Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Jan 01 2025 @ 20:18

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 15



පහළොස්වැනි දිගහැරුම...❤️






පහුවදා උදේ දහයට විතර ආදි යුහී නවී එක්ක පිටත් වුනේ හොටෙල් ලැවෙන්ඩර්ස් එකට. හොටෙල් ලැවන්ඩර්ස් එක ශාක්‍යාගේ තාත්තාගේ.




අවී එයාලාගේ ක්ම්පැනි එකට යද්දි ගෙදර ඉතුරු උනේ නුහී විතරයි.








කෙල්ලත් ඊටපස්සේ ගියේ කවීව බලන්න.






" නැන්දී මං ආවෝ..." නුහී සුපුරුදු විදිහටම කවීගේ ගෙදරට කඩා වැදුනා.






" අම්මෝ මං බැලුවා කවුද කෑගහන්නේ කියලා... " කවීගේ අම්මා ආවා හැන්දත් අතේ තියන්.






" දෙයියනේ ඔයා ඔයාගේ සූටි දෝණිට හැන්දෙන් ගහන්න නෙවෙයිනේ යන්නේ..." 






" පිස්සුද කෙල්ලේ අද නම් දවල්ට කාලා මිසක් ආයේ යන්නෑ... දෝණි පුලුවන්නම් අපේ කෙල්ල ගැන බලන්න.. තාම අද දවසටවත් කාමරෙන් එළියට බැස්සේ නෑ.. තාම තේ උගුරක්වත් බීලත් නෑ..."






" හා නැන්දී මං බලන්නම් මේක ඔයාට..." කියලා නුහී අතේ තිබ්බ බෑග් එකත් කවීගේ අම්මට දීලා ගියේ කවීව බලන්න.


යද්දී කාමරේ දොරත් ලොක් කරලා.




කෙල්ල තට්ටු කරා තට්ටු කරා ඒත් සද්දයක්වත් නෑ. 








" කවී උබ දොර අරිනවද නැද්ද... මං දහයට ගනින්න කලින් දොර ඇරියේ නැත්තන් මම යනවා.. ආයේ මාත් එක්ක කතා කරන්නත් එපා.. ආයේ උබ මගේ යාලුවෙක් නෙවෙයි එහෙම වුනොත් තේරුනානේ... එහෙනම් දැන් පටන් ගන්නවා...


එක...


දෙක...


තුන....


හතර...


පහ...


හය...


හත...


අට...


නවය...


දහය....  කියද්දී ම කවී දොර ඇරියා.






කවීව දැක්කම නුහීගේ පපුව හෝස් ගාලා ගියා.




කවී හිටියේ ඊයේ කෙල්ලගේ ගෙදරින් ඇඳන් ආපු ඇඳුමෙන්මයි. ඒ මදිවට ඒ ඇඳුම හොඳටම තෙමිලා ඇඳුම විතරක් නෙවෙයි කවීවත්. ඇස් දෙක රතු වෙලා ඇස් වටේ කලු වෙලා තිබ්බේ හඬමින් නිදි නැති රැයක් ගෙවූ බවට සාක්ෂි පෙන්වමින්. 








" කවී දෙයියනේ මොකද මේ... උබට පිස්සුද..." කියමින් නුහී කාමරේට ගිහින් දොර වැහුවා.








එතකොට තමා කෙල්ල කාමරේ දැක්කේ. කාමරේ පිස්සන් කොටුව වගේ බඩු පොළේ ගහලා වීදුරු කුඩු කරලා.. කෑලි හැමතැනම... 






" කවී... පිස්සුද බන්... මොනාද මේ කරන්නේ... උබට ඉන්නේ ලොකූ විතරක්ම නෙවෙයි බන්.. මේ ලෝකේ ඕන තරන් කොල්ලො ඉන්නවා.. පිස්සු නටන්න එපා... බලහන් අරහේ නැන්දත් දුකින් ඉන්නේ උබට මොනා වෙලාද කියලා... කවී බලපන් මං දිහා... යමන් ගිහින් වොෂ් එකක් දාන් වරෙන් බලහන් කොණ්ඩේ ඉඳන්ම තෙතයි උබ මොන මඟුලක්ද කරේ... යමන් මං විනාඩි දහයයි දෙන්නේ විනාඩි දහයෙන් එන්න ඕනා... බාතෲම් එකේ දොර ලොක් කරන්න බෑ යමන්..." කියපු නුහී කවීව බාතෲම් එකට තල්ලු කරා.






ඊටපස්සේ කොණක ඉඳන් කාමරේ අස් කරන්න ගත්තෙ කවීගේ අම්මා දැක්කොත් ඒ මනුස්සයට ප්‍රෙෂර් හැදෙන හින්දා.






පැය කාලක් ගියත් කවී නැති තැන නුහීට බයත් හිතුනා. කෙල්ල ගිහින් බාතෲම් එකේ දොරට තට්ටු කරත් කිසිම ප්‍රතිචාරයක් නැති තැන කෙල්ල දොර අරින්න යද්දිම කවී එළියට ආවා.






" අම්මෝ ගෑනියේ බය කරන්න එපා බන්... බලහන් මාව තාමත් සීතල වෙලා කියමින් නුහී කවීව බදා ගත්තා.




කවී එකවරම අඬන්න ගත්තේ නුහීව තවත් බදා ගනිමින්.






" කවී අඬන්න එපා බන්.. බලහන් මටත් ඇඬෙනවා... ප්ලීස් බන්..." නුහී ඇඬූ කඳුලින් කිව්වත් කවීගේ ඇඬිල්ල තවත් වැඩි වුනා. 








කවීට ඇති වෙනකන් අඬන්න දුන්න නුහී ටිකකින් කවීව ඇඳෙන් ඉන්ඳවලා ඇඳුමක් ඇඳ ගන්න දීලා පහළට ගියේ තේ එකක් ඉල්ලන් එන්න.






නුහී එද්දි කවී ඇඳට වෙලා ජනේලෙන් එළිය බලන් හිටියේ හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වගේ. 








" මේක බීපන් මේ ටික කාලා... " නුහී කවීගේ අතට සැන්විච් එකක් දීලා කිව්වා.






නුහී ආයෙමත් කාමරේ අස් කරන්න ගද්දී කවීත් තේ එක බීලා නුහීට එකතු වුනා.








" නූ බීච් යන්... " නුහීට ආවටම කවී කතා කරපු එකම වචන ටික වෙද්දි නුහී බීච් යන වෙලාවක් නෙවෙයි වුනත් ඒකට එකඟ වුනා.






ආයුටත් කතා කරලා එන්න කියපු දෙන්නා බීච් ගියේ කවීගේ අම්මා බලෙන්ම ඔතලා දුන්න බත් එකත් අරන්.








බීච් එකට ගිහිම් වැල්ලේ ඉඳගෙන ඈතින් පේන ක්ෂිතිජය දිහා බලන් හිටපු කවීගේ ඇස්වලින් කඳුලු වැටෙන්න ගත්තා.






ආයුයි නුහීයි කවීගේ දෙපැත්තෙන් ඉඳගෙන කවීගේ මේ නිහඬ පිළිවෙත දිහා බලන් හිටියේ හරිම දුකින්.






" කවී උබ ඔහොම හිතේ හිර කරන් ඉන්න එපා බන්... කියපන් අපිට... උබ දන්නවනේ අපි ඕන දෙයක් අහන් ඉන්නවා කියලා..." ආයු බැරිම තැන කියද්දි කවී ආයුගේ උරහිසෙන් ඔලුව තියාගත්තා.






කවී නවීට ආදරේ කරද්දි ආයුගේ ආදරේ වුනේ කවී. ඒත් ඒක හංඟන් හිටියේ යාලුකම නැතිකරගන්න බැරි නිසා. 








" මට බෑ දෙයියනේ... මට එයාව ඕනේ ආයු... ප්ලීස් මට එයාව ගෙනත් දෙන්න... මං එයාට ගොඩාක් ආදරෙයි... මං ආදරේ ගැන දන්න දා ඉඳන් මං එයාට ආදරේ කරේ... ප්ලීස් මට එයාව ඕනේ... අනේ එයාට බඳින්න එපා කියන්න...." කවී මහ හයියෙන් කෑගහමින් අඬන්න ගත්තේ මහ දවල් නිසා බීච් එකේ හිටියේ ටික දෙනෙක් වුනත් ඒ අයගේ අවදානයත් ඒ පැත්තට අරගෙන.










" මට එයාව වෙන කෙනෙක්ට දෙන්න බෑ... අනේ ප්ලීස් මට එයාව... අනේ නු ඔයාවත් කියන්නකෝ... ප්ලීස් මට ඔයාගේ අයියාව දෙන්න... මං එයාට ගොඩාක් අඅදරෙයි නූ..." කවී නුහීගේ අතිනුත් අඳිමින් කෑගහන්න ගත්තා.






" කවී...."






එකවරම පිටිපස්සෙන් ඇහුනු සද්දෙට කවී හැරිලා බලලා ඒ ආපු කෙනා ළඟට දිව්වා.








ඇවිත් හිටියේ නවී.....






නවීගේ ඇස් දෙක රතු වෙලා තිබ්බේ මෙච්චර වෙලා කවී කියපු දේවල් අහන් හිටපු බවට සාක්ෂි වෙද්දි.






කවී ගිහින් නවීගේ පපුවට තුරුල් වුනේ නවීත් කවීව එකවර තුරුලු කරගද්දි.






එත් ඒ ක්ෂණිකව නවී කවීව ඈත් කළේ කම්මුලටත් පාරක් ගහලා.






" ලොකූ..." නුහී ඉක්මනට ගිහින් කවීව අල්ලගත්තේ කට්ටියම පුදුමෙන් නවී දිහා බලද්දි.






" කවිදි තමුසෙට හොඳ කොල්ලෙක් හම්බෙයි මගේ පස්සෙන් ඇවිල්ලා තමුසෙගේ කාලේ නාස්ති කරගන්නැතුව ගිහින් වෙන වැඩක් බලාගන්නවා. අනික මං ශාක්‍යාව තව සති තුනකින් ඒ කියන්නේ මේ මාසේ 25වෙනිදා මැරි කරනවා. තමුසේ අනිවාර්යයෙන්ම එන්න ඕනා..." කියපු නවී තව මොහොතක්වත් එතන රැඳෙන්නෙ නැතුව ගියා.








කවී මහ හයියෙන් අඬන්න ගත්තේ ආයු වගේම නුහී තව තවත් අසරණ වෙද්දි.








" අනේ කවී අඬන්න එපා ප්ලීස් කවී... අනේ මං වැඳලා කියන්නම් අඬන්න එපා බන්... මට උබ අඬනවා බලන් ඉන්න බෑ... ප්ලීස් කවී..." නුහීත් කවීව වැළඳගෙන අඬන්න ගත්තේ ඇත්තටම නුහීව ඒ වෙලාවේ සහෝදරයා සහ යාලුවා කියන දෙන්නා අතර හිර වුන නිසා.








තවත් පැය ගණනක් ගත වුනේ කවී මුහුද දිහා බලමින් කල්පනා කරද්දි. අඳුර වැටෙන්න ආවත් ගෙදර යන්න කාටවත් කල්පනා වුනේ නෑ.




පැත්තක තිබුනු බංකුවක ඉඳගෙන තනියම රැල්ල පාගන නුහීගේ උරහිසට දැනුනු ස්පර්ශයක් නිසා එයා එකවරම ගැස්සිලා ගියා.






" අහ්...." කෙල්ල පිටිපස්ස බලද්දි දැක්කේ ඇවිත් ඉන්නේ විෂ් කියලා.






" විෂ්..." කියලා කෙල්ල එකවරම විෂ්ව වැළඳ ගත්තා.




" හේයි ප්‍රින්සස් මොකෝ අවුල... අද කවදාවත් නැතුව තුන්දෙනා තුන්පැත්තක... අනික ඔයා බීච් ඇවිත් ඔහොම ඉන්නේ නෑනේ..." විෂ් නුහී අසලින්ම ඉඳගනිමින් කිව්වා.






ඊටපස්සේ නුහී වෙච්ච හැමදේම විෂ්ට කිව්වේ ශාක්‍යා ඔවුන්ව රවට්ටලා කියලා දන්න බව නොකියමින්.






" ඕ මයි ගෝඩ්... දැන් මොකද කරන්නේ එතකොට..."






" මටත් තේරෙන්නෙ නෑ... මට අයියව අතාරින්නත් බෑ කවීව අතාරින්නත් බෑ... එන දේකට මූණ දෙන්න තමා තියෙන්නේ... වෙලා තියන දේවල් වෙනස් කරන්න බෑනේ..."






" ඒක නම් ඇත්ත ප්‍රින්සස්... අතීතය වෙනස් කරන්න පුලුවන් නම් ගොඩක් දේවල් වෙනස් කරන්න තිබ්බා... " විෂ් මුහුදේ ඈත පේන නැවක් දිහා බලමින් කිව්ව.






" ආ...."






" එක ගණන් ගන්න එපා... ඒක නෙවෙයි මතකද අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බුනු දවස... "






"ම්ම්ම්....මතකයි... එදත් මේ තැනමනේ අපි හිටියේ..."






" මම අර කලින් අහපු ප්‍රශ්නේ දැන් ඇහුවොත් ඔයා දැනුත් දෙන්නේ ඒ උත්තරේමද...." විෂ් නුහීගේ මූණ දිහා බලමින් අහද්දි නුහීගේ මූණේ නොසන්සුන් ගතියක් ඇතිවුනේ.






" මම.... මං දන්නඈ විෂ් ඒත් මට ඔයාව නැති කරගන්න බෑ.. ප්ලීස් මාත් එක්කම ඉන්න..." කියමින් නුහී විෂ්ගේ උරහිසට බර වුනා. ඒකේන් විෂ්ට තේරුනේ නුහී විෂ්ට කැමැත්ත දුන්න බවයි.








පැයකින් විතර පස්සේ කවී යම්තාක් දුරට හිත හදාගෙන තිබ්බ නිසා කට්ටියම ආපහු ගෙවල්වලට ගියා. 
















මේ අතරේ තායිලන්තයේ හිටපු විනුලිගෙන් කෝල් එකක් ආවේ එයාගේ පුතාට.


" හෙලෝ පුතා කොහෙද ඉන්නේ..."


" දැන් තමා ගෙදර ආවේ මාම්..."


" කොහෙද ගියේ...."


" මම බීච් ගියා..."


" ආතල් එකෙ හිටියා වගේ නෙවෙයි කොල්ලෝ ගිය වැඩේ අමතක කරන්න එපා..."


" ඒකේ වැඩකට තමා ගියේ මාම්... දන්නවද වැඩේ හොඳටම පත්තු වෙලා... ශාක්‍යායි මායි දෙන්නම දැන් සූරියආරච්චි ෆැමිලි එකට ඇතුල් වෙන්න යන්නේ...."


" දැට්ස් මීන්..."


" yeah mom... she accepted me... " 


ඔව් ඒ විෂාන්...


" ෂහ්... වාව්... හැබැයි කොල්ලො පරිස්සමින්... ඒකිට ආදරේ නෑනේද ඇත්තටම..."


" නෑ මාම්... නෙවර්...."


" එහෙනම් කමක් නෑ... මොකෝ ශාක්‍යාගේ තත්වේ... මෙහේ අක්කා ඔට්ටු වෙනවා ඕක ඇබෝෂන් කරන්න කියකිය..."


" නෑ මාම්... ඇබෝෂන් කළොත් ඒක අපිට අවාසියක් වෙනවා... ඒ ළමයා තමා අපේ තුරුම්පුව... ඒ උගේ ලේනේ අම්මා... ඒ වෙනුවෙන් උන් ඕනම දෙයක් කරයි..."


" සුවර් එකටම උගෙද...."


" ඔව් මාම්... DNA test 02ක්ම කරා..."


" මට නම් විශ්වාස කරන්නත් බෑ... මේක මෙච්චර ඉක්මනට සාර්ථක වුනා කියලා... පුතා කෝකටත් පරිස්සමින්... ආදි කියන්නේ නිකන්ම කෙනෙක් නෙවෙයි... ටිකක් හරි ඉව වැටුනොත් ඉවරයි..."


" බය වෙන්න එපා මාම්... මාව විශ්වාස කරන්න..."


" මං ඔයාව විශ්වාස කරලා තමා ඉන්නේ පුතා.. ඒත් කවදාවත් ගෞරව්ගේ පුතා කියන දේවල්වලට පිටින් දෙයක් කරන්න එපා..."


" ඕකේ මාම්.. මං එයා කියන විදිහට තමා කරන්නේ..."


"ම්ම්...ගුඩ්... එහෙනම් මම පස්සෙ වෙලාවක ගන්නම්... දැන් කාලා බීලා නිදාගන්න.."


" ඕකේ මාම්..."


කෝල් එක කට් කරපු විෂ් කල්පනා කරේ විනුලි අහපු ප්‍රශ්නේ ගැන.


 " ඒකිට ආදරේ නෑ නේද ඇත්තටම..."
එ වෙලේ නෑ කියලා කිව්වත් විෂ් තාමත් එයාගෙන්ම අහන්නේ නෑ කියලමද කියන්නේ කියලා.
















මෙහෙම සති දෙකක්ම ගෙවිලා ගියේ නුහීලා ගොඩාක් බිසී වෙද්දි. මොකද 25 වෙනිදම තමා අවීගෙයි නිශූගෙයි වෙඩින් එකත් තිබ්බේ.






මේ අයගේ ඇඳුම් ඩිසයින් කරන වැඩේ භාරදීලා තිබ්බේ නුහිට ඉතින් නුහී අනිත් හැමෝටම වඩා බිසී.






පහුගිය සති දෙකේම රැයක් දවාලක් නැතුව නුහී ඒවට වෙහෙසෙද්දී නුහීට හොඳටම යකා නැඟලා හිටියේ ශාක්‍යා එක්ක... මොකද නුහී ඩිසයින් කරපු ඇඳුම්වලට අනිත් හැමෝම එකපාරින් කැමති වුනත් ශාක්‍යා හැමසැරේම මොනාහරි ඇදයක් කියනවා. ඒ නිසාම ශාක්‍යාගේ ඩ්‍රෙස් එක දහපාරකට වඩා හදන්න සිද්ධ වුනා. අන්තිමට නවී බැන්නම තමා ශාක්‍යාගේ ඒ වැඩේ නතර වුනේ.








කොහොමහරි එක දවසක් කවී නුහීලාගේ ගෙදර ආවේ එදා සිද්ධිය වෙලා සති දෙකකට පස්සේ. ඒ ඇවිත් එයා හැමෝටම කියපු දෙයින් හැමෝම පුදුම වුනා.


" මම ආපහු UK යනවා..."




ඊට පහුවදාම කවී UK ගියේ එයාගේ අම්මයි තාත්තයි එක්කමයි. නුහීගේ තුන්කට්ටුවෙන් එක්කෙනෙක් අඩු වුනේ අන්තිමට ආයුයි නුහීයි ඉතුරු වෙද්දි.










කොහොමහරි අන්තිමට වෙඩින් එක තියන දවසත් ආවා. වෙඩින් එක තිබ්බේ හොටෙල් ලැවෙන්ඩර්ස් එකේ වෙද්දි කිසිම කරදරයක් නැතුව වෙඩින් දෙකම ඉවර වුනා.




one day function එකක් නිසා හවස් වෙද්දි නුහීලා ආපහු ගෙදර ආවා.






අවී නිශූ දෙන්නා මාසයක් විතර ලංකාවේ හැමතැනම ට්‍රැවල් කරන්න යද්දි නවී ශාක්‍යා එක්ක ගෙදර ආවා. 






ඊළඟ මාස දෙකම නුහී බිසී වුනේ අවුරුදු හතරකට පස්සේ එයා ආයෙමත් ෆැෂන් ඩිසයිනින්ග් කම්පෙටිෂන් එකට යන නිසා.




ශාක්‍යාත් නුහීට කරට කරම වැඩ කරා.




පහුගිය මාස දෙකේ සූරියආරච්චි නිවස ගොඩාක් වෙනස් වෙල තිබ්බා. වෙනදට ගේ පිරෙන්න තිබ්බ හිනා සද්දේ මේ වෙනකොට නැති වෙලා. වෙනදා හවස් වෙනකොට යාලුවෝ නෑදෑයොන්ගෙන් පිරෙන ගෙදර දැන් සොහොන් බිමක් වගේ. කොටින්ම කිව්වොත් අවී නවී නුහී තුන්දෙනාගේ බැඳීමත් ටිකක් පළුඳු වෙලා තිබ්බා. නවී ශාක්‍යාගේ පැත්තට හැරුනේ කවුරුත් නොහිතපු විදිහට. 










 එක දවසක් නුහී එයාගේ කාමරෙන් එළියට ආවේ පැය ගාණක් එක දිකට ඩිසයින් ඇඳලා මහන්සිය වැඩිකමට. 








පහළට ගිහිල්ලා අම්මා එක්කත් කයියක් දාලා පාඩුවේ හිටපු අවීවත් අවුස්සලා කෙල්ල උඩට එද්දි දැක්කේ එයා නිදිවර්ජිතව ඇඳපු ඩිසයින් හොරකන් කරන ශාක්‍යාව.








" ඒයි ශාක්‍යා..."






නුහීගේ පැමිණීම බලාපොරොත්තු නොවිච්ච ශාක්‍යා එක්වරම ගැස්සිලා හැරිච්ච පාර ලිස්සලා වැටුනේ හොඳ වෙලාවට කාමරේ තිබ්බ සෝෆා එකට.








" නවී.... නවී.... ඉක්මනට එන්න.... මට අමාරුයි...."






ශාක්‍යා බඩත් අල්ලන් කෑගහන්න ගත්ත පාර නුහී බය වෙලා ශාක්‍යා ළඟට දිව්වේ මොකද වුනේ බලන්න.








නුහී ශාක්‍යාව සෝෆා එකේ ඉන්ඳන්න හදද්දිම ශාක්‍යා ආපහු කෑගහන්න ගත්තේ..








" අනේ එපා නංගී... ප්ලීස් එපා... මම ඔයාට මුකිත් කරේ නෑනේ.. මං ආවේ ඔයාගෙන් කැන්වස් කොළ ටිකක් ඉල්ලන් යන්න මගේ ඒවා ඉවර හින්දා.. ප්ලීස් නංගී මට මුකුත් කරන්න එපා.. මම බඩදරු අම්මෙක්... මගේ දරුවා...අහ්...." 








නුහී වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉද්දී කාමරේට දුවගෙන ආවේ නවී.








" ශාකී... මොකද වුනේ මැණික... ඔයාට අමාරුද හොස්පිටල් යන්ද..."








" අනේ නවී.. මම මුකුත් කළේ නෑ නවී... නංගි මාව තල්ලු කළා නවී... මම එයාගේ ඩිසයින් හොරකන් කරන්න ආවලු..." කියමින් ශාක්‍යා බොරුවට අඬන්න ගත්තා.








එකවරම නුහී ළඟට ආපු නවී නුහීගේ කම්මුලට ගැහිවේ කිසිසේත්ම ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන නුහී බිම වැටෙද්දි.








" ආයේ තමුසේ මේ වගේ දෙයක් කළොත් තමුසේ මගේ නංගි කියලත් අමතක වෙයි මතක තියාගන්නවා..." නුහීට ඇඟිල්ලකුත් දික්කරලා කෑගහපු නවී ශාක්‍යා එක්ක එළියට ගියේ නුහී නවීගේ මේ හැසිරීමෙන් පුදුම වෙලා ඉද්දී.






නවීට හොරෙන් නුහි පැත්තට හැරුන ශාක්‍යා නුහීට සමච්චල් හිනාවක් දැම්මේ මේ සද්දේ ඇහිලා උඩට ආපු අවී නුහී ගාවට දුවද්දි.




" මොකද වුනේ සුදූ.. මොකද මේ කම්මුල..." අවී නුහීගේ කම්මුල අතගාමින් අහද්දි නුහී වෙච්ච දේවල් කිව්වා.






ඒ අතරේ නිශූ බාම් එකක් ගෙනැත් කෙල්ලගේ මූණට ගෑවේ ඒ කම්මුල් පාර ඇත්තටම සැර වැඩි හින්දා.








" මූට නම් මොනා වෙලාද මන්දා... ඊයේ මාත් එක්කත් කම්පැනි එකේදි වලියක් දාගත්තා..." අවී නිශූට කිව්වේ ඉකිගසමින් අඬන නුහීව පපුවට තුරුල් කරන්.








" මට පේන්නේ මේ හැමදේක ශාක්‍යාගේ වැඩ අවී... එයා හදන්නේ නවී අයියව අපි හැමෝගෙන්ම ඈත් කරන්න...."








" ඒක නම් ඇත්ත...ඒ ඌ කොහොමද මේ පොඩි එකීට ගහන්න හිත හදාගත්තේ.... මේ වෙනකන් මේකිට අපි දෙන්නගෙන් එකෙනෙක්වත් අතක් උස්සලා නෑ.. මේ පොඩි එකීගේ ඇස්වලින් කඳුලක් වැටෙද්දිත් අපිව පිච්චෙනවා බන්..." අවී කිව්වේ නුහි හිස අතගාමින්.








අන්තිමට අවීගේ තුරුලෙම නුහීට නින්ද ගියා. නුහීව ඇඳෙන් තියපු අවී නිශූ එක්ක පහළට ගියේ මේ ගැන ආදි එක්ක කතා කරන්න. 




මේ අතරේ ආදි හිටියේ වැදගත් කෝල් එකක..








" කොල්ලො මොකො තත්වේ දැන්..."






" සර්... විෂාන් අපි හිතුවට වඩා කට්ටයි.... ඌ මොකක් හරි වෙන ගේමක් ගහනවා... අනික මූ මේවා තනියම කරනවා කියලා හිතන්නත් බෑ... තව එකෙක් ඉන්නවා... "


"ම්ම්ම්.... එහෙනම් අපිට තව ටිකක් ඇලට් එකේ ඉන්න වෙනවා... "


" ඔව් සර් විශේෂයෙන්ම නුහිනිව වෙනදටත් වඩා ආරක්ෂා කරගන වෙනවා... මොකද උන්ගේ ඊළඟ ටාගට් එක මට පේන විදිහට නුහිනි..."


" ඒක තමයි පුතා.. ෂිට්... මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.. එහෙන් නවීගේ ප්‍රශ්න දැන් නුහී... ඕක නවත්තන්න කිව්වත් නුහී දැන් අහන්නෙ නෑ...."


" ඔව් සර්.. එයත් සර් වගේම තමානේ.. ඒත් බය වෙන්න එපා සර්... අපි කොහොමහරි මේක ඉවරයක් කරලා දාමු... ඒත් ඉටකලින් විෂාන්ට සපෝට් කරන එකාව හොයාගන්න වෙනවා... ඌ තමයි underworld එක රන් කරන්න උදව් කරන්නේ... ඌ හින්දා තමා අපිට සාක්ෂි හොයාගන්නත් පරක්කු වෙන්නේ...."


" හොඳයි පුතා බලමුකෝ...මං වෙලාවක එන්නම්කෝ ගෙවල් පැත්තේ... කෝ කසුන් එහෙම... කාලෙකින් කෝල් එකක්වත් ගන්න බැරි වුනා..."


" ආ තාත්තා නම් මේ දවස්වල අර මර්ඩර් කේස් එකක් පස්සේ පන්නනවා සර්... කොග්ගල පැත්තේ..."


" ආ ඒකද... ඒක ගැන මාත් ටිකක් interest. ඒ හින්දා අනිවාර්යයෙන්ම මං එනවා..."


" ඕකේ අන්කල්... එහෙනම් පස්සෙ හම්බෙමුකො..."


" හරි පුතා..." 




කෝල් එක කට් කරපු ආදි ළඟට ආවේ යුහී.


" කසුන් අයියාගේ පුතාද..." ආදිගේ අතට තේ කෝප්පේ දෙමින් යුහී ඇහුවා.


" ඔව්... අර ගැන කතා කරේ... මට නම් තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා... ඒක එන්න එන්න සංකීර්ණ ප්‍රශ්නයක් වෙනවා.... කෝ සුදූ මං අද දවසටවත් දැක්කෙ නැ..."


" ආන් අඬලා අඬලා නිදි..."


" මොකක්... ඇඩුවා ඒ මොකටද..."


" ලොකූ ගහලා...."


" මොකක්..."


" ඔව් ඔක්කොම අර ශාක්‍යාගේ වැඩ ඒකි බොරු කියලා මගේ කොල්ලව රවට්ටගෙන... පව් මගේ අහිංසකී දුක් විඳිනවා..."


" ෂිට්... ඉන්න මං බලලා එන්නම් කෙල්ලව... මට හිතෙනවා එක්කෝ ආපහු UK වලටම යවන්න කෙල්ලව...."


" මං නම් හිතන්නෑ යයි කියලා..."


ආදි යද්දී නුහී හොඳටම නිදී. කොට්ටෙකුත් බදාගෙන නිදන් ඉන්න නුහීගේ රතුවුන කම්මුල දැක්කම ආදිට හිතුනේ ශාක්‍යාව මරලා දන්න.




____________________________________