Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Jul 13 2024 @ 08:04

නුඹ දැක මා...❤️ - 2



දෙවන දිගහැරුම...❤️

"තමුසේ...."

කෑම මේසේ ඉන්න කෙනා දැක්කම කෙල්ලගේ පරණ තරහක් ආයේ මතු වුනේ කෙනා අඳුරගත්ත හින්දා....

"තමුන්...."

කෙල්ල තව දෙයක් කියන්න කට ඇරියත් කියන්න බැරි වුනේ එතනට විනෝද්‍යා ආපු නිසා...

"ආ දෝණි නැගිට්ටද..."

"ඔව් අම්මා good morning..."

"good morning මැණික.... මං ඔයාව ඇහැරුවේ නෑ... මං පාන්දර දෙක හමාරට විතර ඇවිත් බලද්දිත් ඔයා තාම වැඩ... කීයටද නිදාගත්තේ..."

"තුනට විතර අම්මේ..."

"දෝණි තව ටිකක් නිදාගන්න තිබ්බනේ... අද ඔයාට class නේද හවසට..."
"මරු කෙල්ලෝ පස්සට ඉර එළිය වැටෙන කල් නිදාගත්තම..." පිරිමි කෙනා.

"පුතා..."

"ඇත්තනේ අම්මේ කිව්වේ... ඇත්ත තිත්තයිනේ කොහොමත්..."

"දැන් මගෙන් ඔය ගුටි කන්න තමා හදන්නේ..."

"ඔව් අම්මට ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අං ලොකු වෙලානේ..."

"ආදී දැන් මම ඔයාට.... දෝණි මේ කොල්ලා කියන ඒවා ගණන් ගන්න එපා... ඔය දැන් ඊරිසියාව... මේ ඉන්නේ මගේ එකම පුතා.. නුරාග් ආදිත්‍ය සූරියආරච්චි..."




ඊරිසියාව නම් දෝරේ ගලනවා තමා කෙල්ල හිතුවා විතරයි කිව්වෙ නෑ.


"මං දෝණිට කිරි එකක් අරන් එන්නම් එතකන් ඉදගෙන කෑම කන්නකෝ..."

"අම්මා ඉන්න මං හදා ගන්නම්..."

"ඕන්නෑ දෝණි මෙතනින් ඉදගන්නකෝ මං ඉක්මනට හදාගෙන එන්නම්..."

විනෝද්‍යා යුහීව ආදිගේ ඉස්සරහින් වාඩි කරවලා කිචන් එකට ගියා.


"තමුසේ මොකද මගේ ගෙදර කරන්නේ..."

"මේක මගෙත් ගෙදර..."

"කව්ද දන්නෑ අයිතිවාසිකම් දුන්නේ කුමාරිහාමිට..."

"අම්මා කිව්වා මේක මගෙත් ගෙදර කියලා..."

"තමුසේ මොකද මගේ අම්මාට අම්මේ කියන්නේ.."

"අම්මා තමා කිව්වේ අම්මා කියන්න කියලා ඇයි තමුන්ට ප්‍රශ්නයක්ද ගොන් බස්සෝ...."

"මගේ අම්මා තමුසෙට අම්මා කියන්න කියපු පලියටයි luxury room එකක් හම්බුනු නිසයි හිතන්නෙපා තමුසේ දැන් මහ රැජිනක් කියලා... අනාතයා අනාතයාම තමා... තමුන්ගේ තරම දැනගෙන ජීවත් වෙනවා..."


ඒ වචනවලට කෙල්ල හිත ගොඩාක් රිදුනේ කෙල්ලට ආයේ තමන් අනාතයෙක් බව මතක් වෙද්දී.
කෙල්ල ආයේ ආදිට මොනහාරි කියන්න කට ඇරියත් බැරිවුනේ මේසේ යටින් කොල්ලා කෙල්ලගේ කකුල පාගපු නිසා...

"ආව්...." යුහීගේ ඇස්වල කඳුළු පිරුනා.
"ඕ... තමුසෙට රිදුන ද.... පව්නේ... ඊළඟ සැරේ මං හිමීට පාගන්නම් හරිද...."

කෙල්ල බිම බලාගෙනම හිටියේ ආදී ආයේ කකුල පාගයි කියලා බයේ.
කලින් පාගපු තැනත් කෙල්ලට දැනෙන්නේ පුපුරු ගහනවා වගේ.


"තමුසේ එදා වෙච්ච කිසි දෙයක් අම්මාට කියන්න බෑ... කිව්වොත් මම තමුසෙට මේ ගෙදර අපායක් කරනවා... ඒ නිසා කටවහගෙන පැත්තකට වෙලා ඉන්න ඕනා... තේරුනාද..." 


කෙල්ල ඔලුව වැනුවේ තේරුන බව පෙන්නන්න.


"ඇයි තමුසෙට කටක් නැද්ද... එදා කියෙව්වානේ මහ ලොකුවට... "

"ඔව්... මට... තේරුනා..."

"ම්ම්ම්.... ගුඩ්...දැන් තමුසෙගේ අඬවැඩියාව නවත්තගන්නවා... ආන් අම්මා එනවා...."


කෙල්ලා ඉක්මනට කඳුලු පිහගත්තේ විනෝද්‍යා දකී කියලා බයේ.

"කෝ දෝණි තාම කෑම බෙදාගෙනවත් නෑනේ... කෝ ඉන්න බෙදන්න..." කියලා විනෝද්‍යා කිරි වීදුරුව යුහීගේ එහා පැත්තෙන් තිබ්බා.

"අම්මා මං බෙදා ගන්නම්... ඔක්කොටම ඉස්සෙල්ලා කියන්නකෝ අම්මා කෑවද කියලා.."


" එහෙම හරියන්නෑ... එන්නකෝ ඉඳගන්න..." කියලා යුහී විනෝද්‍යාව එයාගේ පුටුවට එහා පුටුවෙන් ඉන්ඳලා කෑම බෙදුවා.

යුහීගේ මේ වැඩේට ආදි පුදුම උනත් ඒ බව නොපෙන්වා හිටියා. 

"Thank you දෝණි... දැන් ඔයත් කන්නකෝ..."

කෙල්ලත් කෑම බෙදාගෙන කන්න ගත්තා.

"පුතා දෝණිත් සඳුදා ඉඳන් ඔයාලාගේ කැම්පස් එකේ ඔයාලගේ ෆැකල්ටියේමයි... බලාගන්න දෝණිව... රැග් කරන්න එහෙම දෙන්න එපා..."

"අනේ අම්මේ මට බබ්බු බලාගන්න වෙලාවක් නෑ... අනික රැග් එක කාටත් පොදුයි මෙයා මහරාණි ඇයි එයාට විතරක් නොදී ඉන්න..."

"පුතා ඔයාට මොකද වෙලා තියෙන්නේ... අද හරහටමයි කතා කරන්නේ... ඔයාට බෑ කියලානේ කියන්නේ දෝණිව බලාගන්න මම රනුක් පුතාට කියන්නම් එයා බලාගනී දෝණිව...."

"මොකක්.... ඕන්නෑ මං බලා ගන්නම්... " කියපු ආදී මේසෙන් නැගිටලා ගියා.

යුහීට මතක් වුනේ ආදිව මුලින්ම හම්බුනු දවස...





මීට මාස දෙකකට විතර කලින් ඒ කියන්නේ නත්තලට සති දෙකකට කලින් යුහී නිවාසේ හිටපු චූටි පැංචියෝ ටිකක් එක්ක ගියේ වාර්ෂිකව නිවාසෙන් කරන නත්තල් උත්සවේට ආදාර එකතු කරන්න.

පැයක් දෙකක් විතර පුංචි එවුන් එක්ක ඔට්ටු වෙලා යුහීටයි ඒ පුංචි පැටවුන්ටයි සෑහෙන ගාණක් එකතු කරගන්න පුලුවන් වුනා.

ආපහු නිවාසෙට යන්න කියලා බලද්දී තමා යුහී දැක්කේ එක පැංචියක් අඩුයි කියලා.

කෙල්ලගේ ඇගේ ලේ වතුර වුනා.
මොකද රේණු කෙල්ලව විශ්වාස කරලා මේ අය භාර දුන්නම කෙල්ලට ඒ දේවත් හරියට කරගන්න බැරි වුනු නිසා.
කෙල්ල හැමතැනම බලද්දි තමා දැක්කේ ඒ පුංචි කෙල්ලා cafe එකක් ඉස්සරහට වෙලා ඒකේ වීදුරුවෙන් පේන කෑම දිහා බලන් ඉන්නවා.

කෙල්ල ඉක්මනට එතනට යන්න හැදුවත් අනික් පැංචියෝ තියලා යන්න තැනක් නැති නිසා කෙල්ල ඒ අයත් එක්කම පාර මාරු උනා.

ඒ අතරේ කෙල්ල දැක්කා cafe එක ඇතුළේ ඉඳන් කොල්ලෙක් ඇවිත් චූටි පැංචි එක්ක කතා කරනවා.

පැංචිත් මොනාද මොනාද කියෝගෙන ගියා. කෙල්ල ළඟට යද්දී ඇහුනේ චූටි පැංචිට අර කොල්ලා බනින විදිහ. 



" තමුන්ලා අනාතයෝ නම් පැත්තකට වෙලා ඉන්නවා. යනවා මෙතනින් අහකට... ඇතුලේ තියන ඒවා දිහා කෙළ පෙරන් බලන් ඉන්නවා. cafe එකට මනුස්සයෝ එන්නෙත් නෑ ඊළඟට..." කියලා ඒ කොල්ලා පැංචිව තල්ලු කළා.


යුහී කොච්චර අහිංසක වුනත් එයා කැමති නෑ කවුරුත් අනාත නිවාසේ ළමයින්ට ගහනවට බනිනවට. කෙල්ලට හොඳටම තරහ ගියා.

"මේ මිස්ටර් තමුන් මොනාද හිතන් ඉන්නේ... අපි අනාතයෝ තමයි ඒත් මනුස්සයෝ... තමුන්ලා වගේ පොඩි උන්වත් පන්නලා දාන චීප් අය නෙවෙයි..." 

"මොකක් ද තමු..." 

"මෙතන මොකක්ද වෙන්නේ..." කියමින් cafe එක ඇතුළේ ඉඳන් ආවේ ආදි.

"බලහන්කෝ මචන් මේ අනාත එකී දෙන ටෝක්... මේ පොඩි එකීට කන්න දුන්නැත්තන් අපි චීප් ලු...."

"තමුසේ මොනාද හිතන් ඉන්නේ අයිසේ මෙතන පිනට කන්න දෙන තැනක් කියලා හිතුවද... ඔය හිඟන රැලත් අරන් පලයන් මෙතනින්..."

"මේ මිස්ටර් තමුන්ලා අතේ වැරැද්ද තියාගෙන ඔහොම කතා කරන්න එපා.... තමුන්ලා චීප් නෙවෙයි ඊටත් අන්ත උන්...."

"අනේ මේ පලයන් මෙතනින් මම එලවන්න කලින්.."
"තමුන් අපිව එලවන්න... මේ මිස්ටර් ඔයා සල්ලි කාරයෙක් වෙන්න ඇති.... ඒත් සල්ලි කියන්නේ හැමදාම තියන දෙයක් නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න.තමුන්ලා නම් මනුස්සයෝ වෙන්න බෑ..."

" ඕහෝ.... එහෙමද මේ මැඩම් කියන්නේ... ඔව් මං මනුස්සයෙක් නෙවෙයි අමනුස්සයෙක්... ඒ වගේම මං ගොඩාක් කැමති මේ වගේ ස්වීට් කෙල්ලොන්ට.... මොකද්ද් කියන්නේ... one night with me..."

"What... තමුන් මං අනාතයෙක් හින්දා ඒ වාගේ චීප් වැඩ කරනවා කියලා හිතුවද මිනිහෝ... එන්න ළමයි අපි යමු...." කියලා යුහී පැංචියෝ ටිකත් එක්ක එතනින් යන්න හැදුවත් ආදි යන්න දුන්නෙ නෑ කෙල්ලව ඇදලා අරන් ෂොප් එකේ වීදුරුවට හේත්තු කළා.
ඊටපස්සේ කෙල්ලගේ මූණට ඒ මූණ ළං කළා. කෙල්ලව හොඳටම ගැහෙන්න ගත්තේ කවදාවත් මේ තරන් පිරිමියෙක්ට ළං වෙලා නැති නිසා.
බයටම කෙල්ලගේ ඇස් පියවුනා.
කෙල්ල ආදිගෙන් බේරෙන්න උත්සාහ කළත් කෙල්ලට ඒක කරන්න පුලුවන් දෙයක් උනේ නෑ.කෙල්ලට තේරුනා කෙල්ලගේ තොල්වල තවත් දෙතොලක් ස්පර්ශ වෙනවා.
ඒත් එක්කම කෙල්ලට චටාස් සද්දයක් ඇහුනේ ආදිගෙන් කෙල්ල මිදෙද්දි.
එදා ආදිගේම යාලුවෙක් තමා කෙල්ලව ආදිගෙන් බේර ගත්තේ.



" දෝණි මොනාද කල්පනා කරන්නේ...පුතා කියපුවා ගණන් ගන්න එපා....ඔය කොල්ලට පිස්සු... බය වෙන්න එපා ඔයාව කැම්පස් එකෙදී හොඳට බලා ගනී..."

ඒත් කෙල්ල දැනන් හිටියා කැම්පස් එකේදී කෙල්ලට සෑහෙන දුකක් විදින්න වෙන බව. Be strong යුහී... කෙල්ල කෙල්ලටම කියාගත්තා.




හවස් වෙලා කෙල්ල ලෑස්ති වුනේ දැන් මාස හතක විතර ඉඳන් කෙල්ල වැඩ කරන EEL Academy එකට යන්න.
ඒකේ ඉන්න 6-9 ළමයිට කෙල්ල විද්‍යාව උගන්නනවා. මුල් දවස්වල හිටියේ හැම පන්තියකම ළමයි දහයක්වත් හිටියේ නැති උනත් කෙල්ලගේ ඉගැන්වීම් ක්‍රම නිසාම මේ වෙනකොට හැම පන්තියකම ළමයි තිහකට වඩා ඉන්නවා.

ඊයේ විනෝද්‍යා අරන් දුන්න කළුපාට ගවුමකුත් ඇඳගෙන ඉනෙන් වියතක් විතර පහළට තියන කොණ්ඩෙත් පෝනිටේල් එකක් දාගෙන ස්ලිපර්ස් දෙකකුත් දාගෙන ඕන දේවලුත් අරන් යුහී පහළට ගියා.

"ආ දෝණි යන්න ද යන්නේ තව විනාඩි පහක් කලින් ආව නම් පුතා එක්ක යන්න තිබ්බා.."

අම්මෝ එහෙනම් පරක්කු උන එකමයි හොඳ කෙල්ල හිතුවා.

"කමක් නෑ අම්මා මං පාර හුරු වෙන්නත් එක්ක පයින් යන්න බැලුවේ. මෙහෙ ඉඳන් බස් හෝල්ට් එකට වැඩි දුරක් නෑනේ..."

" නෑ දෝණි ඩ්‍රයිවර් එක්ක යන්න... "

"කමක් නෑ අම්මා... මම බස් එකේ යන්නම්කෝ..."

"හරි දෝණිගේ කැමැත්තක් හැබැයි හවසට ඩ්‍රයිවර් එක්ක එන්න ඕනා..."

"හරි අම්මේ... බායි... මං ගිහින් එන්නම්..."

"පරිස්සමට ගිහින් එන්න මැණික...."

මේ වෙනකොට හවස තුනට විතර. කෙල්ල පාර දිගේ ආවේ බස් හෝල්ට් එකට.. මේ වෙනකොට ගෙදරත් නොපෙනෙන දුරකට ඇවිත් හිටියේ... 

එකපාරටම කෙල්ල ළඟින් ඇවිත් නැවැත්තුවේ ලොකු බයික් එකක්... කෙල්ල ඒකේ නමක්වත් දැනන් හිටියේ නෑ...

ඒකේ හිටපු කොල්ලෙක්
"ආ නංගී කොහෙද යන්නේ.... මේ පැත්තට අලුත් වගේ... " කියලා ඇහුවේ හෙල්මට් එක ගලවන්නෙවත් නැතුව.
කෙල්ල ඒක ඇහුන්නෑ වගේ කලින්ට වඩා වේගෙන් පාර පැත්තට ගියා. ඒත් බයික් කාරයා තාමත් කෙල්ලගේ පස්සෙන්

" මොකෝ නංගි ඔච්චර ගණන්... පොඩ්ඩක් අපිත් එක්ක කතා කරලා යන්නකෝ...." කියමින් කෙල්ල ළඟට බයික් එක ළං වුනා.

මේ වෙද්දී කෙල්ල හිටියේ හොඳටම බය වෙලා. කෙල්ලට එවේලෙ හිතුනා ඩ්‍රයිවර් එක්ක එන්න තිබ්බේ කියලා.
කෙල්ල තවත් අඩිය ඉක්මන් කරලා බස් හෝල්ට් එක ළඟට යන්න ගියා.
ඒත් තව මීටර් දෙසීයක් විතර තිබ්බා. පාර දෙපැත්තෙත් බල්ලෙක්වත් නෑ. 
කෙල්ලගේ වාසනාවට වගේ එතනින් ගියපු කාර් එකක් නතර කරා.

"මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද... මං දැක්කා දැන් සෑහෙන වෙලාවක ඉඳන් තමුන්ලා මේ නංගිව ෆලෝ කරනවා..." කාර් එකේ ආපු කෙනා කාර් එකෙන් බහින්නැතුවම ඇහුවා.

"ආ නෑ අයියේ මේ මගේ Girlfriend... එයා මාත් එක්ක තරහා වෙලා යාලු කරගන්න ආවේ...." බයික්කාරයා කියද්දී කෙල්ල පුදුමෙන් බැලුවේ දැකලවත් නැති එකෙක්ගේ girlfriend වුනේ කොහොමද කියලා හිතාගන්න බැරුව...

" ඒක නම් බොරුවක් වගේ මල්ලී... බලන්නකෝ මේ නංගිගේ මූණෙන්ම මට පේනවා... මම පොලිසියට කෝල් කරන්න කලින් මෙතනින් පලයල්ලා...." කාර්කාරයා කිව්වා විතරයි බයික් කාරයා එතනින් චුත වුනා. 

" නංගි ඔයා මෙහෙට අලුත්ද..."

කෙල්ල ඔලුව සෙලෙව්වා.

"මේ ඇහුවට මුකුත් හිතන්න එපා නංගී... ඔයා ගොලුයිද...." කෙල්ලට එකපාරටම හිනා ගියේ ඒ ප්‍රශ්නෙට.

"නෑ නෑ..."

"ආ ඒකනේ මං බැලුවේ... මේ වගේ ලස්සන කෙල්ලක් ගොලු වුනොත් දෙවියොන්ට වැරදිලා තමා... ඉතින් නංගි කොහෙද යන්නේ ටවුන්ද...."

"ඔව්..."

" එන්න යන් මාත් ටවුන් යන්නේ..."

කෙල්ල අදිමදි කරේ ටිකකට කලින් කෙල්ලව මේ මනුස්සය බේරගත්තා උනත් නොදන්න මනුස්සයෝ එක්ක ගමන් බිමන් යන්න ඕන නැති නිසා.

කෙල්ල කල්පනා කරනවා දැක්ක කාර් කාරයා,
"ආ හරි හරි නංගි.. මට තේරෙනවා ඔයාව මාත් එක්ක එන්න ඕනා නෑ... ඔයා ඔහොම්මම ඉස්සර වෙලා යන්න මං පිටිපස්සෙන් එන්නම් ඔයා බස් හෝල්ට් එක ළඟට යනකන්..."

කෙල්ලත් හිනා වෙලා ඒකට එකඟ වුනා.




පසුදා සවස

හෙට තමා කෙල්ලට කැම්පස් යන්න තියන දවස. කෙල්ල හිටියේ මොකක්ද ඇඳන් යන්නේ කියලා හිතාගන්න බැරුව.

ඒ වෙලාවේ තමා විනෝද්‍යා කෙල්ලගේ රූම් එකට ආවේ,

"මොනාද දෝණි ඇඳුම් දිහා බලාගෙන කල්පනා කරන්නේ..."

"අම්මේ මං බැලුවේ හෙට මොකක්ද අඳින්නේ කියන්නේ ට්‍රවුසර් එකක් අඳින්නද ෆ්‍රොක් එකක් අඳින්න ද කියලා හිතා ගන්න බෑ..."

"මම නම් recommend කරන්නේ ෆ්‍රොක් එකක් දෝණි.... පළවෙනි දවස නිසා ඒක තමා ගැළපෙන්නේ.."

"අම්මාම එකක් තෝරලා දෙන්නකෝ...."

"මේක කොහොමද..."
"ෂාහ් මේක මරු අම්මා... හෙට මම ලස්සනට ඉඳී නේ..."

"මගේ දෝණි කොහොමත් ලස්සනයිනේ...."





පහුවදා උදේ යුහීගේ පළවෙනි දවස නිසා විනෝද්‍යා කිරිබත් හදලා තිබ්බා.

යුහී ගෙදරින් එළියට බහිනකොට සුදු මල් දාපු වීදුරුවකින් විනෝද්‍යා කෙල්ලට වතුර පෙව්වා.

එහෙම්මම විනෝද්‍යාට වැදලා කෙල්ල බදාගත්තේ විනෝද්‍යාගේ මේ ආදරේ කෙල්ලට මහමෙරක් වගේ නිසා....

ඊටපස්සේ කෙල්ල ඩ්‍රයිවර් එක්ක කැම්පස් එකට ගියා. විනෝද්‍යාත් එන්න හැදුවත් කෙල්ල ඕන්නෑ කියපු නිසා විනෝද්‍යා ආවේ නෑ.

කැම්පස් එකේ science faculty එක ගාවින් බැස්ස කෙල්ලට දැනුනේ දැන් තමන් අලුත් ලෝකෙකට යනවා වගේ හැගීමක්...
හොඳ හුස්මක් ගත්ත කෙල්ල ඉස්සරහට ගියේ ටිකක් බයෙන් වගේ....

කෙල්ලට අඩි දහයක් ඉස්සරහට යන්න ලැබුනේ නෑ.... 

"එයි කහ කිරිල්ලී... මෙහෙ එනවා...."