පළමු දිගහැරුම❤️
"අක්කී... ඔයා එනවා නේද අපිව බලන්න ආයේ..."
" ඔව් පැටියෝ... අනිවාර්යයෙන්ම එනවා..." කියපු යුහී ඇස්වලින් වැටෙන කඳුලුත් පිසිමින් වසර 19 පුරා ඇය ජීවත් වූ අනාථ නිවාසයෙන් පිටත් වෙන්න සැරසුනා.
" දුව... පුලුවන් වෙලාවක ඇවිත් බලලා යන්න..."
"අනිවාර්‍යෙන් සුදු අම්මා.... මම එනවා..." කියපු යුහී නිවාස පාලිකාව එහෙමත් නැත්තන් කෙල්ලගේ සුදු අම්මාව බදා ගෙන ඇඬුවා.
"අනේ දෝණි... ඔයා ඔහොම ඇඬුවොත් කට්ටිය හිතයි මම ඔයාව බලහත්කාරෙන් අරන් යනවා කියලා..." යුහීව එක්ක යන්න ඇවිත් හිටපු විනෝද්‍යා කිව්වා.
" නෑ විනූ... කෙල්ලට දුක ඇති... අවුරුදු 19ක් තිස්සේ කෙල්ල හිටියේ මෙහෙනේ... අනිත් අය අවුරුදු 18න් ගියත් මම කෙල්ලට මෙහෙන් ම job එකක් දීලා කෙල්ලව තියාගත්තේ එළියට යවන්න තියන බයට... ඒත් දැන් මට ඔයා එක්ක යවන්න බය නෑ... මම දන්නවා ඔයා මගේ කෙල්ලව මටත් වඩා හොඳට බලා ගන්නවා කියලා... මගේම ලේ නොවුනත් මේ මගේ දරුවෙක් තමා... මගේ දුවව හොඳට බලාගන්න විනූ..."නිවාස පාලිකාව... රේණුකා..
"බය වෙන්න එපා රේණු... මම දෝණිව හොඳට බලාගන්නවා..." කියපු විනෝද්‍යා යුහී සමඟ නිවාසයෙන් පිටත් වුනා.
යුහී... එහෙමත් නැත්තන් යුහිනි ආද්‍යා... ඉපදුණු දවසෙම අනාත නිවාසයේ දොර ගාවින් තියලා ගියපු ලස්සන සුරංගනාවියක්.
නිවාසේ අහිංසකම නිහඬම ළමයා වුනේ යුහී.
ඒ නිසාම වෙන්න ඇති රේණුකා යුහීට ගොඩාක් ආදරේ කරා. යුහීව අරන් යන්න ගොඩාක් අය උත්සාහ කරත් රේණුකා ඊට ඉඩ දුන්නේ නෑ..
ඒත් අද යුහීව එක්කන් යන්න විනෝද්‍යාට ඉඩ දුන්නේ යුහීගේ උසස් අද්‍යාපන කටයුතු වෙනුවෙන් මහන්සි වෙන්න රේණුකාට කිසිම විදිහකින් හැකියාවක් තිබුනේ නැති නිසා.
අනාත නිවාසයක හිටියත් යුහී හොඳට ඉගෙන ගත්තා. ලබන සතියේ ඉඳලා ඇයට කොළඹ විශ්ව විද්‍යාලයේ science faculty එකේ ඇගේ උසස් අද්‍යාපන කටයුතු කරගෙන යාමට තිබුනා.
කල්පනාවේ ගිලී සිටි යුහී පියවි සිහියට ආවේ විනෝද්‍යාගේ හඬින්...
" දෝණි මට සෙමෙස්ට්‍රියට යන්න ඕනා... දෝණිත් එනවද නැත්තං කාර් එකේ ඉන්නවද.."
අනිත් ගෑනු ළමයි කනත්ත කියන තැනට ගොඩාක් බය වෙද්දී යුහීගේ කැමතිම තැනක් වුනේ කනත්ත.
" මැඩම්ට කමක් නැත්තං මම එන්නම්..."
" හරි දෝණි එන්න... ඒත් ප්‍රශ්නයක් තියනවා..."
"මොකක්ද මැඩම්... "
" දැන් කවද්ද දෝණි මට මැඩම් කියන එක නවත්තන්නේ.... "
" මැඩම්..."
" ආයෙත් මැඩම් ලු... කට ඇරලා අම්මා කියන්නකෝ ළමයෝ..."
"අම්මා..." කියපූ යුහී විනෝද්‍යාව බදා ගත්තා.
" අනේ දෙයියනේ... දැන් මට දුවෙකුත් ඉන්නවා..." කියපු විනෝද්‍යා යුහීගේ හිස සිප ගත්තා.
"එන්නකෝ දෝණී... " කියපු විනෝද්‍යා කාර් එකේ තිබ්බ මල් බොකේ එකත් අරන් කනත්ත ඇතුළට ඇවිද ගෙන ගියා.
විනෝද්‍යාගේ පිටිපස්සෙන් ගියපු යුහී බිම වැටිලා තිබුනු අරලිය මලකුත් කරකවමින් ඉදිරියට ගියා.
විනෝද්‍යා සොහොන් කොතක් අසල නැවතී ඒ මත මල් පොකුර තියලා ඒ සොහොන් කොත දිහා සෑහෙන වෙලාවක් බලන් හිටියා.
පැය කාලක් පමණ යුහීත් විනෝද්‍යාට බාධා නොකර බලා සිටියත් අවසානයේ විනෝද්‍යාගේ උරහිසින් අත තිබ්බා.
"අම්මා..."
" ආ දෝණී... මට අමතක වුනා නේ ඔයා ඉන්නවා කියලා..." විනෝද්‍යා කිව්වේ කඳුලු පිසිමින්.
" අම්මා මේ..."
" මේ මගේ මහත්තයා දෝණී.... එයා දැන් අවුරුදු 19කට කලින් accident එකකින් නැති වුනා.. මම ගොඩක් වෙලාවට මෙතනට ඇවිත් එයා දිහා බලන් ඉන්නවා.. එතකොට මගේ හිත නිදහස් වෙනවා..."
" අම්මා දැන් මම ඉන්නවනේ ඔයාට... ඔයාට තියන ප්‍රශ්න මට කියන්න... මට ඒවට උත්තර හොයන්න බැරි වෙන්න පුලුවන් ඒත් මං අහන් ඉන්නම්... එතකොට අම්මාගේ හිත නිදහස් වෙනවානේ...."
" අනේ මට පණ්ඩිත ආච්චියෙක්වනේ හම්බෙලා තියෙන්නේ.... " කියපු විනෝද්‍යා කෙල්ලගේ ඔලුව අත ගෑවා.
" මම ඇත්තටමනේ කිව්වේ අම්මා..."
" මං දන්නවා දෝණී... අපි යමු ගෙදර..."
විනෝද්‍යාගේ සැමියා මිය යනවිටත් ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයෙක්. ඔහු සතුව ලංකාව පුරාම ව්‍යාප්ත වූ සාප්පු සංකීර්ණ ජාලයක් තිබුනා.
සැමියාගේ මරණයෙන් පසු ඔහුගේ ව්‍යාපාර කළමනාකරණය කළේ විනෝද්‍යා. වසර ගණනාවක් ඇතුළත ඇයට ඇගේ සැමියාගේ ව්‍යාපාරය ලෝකය පුරාත් ගෙන යාමට පුලුවන් වුනා.
පැය භාගයකට පමණ පසු ඔවුන් දෙදෙනා නිවසට ආවා
අම්මෝ මේ ගෙදර...
මම කවද හරි ලොකු වෙලා හදනවා කියලා හිතන් හිටිය එකක් වගේමයි...
හරි හරි යුහී ඔයා ලොකුයි තමා... ඒත් අම්මෝ...
තට්ටු තුනක්...
මේ ගාඩ්න් එකේ ලොකූ...
අම්මට මේවා සුද්ද කරන්න නම් සෑහෙන වෙලාවක් යනවා ඇති...
මෝඩ යුහී... මෙච්චර ලොකු ගෙයක් තියනවා නම් අනිවාර්‍යෙන් සර්වන්ට්ලත් ඇති...
"දෝණි මේ තමා මගේ ගෙදර... අද ඉඳන් ඔයාගෙත් ගෙදර... එන්නකෝ මම ඔයාට රූම් එකක් රෙඩි කරලා තියෙන්නේ..." කියලා විනෝද්‍යා යුහීව එක්ක ගියේ ගෙදර තුන්වෙනි තට්ටුවට...
විනෝද්‍යාගේ පස්සෙන් යනගමන් වටපිට බල බල ගියපු කෙල්ලට හිතුනේ මේක හීනයක් ද කියලා.... කෙල්ල කොනිත්තගෙනත් බැලුවා.
මොකද මීට පැය දෙකකට කලින් කෙල්ල අනාතයෙක්.. ඒත් දැන් අම්මෙක්... ඒ වගේම ගේකුත්....
"මේක තමා දෝණි රූම් එක ඔයා කැමති නැත්තං කියන්න... වෙන රූම් එකක් බලමු..."
ඒ රූම් එක දැකපු කෙල්ලගේ ඇස් උඩ ගියා.. යුහීට හිතුනේ දිව්‍යලෝකෙටවත් ගියාද කියලා... ඒ කාමරේ අති සුඛෝපභෝගි...
"අම්මෝ අම්මේ මේ රූම් එක අපේ නිවාසේ මම හිටපුන්කාමරේ වගේ දහ ගුණයක් විතර ලොකුයිනේ... මේක මට වැඩිත් එක්ක...."
යුහීගේ හිස අතගාපු විනෝද්‍ය ,
"අද ඉඳන් මේ කාමරේ ඔයාගේ.... මේක ඔයා ඔයාට ඕන විදිහකට හදාගන්න.... බඩු මුට්ටු එහෙ මෙහෙ කරන්න ඕන්නං සර්වන්ට්ලා ඉන්නවා එයාලගෙන් උදව්වක් ගන්න... මේක ඔයාගේ ගෙදර දෝණි.. ඔයාට කැමති දෙයක් කරන්න..."
"හරි අම්මා... Thank you... මම දන්නෑ මේ ණය මම අම්මට කොහොම ගෙවලා ඉවර කරන්නද කියලා..." යුහී කිව්වේ ඇස්වල කඳුලු පුරෝගෙන...
"ඔයා මාත් එක්ක ඉන්න... මට ඒ හොඳටම ඇති දෝණි... කෝ... දැන් අඬන්න නම් එපා... අඬන ළමයිට තෑගි නෑ..."
"තෑගි..." ඒ වචනේ අහපු ගමන් කෙල්ල ඔලුව උස්සලා බැලුවේ පොඩි එකෙක් වගේ...
"ඔව්... බලන්නකෝ ඇඳ උඩ..."
යුහී එතකොට තමා දැක්කේ ඇඳ උඩ තියන තෑගි තුනක්...
තෑගි ටික අතට අරන් ඇඳ උඩින්ම ඉඳගත්ත යුහී,
"මේ මටද අම්මේ...."
"ඔව් දෝණි වෙන කාටද.... දිග ඇරලා බලන්න..."
යුහී තෑගිවලින් ලොකු තැග්ග ඇරගෙන පරිස්සමින් දිග ඇරියේ ඇතුළේ තියන දේට මොනාහරි වෙයි කියලා බයෙන් වගේ..
තෑග්ග දැක්ක කෙල්ලගේ ඇස් උඩ ගියේ එතන තිබ්බේ laptop එකක් නිසා....
විනෝද්‍යාගේ මූණ බලපු යුහී ඊළඟ තෑග්ගත් දිග ඇරියා..
ඒකේ Tab එකක්...
ඊළඟ එකේ phone එකක්...
"අම්මේ... අනේ... මට මේවා එපා..."
"ඇයි දෝණි..."
"මෙච්චර වටින දේවල්...."
"පිස්සුද දෝණි ඒ ගැන හිතන්න එපා... මට ඒ ගාන දැනෙන්නෙවත් නෑ... මේක මේ අම්මා එයාගේ දුවට අරන් දුන්න තෑග්ගක් එපා කියන්න එපා මැණික..."
"ඒත් අම්මා..."
"ඒත් මේත් නෙවෙයි දෝණි... මේක මම ඔයාට දුන්න තෑග්ගක් please එපා කියන්න එපා... දැන් ගිහින් වොෂ් එකක් දාන් එන්න කෑම කන්න ඊටපස්සේ අපි දෙන්නා යන් ෂොපිං..."
දවල්ට කාලා යුහී විනෝද්‍යා එක්ක ගිහින් ඇඳුම් පොත්පත් යුහීට ඕන කරන දේවල් ඔකෝම ගත්තා.
ඒත් එක්කම විනෝද්‍යාගේ බල කිරීමට යුහී කාමරේට ඕන කරන බඩුත් ගත්තා.
හම්බෙලා පැය ගාණක් වුනත් මේ වෙනකොට යුහී සම්පූර්ණයෙන් විනෝද්‍යාගේ දුව වෙලා ඉවරයි...
ගෙදර ආපු යුහී රෑටත් කාලා රූම් එක රෙඩි කරන්න ගත්තේ රෑ කියලාවත් බලන්නේ නැතුව...
යුහී ළමයි කීපදෙනෙක්ට online class කරපු නිසා විනෝද්‍යා දුන්න තෑගි කෙල්ලගේ ඒ වැඩේ ගොඩාක් ලේසි කළා.. මේ වෙනකන් කෙල්ල ඒවට පාවිච්චි කළේ රේණුකාගේ දේවල්...
කාමරේ වැඩ සම්පුර්ණයෙන් ම ඉවර කරලා වොෂ් එකකුත් දාලා කෙල්ල නිදියද්දී පාන්දර තුනට විතර...
පහුවදා උදේ කෙල්ල නැඟිටිද්දී අටත් පහු වෙලා. ඉක්මනට වොෂ් එකක් දාලා ඇඳුනුත් මාරු කරගෙන කෙල්ල පහළට ගියේ පළවෙනි දවසෙම නැගිටින්න පරක්කු වෙච්ච එකට තමන්ටම බැන ගනිමින්...
ඒ යනකොට යුහී දැක්කේ කෑම මේසේ කවුරුහරි පිරිමි කෙනෙක් ඉඳගෙන කෑම කනවා..
ටිකක් චකිතෙකින් වුනත් කෙල්ලත් ඒ පැත්තට ගියේ විනෝද්‍යාව හොයාගෙන.
කෑම මේසේ ගාවින් බිම බලන් ගියපු කෙල්ල ගැස්සුනේ ඒ පිරිමි කටහඬට...
"තමුසේ...."
කෑම මේසේ ඉන්න කෙනා දැක්කම කෙල්ලගේ පරණ තරහක් ආයේ මතු වුනේ කෙනා අඳුරගත්ත හින්දා....
"තමුන්...."
______________________________________