දාහත්වැනි දිගහැරුම...❤️
පහුවදා සර්ජරි එකක් ඉවර වෙලා නුහී වෙනසකටත් එක්ක ගියේ විෂ්ගේ ඔෆිස් එකට.
මේ නුහී විෂ්ගේ ඔෆිස් එකට යන ෆස්ට් ටයිම්. විෂ්ව සප්‍රායිස් කරන්නත් එක්කම දෙන්නට ලන්ච් එකත් අරගෙන ෆ්ලවර් බන්ච් එකකුත් අරන් කෙල්ල ගියා.
රෙසිප්ෂන් එකෙන් පාරත් අහගෙන කෙල්ල විෂ්ගේ රූම් එක හොයාගෙන ගිහින් තට්ටු කළා.
" එක්ස්කියුස් මී සර්... මෙ අයි කමින්..." කෙල්ල කටහඬත් ටිකක් වෙනස් කරලා කතා කරද්දි විෂ්ට නම් හොයාගන්න බැරි වුනා.
" කම්..."
කෙල්ල දොරත් ඇරන් ඇතුළට යද්දි විෂ් බරටම වැඩ. මූණ ලැප් එක අස්සෙ ඔබාගෙන හින්දා තාම කෙල්ලව දැක්කෙ නෑ.
"ම්හ්..." කෙල්ල පොඩි කැස්සක් දැම්මත් විෂ් නෙවෙයි බැලුවේ.
" ඔව් කියන්න..." ලැප් එක දිහා බලාගෙනම විෂ් කියද්දී කෙල්ලට තරහත් එක්ක.
" සර් මං ආවේ සර්ට මාත් එක්ක ලන්ච් ගන්න පුලුවන්ද කියලා අහන්න..." කෙල්ල අර කටහඬින්ම කිව්වා.
" වට් ද ෆ.... නුහී...." එ වෙලේ තමා විෂ් නුහීව දැක්කේ.
" මයි ගෝඩ් සොරි මැණික...." විෂ් ටිකක් කලබලෙන් කියන ගමන් ලැප් එකත් වහලා නුහී ළඟට ආවා.
" ඔයා මොකද මෙහෙ කරන්නේ..." විෂ් පුදුමෙන් අහද්දි කෙල්ල වෙල්ලත් ඇද කරලා
" ඇයි මට මෙහෙ එන්න හොඳ නැද්ද..." කියලා ඇහුවා.
" හොඳයි හොඳයි අනේ... මට කිව්වෙවත් නෑනේ එනවා කියලා...ම්ම්..." කෙල්ලගේ මූණට වැටිලා තියන කෙස් රොදක් කන පිටුපස රඳවමින් විෂ් කිව්වා.
" මට හිතුනා ඒ හින්දා මම ආවා... මේක ඔයාට... එතකොට මේක අපි දෙන්නටම..." කියපු කෙල්ල ලන්ච් බොක්ස් එකයි ෆ්ලවර් බන්ච් එකයි විෂ්ට දුන්නා.
විෂ් ඒ දෙක අරන් මේසේ උඩින් තියලා කෙල්ලගේ අතින් ඇඳලා අරන් මේසෙයි විෂ්‍යි අතරට හිර කරගත්තා.
ඊටපස්සේ කෙල්ලගේ තොල් දිහා ටික වෙලාවක් බලන් හිටිය විෂ් එකපාර කෙල්ලගේ තොල්වලට බර වුනා.
ඒත් එකපාරටම....
" ඔහ්... සොරි... මම වැරදි වෙලාවක ආවේ...."
දෙන්නම හැරිලා බැලුවේ කවුද ආවේ කියලා.
බලනකොට ඇවිත් හිටියේ රාගව්.
ලැජ්ජාවෙන් රතුවෙච්ච කෙල්ල විෂ්ගේ පිටිපස්සේ හැංගුනා.
" මම පස්සෙ වෙලාවක එන්නම්..." කියපු රාගව් යන්න ගියත්
" දැන් ඉතින් කමක් නෑ මිස්ටර් රාගව්... එන්න ඇතුළට..." කියපු විෂ් නුහීගේ පැත්තට හැරුනා.
" මැණික... ආන් අතන වොෂෲම් එක තියනවා මූණ ටිකක් හෝඳගෙන එන්න... මම මිස්ටර් රාගව් එක්ක කතා කරලා එන්නම්... ඊටපස්සේ අපි කෑම කමු හරිද...." නුහී හිස වනලා වොෂෲම් එකට ගියා.
කෙල්ල ගියාට පස්සේ විෂ් රාගව්වත් ඇඳගෙන ගියේ රූම් එකෙන් එළියට.
" ෂහ් උබ මාර සැපක් ගන්නවා වගේනේ...." රාගව් කට කොණින් හිනාවෙමින් කිව්වා.
" අනේ මේ රාගව් මගෙ යකා අවුස්සන්න එපා ඈ.... මම මේ රත් වෙලා ඉන්නවා ඒකි කියන්නැතුව කඩාපාත් වෙච්ච එකට...."
" හරි හරි උබ දැන් කූල් වෙලා ඇතිනේ... මටත් ආසයි බන් දවසක ඒකිව මගේ කරගන්නවා බලන් ඉඳපන්කෝ..." විෂ්ගේ අත් මිටමෙළවෙනවා රාගව් දැක්කත් නොදැක්කා වගේ හිටියා.
" හරි උබ දැන් මොකටද ආවේ කියපන්කෝ...."
" තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා අරකිව දැකලා... අර ටික වරායට ඇවිත් රෑට පටවන්න ඕනේ... අර CID කාරයෝ ටිකත් කැරකෙනවා වැඩී ඒ හින්දා මොකක් හරි මඟුලක් කරන්න වෙනවා... උන් ටික ඒ කන්ටේනර් දෙක හොයගත්තොත් අපිට බිලියන 10ක් ඉවරයි.... අද රෑම මොනාහරි කරලා ඒක වරායෙන් පන්නන්න ඕනේ...."
" ම්ම්ම්.... මං අපේ උන්ට කියන්නම් යන්න කියලා කන්ටේනර් දෙක පන්නන්න... තව සෙට් එකක් යවමු රනේගේ උන් එක්ක වලියක් දාගන්න... එතකොට අරුන්ගේ අවදානේ එතනට යද්දි අපිට අපේ වැඩේ ශේප් එකේ කරගන්න පුලුවන්නේ..."
"හ්ම්ම්ම්.... එහෙම කරමුකෝ... තව එකක්... උබේ ලොකු අම්මා අදත් කිව්වා පුලුවන් ඉක්මනට අවීෂ්වයි නුහිනිව මරන්න කියලා... අර අවීෂ්ගේ ගෑනිගේ බඩේ ඉන්න එකාවත් ඉක්මනට ඉවරක් කරලා දන්නම් කිව්වා..."
" මට තේරෙන්නේ මොනා කරන්නද කියලා... මුන්ට ළං වෙන්න බෑ බන් එච්චර ඉක්මනට...."
" උබ ඔය ළං වෙලා ඉන්නේ...."
" එහෙම නෙවෙයි උන්ට අනතුරක් කරන්න බෑ බන්..."
" මොකෝ උබට දුකද මේකිව මරන්න වෙන එකට...උබ අමතක කරන්න එපා උබේ තාත්තයි මගේ තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැති වෙන්න හේතුව උන් කියලා..."
" මට ඒක අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න වෙනවා... උබ යමන් දැන් මං කොල්ලො ටිකට කියන්නම්... ඒ වැඩේ හරි කියලා හිතාගනින්කෝ..." කියලා රාගව්ව පිටත් කරපු විෂ් එයාගේ පාතාල කල්ලියටත් වැඩේ දැනුම් දීලා ආයේ රූම් එකට ආවා.
ඒ එනකොට නුහී ඔෆිස් රූම් එකේ පැත්තක සෝෆා එකේ ඉඳන් ෆෝන් එක බලනවා. හවස් වෙනකන්ම විෂ් එක්ක ඔෆිස් එකේ ඉඳලා තමා කෙල්ල ගෙදර ගියේ.
විෂ් ගෙදර යද්දි විනුලි වගේම ටාෂිත් සෝෆා එකේ ඉඳන් ඉන්නවා.
විෂ් ඒ දෙන්නට පොඩි හිනාවක් දාලා කාමරේට යන්න ගියත්
" පුතා..." විනුලි කතා කළා.
" ඇයි මාම්..."
" උබ අරකිව මරන්නැතුව හුරතල් කරකර ඉන්නද කල්පනාව..."
" මාම්..."
" මාම් නෙවෙයි... උබ ඒකි එක්ක ලව් කර කර ඉන්නවා මිසක් ඒකිට සීරිමක්වත් කරගන්න උබට තාම බැරි වුනා..." විනුලි
" උබට බැරි නම් කියපන් කොල්ලෝ ඒ වැඩෙත් අපි දෙන්නම කරන්නම්..." ටාෂි.
" මේ මම හිතන් ඉන්නේ නුහිනිව මැරි කරන්න..."
" වට්..." විනුලි.
" ඔව් මාම්.. එතකොට කොහොමත් ඒ දේපල අපිටමනේ එන්නේ... අවීෂ්ට විතරයි වැඩේ දෙන්න තියෙන්නේ..."
" ඒවා හරියන්නෑ විනූ... අරකිවත් මරන්න ඕනේ අමතක කරන්නෙපා උන්ගේ අම්මයි අප්පයි කවුද කියලා... හොඳම වැඩේ උන් ඔක්කොම මරලා දාන එක... අපිට ඕන දේ උනාට පස්සේ නවීෂ්වත් මරලා දාමු..."
" ඔව් ඒක තමා හොඳම වැඩේ... උබ වෙන ඕන එකියක්ව මැරි කරපන්... අරකිව නම් බෑ... ඒකි මැරෙන්න ඕනේ එච්චරයි... උබට මං තව මාසයයි කල් දෙන්නේ එතකොට ශාක්‍යාටත් ළමයා හම්බෙලා ඉඳීනේ..."
" මාම්...." විෂ් මොනාහරි කියන්න ගියත් ඒත් එක්කම කෝල් එකක් ආවා.
" ඔව් කියපන්...."
" බොස් වැඩේ ගැස්සුනා.... පොලිසියෙන් අපේ පස්සෙන් පන්නනවා..."
" මොනාද යකෝ කියන්නේ මොන මඟුලක් හරි කරලා ඔය දෙක හංඟපන්... ඔය වැඩේ ගැස්සුනොත් ඉවරයි යකෝ...."
" බොස් උන් පස්සෙන්ම එනවා මොනා කරන්නද මන්දා..."
" දිගටම යමන්... උනට එපා වෙලා නවතීනේ... හැබැයි පුතෝ ඔය දෙක අහුවෙන්න නම් දෙන්න එපා... බැරි වෙලාවත් එහෙම වුනොත් මැරෙන්න ලෑස්ති වෙලා ඉඳපන්..."
" සර් වැඩේ හරි... මේ පාර උන්ට කිසිම චාන්ස් එකක් හම්බුනේ නෑ කන්ටේනර් දෙකම අපේ අතේ...." සවීන් තමන්ගේ ප්‍රදානියාට දැනුම් දුන්නා.
" වෙල් ඩන් සවීන්... කවුරුත් පැනගත්තේ නෑනේ.... "
" නෑ සර්....."
විෂාන් කොච්චර ප්ලෑන් කරත් ඒ කන්ටේනර් දෙක විෂාන්ට නැතිවුනා.
මේ අතරේ නුහී නම් ඩිනර් එකත් අරන් රූම් එකට යන ගමන් හිටියේ.
කෙල්ල රූම් එකට යනකොට රූම් එක කට්ට කරුවලයි. ඒත් නුහීට හොඳට මතකයි රූම් එකෙම් එළියට යන්න කලින් ලයිට්ස් ඔන් කරලා ගියේ කියලා.
අම්මා ඕෆ් කරන්න ඇති කියලා හිතාගෙන කෙල්ල ස්විච් එක ඔන් කරන්න ගියත් එකපාර රූම් එකේ දොර පිටිපස්සෙ හිටපු කෙනෙක් කෙල්ලව අල්ලලා දොරට හිර කරගත්තා.
ඒත් එක්කම දොර ලොක් කරලා දාපු ඒ කෙනා කෙල්ලගේ තොල් සිපගත්තේ දත්වලින් හීනියට හපමින්.
කෙල්ලට ඒක ගොඩක් රිදුනා.
ඒ වගේම කෙල්ල අඳුරගත්තා මේ එදා ෆැෂන් ඩිසයින් කම්පෙටිෂන් එක දවසේ කෙල්ලව සිප ගත්ත කෙනාමයි කියලා.
විනාඩි විස්සක් විතර කෙල්ලගේ තොල් අල්ලන් හිටිය ඒ කෙනා එදා වගේම අදත් කෙල්ලගේ ගෙලත් සිප ගත්තේ හරිම රලු විදිහට.
ගෙලෙන් නොනැවතුනු ඔහු කෙල්ලව ඔසවගෙන ඇඳට ගියා.
නුහී වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ.
කෙල්ල හොඳටම දන්නවා දඟලලාවත් පහරදීලාවත් මේ කෙනාගෙන් බේරෙන්න බෑ කියලා.
කෙල්ල කෑගැහුවට වැඩක් වෙන්නෙත් නැත්තේ රූම් එක සවුන්ඩ්ෆෲෆ් හින්දා.
ඒත් කෙල්ලව ඇඳට දාද්දි නම් තවත් ඉවසන් ඉන්න බැරි වුනා.
" අනේ ප්ලීස් එපා මාව අතාරින්න.... "
කෙල්ල අඬන්න ගද්දී ඒ කෙනා කෙල්ලගේ කනට පාත් වුනා.
" this is a punishment baby.... remember that you are only mine... only I can kiss you... only I can..." කියලා රාගික කටහඬකින් කොඳුරපු ඔහු කෙල්ලගේ කන්පෙත් සෙමින් සිප ගත්තා.
මේ වෙනකොට කෙල්ලගේ හැඟීමුත් හොඳටම ඇවිස්සිලා තිබ්බේ.
කෙල්ල මේ පුද්ගලයා හම්බුනු දෙවෙනි වතාව වුනත් ඒ පහසට මාර විදිහට ආස වුනා. අනික ඒ කෙනාගේ අමුතු රළු ගතිය කෙල්ලට කියාගන්න බැරි හැඟීමක් වුනා. විෂ් එක්ක කාලේ ගත කරද්දී නොලැබෙන හැඟීමක් මෙයත් එක්ක ඉද්දී ලැබුනා.
නැවතත් ඒ කෙනා කෙල්ලගේ තොල්වලට බරවුනාම කෙල්ලත් ඒකට අනුබල දුන්නේ ඔහුගේ බෙල්ල වටේ අත් යවමින්....
විනාඩි දහයක විතර දීර්ඝ සිප ගැනීමකට පස්සේ ඔහු නැවතත් කෙල්ලගේ ගෙල සිප ගත්තේ ගෙල පුරාම රතු සලකුණු ඇතිවෙද්දී.
එතනින් නොනැවතී නුහීගේ ටී ෂර්ට් එකත් ගලවලා දාපු ඔහු නුහීගේ පියයුරු සිපගත්තේ නුහී ඇගේ ඇඟිලි තුඩු ඔහුගේ හිස පුරා යවද්දී.
පැය භාගයක් විතර කෙල්ලගේ පියයුරු සමඟ සෙල්ලම් කරලා නැවත කෙටි සිපුමක් දෙතොලට දීලා ඔහු ඇඳෙන් නැඟිටින්න හැඳුවත් ඒත් එක්කම ඔහුව ආයෙත් ඇඳට පෙරගත්ත නුහී කෑලි කපන්න පුලුවන් කරුවලේම ඔහුගේ ඇඟ අතපත ගාමින් ඔහුගේ ෂර්ට් එකේ බටන් කිහිපයක් ගැලෙව්වා.
එකවරම කෙල්ල ඔහුගේ පපුව හැපුවේ කෙල්ලගේ හැපිල්ලේ සැරට ඔහුගේ පපුව තුවාල වෙලා ලේ එද්දී.
" ආව්..."
" අනේ සොරි... මම ඔයාට ගොඩක් රිද්දන්න හැදුවේ නෑ.. මට ඕන වුනේ ඔයාට... මේ... මම දන්නෑ ඔයා කවුද කියලා... ඒත්.. ඒත් මට ඔයාව ඕනේ ඒක විතරයි මං දන්නේ..."
එකවරම ඔහු කෙල්ලව ඔහුගේ ඇඟට තද කරගෙන
" මම ඉක්මනටම මම කවුද කියන එක කියන්නම් අහී... එතකන්.. ඔයා මගේ දේවල් පරිස්සමින් බලාගන්න ඕනේ තේරුනාද..." කියලා කෙල්ලගේ තොල් සිපගෙන තනපුඩුවකුත් හපලා ඇඳෙන් නැඟිට්ටේ ෂර්ට් එකේ බට්න් දාන ගමන්...
" I will be back baby..." කියපු ඔහු බැල්කනියේ දොරත් ඇරගෙන එළියට ගියා.
ඉක්මනටම ටී එකත් ඇඳගෙන කෙල්ල ඔහුව බලන්න ගියත් ඒ ටිකට ඔහු අතුරුදහන් වෙලා තිබ්බේ හොල්මනක් වගේ.
එළිය බලාගෙන කෙල්ල කල්පන කරේ මෙච්චර ගාඩ්ලා ඉද්දී කොහොමද ඔහු ඇතුළට ආවේ කියලා.
පහුවදා එක්තරා සුඛෝපභෝගී නිවසක හිටපු කඬවසම් තරුණයෙක් උදේම නාගෙන ඇවිත් ලෑස්ති උනේ තමන්ගේ වැඩවලට යන්න.
කණ්ණාඩිය ඉස්සරහට වෙලා ෂර්ට් එකේ බට්න් දානගමන් හිටපු ඔහු කණ්නාඩියෙන් පේන ඔහුගේ ඡායාවටම හිනාවුනේ පපුවේ තිබ්බ සැපුම් තුවාලේ දැකලා.
" දත් තිස් දෙකම තියනවද මන්දා..." ඒ සැපුම් තුවාලෙ මතින් ඇඟිලි තුඩු යවමින් ඔහුටම කියාගෙන පැත්තක තිබ්බ නුහීගේ ඡායාරූපෙකට සිනාසුනා.
ඔව් ඒ තමා නුහීගේ සැඟවුනු අමුත්තා.
ඒ ගැන හිතමින් හිනාවෙවීම පහළට ගියපු කොල්ලා දැක්කේ නෑ තමන්ගේ තාත්තා තම්න් දිහා බලන් ඉන්නවා කියලවත්.
" මොකෝ කොල්ලෝ තනියම හිනා වෙන්නේ මටත් කියලම හිනාවෙයන්කො මාත් හිනාවෙන්නම් එතකොට..." කොල්ලාගේ කරට අතදාමින් තාත්තා කිව්වා.
"අහ්... අප්පච්චී මම හිනා වුනා... නෑ බොරුනේ මම යනවා ඈ පරක්කු වුනා...." කොල්ලා ලැජ්ජාව වහගන්නත් එක්ක ඉක්මනට ගියා.
තවත් දවසක නුහී හිටියේ කවී එක්ක කෝල් එකක.
කෙල්ල කෝල් එක කතා කරන ගමන්ම චොක්ලට් මිල්ක්ශේක් එකක් හදාගෙන කාමරේට යනගමන් හිටියේ.
කෙල්ල නිකමට වගේ පඩිපෙලෙන් ගියේ ආතල් එකට.
කෙල්ල දෙවෙනි තට්ටුවට යද්දි ඇහුනේ ශාක්‍යාගෙයි නිශූගෙයි කටහඬවල්.
කවීට ලයින් එකේම සද්ද නොකර ඉන්න කියලා ශේප් එකේ බැලුවෙ මොකද වෙන්නේ කියලා.
එතකොට කෙල්ල දැක්ක දේන් නම් කෙල්ලගේ ඇඟම සීතල වුනා.
එකපාර මොනා කරන්නද කියලා හිතාගන්න බැරි උනා.
ශාක්‍යා නිශූව පඬිපෙළ අයිනටම වෙන්න හිට්ටවලා නිශූ වැටෙන්න ඔන්න මෙන්න.
" අනේ ශාක්‍යා ප්ලීස් මට ඉන්න දෙන්න..." නිශූ බයෙන් ගැහි ගැහී කියද්දී ශාක්‍යා කරේ මහ හයියෙන් හිනාවුන එක.
මේ වෙලාවේ ගෙදර හිටියෙත් මේ තුන්දෙනා විතරයි. අනිත් අය හැමෝම ඔෆිස් ගිහිල්ලා.
" එහෙම කොහොමද තමුසෙට යන්න දෙන්නේ නිශුනි... තමුසෙ හින්දා මට මගේ තත්වෙ නැති වෙනවනේ..." ශාක්‍යා කැත හිනාවක් දාලා කිව්වා.
" නුහී...." කවීගේ කටහඬට තමා කෙල්ල පියවි සිහියට ආවේ.
කෙල්ලවත් බයේ ගැහෙනවා. හොඳ වෙලාවට කෙල්ල හිටියේ එයාපොඩ්ස් ගහගෙන. ඒ හින්දා කවීගේ කටහඬ අර දෙන්නට ඇහුන්නෑ.
නිශූ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් වැටෙනවා.
කෙල්ල ඉක්මනට පඩිපෙල දිගේ දිව්වේ නිශූ ඉන්න තැනට.
ඒත් එක්කම කෙල්ල එනවා දැකලා කලබල වුන ශාක්‍යා නිශූව තල්ලු කරේ නිශූට හිතාගන්නවත් වෙලාවක් නොතියා.
ඒත් හොඳ වෙලාවට ඒත් එක්කම නුහී නිශූව අල්ලගත්තා.
නිශූ පපුවටත් අතක් තියාගෙන හයියෙන් හුස්ම ගත්තේ මරණෙන් බේරුනා කියලා ෆීලින් එකක් දැනුනු නිසා. නුහී නිශූව එක්කගෙන ගිහින් පුටුවක ඉන්ඳුවා.
" අක්කී... කාම් ඩවුන්... ඔයාට මුකුත් වුනේ නෑ.... මේ වතුර එක බොන්නකෝ..." කියලා නිශූට වතුර වීදුරුවක් දුන්න කෙල්ල ගියේ ශාක්‍යා ළඟට.
ආපු ආවේගෙටම කෙල්ල ශාක්‍යාගේ කම්මුලට ගැහුවේ ඒ වගේ දෙයක් වෙයි කියලා හීනෙකින්වත් නොහිතපු ශාක්‍යා බිම වැටෙද්දි.
ඒත් එක්කම මේ වෙනකොටත් මාස නවයකට කිට්ටු වෙලා තිබ්බ ශාක්‍යාගේ බඩත් බිම ඇනුනා.
ශාක්‍යා කුසත් අල්ලන් මහ වේදනාවෙන් කෑගහන්න ගත්තේ ගේ දෙවනත් කරමින්.
නිශූ වගේම නුහී හොඳටම බය වුනේ මෙහෙම දෙයක් වෙයි කියලා එයාලා හිතුවෙත් නැති හින්දා.
" අක්කී... ඉක්මන් කරන්න හොස්පිටල් යන්... ශාක්‍යාගේ බෑග්ස් අරන් එන්න..." කියපු කෙල්ල තරහ මරහ අමතක කරලා ශාක්‍යාව ඇඟට වාරු කරගෙන පහළට එක්ක ගිහින් කාර් එකට නැග්ගුවා. නිශූත් බෑග් අරන් ඇවිත් කාර් එකට නැග්ගා.
" අනේ අංකල් ඉක්මනට යන්න... ශාක්‍යා හොඳට හුස්ම ගන්න..."
නුහී ඉක්මනට නවීට කෝල් එකක් අරන් හොස්පිටල් එකට එන්න කිව්වේ ශාක්‍යාට අමාරුයි කියලා.
ශාක්‍යාව තියටර් එකට ගත්තම නුහියි නිශුයි දෙන්නා එළියට වෙලා බලන් හිටියේ මොකද වෙන්නේ කියලා.
විනාඩි දහයක් යන්න කලින් නවීයි අවීයි දෙන්නම ආවා.
" කෝ ශාක්‍යා..." නවී කෙල්ලගෙන් ඇහුවා.
කෙල්ල හිසින් තියටර් රූම් එක පෙන්නුවා. ඒත් එක්කම ඇතුළේ ඉඳන් ඩොක්ටර් කෙනෙක් එළියට ආවා නවී ඉක්මනටම ඩොක්ටර් ළඟට් ගියා.
" මිස්ටර් නවීෂ්... ඔයාගේ තීරණේ කිසිම වෙනසක් නැද්ද....."
" නෑ ඩොක්ටර්...."
ඩොක්ටර් ආපහු තියටර් එකට ගියේ අනිත් තුන්දෙනාගෙම හිතේ කුතුහලයක් ඇති කරලා.
ඒත් කවුරුත්ම කතා කලේ නම් නෑ.
පැය දෙකක්ට විතර පස්සේ නර්ස් කෙනෙක් චූටි බබෙක්ව රෝස පාට රෙද්දක ඔතලා එළියට අරන් එද්දී හතර දෙනාගේ පා ඒ දෙසට එසවුනේ නිකන්මයි.
ඒත් එක්කම අර ඩොක්ටර්ත් ආයේත් ආවා.
" congratulations mr.Naweesh... ඔයාට ලස්සන පුංචි දුවක්... එයාට කිසිම ප්‍රශ්නයක් නෑ එයා 100% නීරෝගියි... ඔයාගේ වයිෆ් නම් නැති වුනා...."
ඒක අහපු ගමන් නුහීව එතනම බිම ඉන්ඳවුනේ ශාක්‍යාගේ ජීවිතේ නැතිවෙයි කියලා හීනෙකිවත් හිතපු නැති හින්දා.
______________________________________