහුන්නෑ.
" අඩෝ සුදූ තමුසේ මට කතා කරේ නෑනේ කාටුන් බලන්න..." නිශූ එක්ක සාලෙට එන ගමන් හිටපු අවී කෑගැහුවා.
" කෑගහන්න එපා අයියේ... බලන්නකෝ කට වහන්..." නුහී අවීටත් රවලා ආයේ ටීවී බැලුවා.අවීටත් මෙලෝ සිහියක් නෑ එයත් කාටුන් බලනවා. ආදි කනටත් අතක් තියන් බලන් හිටියේ මේ විකාරේ දිහා. 
ඒ අතරේ අවීට නිශූ ඇන ඇන මොනාද කියනවා. ඒත් අවීට නම් ඒ එකක්වත් ඇහෙන්නෙ නෑ. 
" අවී කියන්නකෝ..."
" අවී..."
" ඇහෙන්නැද්ද මිනිහෝ..." නිශූ අවීගේ කනට කරලා කෑගැහුවා අවී විතරක් නෙවෙයි නුහීයි යුහීයිත් ගැස්සුනා.
" ආව් ගෑනියේ... කන් බෙරේ පැලුනද මන්දා...." අවී කන අතගාමින් කිව්වා. 
" අරක කියන්නකෝ..." 
" මොකක්ද..." නිශූ රවලා බැලුවා විතරයි " ආ..."
අනිත් තුන්දෙනා බලන් හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා. එතකොටම නවීත් පහළට ආවේ ශාක්‍යා එක්ක.
" ආ.. මේකයි... අපිට දෙයක් කියන්න තියනවා...මේ... මේ.."
" අප්පෝ මොකක්ද අයියේ තටමන්නැතුව කියනවකෝ ඕක කාටුන් එක යනවා..." නුහී 
" හිටපන්කෝ පොඩ්ඩක් ඕකට වඩා මේක වැදගත්..."
" අයියෝ කියන්න ඉක්මනට..."
" මේ තමුසේ නැන්දා කෙනෙක් වෙන්න යන්නේ..." 
" ආ ඒකද..."
" හෑ තමුසේ දන්නවද ඒක..."
" නෑ හරියටම දන්නෑ... ඊයේ උදේ අක්කා වමනේ දානකොට නිකමට හිතුනා.. හී... මේ අක්කී congratulations ආ... "
" අක්කට විතරද යකෝ මං නැත්තන් ඔහොම වෙයි..."
" අනේ මේ අවී නිකන් ඉන්නකෝ...."
මාස ගාණකට පස්සේ ගෙදර හැමෝම සතුටින් හිනාවුනා. මේ සතුටු ආරංචිය අහපු ශාක්‍යාට නම් දැනුනේ කුරිරු සතුටක්.... 


ඒත් එක්කම ආදිට කෝල් එකක් ආවේ එයාගේ ගෝලබාලයාගෙන්
" සර් ඒ කතාව ඇත්ත... විනුලි ටාෂි දෙන්නම දැන් ඉන්නේ ලංකාවේ... ඇවිත් සති තුනක් වෙනවා... සතියක්ම නැවතිලා ඉඳලා තියෙන්නේ  ලැවෙන්ඩර්ස් එකේ... fake identity එකක් පෙන්නලා තමා මෙහෙ නැවතිලා ඉන්නේ..."
" ෂාහ් මරු එහෙනම්... උන් මරු කටටම ආවා... එහෙනම් අවසානේ ළඟයි..."


______________________________________