Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Jul 26 2024 @ 08:46

නුඹ දැක මා...❤️ - 10



දහවැනි දිගහැරුම...❤️

යුහී මුකුත්ම කියන්නේ නැතුව අර ලියුම අවීගේ අතින් තිබ්බා.

ඒක කියවපු අවීගේ මූණේ හැඟීමුත් වෙනස් වුනේ ඒ ඇස්වලත් කඳුලු පිරෙද්දී.


අවී ඒ ක්ෂණික ආයේ මූණට හිනාවක් ගත්තේ කඳුලු හංගගෙන.


"මරුනේ මැණික... scholarship එකක් ගන්න එක කොච්චර අමාරු වැඩක්ද... ඒකත් ලන්ඩන්... "


"අයියේ... මට බෑ..."


"පිස්සුද මැණික... මේ වගේ චාන්ස් හැමෝටම හම්බෙන්නෙ නෑ... අවුරුදු හතරනේ ගිහින් එන්න... මං ඔයා එනකන් බලන් ඉන්නවා...." 



"අනේ අයියේ ඒත් මං කොහොමද..."


"අහන්න යුහී.... මේ වගේ චාන්ස් හැමෝටම එන්නෑ මැණික... අනික බලන්න ඔයා මේ දේ ගන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද..."

"ඒත් අවී... මට ඔයාව දාලා යන්න බෑ... අනික අම්මා...."

"අවුරුදු හතරයිනේ මැණික... ගිහින් එන්න... "


"ඒත්..." 


අවී එකපාර කෙල්ලගේ දෙතොල් අල්ලගත්තේ තවත් කතා කරන්න දෙන්නේ නැතුව. කෙල්ලත් අවීට අවනත වෙලා කොල්ලව කිස් කළේ වටපිටාව ගැනත් අමතක කරලා...


විනාඩි දහයකට විතර පස්සේ කෙල්ල අවීගේ පපුවට හේත්තු වෙලා මුහුද දිහා බලන් හිටියා...


"යුහී... වඩ කමූ...."
"හා..." කෙල්ල පැනලා කිව්වා...


අවී කෙල්ල එක්කම ගිහින් වඩ අරන් දෙන්නා ඉඳගෙන කෑවා. මේ වෙනකොට කලුවර වැටිලා තිබ්බේ....


කෙල්ලව හොයාගෙන සුමනේ අන්කලුත් ආවා. අකමැත්තෙන් වුනත් අවීට සමුදීලා කෙල්ල ගෙදර ආවා.


" අම්මෝ දෝණි... කොහෙද ගියේ මං බය වුනා මැණික..." විනෝද්‍යා කෙල්ල ආපු ගමන් කිව්වේ කෙල්ලව බදාගෙන..


කාර් එකේ එනකොටත් කඳුලු හලමින් ආපු යුහීගේ කඳුලු ආයේ අලුත් වුනා.


යුහීට හිතාගන්න බැරි උනේ අම්මවයි අවීවයි දාලායන්නේ කොහොමද කියලා....

කෙල්ලට තිබ්බ ලොකුම සතුට තමා ආදිගෙන් බේරෙන එක... 


"දෝණි ඇයි මැනික... ඇයි මේ අඬන්නේ... බය කරන්න එපා... කියන්නකෝ..."

විනෝද්‍යා කියපු දේට සාලෙට වෙලා project එකේ වැඩ කරකර හිටපු කොල්ලො සෙට් එක දුවගෙන ආවා..



" අරූ මොනාහරි කරාද නංගී..." රනුක්..
"තමුසේ මොකද අඬන්නේ..." ආදි.

"නවත්තහන් බන් ඕක... උබලා නංගිව බය කරනවානේ..."තේජාන්.

"දෝණි... කියන්න මැනික... ඇයි අඬන්නේ..." විනෝද්‍යා ඇහුවේ කෙල්ලව පපුවට තුරුලු කරගෙන.

කෙල්ල දාගෙන හිටපු බෑග් එකෙන් ලියුම අරන් විනෝද්‍යා අතට දුන්නා. විනෝද්‍යා ලියුම කියවන්න යද්දී ආදි ඇදලා ගත්තා.


ලියුම කියවපු ආදි,
"දැන් තමුසේ මොකටද අඬන්නේ... හරි නම් සතුටු වෙන්න එපැයි... මේ වගේ චාන්ස් එකක් ලේසියෙන් හම්බෙනවද..."


"මොකක්ද පුතේ ඕකේ තියෙන්නේ..."


"අම්මා මෙයාට ලන්ඩන් කැම්පස් එකක්ට scholarship එකක් හම්බෙලා..."


"ඇයි දෝණි අඬන්නේ ඒක හොඳ දෙයක්නේ..." එහෙම කිව්වත් විනෝද්‍යාගේ ඇස්වලත් කඳුලු පිරුනේ කෙල්ල දුරට යනවා කියන එක දරා ගන්න බැරි හින්දා...


"අම්මා මට බෑ..."


"නංගි දැන් ඇයි ඔයාට යන්න බැරි... මේ වගේ දෙයක් ගන්න හැමෝටම බෑ..." රනුක් කිව්වේ ලියුම කියවලා බලලා.


යුහී මුකුත් නොකියා අඬද්දී...



"අවීෂ්... ඒ කවුද..." විනෝද්‍යා.

" වරංගල ඇමතිතුමාගේ පුතා... ආන්ටි මූ හැමතිස්සෙම වලි දාගන්නේ..." තේජාන්.

" ආ ඒ පුතාද... ඉතින් දැන් ඇයි දෝණි එයා කියන දේ අහන්න ඕනා.."







"හරි දෝණි... ඒක මට ප්‍රශ්නයක් නෑ... මං ඔයාව විශ්වාස කරනවා... ඔයා වැරදි දෙයක් කරන්නෑ කියලා මං දන්නවා.. අනික අවීෂ් පුතා හොඳ කෙනෙක්... ආදිනේ හැමතිස්සෙම ඒ කොල්ලා එක්ක එල්ලි එල්ලි යන්නේ..."


" ඒක නම් ඇත්ත ආන්ටි... අපිට වලි බේරලා එපා වෙලා තියෙන්නේ..." ශනුක.


"ආදි මගෙන් කොයි වෙලේ හරි ගුටි කනවා... ඒ පුතාට ගහන්න ගිහින්... හරි දෝණි දැන් අවීෂ් පුතා දන්නවද මේ ගැන..."

" ඔව් අම්මා... මට දැන් බීච් එකෙන් හම්බුනා... එවෙලේ මං කිව්වා..."


" පුතා මොකද කිව්වේ... "

" එයා කිව්වෙ යන්න කියලා... "


" ඉතින් දෝණි පුතාටත් ප්‍රශ්නයක් නැත්තන් ගිහින් එන්න..."

" දැන් කවද්ද යන්න තියෙන්නේ..." තේජාන්.

"ලබන මාසේ විස්ස..." රනුක්

" අඩෙහ් මාසයක්වත් නෑනේද..." ශනුක.




සති තුනක්ම ගෙවිලා ගියේ යුහී ලන්ඩන් යන්න හිත හදා ගනිද්දී...

අවී මේ සති තුනේම යුහී ළඟින් හිටියා.

විනෝද්‍යාත් යුහීගේ හිත හැදුවා..

ආදි මේ සති තුනටම කෙල්ලගේ ඉස්සරහටවත් ආවේ නෑ.. ඒක යුහීට ලොකු සැනසීමක් වුනා.

විනෝද්‍යා එක්ක පාස්පෝට් හදලා ලන්ඩන් යන ඕන දේවල් ඔක්කොම ලෑස්ති කරගන්න යුහීට පුලුවන් වුනා.

මෙච්චර කල් යුහී කරන් ආපු ටියුෂන් ක්ලාස් ටික කැම්පස් එකේම තව දුප්පත් ගර්ල් කෙනෙක්ට යුහී බාර දුන්නා.

යුහීට තිබ්බ ලොකු සැනසීමක් තමා එදා ටීෂාගෙන් කෙල්ලව බේරගත්ත හසුනිත් මේ scholarship එක දිනාගෙන තිබ්බා. දෙන්නටම ලන්ඩන් යන්න තිබ්බෙත් එකටමයි. ඒ නිසා යුහීට ලොකු බයක් තිබ්බෙත් නෑ..




කොහොමහරි දවස් ගෙවිලා ගිහින් අන්තිමට යුහී ලන්ඩන් යන්න දවස් දෙකකට කලින් කාමරේ ඇඳට වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර හිටියා.


එකපාර කාමරේ දොර ඇරගෙන ආවේ ආදි..
" මොකද සිවිලිමේ තරු ගණන් කරනවද..." 

කෙල්ල බය වෙලා ඉක්මනට ඇඳේ ඉඳගත්තා.

"අයියේ..."

"මේක අත්සන් කරනවා.. ලන්ඩන් ගිහාම කරන්න ජොබ් එකක් හොය හොය හිටියනේ.. එහෙ අපේ බ්‍රාන්ච් එකේ ජොබ් එකක් මම සෙට් කරා.."

" ආ.. ඒත්..."
"අම්මා කිව්වේ ඒ නිසා මම ඕක සෙට් කරේ... සයින් කරනවා...මම ආයේ කියන්නෑ... මට වැඩ තියනවා ඉක්මන් කරපන්..."

කෙල්ල ඩොකියුමන්ට් කියවන්නෙවත් නැතුව ආදි දුන්න පෑනෙන්ම අත්සන් කරලා ආදිට දුන්නා. නසරානි හිනාවක් දැම්ම ආදි කාමරෙන් ගියා.




යුහී රට යන්න කලින් දවසේ කැම්පස් එකේ යාලුවොන්ට පාර්ටියක් දුන්නා. අනාත නිවාසෙටත් දානයක් දුන්නේ යුහී එකතු කරපු සල්ලිවලින්මයි.




"තාත්තේ.. මට සතියකට ලන්ඩන් යන්න ඕනා.." අවීෂ්.
"ඒ මොකටද..." වරංගල ඇමතිතුමා.
" යාලුවෙක් ඉන්නවා එයාව ඇරලවලා එන්න..."
"කවුද අර යුහිනි ද...."
"තාත්තේ...."
" ඈ කොල්ලො උබට මාව තම්බන්න බෑ.. හොඳ හිතින් ඒකිව හිතින් අයින් කරගෙන ජයවීරගේ පොඩි දුවව මැරි කරන්න ලෑස්ති වෙන්න..."
"තාත්තේ මට යුහීව මැරි කරන්න ඕනා.. "
" උබට ඒකිගේ මිනිය දකින්න ඕන්නන් තවත් ඒකිට ලව් කරපන්... ඕකි කෝමත් මැරෙනවා ළඟදිම... හැබැයි උබ ඒකි ගැන අදහස අතහැරියොත් ආයුෂ වැඩි වෙයි..." කියලා ඇමතිතුමා ගියා. 
අවීෂ් එතන ඉඳන්ම කල්පනා කලේ මොනාද දැන් කරන්නේ කියලා. කොල්ලට යුහී කියන්නේ පණ වගේ.. යුහීව නැති කරන්න කොහොමටත් බෑ.. එත් දැන් කොල්ලා හින්දම කෙල්ලගේ ජීවිතේට අනතුරක්...


" අක්කේ අරකි අනිද්දට රට යනවා... අපි දෙන්නට මාරම වාසියි දැන් ඒකි නැති හින්දා දැන් මට අවීව මගේ කරගන්න පුලුවන්..."
"ඔයාට විතරක් නෙවෙයි නුරාග්වත් මගේ කරගන්න පුලුවන්... මොන රෙද්දකට මුන් දෙන්නම අර අනාත් එකී පස්සෙ යනවද කියලා මට හිතාගන්න බෑ..."
" ඒක තමයි අක්කේ... ඒකි මහ කපටි එකියක්... අවී එක්ක යාලු වෙලා.. නුරාග්ගේ ගෙදර ඉන්නේ..."
" තාත්තා ඇහුවා ඒකිව අයින් කරලා දාන්නද කියලා... "
" ම්ම්ම්.... මටත් කිව්වා.. ඒකිට ස්කෝල් එක ආපු හින්දා මං කිව්වා ඕන්නෑ කියලා.. කොහොමත් ඒකි රට ගිහාම වෙන එකෙක් අල්ල ගනී..."
" බය වෙන්න දෙයක් නෑ එහෙනම්... බැරි වෙලාවක්වත් ඕකි මැදට පැන්නොත් ක්ලෝස් කරලා දාමු..."




" මැණික..."

" ම්ම්ම්..."

" පරිස්සමින් ඉන්න ගිහාම... පුලුවන් වෙලාවට කෝල් එකක් දෙන්න... හරිද..."


" ඔයා ආයේ ආපුහම අපි දෙන්නා යන් ලංකාව වටේම ඇවිදින්න..."

"හ්ම්ම්ම්..."


"හ්ම්ම්..."

"යුහී... ඔයා මං කියන ඒවා අහගෙනද ඉන්නේ... මගේ ගොලුච්චි දැන් බස්සියක් වෙලා ද..."

"අනේ අවී... මට යන්න බෑ වගෙ..."

යුහීගේ මූණ අත් අතරට ගත්ත අවී ඒ ඇස් දෙක දිහා බලන් හිටියා... ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා තිබ්බේ...

" මැනික... මොකෝ අඬන්නේ..."
" මට ඔයාව දාලා යන්න බෑ අනේ..."

අවී කෙල්ලගේ දෙතොල් අල්ලගත්තේ කෙල්ලත් කොල්ලට සපෝට් කරමින් කොල්ලගේ බෙල්ල වටේ අත් යවමින්... විනාඩි ගණනක් පැවතුනු ඒ සිප ගැනිම නිම වුනේ අවීෂ්ට එයාගේ ලිමිට් එක පනින්න යන බව තේරුන විටයි..

" අයියේ.. අනේ..."

" මොකෝ මදිද..." අවී ඇහුවේ කෙල්ලව පපුවට තුරුලු කරගෙන..

"මං ඔයා නැතුව ඉන්නේ කොහොමද අනේ..."

"මම එන්නම් ඔයාව බලන්න පුලුවන් වෙලාවට...."

මෙච්චර වෙලා දුකෙන් හිටපු කෙල්ලගේ ඉහේ මලක් පිපුනා...

"ඇත්තමද...."



"ප්‍රොමිස්..."



කොහොමහරි අන්තිමට යුහී රට ගියා. එයාව ඇරලවන්න අවී විනෝද්‍යා වගේම රනුක්ලත් ආවා... ඒත් ආදි ආවේ නෑ... 

ලන්ඩන් ගියපු යුහීට කැම්පස් එකේ හොස්ටල් රූම් එකට සෙට් වුනෙත් හසුනිවමයි...

ආදි සෙට් කරලා දුන්න ජොබ් එකත් කෙල්ලට ගාණට හරි ගියපු නිසා සල්ලි ඉතුරු කරග්ගන්ත් පුලුවන් වුනා. යුහීට හම්බුනේ ෆුල් ස්කෝල් එකක් නිසා වියදම් තිබ්බේ නෑ...

කැම්පස් එකේ වැඩ ටිකත් මාසයක් දෙකක් යද්දී ගානට සෙට් කරගන්න පුලුවන් වුනා.

අවීත් ඇමතිතුමාට හොරෙන් ඇවිත් කෙල්ලව බලලා ගියා.

විනෝද්‍යාත් පුලුවන් වෙලාවට ඇවිත් යුහීව බලලා ගියා.

ඉතින් යුහීට ලොකූ පාලුවක් දැනුනේ නෑ... ඒ වගේම අම්මයි අවීයි නැති පාලුව ඇරෙන්න කෙල්ල හිටියේ ගොඩාක් සැනසීමෙන්...



යුහී නොදැන වුනත් ලොකු මාරකේකින් බේරිලා තිබ්බේ දෙවනිපාරට...

වරංගල ඇමතිතුමා කෙල්ලව මරන්න කට්ටිය දාලා තිබ්බේ අවීවයි ආදිවයි ජයවීරගේ දුවලා දෙන්නට බන්දලා දෙන්න.. 





"මොකද කරන්නේ මැනික..."
" අවී අද මට මරු චාන්ස් එකක් හම්බුනානේ... මං කිව්වනේ ද අපිට exam එකක් තිබ්බා කියලා... මම ඒකෙන් first place ගත්තා... මට ඒ නිසා අපේ ප්‍රොෆෙසර්ගේ ලැබ් එකේ වැඩ කරන්න හම්බුනා.. තව දෙයක් මට මගේ ස්ටඩීස් කලින්ම ඉවර කරන්න පුලුවන්... අවුරුදු ගාණ අඩු වෙනව ඒ හින්දා..."

"මරුනේ... ඒ කියන්නේ ඔයා මං ළඟට කලින්ම එනවා..."

"ඔව්... මට නම් ඉවසිල්ලක් නෑ..."

"දැන් කාලද මැනික..."

* නෑ තාම... මං මේ හම්බුනු චූටි ඉන්ටවල් එකක් කෝල් කළේ... උදේ කෝල් කරන්නත් බැරි උනානේ..."

" මැණික... අහන්නකෝ... ඔයා මට කෝල් ගන්න කියලා බැඳිලා නෑ... ඔයාට පුලුවන් වෙලාවක ගන්න.. මට කිසිම ප්‍රශ්නයක් නෑ..."

"මං දන්නවා අනේ... ඒක නෙවෙයි ඔයා දැන් ෆයිනල් හින්දා වැඩත් වැඩී නේද..."
"ඔව් මැණික... ඒත් මට ඔයා එක්ක කතා කරන්න වෙලාව තියනවා හරි..."

" මං දන්නවා අවී... මට මේ වැකේෂන් එකට ඇවිත් යන්නත් හිතෙනවා..."

" මාත් ආසයි මැණික ඔයා එනවට... ඒත් මං කියනවට එන්න එපා.. ඒක ඔයාට හොඳයි... මොකද ඔයා නොදන්න ගොඩාක් දේවල් මෙහේ වෙනවා..." 

"අයියෙ මං අහන්නමයි හිටියේ... මට ඔයාලා කියන්නෙ නැති මොනාහරි දෙයක් තියනවා... රනුක් අයියත් පෙරේදා කතා කළා.මට ඒ අයියා කතා කරපු විදිහටත් එහෙම දෙයක් තේරුනා... මොකක්ද අයියේ ප්‍රශ්නේ..."

" ප්‍රශ්න තියනවා මැණික... මේ දවස්වල මට තියන ලොකුම ප්‍රශ්නේ තමා... තාත්තා..."

"මොකක්... "

"ඔව් මැණික... තාත්තා මට දේශපාලනේට යන්න කියනවා..."

"අයියේ... ඔයා යනවද..."

" අනේ මන්දා මැණික... මට හිතාගන්න බෑ මොනා කරන්නද කියලා... මට දැන් තියන එකම සැනසීම ඔයා එක්ක කතා කරන එක විතරයි..."
"අයියේ... ඉස්සර ඔයාම නේද මට කියන්නේ තියන ප්‍රශ්න කියන්න එතකොට සැනසීමක් ලැබෙයි කියලා.. ඉතින් දැන් ඇයි ඔයාම ඔහොම හැමදේම හිරකරන් ඉන්නේ..."

" කියන්නම් මැණික දවසක් එයි එදාට මං හැමදේම කියන්නම්... දැන් ඔයා හොඳට ඉගෙන ගෙන මගේ ලෙක්චර් නෝනා වෙලා එන්නකෝ..."

"ඒමද මහත්තයෝ... එහෙම කරමුකෝ එහෙනම්... මං බලන් ඉන්නවා ඒ දවස එනකන්..." 

"හරි මැණික... එහෙනම් මං තියන්නම්.. ලෙක්චර් එකට වෙලාව හරි..."

"හරි අයියේ බායි... බුදු සරණයි...."

" බුදු සරණයි මැණික..."

__________________________________

ළමයි මම යුහි රට ඉන්න කොටස් ඉකමනට යවනවා. මොකද ඒවගේ විශේෂ දේවල් නෑ...
යුහී රට ඉඳන් ආපුහම තමයි හොඳ හොඳ දේවල් පටන් ගන්නේ...