එකළොස්වෙනි දිගහැරුම...❤️
යුහී ලන්ඩන් ගිහින් අවුරුදු දෙකකුත් උනා.
යුහීව බලන්න විනෝද්‍යා හැම මාසෙම ලන්ඩන් ගියා.
අවීත් යුහී එක්ක long distance relationship එකක් අරන් ගියා. දෙන්නා අවුරුද්දකින් විතර හම්බෙලා තිබ්බේ නෑ..
අවී මේ වෙනකොට දේශපාලනේට බැහැලා හිටියේ...
වරංගල ඇමතිතුමා නිසා අවීට නිකන්ම ඇමති පට්ටමක් හම්බෙලා තිබ්බා.
හැබැයි අවීට එයා කලින් ගෙවපු නිදහස් ජිවිතේ නැති වෙලා තිබ්බා.
ගෙදරට හොරෙන් තමා යුහී එක්ක relationship එක අරන් ගියෙත්. මොකද වරංගල ඇමතිතුමා අවීට තර්ජනය කරලා තිබ්බේ කෙල්ලව අතාරින්න කියලා.
ඒත් අවී යුහීට පණ වගේ ආදරේ කරන නිසා යුහීගේ ආරක්ෂාවට ලන්ඩන්වල කට්ටියක් දාලා යුහී එක්ක සම්බන්ධය පැවැත්තුවේ.
ජයවීර කියන බිස්නස්මන්ගේ පොඩි දුවව අවීට ප්‍රපෝස් කරලා තිබ්බත් මේ වෙනකන් අවී ඒ කෙල්ලව දැකලා තිබ්බේ නෑ.
ආදි මේ වෙනකොට එයාගේ ෂොපින් මෝල්ස් රටවල් විස්සක විතර ව්‍යාප්ත කරලා තිබ්බා.
පහුගිය අවුරුදු දෙකේම award ceremonyවලින් best businessman කියන award එක ගත්තා.
ඒ වගේම තමා ආදිගේ හෙවනැල්ලක්වත් පහුගිය අවුරුදු දෙකේ දී වැටුනේ නෑ..
එක දවසක් යුහී හසූ එක්ක එයාලාගේ රූම් එකට වෙලා ඕඩර් කරලා ගෙන්න ගත්ත කෑම වගයක් කකා හිටියා.
දෙන්නා මේ විදිහට හම්බුනේ සති දෙකකට පස්සේ.
මොකද යුහී මේ වෙනකොට ගොඩාක් බිසී එක්කෙනෙක්. යුහීට නිදාගන්නවත් වෙලාවක් නැති තරන්..
ඉගෙනීමේ වැඩ හින්දා වගේම ජොබ් එක නිසාත් යුහී ගොඩාක් බිසී වෙලා හිටියේ.
හසූ නම් එච්චර බිසී නෑ..
එයා කැෆේ එකක වේටර් කෙනෙක් විදිහට පාර්ට් ටයිම් කරලා කැම්පස් එකේ වැඩත් නෝර්මල් එකේ කරගෙන හිටියා.
යුහීට ඕන වුනේ ඉක්මනට එයාගේ ඉගෙන ගන්න වැඩ ඉවර කරලා අවී ළඟට යන්න.
ඒ වගේම ලංකාවේ වෙන ගොඩාක් දේවල් යුහී දැනන් හිටියෙත් නෑ.
දෙන්නත් එක්ක ෆෝන් ඔබ ඔබ රූම් එකේ බැල්කනි එකට වෙලා කකා ඉන්නකොට හසූ එකපාර ෆෝන් එකෙ පෝස්ට් එකක් දැකලා කකා හිටපු ලෙග්පීස් එකත් හිර කරගත්තා.
"මොකද බන්... කන එකවත් හරියට කන්න බෑද..." කියන ගමන් යුහී හසූගේ පිටට ගහන ගමන් කිව්වා.
"අම්මෝ... කැහ්...කැහ්..වතුර..."
" ආ.. බොන්න..."
වතුර ටිකක් බීපු හසූ,
"මරන්නද යකෝ හදන්නේ... පිට පුපුරනවා වගේ..." කියලා කිව්වේ පිට අතගාගන්න ගමන්..
"ආදරේටනේ අනේ..."
"අම්මෝ මේන් වැන්දා... මට නම් එපා.. උබට අවීෂ් අයියා ඉන්නේ මාව අතහැරපන්..."
යුහී හයියෙන් හිනා වුනේ පහුගිය කාලේ යුහීගේ හැමදේකටම හිටියේ හසූ හින්දා.
"අම්මට සිරි තව ටිකෙන් අමතක වෙනවා උබේ ආදරේ හින්දා... මේක බලපන්කෝ..." කියලා හසූ යුහීට ෆෝන් එක පෙන්නුවා.
ෆෝන් එකේ තිබ්බ පෝස්ට් එක දැකලා යුහී කට කොණට ආවේ හිනාවක්.
" මට කියන්නෙපා කලින් ඕක දන්නවා කියලා..." හසූ.
" සෝ සෑඩ්... මං දන්නවා.. අම්මා මට කිව්වා... අනික ඕක දැන් අවුරුදු එකහමාරකට විතර කලින් ආපු ප්‍රපෝසල් එකක්..."
හසූ පෙන්නපු ෆොටෝ එකේ හිටියේ ආදියි ටීෂායි..
"හෑ එච්චර කල්... ඒත් අදනේ මේ ෆොටෝ එක දාලා තියෙන්නේ.."
" අයියා කැමති වුනේ නෑ ඒ ප්‍රපෝසල් එකට... අම්මා කියලා කියලා තමා අද ඔය ඩේට් එකක් යන්න කැමති කරගෙන තියෙන්නේ..."
" ආ ඒක මිසක්... නුරාග් අයියායි ටීෂායි නම් ඉන්නේ පට්ට හැපි එකේ.. කොහොමත් ටීෂා නුරාග් අයියට ලයින් දදා නේ හිටියේ... ඒකනේ ඔයාට වතුර පාරක් කන්නත් වුනේ..." හසූ කිව්වේ හිනා වෙන ගමන්.
" සිරාවටම නේ.. එදා අයියා කරපු දේ හින්දා මං අයියාගේ ගර්ල් කියලානේ හැමෝම හිතන් හිටියේ..."
" ආයෙත් අහලා.. උබ අවීෂ් අයියා එක්ක සෙට් වුනාට පස්සෙත් මොන තරන් කතා ගියාද... "
"කියලා වැඩක් නෑ... ඒ කටවල් වහන්න අපිට බෑ බන්.."
" ඔව්... අපි ආවට පස්සෙනේ බන් ලංකාවෙත් මරු මරු සිද්ධි වෙන්නේ..."
ඒත් එක්කම යුහීගේ ෆෝන් එකට වීඩියෝ කෝල් එකක් ආවේ විනූගෙන්.
"ඕන් ලංකාව මතක් කරන කොටම එහෙන් කෝල් එනවා..." යුහී කෝල් එක ආන්සර් කරන ගමන් කිව්වා.
"හම්මෝ ඇති යන්තම් මෙයා කෝල් එකක් ආන්සර් කරා... ඈ කෙල්ලේ මං දැන් සති දෙකක ඉඳන් ට්‍රයි කරනවා එකක්වත් ආන්ස්වර් කරේ නෑනේ..."
"හයියෝ බෝම්බේ... මට එක්සෑමුයි ජොබ් එකේ වැඩයි ඔක්කොම එක්ක නිදා ගන්නවත් වෙලාවක් නැතුව තිබ්බේ..."
" ඒත් අපේ අයියට කෝල් ගන්න නම් වෙලා තියනවා නේ..." කෝල් එක මැද්දෙන් පැනලා කිව්වේ තවීෂ්.
තවීෂ්ගෙයි විනුලිගෙයි relationship එකටත් දැන් අවුරුද්දක් විතර.
" දන්නැද්ද.. ආදරණීයන්ට මුල් තැන දෙන්න ඕනා කියලා..." යුහී කිව්වේ ඇහැක් ගහන ගමන්.
" එතකොට අපි කැලේ නේ... " විනූ.
" යකෝ උබලා ඔය ලංකාවේ ඉඳන් කියනවා.. මමම යුහීව දැක්කේ සතියකට විතර පස්සේ..." හසූ.
"අනේ යුහී... ඔයා ඔහොම වැඩ කරන්න ගිහින් ලෙඩ වෙයි... පොඩ්ඩක් ඔයා ගැනත් හිතන්න...." විනූ.
"හරි හරි ආච්චි අම්මේ... මම දැන් දවස් තුනකට නිවාඩු දාලා රෙස්ට් කරන ගමන් ඉන්නේ..."
" ඔය කිව්වට මෙයා රූම් එකේ පැය දොළහක්වත් එකදිගට ඉන්නවා කියන්නේ පුදුමයක්..." හසූ.
" හරි හරි දැන් මට එක එක ඒවා කිව්වා ඇති.. විනූ මොනාද ඔහේ විස්තර..."
" ම්ම්ම්... මෙහෙ ඉතින් අද තමා අලුත් අයව ගත්තේ.. "විනූ.
" ඔව් බන්.. අලුතින් ඉන්නවා කෑලි සෙට් එකක්..." තවීෂ්.
"මොකක්ද තමුසේ කිව්වේ.." විනූ තවීෂ්ට ගහන ගමන් කිව්වා..
"ආව් ගෑනියේ... මං කියන්න ගියේ වයිටින් කෑලි සෙට් එකක් කියලා.. ඉවර කරන්න දෙන්නේ නෑනේ කියන එක..." තවීෂ්.
" අනේ සොරි සුදු මහත්තයෝ..." කියමින් විනූ ආයේ ගහපු තැන අතගෑවා.
"අම්මෝ ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා..." හසූ..
" අඩො ඒක නෙවෙයි.. හසූ තාම කොල්ලෙක් සෙට් කරගත්තෙ නෑ..." තවීෂ්.
"නෑ බන්... මෙහෙ ඉන්න උන් එක්කෝ සුදුම සුදුයි... නැත්තන් කළුම කලුයි... sri lankan vibe එකට එකෙක් තාම සෙට් වුනේ නෑනේ.."
"මෙයා මෙහේ vibe හොයලා ඉවර වෙනකොට එන්න කාලේ හරි..."
"ඇත්තට තව කොච්චර කාලයක් තියනවද බන්..." තවීෂ්.
" අවුරුදු දෙකක් විතර..."
" ආ... ඒකත් ඉකමනට ගියොත් හොඳයි... නැත්තන් මෙහෙ ලොකු විනාසයක් වෙනවා..." තවීෂ්.
" ඇයි මොකක්ද ප්‍රශ්නේ... කවුරුත් ඇහුවට කියන්නෑ... මං අවීගෙන් කී සැරයක් අහන්න ඇද්ද..." යුහී.
" අයියට ප්‍රපෝසල් එකක් ආවා... දැන් සෑහෙන කාලයක්.. මං දැනගෙනගත් අවුරුද්දකට වැඩී..."
"මොකක්... ඒත්..."
" උබ දන්නැත්තන් ඒක මං කිව්වා කියලා නම් කියන්න එපා.."
" මේ තවී... පැත්තකට වෙලා ඉන්නවකෝ යුහීගේ ඔලුව අවුල් කරන්නේ නැතුව... අනික අවීෂ් අයියා යුහීව දාලා වෙන කෙනෙක් මැරි කරන්නෙ නෑ.." විනූ.
" හරි හරි... යූ... දැන් ඕක හිතන්න එපා... අවීෂ් අයියා ඔය හින්දම තමා ඔයාට නොකියා ඉන්න ඇත්තේ..." හසූ.
"කාගෙන්ද ප්‍රපෝසල් එක..."
" ජයවීර අන්කල්ගේ පොඩි දුව... ජයවීර අන්කල්ව දන්නවා ඇතිනේ ටීෂාගේ තාත්තා...ඒ ගර්ල් අපේ කැම්පස් එකේමලු.."
"ඔව් මං දන්නව... ආදි අයියට ටීෂාවනේ ප්‍රපෝස් කරලා තියෙන්නේ..."
"හරි හරි දැන් ඕක ඉවරයි.. මේ විනූ.. කැම්පස් එකේද ඉන්නේ.." හසූ.
විනූ පැය භාගයක් විතර තව කතා කරත් යුහීගේ ඔලුවේ වැඩ කරේ අවීගේ ප්‍රපෝසල් එක.
එදා හවස් වෙලා කොහොමහරි යුහීයි හසුයි ලෑස්ති වුනේ ෂොපින් යන්න.
දෙන්නා ගියෙත් ආදිගේ ෂොපින් මෝල් එකට තමයි. අනික යුහී වැඩ කරන්නෙත් මෙහෙ හින්දා දෙන්නට වැඩ ටික කරගන්නත් ලේසියි.
ඇඳුම් ඒවා මේවා අරගෙන යුහීගේ කැබින් එකෙන් තියලා දෙන්නා ගියේ කෑම කන්න.
එකපාර කොහෙදෝ ඉඳන් ආපු කෙනෙක් යුහීගේ ඇඟේ හැප්පුනා.
වැදිච්ච පාරේ සැරකමටම යුහී බිම.
"ආව්..."
" Omg.. I'm very sorry... It's my fault.." ඒ කෙනා කිව්වා. ඒ කෙනා යුහීව දිහා බලන් හිටියේ වශී වෙලා වගේ.
" වට්ටලා දැන් සමාව ගන්න හැටි විතරක් නැගිට්ටවන්නෙවත් නෑ..." කියලා ඒ කෙනාට බනින ගමන් හසූ යුහීව නැගිට්ටුවා.
"ඒ මනුස්සයා සමාව ගත්තානේ බන්... දැන් ඉවරයි ඒක..." යුහී.
"ඔයාලා සිංහල ද..." ඒ කෙනා අහපුහම හසූගේ ඇස් දෙක නළලේ..
" ආ... ඔව්... " හසූ ගොත ගගහා කිව්වේ යුහී හිනා වෙද්දි.
" අනේ නංගිලා සමා වෙන්න ඔනේ හරි... මම හිතලා කරේ නෑ... ෆෝන් එකේ සිහියෙන් ආවේ... "
"හරි හරි අයියේ ඒකට කමක් නෑ..." යුහී.
"නංගිලා මෙහේ අයද නැත්තන් ලංකාවේ ඉඳන් ආව අයද.."
"අපි ලංකාවේ ඉඳන් ආවේ අයියේ ස්ටඩීස්වලට..."
" ආ.. මට මේ ගොඩාක් කාලෙකින් සිංහල කෙනෙක්ව හම්බුනේ.. ඉතින් ඔයාලාගේ නම් කියන්නකෝ.."
"මං යුහිනි ආද්‍යා... මේ මගේ යාලුවා.. හසුනි තෙන්නකෝන්..."
"ෂහ්... නම් දෙකත් ඔය දෙන්නා වගේම ලස්සනයි... මම නිතේෂ් කෞෂාන් හපුආරච්චි..."
" ඕ.... අයියා මෙහෙ කෙනෙක්ද..."
"මෙහේමත් නෙවෙයි මම ලංකාවේ ඉපදුනේ.. ඒත් අවුරුදු පහෙන් විතර මෙහාට ආවා.. දැන් අවුරුදු විස්සක් විතර මෙහේ තමා..."
හසූ යුහීගේ අතට ඇන්නේ යන් කියන්න. මොකද හසූ හිටියේ නිතේෂ්ට මූණ දීගන්න බැරුව.
" ආ හරි අයියේ අපි ගිහින් එන්නම්කෝ..."
"හරි නංගී.. Bye.."
"Bye අයියේ.."
යුහී එදා හිතන්න නැතුව ඇති ඒ නිතේෂ් කෙල්ලගේ ජීවිතේට ගොඩාක් සමීප වෙයි කියලා.
මෙහෙම දවස් සති මාස ගෙවිලා ගියේ ඒකාකාරි විදිහට...
යුහී ස්ටඩීස්වලටයි ජොබ් එකටයි බිසී වෙද්දී... අවී දේශපාලන වැඩත් එක්ක ඉද්දී... තිබ්බ ලස්සනම දේ තමයි කොච්චර දුරින් හිටියත් එයාලාගේ ආදරේ වෙනසක් නොවිච්ච එක...
යුහී කවදාවත් අවීගෙන් ප්‍රපෝසල් එක ගැන ඇහුවේ නෑ..
හැබැයි ආදීගේ ජීවිතේ නම් වෙනස් වෙලා තිබ්බා..
මේ වෙනකොට ටීෂා එක්ක ඩේට්ව්ලටයි පාර්ටිවලටයි යන්න කාලෙ වෙන් කරන්න වෙලා තිබ්බා..
ඒත් එයාගේ බිස්නස් ජීවීතේ නම් තවත් දියුණු වුනා..
රනුක්ලත් මේ වෙනකොට එයාලාගේ පවුල්වලින් ලැබුනු බිස්නස් බලාගෙන හිටියා.
විනූ තවීෂ්ගේ ආදරේත් ලස්සනට ගලාගෙන ගියා...
කවුරුත් නොදන්නවා වුනාට හසූගේ ජීවිතෙත් වෙනසක් වෙලා තිබ්බා...
දවසක් යුහී වැඩ ඇරිලා ආයේ හොස්ටල් එකට යනගමන් හිටියේ.
හොස්ටල් එක වහන්නේ දහය හමාරට මේ වෙනකොට දහයයි කාලයි..
ඉක්මනට ඉක්මනට ගියේ යුහීගේ වෙලාවට අද පාරේ වාහනත් අඩු හින්දා.
පාර පනින්න ගියපු යුහී එකපාරටම පාර මැදම ගල් ගැහුනේ එයා දිහාට වේගෙන් එන ට්‍රක් එක දැකල...
" පොඩි බොස්.... වැඩේ හරී... කෙල්ලට වැඩේ දෙන්න අපේ ට්‍රක් එකක්ම යැව්වා..."
" මරු... ඕකිව මරල ම දාපන්..."
" අම්මා බඩගිනි..." ආදි.
" ඉන්න මං බත් බෙදන් එන්නම්..." විනෝද්‍යා.
ටිකකින් ආදිගේ කෝලම් බල බල විනෝද්‍යා ආදිට බත් කව කව හිටියේ...
" පුතා... ජයවීර කියනවා වෙඩින් එක ගමු කියලා... දැන් ටීෂා දූත් කැම්පස් අවුට් වෙලානේ ඉන්නේ..."
"හරි අම්මා.. එත් දැන්ම බෑ.. මට තව අවුරුදු දෙකක්වත් දෙන්න... මොකද බිස්නස් වැඩ ටික සෙට්ල් කරලා තමා මාත් සෙට්ල් වෙන්නේ... මං තව බ්‍රාන්චස් ටිකක් ඕපන් කරන්න ඉන්නේ.. ඒ ටික කරලා ඉවර වෙද්දි අවුරුදු දෙකක් දෙක හමාරක් යයි...."
" මං ජයවීරට කියන්නම්කෝ.. ඔයා මේකට කැමති වුන එකම ලොකු දෙයක්... දෝණිත් රට ඉඳන් ආවට පස්සේ අවීෂ් පුතාව මැරි කරාම මම නිදහස්.."
"ම්හ්... අම්මා ඔයා හිතනවද අවීෂ් යුහිනිව මැරි කරයි කියලා.. කලින් හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ.. දැන් ඇමති අවීෂ් ඉන්නේ.."
" අවීෂ්ගේ මොනා වෙනස් වුනත් දෝණිට තියන ආදරේ වෙනස් වෙන්නේ නෑ ආදි... මටත් පුදුම හිතුනා... දෙන්නා දෙපැත්තක හිටියත් ඒ ආදරේ ලස්සනට ගලාගෙන යනවා..."
"යැයි යැයි තමා... "
"ඕක නම් පැහැදිලි ඊරිසියාව කොල්ලෝ...."
විනෝද්‍යාට එවෙලෙම කෝල් එකක් ආවේ හසූගෙන්.
කෝල් එක ආන්ස්වර් කරපු විනෝද්‍යාගේ අතින් ආයේ ෆෝන් එක වැටුනේ...
"දෝණි...." කියනගමන්...